දංගල් (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
(දන්ගල් (චිත්‍රපටය) වෙතින් යළි-යොමු කරන ලදි)

දංගල්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයනිතේෂ් තිවාරි
රචනයනිතේෂ් තිවාරි
පියුෂ් ගුප්තා
ශ්‍රෙයාස් ජෛන්
නිඛිල් මෙහරෝත්‍රා
නිශ්පාදනයආමීර් ඛාන්
කිරන් රාඕ
සිද්ධාර්ත් රෝයි කපූර්
රංගන ශිල්පීන්ආමීර් ඛාන්
සාක්ෂි තන්වාර්
ෆාතිමා සානා ෂෙයික්
සාන්‍යා මල්හෝත්‍රා
සයිරා වසීම්
සුහානි භාට්නගර්
ගිරිෂ් කුල්කර්ණි
කථනයඅපර්ශක්ති ඛුරානා
සිනෙමාරූපණයසේතු (සත්‍යජිත් පාණ්ඩේ)[1]
සංස්කරණයබල්ලු සලූජා
සංගීතයප්‍රිතම්
Production
companies
බෙදාහැරීමවෝල්ට ඩිස්නි ස්ටූඩියෝස්
මෝෂන් පික්චර්ස්
නිකුත්වූ දින
  • 21 දෙසැම්බර් 2016 (2016-12-21) (එක්සත් ජනපදය)
  • 23 දෙසැම්බර් 2016 (2016-12-23) (ඉන්දියාව)
තිර කාලය
මිනිත්තු 161[2]
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR කෝටි 70[3]
ආදායමඇස්ත. INR කෝටි 2,007 (US$ මිලියන 310)[4]

දංගල් (සිංහල: මල්ලවපොර තරගය) යනු 2016 ඉන්දියානු හින්දි-භාෂා චරිතාපදාන ක්‍රීඩා නාට්‍ය චිත්‍රපටයකි. මෙය ලිහිල් වශයෙන්, සිය දියණියන් වන ගීතා ෆෝගත් සහ බාබිතා කුමාරි ලෝක මට්ටමේ මල්ලවපොර ශූරියන් කිරීමට වෙහෙසෙන අවෘත්තීය මල්ලවපොර ශිල්පියකු වන මහාවීර් සිං ෆෝගත්ගේ කථාව ඇසුරින් නිර්මාණය වී ඇත. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ නිතේෂ් තිවාරි විසිනි. වෝල්ට් ඩිස්නි පික්චර්ස්, ආමීර් ඛාන් ප්‍රොඩක්ෂන්ස් සහ යූටීවී මෝෂන් පික්චර්ස්හි නිෂ්පාදනයක් වන මෙහි පියාගේ චරිතය නිරූපණය කරන්නේ ආමීර් ඛාන් විසිනි. මෙම දියණියන් දෙදෙනාම 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් හිමි කරගත්හ.[5] බාබිතා එහි දී 51 kg බර පන්තියෙන් රිදී පදක්කමක් හිමි කරගත් අතර, 2014 ග්ලාස්ගෝ ක්‍රීඩා තරගාවලියේ දී 55 kg බර පන්තියෙන් රන් පදක්කමක් හිමි කරගත්තා ය. 2012දී, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලද ප්‍රථම ඉන්දියානු මල්ලව පොර ශිල්පිනිය බව ගීතා පත්වූවා ය. මහාවීර්ගේ උත්සාහයන් නිසා ඉන්දියානු කාන්තාවන් මල්ලව පොර ක්‍රීඩාව කෙරෙහි යොමු කිරීමට හේතු විය. ෆාතිමා සානා ෂෙයික් සහ සාන්‍යා මල්හෝත්‍රා මෙහි දෙසොහොයුරියන්ගේ වැඩිහිටි විය නිරූපණය කරන අතර, සාක්ෂි තන්වාර් විසින් ඔවුන්ගේ මවගේ චරිතයත්, අපර්ශක්ති ඛුරානා විසින් ඔවුන්ගේ ඥාති සොයුරියගේ චරිතයත් නිරූපණය කරති.

චිත්‍රපටයේ සංවර්ධනය කටයුතු ඇරඹුණේ 2013 මුල්කාලයේ තිවාරි පිටපත රචනා කරන්නට යෙදුණු කාලයේයි. මූලික වශයෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තය පසුබිම් කරගත් මෙහි, ප්‍රධාන ඡායාරූපකරණය 2015 සැප්තැම්බරයේ ඇරඹුණේ අසල්වැසි පන්ජාබයේ ය.[6] සත්‍යජිත් පාණ්ඩේ සිනෙමාරූපක ලෙස කටයුතු කළ අතර, බල්ලු සලූජා මෙහි සංස්කාරක ලෙස කටයුතු කළේ ය. ප්‍රිතම් විසින් චිත්‍රපටයේ සංගීතය සහ ධ්වනිපථය නිමැවූ අතර, පද රචනය සිදුකරන ලද්දේ අමිතාභ් භටාචාර්යා විසිනි. ඉන්දියානු කාන්තා මල්ලව පොර කණ්ඩායමේ පුහුණකරුවකු වන ක්‍රිපා ශංකර් බිෂ්නෝයි මල්ලව පොර ජවනිකා සඳහා ඛාන්ව පුහුණු කළා ය.[7]

2016 දෙසැම්බර් 21 උතුරු ඇමරිකානු මංගල දර්ශනයත් සමග, දෙසැම්බර් 23 සිට දංගල් ලොව පුරා මුදාහැරුණේ විචාරකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගනිමිනි. මෙම පැසසුම ප්‍රධාන වශයෙන්ම ජීවමාන කථාවක් "සාධාරණ" අයුරින් නිරූපණය සහ ඛාන්ගේ රංගනය වටා කේන්ද්‍රගත විය. මෙය 2017 අප්‍රේල් මස බීජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ සහ 2017 ජූනි මස දෙවන BRICS චිත්‍රපට උළෙලේ දී තිරගත විය.[8] 64වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී සයිරා වසීම් හොඳම සහාය නිළිය සඳහා වන සම්මානය දිනාගත්තේ ගීතාගේ ළමාවිය නිරූපණය වෙනුවෙනි. 62වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී මෙය සම්මාන හතරක් හිමි කරගත්තේ ය: එහි දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා (ඛාන්) සහ හොඳම ක්‍රියාදාම (ශ්‍යාම්) යන සම්මාන හිමි විය.[9] ආර්ථික වශයෙන් ද එලෙස සාර්ථකත්වයක් හිමි කරගත් මෙය දැනට ඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපටයට හිමි වාර්තාව උසුලයි. එසේම පස්වන ඉහළම ආදායම ලබන ඉංග්‍රීසි-නොවන චිත්‍රපටය බවට මෙය පත්වූයේ INR2000 කෝටි (US$310 මිලියන)කට අධික ආදායමක් උපයා ගනිමිනි.[10][11] ඉන් INR කෝටි 1,200කට අධික ආදායමක් හිමිවූයේ චීනයෙනි.[12][13] එය චීනයේ සර්වකාලීන ඉහළම ආදායම් ලබන චිත්‍රපට 20 අතරට ද අයත් ය.[14] 2017 මෙල්බර්න් ඉන්දියානු චිත්‍රපට උළෙලේ දී මෙම චිත්‍රපටය ටෙල්ස්ට්‍රා ජනතා තේරීම සම්මානය ද හිමි කරගත්තේ ය.

කථාපුවත[සංස්කරණය]

මහාවීර් සිං ෆෝගත් (ආමීර් ඛාන්) යනු ඉන්දියාවේ හර්යානාවේ බලාලි ගම්මානය මූලික කරගත් හිටපු ආධුනික මල්ලව පොර ශිල්පියකු සහ ජාතික ශූරයෙකි. ඔහුට ඔහුගේ පියා විසින් ක්‍රීඩාව අත්හැරීමට බලකරන ලද්දේ හොඳ රැකියාවක් ලබාගැනීමේ අරමුණිනි. ඉන් අධෛර්යමත් වන ඔහු සිය රට වෙනුවෙන් පදක්කමක් හිමි කරගැනීමට අපොහොසත් වේ. නමුත් ඔහු ශපථ කරන්නේ සිය නූපන් පුත්‍රයා එය සිදුකරනු ඇති බවයි. දියණියන් සිව්දෙනකුම ලැබීමෙන් වික්ෂිප්ත වන ඔහු සිය බලපොරොත්තුව අත්හරියි. නමුත් ඔහුගේ වැඩිමහල් දියණියන් දෙපළ වන ගීතා සහ බාබිතා තමන්ට අවමන් කළ පිරිමි ළමුන් දෙදෙනකුට පහර දී නැවත නිවසට පැමිණීමත් සමග ඔවුනට අනාගතයේ මල්ලවපොර ශිල්පිනියන් වියහැකි බව ඔහු වටහා ගනියි. මේ නිසා ඔහු ඔවුන්ව පුහුණු කරවයි.

ඔහුගේ පිළිවෙත් තරමක් දරදඬු ය. උදෑසනම දුෂ්කර ව්‍යායාම කිරීමට සිදුවන අතර, උකුණන් ඇතිවීම වැළැක්වීමට හිස කෙස් කෙටියට කපා දැමීමට ද ඔවුනට සිදුවේ. ගම්වැසියන්ගෙන් එල්ලවන බාධා නොතකා ඔවුහු සිය පියා සමග ඉදිරියටම යති. එහි දී ඔවුන් පුහුණුවීමට යොදාගන්නේ ඔහුගේ මැටි වළෙහි ය. මුලින්, දැරියන් සිය පියාගේ ක්‍රියා කලාපයට අප්‍රසාදය පලකළත්, ඔහුට අවශ්‍ය තමන් දර්ශීය ගෘහණියන් වනු දැකීමට නොව හොඳ අනාගතයක් ගොඩනගා දීමට බව ඔවුහු වටහා ගනිති. ඉන් ධෛර්යමත් වන ඔවුහු දිය පියා යටතේ පුහුණුව ලබති. මහාවීර් ඔවුන්ව මල්ලවපොර තරගවලට කැඳවාගෙන යන අතර, එහි දී පිරිමින් සමග තරග වැදී ඔවුහු ජයග්‍රහණය කරති. මල්ලවපොර මෙට්ටයක් ලබාගැනීමට අපහසු හෙයින්, ඔහු සාමාන්‍ය මෙට්ට ස්තර දෙකක් අතුරා ඔවුනව නිදහස්ආර මල්ලව පොර සඳහා පුහුණු කරන්නේ තරගකාරී අවස්ථාවන්ට ඔවුන්ව හුරු කිරීමටයි. ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශූරතා දිනාගැනීමට ගීතා සමත් වේ. අනතුරුව ඇය පාටියාලාහි ජාතික ක්‍රීඩා ඇකඩමිය වෙත ඇතුළු වන්නේ ඉදිරියේ පැමිණීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග සඳහා පුහුණුවීමටයි.

එහි දී, ගීතාට මිතුරන් මුණගැසෙන අතර, ඇය තමන් ලද දැඩි බව සහ විනය පිළිබඳ නොතකයි. නිතරම රූඵවාහිනී නරඹන ඇය වීදි ආහාර කෑමට ගන්නා අතර, සිය හිසකෙස් ද වවයි. ඇගේ පුහුණුකරුගේ පුහුණු ක්‍රම සහ මල්ලව ක්‍රම සිය පියාගේ ක්‍රම වලට වඩා වෙනස් ය. ඇය සිතා සිටින්නේ සිය පියාගේ ක්‍රමවලට වඩා ඒවා උසස් බවයි. නිවස වෙත පැමිණෙන ඇය සිය පියාගේ යල්පැන ගිය ක්‍රමවේද පිළිබඳ අපහාස කරයි. ඇය සිය මහලු විඩාපත් පියා සමග දබරයක් ඇති කරගෙන ඉන් ඔහුව පරදවයි. දැඩි සිතැති ගීතාට සිය පියාගේ ක්‍රම ශිල්ප අමතක නොකරන මෙන් බාබිතා පවසන අතර සෑම දෙයකටම ඇය පියාට ණයගැති බව සිහිපත් කරයි. ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතාව හිමි කරගන්නා බාබිතා ද ගීතාගේ ඇකඩමියටම පැමිණෙයි. කෙසේනමුත් අන්තර්ජාතික මට්ටමේ ෂෑම තරගයකින්ම ගීතා පරාජයට වන බව පෙනෙන්නට තිබේ. අනතුරුව ඇගේ පුහුණුකරු ඇයට 51 kg බර පන්තියෙන් වෙනුවට 55 kg බර පන්තියෙන් තරග වැදීමට යොමු කරයි. වික්ෂිප්ත වන ඇය බාබිතාගේ පෙළඹවීම හමුවේ සිය පියා සමග නැවත සමාදාන වේ. පියා සිය බෑණා (අපර්ශක්ති ඛුරානා) සමග පාටියාලා වෙත පැමිණ ඔවුන්ව රහසේම පුහුණු කරවයි. ඔහු ඔවුන් කුඩා කල භාවිතා කළ ක්‍රමයන්ම මෙහි දී යොදා ගනියි. මහාවීර්ගේ මැදිහත්වීම පිළිබඳ අසා කොප්යට පත්වන පුහුණුකරු දැරියන් දෙදෙනාව නෙරපා දැමීමට අදහස් කරයි. ක්‍රීඩා අධිකාරිය ඔවුනට පුහුණු වීමට අවසර දෙන අතර, මහාවීර්ට සමැදිහත් වීම සහ දැරියන්ට ඇකඩමියෙන් ඉවතට යාම අවහිර කරයි. සිය දියනියන්ට සහාය වීමට සිතන මහාවීර් ගීතාගේ අසාර්ථක ක්‍රීඩා තරගවල පටිගත දර්ශන ලබාගන්නා අතර, දුරකථනයෙන් ඇයට ඇගේ වැරදි පෙන්වා දෙමින් ඇයව පුහුණු කරයි.

ක්‍රීඩා උළෙලේ දී, 55 kg බර පන්තියෙන් තරග වදින ගීතා අවසන් වටයට සුදුසුකම් ලබයි. මහාවීර් ප්‍රේක්ෂකයන් අතර සිටගෙන සිටිමින්ම, ගීතාගේ පුහුණුකරුගේ උපදෙස් විවේචනය කරයි. මේ නිසා ගීතා පුහුණුකරුගේ උපදෙස් නොසලකා හරියි. රන් පදකක්ම ලබාගැනීමට ගීතා තරග කරන අතරතුර, ඊර්ෂ්‍යාකාර පුහුණුකරු මහාවීර්ව කුටිකට දමා අගුළු ලයි. ගීතා පළමු සැසිය ජයග්නනා අතර, දෙවන සැසිය පරාජය වේ. අවසන් සැසියේ ලකුණු 1–5 ලෙස වන අතර, ඉතිරිව ඇත්තේ තත්පර නවයකි. සිය පියා කියාදුන් උපක්‍රම සිහියට නගාගන්නා ගීතා 5-පොයින්ටර් පහරක් එල්ල කරන්නේ එය දුෂ්කර යැයි සැවොම සිතා සිටින හෙයිනි. අවසන් තත්පර තුනේ දී සිය ප්‍රතිවාදියාව පරාජය කරන ගීතා ලකුණු 6–5 ක් ලෙස ජය ලබාගනියි. මෙලෙසින් ඇය සැසිය ජයග්නනා අතර, පොරය 2–1ක් ලෙස ජයගනියි. මෙලෙසින් ඇය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ඉන්දියානු කාන්තාව බවට පත්වේ. නියම වේලාවට සිය දියණියන්ව වැළඳ ගැනීමට මහාවීර් දිව යයි. පුහුණුකරුව වික්ෂිප්ත කරවමින් පුවත් මාධ්‍ය ඉදිරියේ මෙහි ගෞරවය මහාවීර්ට හිමි වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ධ්වනිපථය[සංස්කරණය]

Untitled

චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන ලද්දේ ප්‍රිතම් විසිනි. පද රචනය අමිතාභ් භටාචාර්යා විසින් හින්දියෙන් ද, රාජේෂ් මලාරවණ්ණන් විසින් දෙමළෙන් ද සිදුකරන ලදී.[20] වාර්තා වූයේ දාලෙර් මෙහ්න්දි ද මෙහි ගිථයක් ගයා ඇති බවයි.[21]

හින්දි පථ ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "හානිකාරක් බාපු"  සර්වාර් ඛාන් සහ සර්තාස් ඛාන් බර්නා, සද්දි අහමඩ්(අතිරේක ගායනය: ඛේතා ඛාන් සහ දයාම් ඛාන්) 4:22
2. "ධාකඩ්"  රැෆ්තාර් 2:56
3. "ගිලෙහ්රියාන්"  ජොනීටා ගාන්ධි 3:40
4. "දංගල්"  දාලෙර් මෙහාන්දි 4:59
5. "නේනා"  අරිජිත් සිං 3:45
6. "ධාකඩ්" (ආමීර් ඛාන් ප්‍රභේදය)ආමීර් ඛාන් 2:56
7. "ඉඩියට් බන්නා"  නූරන් සොයුරියෝ 4:08
8. "නේනා (කාන්තා)"  නේහා කාකර් 3:47
සම්පූර්ණ දිග:
30:33

දෙමළ පථ ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "ඩිසිප්ලින්[22]"  ආර්. එස්. රක්තාක්ෂ්, ආර්. සංජීවි, කේ. හරිප්‍රියා, වී. හරිනි 4:22
2. "ජාගිරතෛ[23]"  රැෆ්තාර් 2:56
සම්පූර්ණ දිග:
26:55

තෙලිඟු පථ ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ගීතයගායක(යින්) කාලය
1. "ඩිසිප්ලින්[24]"  ආර්. එස්. රක්තක්ෂ්, ආර්. සංජීවි, වී. හරිනි 4:22
2. "ජාගර්ථා[25]"  රැෆ්තාර් 2:56
සම්පූර්ණ දිග:
26:55

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

සම්මාන උළෙල උළෙල පැවති දිනය ප්‍රවර්ගය ලාභීන් සහ නිර්දේශිතයන් ප්‍රතිඵලය ආශ්‍රේ.
ෆිල්ම්ෆෙයාර් සම්මාන 2017 ජනවාරි 14 හොඳම චිත්‍රපටය දිනාගති [26]
හොඳම අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි දිනාගති
හොඳම නළුවා ආමීර් ඛාන් දිනාගති
හොඳම ක්‍රියාදාමය ශ්‍යාම් කෞෂාල් දිනාගති
නිව්ස් 18 චිත්‍රපට සම්මාන 2017 මාර්තු හොඳම චිත්‍රපටය දිනාගති [27]
හොඳම නළුවා ආමීර් ඛාන් දිනාගති
හොඳම පද රචක අමිතාභ් භටාචාර්යා නිර්දේශිත
හොඳම අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි දිනාගති
හොඳම සහාය නිළිය සයිරා වසීම් දිනාගති
හොඳම මංගලාවතරණය (කාන්තා) ෆාතිමා සානා ෂෙයික් දිනාගති
හොඳම මංගලාවතරණය (කාන්තා) සාන්‍යා මල්හෝත්‍රා නිර්දේශිත
ජාතික චිත්‍රපට සම්මාන 2017 මැයි 3 හොඳම සහාය නිළිය සයිරා වසීම් දිනාගති [28]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Setu (Director of Photography) (19 ඔක්තෝබර් 2016). Dangal official trailer [On screen credits]. UTV Motion Pictures. Event occurs at 3:11.
  2. "Dangal (2016)". British Board of Film Classification. bbfc.co.uk. සම්ප්‍රවේශය 21 මැයි 2017.
  3. "Dangal: 5 reasons Aamir's film is ruling the box office despite demonetisation woes". India Today. 26 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 21 මැයි 2017.
  4. "Box Office: Here is what Dangal's final worldwide tally is – 1979 crores". Bollywood Hungama. 18 ජූලි 2017. සම්ප්‍රවේශය 10 අගෝස්තු 2017.
  5. "Baahubali 2 vs Dangal box office collection: Aamir's film trailing Rajamouli's by a few crores". India Today. 24 මැයි 2017. සම්ප්‍රවේශය 24 මැයි 2017.
  6. Bhadani, Priyanka (25 දෙසැම්බර් 2016). "Dangal wasn't an easy screenplay". The Week. සම්ප්‍රවේශය 22 මැයි 2017.
  7. "Meet the real-life wrestlers who got Salman and Aamir fit for the pit". සම්ප්‍රවේශය 15 ජූලි 2016.
  8. "China's 'Dangal' mega-success echoes at second BRICS film festival".
  9. "62nd Filmfare Awards 2017: Winners' list". The Times of India. 15 ජනවාරි 2017. සම්ප්‍රවේශය 15 ජනවාරි 2017.
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; dangal2000cr307mn නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 5thForbes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. "Aamir Khan's Rs 2,000 crore dream". Deccan Chronicle. 24 ජූනි 2017. සම්ප්‍රවේශය 24 ජූනි 2017.
  13. "Dangal Update Worldwide And All Formats".
  14. "内地总票房排名" [Mainland total box office ranking] (Chinese බසින්). සම්ප්‍රවේශය 21 මැයි 2017.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  15. "Dangal's BEST actor? VOTE!". Rediff.com. 30 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 24 මැයි 2017.
  16. "Haanikaarak Bapu (From "Dangal") - Single". iTunes. 12 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
  17. "Dhaakad (From "Dangal") - Single". iTunes. 23 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
  18. "Gilehriyaan (From "Dangal") - Single". iTunes. 30 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2017.
  19. "Dangal (From "Dangal") - Single". iTunes. 8 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 24 ජනවාරි 2017.
  20. "Aamir Khan and Pritam to collaborate for 'Dangal'". Deccan Chronicle. 30 ජූනි 2015. සම්ප්‍රවේශය 5 මාර්තු 2016.
  21. "Daler Mehndi to sing for Aamir Khan's 'Dangal'". RadioandMusic.com. 14 ඔක්තෝබර් 2015. සම්ප්‍රවේශය 5 මාර්තු 2016.
  22. Zee Music South (28 නොවැම්බර් 2016). "டிசிப்லின் (DISCIPLINE – Tamil) – Dangal – Aamir Khan – Pritam – R.S. Rakthaksh" – via YouTube.
  23. Zee Music South (28 නොවැම්බර් 2016). "ஜாக்கிறதை (Jaakiradhai – Tamil) – Dangal – Aamir Khan – Pritam – Raftaar" – via YouTube.
  24. Zee Music South (28 නොවැම්බර් 2016). "డిసిప్లిన్ (DISCIPLINE – Telugu) – Dangal – Aamir Khan – Pritam – R.S. Rakthaksh" – via YouTube.
  25. Zee Music South (28 නොවැම්බර් 2016). "జాగరత (Jaagartha – Telugu) – Dangal – Aamir Khan – Pritam – Raftaar" – via YouTube.
  26. "Winners of the Filmfare Awards 2017". Filmfare. 23 මැයි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2017.
  27. "NEWS18 MOVIE AWARDS 2017". Network 18. news18.com. 24 මැයි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  28. "64th National Film Awards" (PDF) (Press release). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 1 ජූනි 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Aamir Khan

"https://si.wikipedia.org/w/index.php?title=දංගල්_(චිත්‍රපටය)&oldid=413475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි