වොරියර් බෙක් දොං-සූ
වොරියර් බෙක් දොං-සූ | |
---|---|
![]() වොරියර් බෙක් දොං-සූ සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | The Warrior, Baek Dong-soo |
ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය ක්‍රියාදාම ප්‍රේම කථා නාට්‍ය |
රචනය කලේ | ක්වොන් සූන්-ක්යු |
අධ්‍යක්ෂණය කලේ | ලී හ්යුන්-ජික් කිම් හොං-සුන් |
රඟපෑම | ජි චං-වූක් යූ ස්‍යුං-හෝ යූන් සෝ-යි ෂින් හ්යුන්-බින් චෝයි මින්-සූ ජුන් ක්වං-ර්යුල් |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 30 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 4 ජූලි 2011 | – 10 ඔක්තෝම්බර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ලයි ටු මී |
අනුගමනය වනුයේ | අ තවුසන්ඩ් ඩේ’ස් ප්‍රොමිස් |
බාහිර සබැඳි | |
SBS නිල වෙබ්අඩවිය |
වොරියර් බෙක් දොං-සූ (හංගුල්: 무사 백동수; RR: මුසා බෙක් දොං-සු) යනු 2011 දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික කතාමාලාවක් වන අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය ජි චං-වූක්, යූ ස්‍යුං-හෝ, යූන් සෝ-යි, ෂින් හ්යුන්-බින්, චෝයි මින්-සූ සහ ජුන් ක්වං-ර්යුල් විසින් සිදුකොට ඇත.[1] මෙය SBS නාළිකාව ඔස්සේ 2011 ජූලි 4 සිට ඔක්තෝබර් 10 වනදා දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 29කින් යුක්තව විකාශය කරන ලදී.[2][3] මෙය 2010දී ප්‍රකාශයට පත් වූ චිත්‍රකථාවක් වූ ලී ජේ-හොන්ගේ Honorable Baek Dong-soo ඇසුරෙන් නිමවා ඇත. මෙමගින් ජොසොන් රාජවංශයේ ඓතිහාසික චරිතයක් වූ බෙක් දොං-සූ අසිපත්කරුවකු සහ ජනතා වීරයකු බවට පත් වූ අයුරු නිරූපිත ය. එසේම බෙක් ජොංජෝ රජු විසින් පත්කරන ලද මුයෙදොබොතොංජි නම් වූ ප්‍රධාන යුධ කෘතියෙහි කතුවරයින් තිදෙනාගෙන් එක් අයෙකි. ජොසොන් රාජවංශයේ දේශපාලන පක්ෂ අතර, එනම් ජොංජෝ රජු, ක්විං තානාපති, ජපන් අසිපත්කරු කෙන්සෝ, සහ ඝාතක හ්‍යුක්සා චොරොං වැන්නවුන්ගේ බල අරගල මැදින් දිවෙන මේ කතාමාලාව සහෝදරත්වය, මිත්‍රත්වය, පාක්ෂිකභාවය සහ ගෞරවය පිළිබඳ කරුණු රැසක් අපට හෙළිකරයි.[4]
චරිත නිරූපණය[සංස්කරණය]
- ජි චං-වූක්, බෙක් දොං-සූ ලෙස
- යෝ ජින්-ගූ, ළමා දොං-සූ ලෙස
- නිදහස් අසිපත්කරුවකු වන මොහු රාජකීය ආරක්ෂකයකු ලෙස සිය වගකීම මෙහෙයවයි.
- යූ ස්‍යුං-හෝ, යෝ වූන් ලෙස
- පාක් ගුන්-තේ, ළමා වූන් ලෙස
- යෝ චෝ-සංගේ පුත්‍රයායි. දොං-සූගේ මිතුරා වේ. ඔහු යූ ජි-සුන්ට ප්‍රියකරයි.
- යූන් සෝ-යි, හ්වැං ජින්-ජූ ලෙස
- ලී හ්යේ-ඉන්, ළමා ජින්-ජූ ලෙස
- ජි සහ කිම් ග්වං-තේක්ගේ දියණියයි. දොං-සූගේ ළමා වියේ මිතුරියකි.
- ෂින් හ්යුන්-බින්, යූ ජි-සුන් ලෙස
- නම් ජි-හ්යුන්, ළමා ජි-සුන් ලෙස
- සදෝ කුමරුගේ උපබිසවකි. පසුව දොං-සූ සහ වූන්ට ඇය ප්‍රියකරයි.
- හොං ජොං-හ්යුන්, ජොංජෝ රජු ලෙස
- චෝයි මින්-සූ, චුන් ලෙස
- ශයුක්සා චොරොං ඝාතක කල්ලියේ නායකයායි. යෝ වූන්ගේ ගුරුවරයායි.
- ජුන් ක්වං-ර්යුල්, කිම් ග්වං-තෙක් ලෙස
- ජොසොන්හි ඉහළම අසිපත්කරුවායි, දොං-සූගේ ගුරුවරයායි.
- පාක් ජුන්-ග්යු, හ්‍යුක් සා-මෝ ලෙස
- දොං-සූව හදාවඩා ගන්නා තැනැත්තායි.
- පාක් වොන්-සං, ජං දේ-ප්යෝ ලෙස
- දොං-සූ, වූන් සහ චෝ-රිප් සටන්කලාව උගත් පුහුණු කඳවුරේ නායකයායි.
- ලී ජින්-ආ, ජං-මි ලෙස
- හ්‍යුක් සා-මෝගේ පෙම්වතියයි.
- ඕ මන්-සොක්, කිරුළහිමි සදෝ කුමරු ලෙස
- යූන් ජි-මින්, ජි / ගා-ඔක් ලෙස
- අසිපත්කාරිණියකි. චුන් සහ කිම් ග්වං-තෙක්ගේ හදවත දිනාගන්නී ය. ජින්-ජූගේ මවයි.
- පාක් චුල්-මින්, ඉන් ලෙස
- චොන් සහ ජිට අමතරව හ්‍යුක්ෂා චොරොංහි නායකයින් තිදෙනාගෙන් තෙවැන්නායි.
- ජොන් ගුක්-හ්වන්, යොංජෝ රජු ලෙස
- ගූම් දන්-බි, ජොංසුන් අගබිසව ලෙස
- ලී වොන්-ජොං, හොං දේ-ජු ලෙස
- ජොසොන්හි රාජ්‍ය අමාත්‍යවරයා සහ කතාමාලාවේ සිටින ප්‍රධාන දුෂ්ටයා යි. ඔහු කුමන්ත්‍රණයක් සැලසුම් කරනමුත් එය අසාර්ථක වීමෙන් පසු, ඔහු සහ ඔහුගේ පුත්‍රයාට දඬුවම් පමුණුවනු ලැබෙයි.
- ජුං හෝ-බින්, ඉම් සූ-වූං ලෙස
- ආන් සුක්-හ්වන්, සියෝ යූ-දේ ලෙස
- ජොසොන් සෙන්පතියකු සහ සදෝ කුමරුගේ හිතවතෙකි.
- කිම් දොං-ක්‍යුන්, බූ ග්වන් ලෙස
- හොං දේ-ජුගේ අදක්ෂ දෙවැන්නායි.
- චෝයි ජේ-හ්වන්, යැං චෝ-රිප් ලෙස
- ෂින් දොං-වූ, ළමා චෝ-රිප් ලෙස
- දොං-සූ සහ වූන්ගේ මිතුරු තුන්හවුලේ තෙවැන්නායි.
- උම් හ්යෝ-සුප්, බෙක් සා-ගොං ලෙස
- කිම් හී-ජුං, පාක් මැතිණිය ලෙස
- ලී ක්යේ-ඉන්, යෝ චෝ-සං ලෙස
- යෝ වූන්ගේ පියායි.
- සුං ජි-රු, හ්වං ජින්-ගි ලෙස
- ජින්-ජූව සිය දියණිය ලෙස හදාගත් තැනැත්තායි.
- සිතුවම් ශිල්පියකු වන මොහු දොං-සූගේ මිතුරෙකි. ජින්-ජූට ප්‍රිය කරයි.
- කිම් ඉයුං-සූ, යූ සෝ-කං ලෙස
- ජි යූ, ජං මි-සූ ලෙස
- ජං දේ-ප්යෝගේ දියණියයි. පසුව චෝ-රිප්ගේ පෙම්වතිය බවට පත් වේ.
- කං සුං, හොං සා-හ්යේ ලෙස
- හොං දේ-ජුගේ පුත්‍රයා යි.
- චෝයි යූන්-සෝ, ගූ-හ්යැං ලෙස
- යෝ වොන්ට උපකාර කරන මාලිග පාලිකාවකි.
- ලී සි-ඉයොන්, දේ-හ්යුං ලෙස
- ලී යොං-වූ, කෙන්සෝ ලෙස
- ජපන් සමුරායිවරයෙකි
- චෝයි යූ-සුං
අන්තර්ජාතික විකාශය[සංස්කරණය]
මෙය තායිලන්තය තුළ මෙය චැනල් 7 නාළිකාව ඔස්සේ nạk s̄ū̂ khū̀ bạllạngk̒ (นักสู้คู่บัลลังค์) යන තේමාව ඔස්සේ 2014 මැයි 15දින විකාශය අරඹන ලදී.[5]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ කිම්, හී-ජු (20 ජූනි 2011). "ඔන් ද සෙට් ඔෆ් SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ". 10ඒෂියා. Retrieved 2013-02-25.
- ↑ හන්, යෝ-වූල් (6 සැප්තැම්බර් 2011). "SBS සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ එක්ස්ටෙන්ඩඩ් බයි 6 එපිසෝඩ්ස්". 10ඒෂියා. Retrieved 2013-02-25.
- ↑ හොං, ලුෂියා (12 ඔක්තෝබර් 2011). "ද වොරියර් බෙක් දොං-සූ බොව්ස් අවුට් අටොප් මන්-ටියුස් ලයිනප් ෆෝ 13ත් වින්". 10ඒෂියා. Retrieved 2013-02-25.
- ↑ හ්වැං, හ්යෝ-ජින් (5 ජූලි 2011). "රිවීව්: SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ - ෆස්ට් එපිසෝඩ්". 10ඒෂියා. Retrieved 2013-02-25. no-break space character in
|title=
at position 17 (help) - ↑ "වොරියර් බෙක් දොං-සූ นักสู้คู่บัลลังก์ – ซีรีย์เกาหลี". korea.tlcthai.com. 28 අගෝස්තු 2015. තායි: Thai
බාහිර සබැඳි[සංස්කරණය]
- වොරියර් බෙක් දොං-සූ නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- වොරියර් බෙක් දොං-සූට අදාළ හන්සිනෙමා ගිණුම
- Thai-භාෂා පෙළ ඇතුළත් ලිපි
- Korean-භාෂා පෙළ ඇතුළත් ලිපි
- කොරියානු-භාෂා රූපවාහිනී වැඩසටහන්කරණය
- සෝල් විකාශන පද්ධතියේ රූපවාහිනී නාට්‍ය
- 2011 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා ඇරඹීම්
- 2011 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා අවසන් වීම්
- 2010 දශකයේ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා
- ජෝසුන් රාජවංශය පසුබිමෙහි නිර්මාණය වූ රූපවාහිනී කතාමාලා
- රූපවාහිනී කතාමාලා