කඳපොල දුම්රිය ස්ථානය
Jump to navigation
Jump to search
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
කඳපොල දුම්රිය ස්ථානය යනු අතීතයේදී ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක් ඉහලින් පිහිටා තිබුණි. මෙම දුම්රිය ස්ථානය පිහිටියේ නානුඔය සිට රාගල දක්වා දිවෙන උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගයේයි. නමුත් එම දුම්රිය මාර්ගය 1948 වසරේ සිට වසා දමා ඇති හෙයින් කඳපොල දුම්රිය ස්ථානය ද දැන් භාවිත නොවේ. මේ අනුව වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6210 ක් ඉහලින් පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානයයි.