අනිච්චාව
https://tipitaka.lk/dn-2-9/50-4/pali
කතමඤ‍්ච භික‍්ඛවෙ, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං: ජාතිධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න ජාතිධම‍්මා අස‍්සාම, න ච වත නො ජාති ආගච‍්ඡෙය්‍යා ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නොවේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.
ජරා ධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න ජරාධම‍්මා අස‍්සාම, න ච වත නො ජරා ආගච‍්ඡෙය්‍යා ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නොවේ . මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.
බ්‍යාධිධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න බ්‍යාධිධම‍්මා අස‍්සාම, න ච වත නො බ්‍යාධි ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.
මරණධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න මරණධම‍්මා අස‍්සාම, න ච වත නො මරණං ආගච‍්ඡෙය්‍යා’ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
සොකධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න සොකධම‍්මා අස‍්සාම, න ච වත නො සොකො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පරිදෙවධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න පරිදෙවධම‍්මා අස‍්සාම, න ච වත නො පරිදෙවො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
දුක‍්ඛධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න දුක‍්ඛධම‍්මා අස‍්සාම, න ච වත නො දුක‍්ඛං ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
දොමනස‍්සධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න දොමනස‍්සධම‍්මා අස‍්සාම, න ච වත නො දොමනස‍්සං ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
උපායාසධම‍්මානං භික‍්ඛවෙ, සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න උපායාසධම‍්මා අස‍්සාම, න ච වත නො උපායාසො ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
මහණෙනි, දැඩි ආයාස ඇති සත්වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.