කොටුව දුම්රිය ස්ථානය
කොළඹ කොටුව දුම්රිය ස්ථානය | |||||
---|---|---|---|---|---|
සාමාන්‍ය තොරතුරු | |||||
භූගෝලීය ඛණ්ඩාංක | 6°56′01″N 79°51′03″E / 6.93361°N 79.85083°Eඛණ්ඩාංක: 6°56′01″N 79°51′03″E / 6.93361°N 79.85083°E | ||||
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය | ||||
දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය | ||||
දුම්රිය මාර්ග ගණන | 11 | ||||
ප්‍රවාහන සබදතා | බස් රථ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම හරහා | ||||
වෙනත් තොරතුරු | |||||
දුම්රිය ස්ථාන කේතය | FOT | ||||
ඉතිහාසය | |||||
විවෘතය | 1907[1] | ||||
විද්යුතනය | නැත[2] | ||||
Passengers | |||||
Passengers | දෙෙනිකව මිලියන 0.2ක් පමණ[1] | ||||
|
කොළඹ පිහිටි කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ව්‍යවහාරයේ කොටුව දුම්රියපළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානය වේ. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ. කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම කොළඹ පිහිටි ප්‍රධානතම දුම්රිය පිවිසුම වේ.[3]
ඉතිහාසය
[සංස්කරණය]ක්‍රි.ව.1864 දී ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහනය ආරම්භ වීමත් සමග මරදාන ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගය අවසන් කරන ලදි. එය එවකට කොළඹ දුම්රිය ගමනාන්තය විය. කොටුව දුම්රිය ස්ථානය එවකට මුහුදුබඩ දුම්රිය මාර්ගය 1877 වසරේ දී ඉදිකරන විට ඉදිකළ කුඩා දුම්රිය ස්ථානයකි. වර්තමානයේ එය කොටුව දුම්රිය ස්ථානයට බටහිරින් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ලෙස නම් කෙරිණි.
වර්තමානයේ පවතින කොටුව දුම්රියපල 1917 වසරේ දී කොළඹ කේන්ද්‍ර කොටගත් දුම්රියපළ ලෙස ඉදිකරනු ලැබිය. මෙය මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයට සමානව ඉදිකර ඇත. මෙම ස්ථානය ඉදිකර ඇත්තේ බේරේ ඇළ ගොඩකර තැනු භූමියක ය. මෙම ව්‍යාපෘතිය 1906 දී කොළඹ දුම්රිය මාර්ගය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආරම්භ කරන ලද අතර, කොළඹ ටර්මිනස් දුම්රිය ස්ථානය වසා දමා නව මරදාන දුම්රිය ස්ථානයට ආදේශ කරන ලදී. මෙය චාරිත්‍රානුකූලව විවෘත කරන ලද්දේ ජී.පී. සී.ජී.ආර් හි සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ සී.පී. ග්‍රීන් මහතා විසින් 1917 දී ජනතාව සඳහා විවෘත කරනු ලැබිය.
2008 වසරේ දී මෙම දුම්රිය ස්ථානය එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකට ද ලක්විය.
පවතින ස්ථානය
[සංස්කරණය]කොළඹ කොටුව දුම්රිය ස්ථානය කොළඹ නගරයේ මධ්‍යයේ කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ අතර පිහිටා ඇත. මෙම ස්ථානයේ ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගයන් ගෙන් දෙකක් වන A1 හා A4 යන මහ මාර්ගවල ආරම්භය ද සනිටුහන් කරයි.
මෙම දුම්රිය ස්ථානයට 2km වන්නට ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන දුම්රිය ස්ථානය වන මරදාන ද පිහිටා ඇත.
ප්‍රවාහන සබඳතා
[සංස්කරණය]ශ්‍රී ලංකාව පුරා දිවෙන සියලුම දුම්රිය වල මගීන්ට හුවමාරු වීමේ හා අගනගරයට පිවිසීමේ කාර්යය මූලිකව පවතින අතර කොළඹ පිටකොටුවේ ප්‍රධාන බස්නැවතුම්පළේ බස් රථ ප්‍රවාහනයට ද සම්බන්ධ වේ. එමෙන්ම ගුවන්තොටුපළ සිට පැමිණෙන මගීන්ගේ කොළඹ පර්යන්තය වන මහලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ බටහිරින් නිසා ඍජු පදික සම්බන්ධතාවක් නොමැත.
දුම්රිය ප්‍රවාහනය හා සේවා
[සංස්කරණය]මෙම දුම්රිය ස්ථානය නැගෙනහිර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය ඔස්සේ සේවය කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ දුම්රිය ජාලයේ තවත් ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපයකට මග පාදයි. මෙම දුම්රිය බොහෝමයක් කොටුව දුම්රිය ස්ථානයෙන් අවසන් වේ. එමෙන්ම මෙම දුම්රිය ස්ථානය නිරිත දෙසින් මුහුදුබඩ දුම්රිය මාර්ගයටද සේවය කරන අතර එය ගාල්ල, මාතර හරහා වර්තමානයේ කතරගම දක්වා දිව යයි.
කොටුව දුම්රිය ස්ථානය කොළඹ අගනගරය තුළ මගී දුම්රිය සඳහා ද කේන්ද්‍රස්ථානයකි.
නගරාන්තර දුම්රියවල්
[සංස්කරණය]මෙම කොටස අසම්පූර්ණ ය. උදව්වක් ලෙස ඔබට එය විහිදුවා ලිය හැක.
Inter-city trains
[සංස්කරණය]මාර්ගය | දිවෙන ගණන |
---|---|
කොටුව - මරදාන - වවුනියාව - යාපනය - කන්කසන්තුරේ | දිනපතා 4ක් |
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - කුරුණෑගල - මහව | දිනපතා 4ක් (සති අන්තයේ 3ක්) |
අනුරාධපුර - මහව - කුරුණෑගල - පොල්ගහවෙල - මහව - රාගම - මරදාන - කොටුව - පානදුර - ගාල්ල - මාතර | දිනපතා 1ක් |
කොටුව - මරදාන - මඩකලපුව | |
කොටුව - මරදාන - ත්‍රිකුණාමලය | |
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - නාවලපිටිය - හැටන් - නානුඔය - පට්ටිපොළ - ඇල්ල - බදුල්ල | දිනපතා 3ක් |
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - මහනුවර | දිනපතා 9ක් (සති අන්තයේ 11ක්) |
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල - පේරාදෙණිය - මහනුවර - නාවලපිටිය - හැටන් - නානුඔය - පට්ටිපොළ - ඇල්ල - බදුල්ල | දිනපතා 2ක් |
කොටුව - මරදාන - රාගම - පොල්ගහවෙල | දිනපතා 1ක් |
මරදාන - කොටුව - පානදුර - ගාල්ල - මාතර | දිනපතා 8ක් |
මරදාන - කොටුව - පානදුර - ගාල්ල | දිනපතා 5ක් (සති අන්තයේ 4ක්) |
කොටුව - පානදුර - ගාල්ල - මාතර | දිනපතා 1ක් |
කොටුව - මරදාන - රාගම - මීගමුව - හලාවත - බංගදෙනිය - පුත්තලම |
මගී හා කෙටි දුර දුම්රිය
[සංස්කරණය]මාර්ගය | දිවෙන ගණන |
---|---|
පානදුර දෙසට | 25 |
වේයන්ගොඩ දෙසට | 39 |
ජා-ඇළ දෙසට | 14 |
කැලණිවැලි මාර්ගයට | 8 |
අඛණ්ඩව දිවෙන්නා වූ
[සංස්කරණය]ආරම්භක ස්ථානය | ශ්‍රී ලංකා දුම්රිය | දිවෙන දුම්රිය පොළවල් | ||
---|---|---|---|---|
Terminus | යාල් දේවී | වව්නියාව | ||
උදය දේවී | මඩකලපුව | |||
නිර්නාමික නගරාන්තර දුම්රියවල් | මහනුවර, මඩකලපුව, ගාල්ල, වවුනියාව | |||
Terminus | උඩරට මැණිකේ | මරදාන | ||
පොඩි මැණිකේ | ||||
ටිකිරි මැණිකේ | ||||
සෙංකඩගල මැණිකේ | ||||
Terminus | මුතු කුමාරි | |||
බම්බලපිටිය | රජරට රැජිණ | |||
රුහුණු කුමාරි | ||||
සමුද්‍ර දේවි | ||||
ගාලු කුමාරි | ||||
සාගරිකා | ||||
කොම්පඤ්ඤවීදිය | මගී දුම්රියක් |
දුම්රිය ස්ථාන පිරිසැලසුම
[සංස්කරණය]බොහෝ සේවාවන් සඳහා පර්යන්තය වීම නිසා මෙම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථාන සැලැස්මක් ඇත. මෙය බොහෝ වේදිකාවලට සේවය අවසන් කිරීමට සහ දුම්රිය හරහා ගමන් කිරීමට ඉඩ සලසයි. වේදිකා නැගෙනහිර-බටහිර දෙසට නැඹුරු වේ. ටිකට් කවුන්ටරය වේදිකාවලට උතුරින් පිහිටා ඇත.
නවතම තොරතුරු
[සංස්කරණය]2013 වසරේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙන් ක්‍රොස් සහ බෙන් කිංස්ලි රඟපෑ A Common Man චිත්‍රපටයේ රූගත් කිරීම් සඳහා මෙම ස්ථානය ද භාවිතා කරන ලදී.
මේවා ද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "කෙලම්බු ෆෝර්ට් රේල් වේ ස්ටේෂන්". ශ්‍රී ලංකා රේල්වේස්. සම්ප්‍රවේශය 2012-02-06.
- ^ "ඩේලි නිව්ස්". IESL ප්‍රෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.
- ^ "ශ්‍රී ලංකා රේල්වේස් ටයිම්ටෙබල්", http://www.slrfc.org/sri-lanka-railways-timetable, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24