දාගැබ් වාහල්කඩ

විකිපීඩියා වෙතින්
මිහින්තලය කණ්ඨක චෙෙත්‍යය හා වාහල්කඩ

ශ්‍රී ලංකාවේ ඉපැරණි දාගැබ්හී අත්තිවාරමට සම්බන්ධ කොට සතර දිශාවට මුහුණලා පවතින පරිදි ගොඩනංවා ඇති ප්‍රක්ෂේප හතර වාහල්කඩ ලෙස හැඳින්වේ. මෙරට දාගැබ හා සම්බන්ධ වූ තවත් සුවිශේෂ නිර්මාණයක් සේ සැළකෙන මෙම නිමැවුම කුමක් අරමුණු කොට ගනිමින් තනන ලද්දක්ද යන්න අපැහැදිලි වේ.[1] බොහෝ විට දාගැබේ අලංකාරත්වය වර්ධනය කිරීම සඳහා වාහල්කඩ යොදා ගන්නට ඇතැයි සැළකේ. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනූව වාහල්කඩ ගොඩනැංවීම ක්‍රි.පූ. 1 වන සියවසේ දී පමණ ආරම්භ වන්නට ඇතැයි පැවසෙයි.

අනුරාධපුර මිහින්තලය කණ්ඨක චෙෙත්‍යයේ දැකගත හැකි නැගෙනහිර දොරටු වාහල්කඩ මෙරට උසස්ම ඝණයේ වාහල්කඩ සේ සැළකේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මිහින්තලේ කණ්ඨක චෙෙත්‍යය". බුදුසරණ. 27 ජූනි 2012. සම්ප්‍රවේශය 10 ජනවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දාගැබ්_වාහල්කඩ&oldid=653977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි