නයිජෙලා ලෝසන්

විකිපීඩියා වෙතින්
ගෞරවනීය

නයිජෙලා ලෝසන්
නයිජෙලා ලෝසන් 2012 දෙසැම්බර් මාසයේදී Selfridge's London හිදී
උපත
නයිජෙලා ලූසි ලෝසන්

6 ජනවාරි 1960 (1960-01-06) (වයස 64)[1]
එක්සත් රාජධානියේ එංගලන්තයේ ලන්ඩන් නගරය
නිවහනඑංගලන්තයේ ලන්ඩන් නගරය
අධ්‍යාපනයපුරාතන හා නවීන භාෂා පිළිබඳ MA උපාධිය
උගත් ශාස්ත්‍රාලයLady Margaret Hall, Oxford විශ්ව විද්‍යාලය
රැකියාවආහාර පිළිබඳ ලියන්නියක්, ජනමාධ්‍යවේදිනියක් සහ ප්‍රචාරිකාවක්
සක්‍රීය වසර1983–අද වන තුරු
සේවායෝජකයාBBC (වර්තමානt)
Channel 4, ITV (කලින්) Good Food Channel, Food Network
ප්‍රසිද්ධව ඇත්තේරූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක්, සූප ශාස්ත්‍රය, ලේඛිකාවක්
උස5 ft 7 in (170 cm)
කලත්‍රයා(යන්)John Diamond (වි. 1992–2001); මරණයෙන් පසුව අවසන් විය; ළමයි දෙදෙනෙකු සිටියි
Charles Saatchi (වි. 2003–13); දික්කසාද වීමෙන් අවසන් විය
දෙමව්පියන්(s)Nigel Lawson
Vanessa Salmon (මිය ගොස් ඇත)
ඥාතීන්Dominic Lawson and Rosa Monckton (සහෝදරයා සහ නෑනා)
වෙබ් අඩවියnigella.com
ආගමනැත

1960 ජනවාරි 6 වන දින උපත ලද ගෞරවනීය නයිජෙලා ලූසි ලෝසන් ජනමාධ්‍යවේදිනියක්, ප්‍රචාරිකාවක්, රූපවාහිනී නිවේදිකවක්, රසඥයෙක් මෙන්ම ආහාර පිළිබඳ ලියන්නියක් ද වේ. ඇය හිටපු භාණ්ඩාගාර චාන්සලර් නයිජෙල් ලෝසන් සහ වැනේසා ලෝසන් ගේ දියණියයි. "Oxford" විශ්ව විද්‍යාලයේ "Lady Margaret" ශාලවෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ලෝසන් පොත් විචාරිකවක් සහ , ආපනශාලා විවේචිකාවක් ලෙස සේවය කිරීමට පටන් ගත් අතර පසුව 1968 දී The Sunday Times සඟරාවේ උප සාහිත්‍ය කතෘ බවට පත් වුනි. පසුව ඇය ජීවිකාව ලෙස නිදහස් ජනමාද්‍යවේදිනියක් ලෙස පුවත්පත් හා සඟරා වලට ලිපි ලිවීම ඇරැඹුවාය. 1998 දී ඇයගේ ප්‍රථම ආහාර වට්ටෝරු පොත වන How to Eat නිකුත් කෙරිණි. එය මුද්‍රණ 300,000 ක ප්‍රමාණයක් අලෙවි වෙමින් විශාල වශයෙන් විකිණෙන පොතක් බවට පත් වුණි. 2000 වර්ෂයේදී ලියූ ඇගේ දෙවැනි පොත වන How to be a Domestic Goddess පොතට බ්‍රිතාන්‍ය පොත් සම්මාන උළෙලේදී ඇයට හොඳම කතුවරයාට හිමි සම්මානය හිමි වුණි.

ඇය 1999 දී නාලිකාවේ තමාගේම සූපවේදී වැඩසටහනක් වන Nigella Bites මෙහෙයවූ අතර එයට සමගාමීව තවත් විශාල වශයෙන් විකිණෙන ආහාර වට්ටෝරු පොතක් නිකුත් කළාය. Nigella Bites වැඩසටහනට ඇයට ආහාර පිළිබඳ ලියන්නන්ගේ ශිල්ප ශ්‍රේණි සම්මානය (Guild of Food Writers Award) ලැබුනි. 2005 වර්ෂයේදී ඇය මෙහෙයවූ ITV daytime chat show වැඩසටහනට ලැබුන විවේචන නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු වීමෙන් වැඩසටහන අවලංගු විය. ඇමරිකාවේ Food Network' නාලිකාවේ 2006 වර්ෂයේ දී ඇය Nigella Feasts වැඩසටහන මෙහෙයවූවාය.ඉන් පසුව Nigella Express සහ Nigella's Christmas Kitchenයන වැඩසටහන් ද මෙහෙයවූවාය. ඇගේ ආහාර පිසින උපකරණ, සඳහා යූරෝ මිලියන 7ක වටිනකමක් ඇති අතර මේ වන විට ලොව පුරා මිලියන 3 කට වැඩි ප්‍රමාණයක් ඇයගේ ආහාර වට්ටෝරු පොත් විකිණී ඇත.

මුල් අවධිය හා අධ්‍යාපනය[සංස්කරණය]

අන්තගාමී නොවන හිටපු පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම මාග්‍රට් තැචර් ගේ ආණ්ඩු කාලයේ හිටපු භාණ්ඩාගාර චාන්සලර් වන නයිජල් ලෝසන් සහ ඔහුගේ ප්‍රථම බිරිඳ වනඉහල පංතියේ කැපී පෙනෙන සහ J. Lyons and Co. ධනයට උරුමකම් කියන වැනේසාගේ දියණියක ලෙස ලෝසන් ලන්ඩන් නගරයේ උපත ලැබූවාය. ඇගේ දෙමවුපියන් දෙදෙනාම යුදෙව් ජාතිකයන් වන අතර ඇගේ නම පළමුව යෝජනා කර ඇත්තේ ඇගේ ආච්චි වේ. සුඛෝපභෝගී ජීවිතයකට ඔවුන් පුරුදු වී සිටි අතර කෙන්සිංටන් හා චෙල්සි යන නගර වල ගෙවල් දෙකක්ද උරුමව තිබුණි.

නයිජල් සහ වැනේසා 1980 දී දික්කසාද විය. පියා 1980 දී හි පර්යේෂිකවක් වන තෙරේසා මැක්ක්ලියර්ටද (එය 2008 වර්ෂයේදී අවසන් විය ) මව 1980 මුල් බාගයේදී දාර්ශන වාදියෙක් වන ඒ.ජේ.ආයර් (මව මිය යන තුරු එම විවාහය පැවතුණි ) ටද නැවත විවාහ විය. පියාට මෙන්ම නයිජෙලාටද දේශපලනයට සහජ උරුමයක් පැවතුණි.දික්කසාදය නිසා පියා සමඟ තිබූ සම්බන්ධය අඩු කල අතර ඇය මව සමඟද මිත්‍රශීලී වූයේ වැඩිවියට පැමිණීමෙන් අනතුරුව වේ. ඇයගේ අසතුටු ළමා වියට හේතුව ලෙස මව සමඟ තිබූ ප්‍රශ්නකාරී සම්බන්ධය සැලකිය හැක.

ලෝසන් ගේ මව වයස අවුරුදු 48 දී අක්මාවේ ඇති වූ පිළිකාවක් නිසා ලංඩනයේ වෙස්මිනිස්ටෙර් නගරයේදී මරණයට පත් විය. ඇයට ඩොමිනික් නමින් සහෝදරයෙක්ද, තොමසීනා නමින් සහෝදරියක්ද සිටී. සහෝදරිය වයස අවුරුදු තිහෙදී පමණ පියයුරු පිලිකාවකින් මිය ගියාය.පියාගේ දෙවන විවාහයෙන් ඇයට ටොම් නමින් සහෝදරයෙක් සහ එමලි නමින් සහෝදරියක්ද සිටියි. George Monbiot හා Fiona Shackleton ඇගේ ඥාති සහෝදරයන් වේ.

පෙළපත[සංස්කරණය]

BBC නාලිකවෙන් පවත්වනු ලැබූ Who Do You Think You Are? වැඩසටහනට සහභාගී වීමෙන් ඇය තමාගේ පෙළපත පිළිබඳ සමහර තොරතුරු සොයා ගත්තාය. සිතා සිටි පරිදි පරපුර Iberian-Sephardiනොවී Ashkenazi යුදෙව්වන් වීම ඇගේ පැයගේ පුදුමයට හේතු විය. තවද මවගේ පාර්ශවයෙන් ඇයගේ කිරි කිත්තා සිර දඬුවමක් මඟ ඇරීමට ඇම්ස්ට්‍රඩෑන් සිට ලන්ඩනයට සංක්‍රමනය වී ඇති බවත් සොයා ගැණිනි.

අධ්‍යාපනය[සංස්කරණය]

ලෝසන්ගේ පාසල් කාලය තරමක් දුෂ්කර විය. වයස අවුරුදු 9 සිට 18 දක්වා පාසල් නමයකට මාරු වීමට ඇයට සිදු විය. ඇයගේ කඩාකප්පල් කාරී හැසිරීම ගැන ප්‍රගති වාර්තා වල සඳහන්ව තිබූ දේවල් ඇයගේ පියා විශ්වාස කිරීමට මැළි විය. ඇය අකමැත්තෙන් මෙන් Midlands හි පෞද්ගලික පාසලකට කාලයක් ගිය අතර පසුව ඇතුල් වූ ලන්ඩනයේ Godolphin and Latymer පාසලේදී තම දක්ෂතා පෙන්වූවාය. ලන්ඩනයේ කඩ සාප්පු විශාල ප්‍රමාණයක වැඩ කිරීමෙන් අනතුරුව ඇය උපාධිය ලබා ගැනීම පිණිස විශ්ව විද්‍යාලයට අතුලත් විය. එහිදී පුරාතන හා නවීන භාෂා පිළිබඳ උපාධිය ලැබූ ඇය කාලයක් ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේද ජීවත් විය.

වෘත්තිය[සංස්කරණය]

මුල් අවධිය[සංස්කරණය]

පටන් ගැන්මේදී ලෝසන් Naim Attallah ප්‍රකාශක යටතේ රැකියාව කළාය. වයස අවුරුදු 23 දී ඇය ජනමාද්‍යවේදිනියක් ලෙස රැකියාව ආරම්භ කලේ The Spectator සඟරාවට ලියන මෙන් Charles Moore ගෙන් ලැබුනු ආරාධනාවත් සමඟය. ආරම්භයේදී ඇයට සඟරාවට ලිවීමට ලැබුනේ විවිධ පොත් පිළිබඳ විචාර වේ. කාලයකට පසු 1985 වසරේදී එම සඟරාවේම අවන්හලවල් පිළිබ්ඳ විචාර ලිවීමේ අවස්ථාව ඇයට ලැබුණි. වයස අවුරුදු 26 දී (1986 වර්ෂයේදී ) The Sunday Times සඟරාවේ උප සාහිත්‍ය කතෘවීමට ඇයට වරම් ලැබුණි.

1989 වර්ෂයේදී තම පියාගේ පක්ෂය වන පක්ෂයට චන්දය නොදී පක්ෂයට චන්දය දුන් බව පිළිගැනීමෙන් හා මාග්‍රට් තැචර්ට පුවත් පතින් විවේචනය කිරීමෙන් පසු ඇය ජනතා ඇසට යොමු විය. තම පියා සමඟ පවතින දේශපාලන සම්බන්ධය ගැන ඇයගේ අදහස වූයේ "මම තාත්තා කියන කිසිම දේකට එකඟ වෙයි කියලා එයා බලාපොරොත්තු වෙන්නේ නෑ. අවන්කවම කියනවා නම් අපි එච්චර දේශපාලනය ගැන කතා කරන්නේ නෑ." යන්නයි.

තමාට මුදල් වලට වඩා සිතීමේ නිදහස තිබිය යුතු යැයි අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ඇය The Sunday Times සඟරාවෙන් ඉවත් වී නිදහස් ලේඛිකාවක් ලෙස කටයුතු කළාය. The Daily Telegraph, The Observer, The Times Literary Supplement, Evening Standard යන පුවත් පත් වලට ඇය ලිපි ලියූ අතර Vogue සඟරාවට ආහාර පිලිබඳවද, The Times Magazineසඟරාවට රූපලාවන්‍ය පිලිබඳවද ලිපි පෙළක් ලියුවාය.

1998–2002: ආහාර වට්ටෝරු පොත් ලිවීම හා නයිජෙලා බයිට්ස්[සංස්කරණය]

සිය මවගේ ආහාර සෑදීමට ඇති කැමැත්ත නිසාම නයිජෙලාට කුඩා කල සිටම ආහාර පිළිබඳ මනා දැනුමක් පැවතුනි. හොඳින් නොමිදුනු crème caramel නිසා රාත්‍රි සාදයක් කඩාකප්පල් වූ බව දැකීමෙන් අනතුරුව ඇයට පොත් ලිවීම පිළිබ්ඳ අදහස මුලින්ම සිතට නැඟුණි. කෑම පිසීම හා පිසීමේදී වේලාව ඉතිරි කර ගැනීම පිළිබඳ උපදේශ ඇතුලත් 1995 වර්ෂයේදී ඇය ලියූ How to Eat පොත එක්සත් රාජධානිය තුල පිටපත් 300,000 ක් විකුණිනි. The Sunday Telegraph පුවත්පත එය හැඳින්වූයේ ආහාර පිසීම පිළිබඳ මේ දශකය තුල බිහි වූ වටිනාම පොත ලෙසයි.

එයට අනුගාමීව 2000 වර්ෂයේදී ලියූ How to be a Domestic Goddess පොත මූලිකව baking කේන්ද්‍ර කරගෙන ලියන ලද්දකි. එයද විශාල වශයෙන් අලෙවි වූ අතර ඒ පිළිබඳ The Times පුවත්පත දැක්වූ අදහස වූයේ "මේ පොත වෙනස් වන්නේ එහි ඇති ළෙංගතු භාවය නිසයි. ඇය Delia මෙන් ගෘහනියකට සුදුසු උපදෙස් දීම වෙනුවට ඔවුන්ට ස්නේහවන්ත ඉඟි ලබා දෙනවා". "සමහර පුද්ගලයන් පොතේ නම (ගෘහාශ්‍රිත දෙව්දුව )උපහාසාත්මකව නොමැතිව සත්‍ය වශයෙන්ම සලකලා තියෙනවා. මෙය ඇත්තටම එවැනි කෙනෙක් වීම ගැන නෙමෙයි, එලෙස හැඟීමයි" යැයි පවසමින් මේ ස්ත්‍රීවාදී විචාරණය නයිජෙලා ප්‍රතික්ෂේප කළාය. මාස 4ත් තුල පොතේ පිටපත් 180,000 විකුණුන අතර J. K. Rowling වැනි කතුවරන් පරදවා ඇයට ඒ සඳහා 2000 වසරේ බ්‍රිතාන්‍ය සම්මන උළෙලේදී හොඳම කතුවරයාට හිමි සම්මානය හිමි විය. How to Eat හා How to be a Domestic Goddess යන පොත් දෙක 2001 හා 2001 වර්ෂ වලදී ඇමරිකාවේ ප්‍රකාශනය කරන ලදී. මේ පොත් වලට ඇයට ලැබුණු ජයග්‍රහණය නිසාම සමාජ තොරතුරු පිළිබඳ තතු ලියන්නනියක ලෙසට ඇයව The New York Times පුවත්පතට බඳවා ගැනුනි.

වසර 1999 සිට 2002 දක්වා කාලය තුල නයිජෙලා Channel 4 නාලිකාවේ ආහාර පිසීම පිළිබඳ Nigella Bites නමින් ඇයගේම වැඩසටහනක්ද, 2001 වසරේදී Christmas special වැඩසටහනක්ද මෙහෙයවනු ලැබුවාය. මේ වැඩසටහන සඳහා තියුණු විවේචන ලිවීම පිළිබඳ නමක් දරා සිටිනVictor Lewis-Smith විසින් ප්‍රශංසා ලබා දී ඇත. Nigella Bites වැඩසටහනේ පළමු කොටස මිලියන 1.9 ක පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන ලදී. ඒ සඳහා ඇයට 2011 වසරේදී Guild of Food Writers සම්මාන උළෙලේදී වසරේ හොඳම රූපවාහිනී විකාශනයට (Television Broadcast of the Year) හිමි සම්මානයද, World Food Media Awards සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී සූපවේදී වැඩසටහනට (Best Television Food Show) හිමි සම්මානයද ලැබුණි. මෙයට සමගාමීව ඇය ලියූ ආහාර වට්ටෝරු ඇතුලත් Nigella Bites පොතේ පිටපත් 300,000 කට අධික ප්‍රමාණයක් එක්සත් රාජධානිය තුල විකිණුන අතර එයට W H Smith Award සම්මාන උළෙලේදී ජීවන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට ( Lifestyle Book of the Year) ලැබෙන සම්මානය ලැබුණි.

West London හි ඇගේ නිවසෙහි රූගත කල Nigella Bites වැඩසටහන පසු කලෙක ඇමරිකාවේ E! හා Style Network නාලිකා වල විකාශය විය. එය ආරම්භයේදී ඇය ප්‍රකාශ කළේ "එක්සත් රාජධානිය තුල මේ වැඩසටහන ප්‍රචලිත උනේ මම ඔවුන්ගේ කරදය අඩු කිරීමට උත්සාහ කල නිසයි. ඇමරිකාවේ ද මම ඒ දෙයම බලපොරොත්තු වෙනවා". Nigella Bites 2002 වර්ෂයේදී නත්තල් සමය තුල ඇමරිකාවේ දෙවැනියට වැඩියෙන්ම විකිණුන පොත බවට පත් විය. ඉන් පසුව එම වර්ෂයේම Channel 4 නාලිකාව ඔස්සේ Forever Summer with Nigella නමින් තවත් වැඩසටහනක් ඇය මෙහෙය වූවාය. එහි සංකල්පය වූයේ "තවමත් නිවාඩු කාලය සේ දැනෙන ලෙස ආහාර පිසින්න" යන්නයි.

2002 වර්ෂයේදී ඇය The New York Times පුවත්පතට දෙසතියකට වතාවක් ඉවුම් පිහුම් පිළිබඳ ලිපි ලිවීම ඇරඹුවාය. එමෙන්ම Living Kitchen range නමින් මුලුතැන් ගෙයි උපකරණ වෙළඳාමක් මිලට ගත්තාය. එහි වටිනාකම 2003 වර්ෂයේදී යූරෝ මිලියන 2ක් පමණ වී 2007 වන විට යූරෝ මිලියන 7 දක්වා වර්ධනය විය.

2003–2006: Nigella Feasts සහ BBC කොන්ත්‍රාත්තුව[සංස්කරණය]

නයිජෙලා ලෝසන් , 2004 වර්ෂයේදී පොත් අත්සන් කිරීමේ උළෙලකදී

වර්ෂ 2003 දී , ටෝනි බ්ලෙයාර් විසින් ජෝර්ජ් ඩබලිව්. බුෂ් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ එංගලන්තයේ සංචාරහිදී ඩවුනින් මාවත තුලදී සංවිධානය කරන ලද දහවල් කෑම සඳහා වූ ආහාර ලේඛනය සහා එහි පිළියෙළ කිරීම් සිදු කරන ලද්දේ නයිජෙලා විසිනි.[3] ලෝරා බුෂ් යනු ලොසන්ගේ ආහාර වට්ටෝරු පිලිබඳ රුචියක් දක්වන අතර ජනාධිපති නත්තල් රාත්‍රී ආහාරය ආරම්භය සඳහා ඇයගේ සුප් වට්ටෝරුවක්ද අඩංගු කර තිබිණි.[4] ලොසන්ගේ පස්වෙනි පොත, Feast: Food that Celebrates Life, නිකුත් කරන ලද්දේ 2004හිදීය,[5] විකුණුමෙන් ලද ආදායම මිලියන 3කි.[6] එංගලන්තයේ Evening Standard සඳහන් පරිදි මෙම පොත "ප්‍රායෝගික අත් පොතක් වන අතරම පැහැදිලි ලෙස කියවිමටද. ... වෙනත් කිසිවෙක්ම මෙලෙස විවෘතව චිත්තවේගාත්මක සුවිශේෂත්වය පිළිබඳව නොලියති."[7] ලෝසන් 2004 වර්ෂය තුලදී නිතර නිතර ඇමෙරිකානු රුපවාහිනී තිරයේදී පෙනී සිටියේ, සූප ශාස්ත්‍රය පිළිබඳ මඟපෙන්වීම් The Ellen DeGeneres Showවැනි කතා වැඩසටහන්වලදී සිදු කරන ලදී.[8]

2005 වර්ෂයේ එංගලන්තයේහිදී, ලෝසන් ITV1 නාලිකාවේ දිවා සාකච්ඡා වැඩසටහනක් වන Nigella හැසිරවීමට අරඹ කරන ලද අතර, ඇය සමඟ කීර්තිමත් පුද්ගලයෙකු මුළුතැන්ගෙය් මැදිරියට එකතු වේ.[9] තම මංගල දර්ශනය සඳහා බලාපොරොත්තු කඩ වූ 800,000 නරඹන්නන් සිටියහ.[10] එම වැඩසටහන සඳහා ඍනාත්මක විවේචනාත්මක ප්‍රතිචාර ලැබුණු අතර,[11] පළමු සතිය තුල 40% නරඹන්නන් නැති කරගත් නිසා, වැඩසටහන අවලංගු කරන ලදී.[12] ඇය පසුව Radio Times සඟරාවට ප්‍රකාශයක් නිකුත් කර කියා සිටියේ ඇයගේ මංගල දර්ශනය තුලදී, හැඩ ගැන්වීම් කාමරයෙන් පිටවීමට ඉතාමත් භයෙන් සිටි බවයි.[13] තවද ඇයගේ වැඩසටහන තුලදී කීර්තිමත් පුද්ගලයන් කෙරෙහි ලැදිකමක් ඇති බව ඇඟවීමට ඉතාමත් ආයාසයක් ගත බවයි.[9] මම අවබෝධ කර ගත්තා, "මට ඉදිරිපත් කරන්නෙක් හෝ පිටපත්වල තිබෙන දේවල් කිරීමට හැකියාවක් නැති බව".[14]

ඇයගේ තෙවන වැඩසටහන් ශ්‍රේණියේ ආහාර පිලිබඳ වැඩසටහනක් වන, නම් ලද Nigella Feasts, ඇමෙරිකාවේ 2006 වර්ෂයේ ශරත් ඍතුවෙදී Food Network වැඩසටහන සති දක්වා දර්ශනය කෙරිණි.[12] Time සඟරාව එම වැඩසටහන පිලිබඳ සතුටුදයක සමාලොචනයක් ලියුවේ; "භෝජන සංග්‍රහයකට කෙරෙන සැබෑ ආයාචනයක් ... ඇයගේ නිවුණු, කලාතමක, ප්‍රායොගික වශයෙන් විනෝදාත්මක සහා ගුණාත්මක සතුටු දනවන කෑම. ... ඉතා රසවත් කැමරා දර්ශන සහා සරාගී විනෝදාතමක කම විලාසයන් අතරමැද වූ, Feasts ඔබව ආරාධනාවක් එනතුරු බලා සිටින තත්වයකට පත් කරයි".[15] ගුවන්විදුලි ප්‍රචාරය නිසා, ලෝසන් ලොව පුරා වූ තවත් රටවල් දහයක දරශනය කිරීමට ඇය මිලියන £2.5ක ගනුදෙනුවක් සඳහා අත්සන් තබන ලදී.[16]

ලෝසන් BBC Two නාලිකාවේ තුන් පන්ගු සූප ශාස්ත්‍ර වැඩසටහනක් වන Nigella's Christmas Kitchen වැඩසටහන සඳහා අත්සන් තැබූ අතර, එම වැඩසටහන 2006 වර්ෂයේ දෙසැම්බර් 06 ආරම්බ වූ අතර සතියකින් ජනප්‍රිය වුනි. පලමු කතා මාලා දෙක BBC Twoවල දෙවන ඉහලම අනුපතය අත් පත් කර ගනිමට සමත් වූයේ, පලමු කතා මාලාව සඳහා මිලියන 3.5කට අධික නරඹන්නන් සංඛ්‍යාවක් සමගිනි.[17][18] අවසාන කතා මාලාව BBC Twoහි එය ප්‍රකාශ කරපු සතියේ පලවන තැනට ඒමට සමත් වූවා.[17] Nigella's Christmas Kitchen නිසා 2007 වර්ෂයේදී ලෝසන් නිසා ලෝක ආහාර මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.[19] 2006 අග භාගයේදී ඇයගේ ආහාර විස්තර විචාරයද නැවත ප්‍රචාරය කලේ, නත්තල සඳහා අත්‍යාවශ්‍යය රස ද්‍රව්‍යයක් ලෙස goose තෙල් වරණ්නා කිරීමත් සමඟ, එංගලන්තයේ වාර්තා ගත ලෙස ඉහල වශයෙන් එම නිෂ්පාදනය අලෙවි විය. Waitrose සහා Tesco දෙකම සඳහන් කල පරිදි පත්ත තෙල් අලෙවිය දෙගුණ වූ අතර, ඒ වගේම පෙර සතියට වඩා Asda' හිද පාත්ත තෙල් ප්‍රතිශතයකින් ඉහල ගියේය.[20] එලෙසම, Nigella's Christmas Kitchen,Waitroseහි වට්ටොරුවක prunes පිලිබඳ අවවාදයක් දුන් පසු ප්‍රතිශතයකින් ඉහල ගියේය.[21][22]

2007–2009: Nigella Express සහ Nigella's Christmas[සංස්කරණය]

Nigella's Christmas Kitchen මඟින් Nigella Expressනම් වූ කොටස් ආහාර කතා ශ්‍රේණිය සඳහා අඩිතාලම වැටුණි.[23] කතා ශ්‍රේණිය ප්‍රකාශ කිරීමට ආරම්බ වූ පසු 2007 සැප්තැම්බර් 3 වනදා BBC Two, ලේසි සහා පහසු කෑම වර්ග යෝජනා කිරීමට ඇරඹූහ.[24] ලෝසන් එකඟ වූවා එම ආහාර එතරම් "පෝෂ්‍යදායක" නොවන බව,[25] තවද ඇය පවසූයේ, "මම මේව සුන්බුන් ලෙස විස්තර නොකරමි".[26] The show became another ratings success and one of BBC Two's top-rated shows each week.[27] The first episode debuted with 2.85 million viewers,[27] a high percentage above the channel's slot average.[28] දෙවන කතා මාලාව බැලූ සංඛ්‍යාව මිලියන 3.3 දක්වා වැඩි උනි,[29] and the series peaked at 3.4 million on 22 October 2007.[30]

මහ ජනයා වෙත ඇයගේ බලපෑම පෙන්නුම් කල තවත් අවස්ථාවක් වූයේ Nigella Expressහි Coq au Riesling කෑම වට්ටොරුව සඳහා Riesling වයින් භාවිතා කිරීමෙන් පසු එංගලන්තයේ එම වයින් අලෙවිය 30% ප්‍රතිශතයකින් වැඩි විය.[31] පසුව එවන් වූ නැඹුරුවක් liqueur Advocaat අලෙවිය සඳහාද දක්නට ලැබුනේ ලෝසන් විසින් තවත් වැඩසටහනක්දී එය භාවිතා කිරීමෙන් පසුවය.[32]

ලෝසන් විවේචන වලට හසු වූයේ ඇය කතා මාලාවල සිටීමෙන් පසුව ඇගේ බර වැඩි කර ගෙන ඇතැයි නරඹන්නන් මසිවිලි නගන විටය.[33] කෙසේ වෙතත් The Guardian සඳහන් කලේ, "කෑම ඇගේ රූපයට ඉතා කදිම ලෙස ගැලපෙන්නේ – නිකළැල්, ඔප නංවූ සහා සරාගී ලෙසය".[34] Nigella Express හි අයිතිය ඇමෙරිකාවල Food Network,[35] සහා Discovery Asia වලට විකුණන ලදී.[36] මෙම වැඩසටහන 35th Daytime Emmy Awards(දිවා එමී සම්මාන උළලේදී) කැපී පෙනෙන ජීවිත රිද්ම වැඩසටහනට සහා කැපී පෙනෙන ජීවිත රිද්ම හසුරුවන්නියට පිදෙන සම්මානයට නාම යෝජනාවලට තේරුණි.[37]

එංගලන්තයේ 2007 සැප්තැම්බර් මාසයේදීද ඇමෙරිකවේ 2007 නොවැම්බර් මාසයේදීද 2008 ඕස්ට්‍රේලියාවේ දීද Nigella Expressට සමගාමීව යන පොතක් මුදා හැරිණි. රූපවාහිනී කතා මාලාවේ නමින්ම තවත් පොතක් එංගලන්තයේ හොඳම විකුණුම් අතරට එක් විය. සහා Waterstone වලට අනුව රූපවාහිනී අරක්කැමි Jamie Oliverගේ පොතවලට වඩා පිටපත් 100,000කට වැඩි ප්‍රමාණයකින් විකිණින. තවද වාර්තාවලට අනුව පිටපත් 490,000 කට වැඩි ප්‍රමාණයකින් එංගලනතයේ දෙසැම්බර් මැද භාගයෙදී අලෙවි වූ බව වාර්තා විය.[38] තවද මෙම පොත Amazon UK'sහි වාර්තාවලට හොඳම විකුණුම් පොත් අතරින් පලමු වන ස්ථානයට පත් වූ අතර,[38] නත්තල් කාලයේ සෑම වර්ගයකින්ම විකිණෙන හොඳම පොත් අතරින් නව වන ස්ථනයටද පත් විය.[39] The Guardian සඟරාවේ Paul Levy ආහාර වට්ටොරු ගැන සඳහන් කලේ මෙසේය "හරියටම හරි. මේ සෑම දෙයක් සඳහාම නයිජෙලාගෙ ඇති සිත් ගන්නා සුලු දෙය වන්නේ ඇය සිතනුයේ ඉවීම පිලිබඳව පමණක් නොව, ආහාර ගන්නෙකු වශයෙන් ඇති අපිරිසිදු, අලෙන හෝ කලබල බව ගැනය."[34] 2008 ජනවාරි මාසයේදී, ලෝසන් තක්සේරු කල පරිදි ඇයගේ පොත් මිලියන 3කට අධික ප්‍රමාණයක් මුලු ලොව පුරා විකිණිනු බව කියවේ.[40] ඇයගේ නත්තල් පොත ඔක්තෝබර් මාසයේ නිකුත් වූ අතර එම අවුරුද්දේම රූපවාහිනී දරශනය දෙසැම්බර් මාසයේදී නිකුත් විය. "Nigella Christmas" පොතෙහි තවත් ඇමෙරිකානු සංස්කරණයක් වෙනස් පින්තූර පිට කවරයක් සමඟ නොවැම්බර් මාසයේදී නිකුත් වූයේ ඇමෙරිකානු නගරවල චාරිකා සහා එම රටේ කෑම පිලිබඳ විශේෂ අතිරේකයක් සමඟිනි.[තහවුරු කර නොමැත]

2010–present, Nigellissima සහ The Taste[සංස්කරණය]

ලෝසන් Iron Chef America,"The Super Chef Battle" ආහාර සටන් වැඩසටහනේ විනිශ්යකාරියක ලෙස සිටි අතර එහි තරග වැදිමට සිටියේ, White House සහායක අරක්කැමි Cristeta Comerford සහා අරක්කැමි Bobby Flay එරෙහිව අරක්කැමි Emeril Lagasse සහා අරක්කැමි Mario Batali. මෙම වැඩසටහන 2010 ජනවාරි මාසයේ 3 වනදා ප්‍රචාරය විය. ලෝසන්ගේ Kitchen: Recipes from the Heart of the Home (2010) කෑම වට්ටෝරු පොත "Nigella Kitchen." යන කතා මාලාව සමඟින් යන කතා පොතකි. මෙය එංගලන්තයේ සහා ඇමෙරිකාවේ කෑම නාලිකාවල දර්ශනය විය. මෙම පොත සහා කතා මාලාව ඉතාමත් උග්‍ර ලෙස සහා මූල්‍යමය ලෙස සාර්ථක විය. Nigellissima: Instant Italian Inspiration (2012) පොත ඇගේ කලින් පොතවලටත් වඩා එංගලන්තයේ දැඩි අවධානයට ලක් විය. එලෙසම ඇමෙරිකවේ සහා ඉතාලියේද ජනප්‍රිය විය. මෙහි 8 වන කොටස BBC නාලිකාවේ Nigellissima නමින් ප්‍රචාරය කෙරිණි.

ලෝසන් වර්ශයේදි ඇමෙරිකාවට සංචාරය කල අතර Anthony Bourdain සමඟ The Taste වැඩසටහනේ ඉදිරිපත් කිරීමට සිටියාය. මෙම වැඩසටහනේ ඇමෙරිකනු අනුවාදය Channel 4 2014 ජනවාරි 7 වනදා ප්‍රචාරය වූවත් එය එතරම් නරඹන්නන්ගේ අවධනයට ලක් නොවිනි.[තහවුරු කර නොමැත]

ප්‍රතිරූපය[සංස්කරණය]

ලෝසන් සුපවෙදිනියක ලෙස තම වෘත්තිය සාර්ථක ලෙස ගෙන ගියද ඇය සුපශාත්‍රය ප්‍රගුණ කර නැත.තවද ඇය තමාව සුපවෙදිනියක හෝ සුපශාත්‍රයේ කෙල පැමිණියකු ලෙස හදුන්වාදුන්නේ නැත. අගේ රූපවහිනී වැඩසටහන් වලදීත් ඇය පවසා සිතියේ ඇය ආහාර පිසීමේ යෙදෙන්නේ අගේ ස්වයං තෘප්තිය සදහා බවයි. අගේ පොත් වලට ඇතුලත් කරන ආහාර වට්ටෝරු සැකසීමේදී ඈ පවසන්නේ ඈ ආහාර රසවිදින්නගේ කෝණයෙන් බලා එම වට්ටෝරු තෝරා ගන්නා බවයි."එම ආහාර වට්ටෝරුව ඇති තරම් කෑ පසුත්, එම ආහාරය නැවත රැගෙන යාමට නොසිතෙන කාමක්නම්, මම එය පොතට යොදන්නේ නෑ...එය සාර්ථක වට්ටෝරුවක් නම් එය නැවත නැවත සදිය යුතුයි කියා මට සිතිය යුතුයි."

ඉතා සාමාන්‍ය ඉවීමේ පිළිවෙතකට හැඩගැසී සිටින ලෝසන් පවසන්නේ,"මම හිතන්නේ ඉවීමේදී සිතිය යුත්තේ සතුට සහ පවුලය ගැනයි....මම හිතන්නේ මගේ ඉවීමේ රටාව හරිම නිදහස් එහි සීමා නෑ.මගේ මුළුතැන්ගෙයි කිසිම නීතියක් නෑ"එක සංස්කාරකයකු අගේ කෑම වට්ටෝරු වල සරළ බව උපුටා දක්වන්නේ මෙවන් ප්‍රකාශයක් කරමින්"අගේ අහර වට්ටෝරු සෑදීමට අනිත් සුපවේදීන් කියන පරිදි නොයෙක් පෙර සුදානම් වීම් උවමන නෑ".

ලෝරන්ස් අගේ මුකාරී සහ චාපල්‍ය ඉදිරිපත්කිරීම් සදහා ප්‍රසිද්දියට පත්වන අතර ඇය ඒ ගැන මෙසේ පවසනවා"මම එය ඕනෑ කමින් කරනවා නෙමෙයි...මට ඒ ඒ පුද්ගල තාවයන්ට අනුරූප වීමට හැකියාවක් නෑ.එය කුළුපග බවක් මිසක් අගර දැමීමක් නෙමෙයි".ඉදිරිපත්කිරීමේදී අගේ ඇති මේ ගති නිසා සමහරෙක් ඇයව "ආහාර ලොවේ සරාගී රැජින"ලෙසද හදුන්වති...බොහෝ විචාරකයින් ඇගේ ආකර්ශනීය බව වර්ණනා කරන අතර වරෙක ඇය ලොව සුන්දරම කාන්තාව ලෙසද නම් කෙරෙයි.ඒ වගේම පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයේම නරබන්නන් ආකර්ෂණය කරගැනීමට ඇයට ඇති හැකියාවද මාධ්‍යය කරුවන් විසින් නිරීක්ෂණය කොට ඇත. වරක් ද ගාඩියන් පුවත් පත පවසන්නේ,"පිරිමි ඇයට ඇලුම් කරන්නේ ඔවුනට ඇය සමග සිටීමට ආසා නිසා.ගැහැණු ඇයට ආසා කරන්නේ ඔවුනට ඇය වීමට උවමනා නිසායි".ගැරී රෝඩ්ස් නම් සුපවෙදියා වරෙක ඇයට චෝදනා කරන්නේ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය වී ඇත්තේ අගේ සිනහවට මිස අගේ කෑම වට්ටෝරු වලට නොවන බවයි. ගෘහයේ දේවතාවියක් ලෙස බොහෝ විට ඇයව හැදින්නුවද ඇය තදින්ම පවසා සිටින්නේ ඈ සතුව ඇත්තේ ඊට සරිලන ගුණාංග ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බවයි.

පැහැදිලි සහ විශේෂණ වලින් පිරි ආහාර වට්ටෝරු පොත් සහ රූපවාහිනී වැඩසටහන් පිලිබඳ ඇය මහත් ප්‍රසිදිධියක් උසුලයි.එක් විචාරයක් සංක්ෂිප්ත කරගත් විට කියවෙන්නේ මෙයයි."ඇගේ කෑම වට්ටෝරු ගැන කියවනවිට අපි විශේෂණ අතර අතරමන් වෙනවා".2007 වසරේදී කල සමීක්ෂණයකින් පැහැදිලි වුයේ ලෝරන්ස්ගේ අත්‍යාලංකාර සහ දොඩමලු බාෂා භාවිතය කියවීමේ හැකියාව අඩු පුද්ගලයන් හට අපහසුතාවයක් ඇති කරනා බවයි.

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

ආදර සම්බන්ධතා සහ දරුවන්[සංස්කරණය]

ලෝසන්ට මානුෂික අයිතිවාසිකම් නීතීඥයෙක් .Geoffrey Robertson Queen's Counsel|QC සමඟ සම්බන්ධතාවක් 1988 වන තෙක් එනම් ඔහු ඇය නවකතා ලිවීම Kathy Lette සඳහා හැර යන තුරු තිබිණි .[41] John Diamond මාධ්‍යවේදියා 1986 දී මුණ ගැසුණු අතර එකල ඔවුන් දෙදෙනාම The Sunday Times සඳහා ලියමින් සිට ඇත.[42] 1992 දී ඔවුන් වැනීසියේ විවාහ වූ අතර [43] Cosima නමින් දුවක් ද Bruno නමින් පුතෙක් ද ලැබුණේය.[44][45] Diamond හට උගුරු පිලිකාවක් ඇති බව 1997 දී අනාවරණය වු අතර ඉන් ඔහු 2001 දී මිය යන විට වයස අවුරුදු 47 කි.[46] ඇයට ඔහුගේ අවසන් පණිවුඩයන්ගෙන් එකක් වන්නේ , "මම කෙතරම් ආඩම්බර වෙනවාද ඔබ සහ ඔබ සිටිනා තත්වය පිළිබදව. වටිනාම දෙය නම් අපි විසින් අපිවම ගොඩ නැගීමයි ."[47] ඔහුගේ මරණය සිදු වූයේ Nigella Bites රූප ගත කරන අතුරේය; "මම සති 2ක් නිවාඩු ගත්තා. නමුත් මම නිවාඩු ගැනීමට කැමති අයෙක් නොවෙමි.",ලෝසන් පැහැදිලි කළා;[47] කෙසේ නමුත් ඇය .තදබල ලෙස කම්පා විය.[48] Diamond ගේ මරණයෙන් පසු ලෝසන් තමගේ මුද්‍රණ ඇමුණුම් "Morbidobox" ලෙස හැදින්වූ පෙට්ටියක බහා තැබුවාය. .[47]

ලෝසන් කලා කරුවෙකු වූ Charles Saatchi හා 2003 දී විවාහ විය.[49]

වංචාව සඳහා නඩු විභාගය[සංස්කරණය]

අශාවන් සහ විශ්වාසයන්[සංස්කරණය]

2007 වසර වන විට සාචීගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 100ක් වූ අතර එවිට ලොසන්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 15කි එයින් මිලියන 8ක්ම පොත් විකිණීමෙන් ලද ආදායම විය. 2008 මුල් බාගේයෙදී ඈ සිදුකල ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩුදුණි.ඒ තමා සතු කිසිම දේපලක් තම දරුවන්ට ඇත නොවන බවට ඈ කලා යයි පැවසෙන ප්‍රකාශයයි.නමුත් ඇය අගේ වෙබ් පිටුව හරහා මෙම ප්‍රකාශයට තරයේ විරුදත්වය ප්‍රකාශ කල අතර ඇය එහිදී පවසා සිටියේ "මම කිසිදාක මගේ දරුවන් අන්න්තයින් ලෙස හෝ සාගින්නෙන් පෙලෙන්නන් ලෙස තබන්නේ නෑ.මෙම ප්‍රකාසහයට හේතු උනේ වරක් මා කල ර්පකාශයක්.මම එහිදී කිවේ අපි මුදලේ අගය දන ගැනීමටනම් ඒ සදහා මහන්සි වියයුතු බවට මා තුල ඇති දැඩි විශාවාසය ගැන කල ප්‍රකාශයයි".

ලොසන්ගේ දෙමාපියන් යුදෙව්වන් වුවද ඇය අදෙවවදියකු ලෙස අයව හැදින්වුඋවාය.අගේ එක පුවත්පත් සංවාදයකදී ඇය පෙන්වාදෙන්නේ ලිංගිකත්වය ගැන ඇගේ ඇති ලිබරල් වැදී මතයයි.ලෝසන් වරක් පවසන්නේ ඇය නිතර පාපන්දු ක්‍රීඩාව නරබන බවත් ඇය චෙල්සී කණ්ඩායමේ අනුගාමිකයකු බවත්ය.

රූපවාහිනී ඉදිරිපත් කිරීම්[සංස්කරණය]

අවුරුද්ද වැඩසටහන අතුරුකථාව කාල පරාසය (වෙළඳ දැන්වීම් සහිතව )
1999 Nigella Bites අතුරුකථා 5, පළමු මාලාව විනාඩි 30
2001 Nigella Bites අතුරුකථා 10, දෙවන මාලාව විනාඩි 30
2001 Nigella Bites Christmas Special අතුරුකථා 1 විනාඩි 60
2002 Forever Summer අතුරුකථා 8 විනාඩි 30
2005 Nigella අතුරුකථා 20 විනාඩි 60
2006 Nigella Feasts අතුරුකථා 13 විනාඩි 30
2006 Nigella's Christmas Kitchen අතුරුකථා 3, පළමු මාලාව විනාඩි 30
2007 Nigella Express අතුරුකථා 13 විනාඩි 30
2008 Nigella's Christmas Kitchen අතුරුකථා 3, දෙවන මාලාව විනාඩි 30
2009 Top Chef අතුරුකථා 1 විනාඩි 42
2010 Iron Chef America: Super Chef Battle අතුරුකථා 1 විනාඩි 120
2010 Nigella Kitchen අතුරුකථා 13 විනාඩි 30
2011 MasterChef Australia Season 3 අතුරුකථා 1 විනාඩි 60
2012 Nigellissima අතුරුකථා 7 විනාඩි 30
2013— The Taste USA අතුරුකථා 8, දෙවන මාලාව විනාඩි 60
2014— The Taste UK ඉදිරියට පැමිණීමට බලාපොරොත්තු වන මාලාවක් විනාඩි 60

සම්මාන[සංස්කරණය]

  • 2000: British Book Award සම්මාන උළෙල – How to be a Domestic Goddess සඳහා වසරේ c ලේඛකයාට (Author of the Year) හිමි සම්මානය
  • 2001: WH Smith Book Award සම්මාන උළෙල – How To Be A Domestic Goddess සඳහා ජීවන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට (Lifestyle Book of the Year) නාම යෝජනා
  • 2001: Guild of Food Writers සම්මාන උළෙල – Nigella Bites සඳහා වසරේ හොඳම රූපවාහිනී ප්‍රචාරකයාට (Television Broadcast of the Year) හිමි සම්මානය
  • 2001: World Food Media Award සම්මාන උළෙල – Nigella Bites සඳහා හොඳම සූපවේදී වැඩසටහනට ( Gold Ladle Best Television Food Show) හිමි ගෝල්ඩ් ලැඩ්ල් සම්මානය
  • 2002: WH Smith Book Awards සම්මාන උළෙල – How To Be A Domestic Goddess සඳහා ජීවන ක්‍රම පිළිබඳ ඇතුලත් වසරේ හොඳම පොතට (Lifestyle Book of the Year) හිමි සම්මානය
  • 2007: World Food Media Award සම්මාන උළෙල – Nigella's Christmas Kitchen සඳහා හොඳම සූපවේදී වැඩසටහනට ( Gold Ladle Best Television Food Show) හිමි ගෝල්ඩ් ලැඩ්ල් සම්මානය

ග්‍රන්ථනාමාවලිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Pesce, Nicole Lyn. Celebrity milestones this week. Daily News, 5 January 2008; retrieved 25 July 2008.
  2. "Nigella Lawson". Woman's Hour. Retrieved on 18 January 2014.
  3. In pictures: Bush visit day two (go to picture 9), BBC News, 20 November 2003; retrieved 4 December 2007.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; diplomacy නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Fort, Matthew. Beauty and the Feast. The Guardian, 31 October 2004; retrieved 3 October 2007.
  6. Ezard, John. "Cookery and children's titles surge in popularity". The Guardian, 19 November 2005; retrieved 1 October 2007.
  7. Nigella serves up a Feast. Evening Standard, 10 April 2004; retrieved 19 July 2008.
  8. Nigella interview with Ellen DeGeneres සංරක්ෂණය කළ පිටපත 2007-10-11 at the Wayback Machine, nigella.com; retrieved 29 September 2007.
  9. 9.0 9.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; seconds නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. Deans, Jason. "Nigella fails to cook up ratings feast". The Guardian, 5 July 2005; retrieved 5 February 2008.
  11. Nigella TV ratings take a tumble, BBC News, 15 July 2005; retrieved 20 July 2008.
  12. 12.0 12.1 Busfield, Steve. Nigella joins the BBC. The Guardian, 7 September 2006; retrieved 30 September 2007.
  13. Bird, Steve. Nigella claims US rival has ‘soft spot’ for her husband. The Times, 28 August 2007. Retrieved 1 October 2007.
  14. Back off Martha! Nigella claims US rival fancies her husband. Daily Mail, 28 August 2007; retrieved 6 October 2007.
  15. Poniewozik, James. "5 TV Food Shows to Sink Your Teeth Into" සංරක්ෂණය කළ පිටපත 2008-04-08 at the Wayback Machine. Time, 22 October 2006; retrieved 16 July 2008.
  16. Nicholl, Katie. "Nigella Lawson pockets £15m in worldwide syndication deal". Daily Mail, 17 November 2007; retrieved 12 December 2009.
  17. 17.0 17.1 Weekly Viewing Summary (w.e 10/12/06 – 24/12/06) සංරක්ෂණය කළ පිටපත 2008-07-12 at the Wayback Machine. Broadcasters' Audience Research Board; retrieved 21 December 2006.
  18. Conlan, Tara. Nigella tastes festive success. The Guardian, 7 December 2006; retrieved 30 September 2007.
  19. 2007 Le Cordon Bleu World Food Media Awards Winners සංරක්ෂණය කළ පිටපත 2008-07-05 at the Wayback Machine. World Food Media Awards; retrieved 18 July 2008.
  20. Smithers, Rebecca. Nigella effect sees goose fat sales soar. The Guardian, 12 December 2006; retrieved 30 September 2007.
  21. Sales soar as Nigella plumps for prunes. Daily Mail, 18 December 2006; retrieved 1 October 2007.
  22. Clout, Laura. Nigella sends prunes flying off the shelves. The Daily Telegraph, 20 December 2006; retrieved 2 October 2007.
  23. Reynolds, Nigel. Fast and fatty, Nigella's 'unhealthy' comeback. The Daily Telegraph, 27 June 2007. Retrieved 26 July 2008.
  24. Editors at Daily Express. Food: Nigella Express, 8.30pm, BBC2. Daily Express, 3 September 2007; retrieved 3 October 2007.
  25. Nigella's back to turn working mothers into fast food goddesses. Daily Mail, 26 June 2007. Retrieved 3 February 2008.
  26. Deedes, Henry. Comedian suffers from Clarke's identity crisis. The Independent, 3 May 2007; retrieved 29 June 2008.
  27. 27.0 27.1 Weekly Viewing Summary (w.e 9 September 2007 – 16 December 2007) සංරක්ෂණය කළ පිටපත 12 ජූලි 2008 at the Wayback Machine, Broadcasters' Audience Research Board; retrieved 31 January 2008.
  28. Holmwood, Leigh. Tepid response to Hell's Kitchen. The Guardian, 4 September 2007; retrieved 29 September 2007.
  29. Tryhorn, Chris. Hell's Kitchen turns up the heat. The Guardian, 11 September 2007. Retrieved 29 September 2007.
  30. Weekly Viewing Summary (w.e 28/10/07) සංරක්ෂණය කළ පිටපත 2008-07-12 at the Wayback Machine. Broadcasters' Audience Research Board; retrieved 29 January 2008.
  31. Wallop, Harry. Nigella recipe prompts thirst for Riesling. The Daily Telegraph, 1 October 2007. Retrieved 2 October 2007.
  32. Barton, Fiona."Sales of advocaat rise 40 per cent after Nigella declares Snowballs 'the drink' for Christmas". Daily Mail, 4 January 2008; retrieved 1 February 2008.
  33. Hilton, Beth. Nigella Lawson criticised for weight gain. Digital Spy, 27 October 2007; retrieved 3 February 2008.
  34. 34.0 34.1 Levy, Paul. Take the rough with the smooth. The Guardian, 16 September 2007; retrieved 16 July 2008.
  35. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bus නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  36. West, Dave. Nigella Express sold to Asia. Digital Spy, 21 November 2007; retrieved 3 February 2008.
  37. Daytime Emmy nominations. Los Angeles Times, 30 April 2008; retrieved 4 May 2008.
  38. 38.0 38.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; booksales නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  39. Amazon's UK Christmas bestsellers. The Guardian, 27 December 2007; retrieved 31 January 2008.
  40. Cleland, Gary (30 January 2008). "Nigella Lawson profile". The Daily Telegraph. London. සම්ප්‍රවේශය 11 November 2009.
  41. "The Big Chill" 30 September 2002, Transcript at ABC.net
  42. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sweetandsour නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  43. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; doll නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  44. Hilton, Beth. Lawson 'won't leave children a penny', Digital Spy, 29 January 2008; retrieved 31 January 2008.
  45. "Writer leaves poignant messages". Mail Online. 2 March 2001. සම්ප්‍රවේශය 15 December 2013.
  46. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hot නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  47. 47.0 47.1 47.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; extremes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  48. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; reality නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  49. "Jonathan Ross cooks up a storm with Nigella Lawson". BBC Press Office, 10 October 2003; retrieved 30 September 2007.

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=නයිජෙලා_ලෝසන්&oldid=592363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි