නාරම්මල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නාරම්මල
Narammala
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

නාරම්මල යනු ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නගරයකි. ලෝක බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය ද මෙහි පිහිටා ඇත. මෙම මනරම් නගරය කුඹුරු යාය වලින් සහ පොල්වතු වලින් වටවී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

පුරාවෘතයන්ට අනුව, නාරම්මල ඉතිහාසය ඇරඹෙන්නේ 3වෙනි විජයබාහු රජතුමා දඹදෙණි රාජධානිය (ක්‍රි.ව. 1120 - ක්‍රි.ව.1236) පිහිටුවීමෙන් පසුවයි. තමා හා දළදා මාළිගාවේත්, රටවැසියන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පොළොන්නරුව රාජධානිය අතහැරි 3වෙනි විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානිය වෙත සංක්‍රමණය විය. ඒ දින වල පටන් නාරම්මල යන්න පවතී. ඉතිහාසයට අනුව, දඹදෙණි රාජධානිය පිහිටුවීමත් සමගම ගෞතම බුදුරදුන්ගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එහි රැගෙන එන ලදී. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දඹදෙණිය රාජධානිය වෙත රැගෙන එන අතරමග දී, වර්තමානයේ නාරම්මල නමින් හඳුන්වන ස්ථානයේ දී රජතුමා විසින් රනින් නිමකල නා මලක් දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කරන ලදී. රන් නා මල පුද දුන් ස්ථානය සිහිවීම පිණිස එදා පටන් එතැන "රන් නා මල" නමින් හැඳින්වෙන්නට වීලු. පසුව "රන්+නා+මල" යන්න භාවිතයේ පහසුවට "නා+රන්+මල"වී කට වහරට "නාරම්මල" වීලු.

පිහිටීම[සංස්කරණය]

භූගෝලීය පිහිටීම අනූව නාරම්මල නගරය උතුරු අක්ෂාංශ 7°26'1563" හා නැගෙනහිර දේශාංශ 80°13'797" හි පිහිටා ඇත.
B ශ්‍රේණියේ මාර්ග 2ක මංසන්ධියකි.

  • නාරම්මල - අලව්ව (B008)
  • කුරුණෑගල - මාදම්පේ (B247)

ගමනාගමනය[සංස්කරණය]

නාරම්මල නගරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන බස් නැවතුම්පොළක් නගර මධ්‍යයේ ඇත.

  • මෙහි පවතින්නේ නාරම්මල නගරයෙන් ගමන් ආරම්භ වන බස් මාර්ග අංක හා අවසාන නැවතුම් ය. මීට අමතරව නාරම්මල නගරය හරහා ගමන් ගන්නා බස්රථ ද ඇත.
මාර්ග අංක අවසානය
වාරියපොළ
හෙට්ටිපොළ
කුලියාපිටිය
අලව්ව
ගිරිඋල්ල

සමාජය[සංස්කරණය]

නාරම්මල නගරයේ සිංහල සහමුස්ලිම් ජනයා ජීවත් වන අතර බහුතරය සිංහල වේ.මෙහි ජීවත් වන පිරිස් බහුල ලෙස කෘෂිකර්මන්තයේ යෙදෙන අතර ප්‍රධාන ආහාරය බත් වේ. නාරම්මල නගරයවාණිජ හා සමාජීය වටිනාකමක් ගන්නා අතර අවට පිහිටි කුඩා ගම්මානවල දහස් ගණන් ජනයාගේ මූලික අවශ්‍යතා ඉටුකරයි.

පාසල්[සංස්කරණය]

  • මයුරපාද ජාතික පාසල
  • මයුරපාද කණිෂ්ඨ විද්‍යාලය
  • නාරම්මල මහා විද්‍යාලය

තොරතුරු[සංස්කරණය]

තැපැල් සංකේත අංකය 60100වේ.

නාරම්මල නගරයේ සිතියම[සංස්කරණය]

http://www.maplandia.com/sri-lanka/north-western/narammala/


බාහිර සැබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාරම්මල&oldid=432095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි