තද පැහැ සම

විකිපීඩියා වෙතින්
තද පැහැ සමැති කාම්බෝජ පිරිමින් කණ්ඩායමක්
1940 ගණන් වල සුරිනාමයෙහි තද පැහැ සමැති ඉන්දුනීසියානු සංක්‍රමණික කම්කරුවෝ

තද පැහැ සම යනු ස්වභාවික වශයෙන් ඇති වන මිනිස් චර්ම වර්ණයක් වන අතර, යුමෙලිනින් වර්ණකය එහි බෙහෙවින් අඩංගු වෙමින් තද පැහැයක් සහිත වෙයි. [1][2][3]සංසන්දනාත්මකව තරමක් තද පැහැ සමැති ජනයා හැඳින්වෙන්නේ තලඑළලු ලෙසින් වන අතර,[4] ඉතාමත් තද පැහැ සම සහිත වූවන් කළු ලෙසින් හැඳින්වෙන මුත්,[5] මෙම භාවිතය සමහර රටවලදී උභයාර්ථ විය හැක්කේ එම රටවලදී මෙම භාවිතය විසින් විශේෂිත ලෙසින් විවිධ වාර්ගික කණ්ඩායම් හෝ ජනගහණ හෝ හැඳින්වෙන නිසාවෙනි. [6][7][8][9]

ලා පැහැ සමැති මුල් ආදිමානව විශේෂයන් තුල තද පැහැ සම පරිණාමය වීම ඇරඹුනේ වසර මිලියන 1.2 කට පෙර බවට විශ්වාස කෙරෙන අතර,[10] එසේ වී ඇත්තේ ඔවුන් නිරක්ෂීය වැසි වනාන්තර වෙතින් නික්ම ප්‍රභාමත් සැවනා තණබිම් වෙත සංක්‍රමණය වීමත් සමගය. සැවනා තණබිම් තුල පැවැති උෂ්ණාධික තත්ත්වය තුලදී, හොඳින් ක්‍රියාකෙරෙන සිසිල් කිරීමේ යාන්ත්‍රණයන් අවශ්‍යවූ අතර, එය සාක්ෂාත් කෙරුණේ කයෙහි ලොම් හැලීම තුලින් හා වඩාත් කාර්යක්ෂම ඩහදිය ගැලීම ප්‍රවර්ධනය කිරීමෙනි. කයෙහි ලොම් හැලීම හේතුවෙන්, තද පැහැ සමක් ප්‍රවර්ධනය වූයේ, ප්‍රධාන වශයෙන් ෆෝලේට් හායණයට ප්‍රතිවිරුද්ධ ස්වභාවික වරණ යාන්ත්‍රණයක් ලෙසින් වන අතර, අව ප්‍රමාණයක හේතුකාරකයක් වූයේ, ඩීඑන්ඒ හානිය අවම කරගැනීමෙහි අරමුණය. තද පැහැ සම පරිණාමය වීමට තුඩුදුන් ප්‍රාථමික සාධකය වී ඇත්තේ පාරජම්බුල විකිරණයට ප්‍රතික්‍රීයක ලෙසින් ෆෝලේට් බිඳ වැටීම වෙයි; පාරජම්බුල විකිරණය නිසා ඇතිවුණු ෆෝලේට් බිඳවැටීම සහ සාමාන්‍ය කලල ජනනයෙහි සහ ශුක්‍රාණු ජනනයෙහි අසමර්ථය නිසාවූ අඩු ජනනවිභවය අතර සබැඳියාව විසින් තද පැහැ සමෙහි වරණයට මග පෑදිණි. නූතන හෝමෝ සැපියානුවන් පරිණාමයවූ වකවානුව එළඹෙන විටදී, සමස්ත මානවයෝ තද පැහැ සමැති වූහ. [3][11][12][13][14][15][16]

තද පැහැ සමැති මානවයන් හට මෙලිනින් (විශේෂයෙන් යූමෙලිනින්) වර්ණකය නොඅඩුව හිමිව ඇති අතර, පාරජම්බුල විකිරණයන්ගේ අනර්ථදායක ආචරණයන්ට එරෙහිව සුපිරි ආරක්ෂාව සපයන මෙලානොසෝම බහුල ලෙසින් හිමි කර දී ඇත. ෆෝලේට් සංචිත රැකගැනීමට හා ඩීඑන්ඒ මතට වන හානියට එරෙහිව ආරක්ෂණය සැපයීමට මෙය විසින් ශරීරයට උපකාර සපයා ඇත. [3] [17]

මද හිරුඑළිය සහිත ඉහළ අක්ෂාංශයන්හී ජීවත්වන තද පැහැ සමැති ජනයා, විශේෂයෙන් සීත සෘතුවෙහිදී, විටමින් ඩී ඌනතාවයෙන් පෙලීමෙහි බලවත් අවදානමකින් පසුවෙති. විටමින් ඩී ඌනතාවයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, අස්ථි විකෘති රෝගය, විවිධ ආකාරයෙහි පිළිකා, [එනමුදු ඔවුන්ගේ පිළිකා ආසාදන අනුපාතිකය අඩු අගයයක පවතියි] සහ සමහරවිට හෘත්සනාල රෝගය සහ මද ප්‍රතිශක්ති පද්ධති ක්‍රියාකාරකම් වලින් පෙළිමෙහි ඉහළ අවදානමකින් ඔවුහූ පීඩා විඳිති. [3][18]

ආශ්‍රිත[සංස්කරණය]

  1. dark-skinned ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය "නැචුරලි හැවිං ස්කින් ඔෆ් අ ඩාක් කලර්"
  2. "ඩාක්-ස්කින්ඩ්". thefreedictionary.com. සම්ප්‍රවේශය 24 ජනවාරි 2017. අ පර්සන් ඕර් රේස් හැවිං ස්කින් ඔෆ් අ ඩාක් කලර්
  3. 3.0 3.1 3.2 3.3 මුයේලන්බයින්, මයිකල් (2010). හියුමන් ඉවලූෂනරි බයලජි. කේම්බ්‍රිජ් විශ්විවිද්‍යාල මුද්‍රණාලය. pp. 192–213.
  4. Dictionary.com: black 3.a "a member of any of various dark-skinned peoples" 21.a"pertaining or belonging to any of the various populations characterized by dark skin pigmentation"
  5. Oxford Dictionaries. April 2010. Oxford University Press. "belonging to or denoting any human group having dark-coloured skin" "black" සංරක්ෂණය කළ පිටපත 2016-08-28 at the Wayback Machine (සම්ප්‍රවේශය 6 අගෝස්තු 2012).
  6. Dictionary.com: black 3.a "a member of any of various dark-skinned peoples" 21.a"specifically the dark-skinned peoples of Africa, Oceania, or Australia."
  7. "ග්ලෝබල් සෙන්සස්". ඇමරිකානු මානව විද්‍යාත්මක සංගමය. සම්ප්‍රවේශය 10 දෙසැම්බර 2012. {{cite web}}: Check date values in: |accessdate= (help)
  8. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ. අප්‍රේල් 2010. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. "especially of African or Australian Aboriginal ancestry" "black" සංරක්ෂණය කළ පිටපත 2016-08-28 at the Wayback Machine (සම්ප්‍රවේශය 6 අගෝස්තු 2012).
  9. ජේම්ස්, මැකර්ස් (1828-11-08). "ප්‍රොක්ලමේෂන්". ක්ලැසිෆයිඩ් ඇඩ්වර්ටයිසිං. ට්‍රෝව්. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2012.
  10. නිනා, ජැබ්ලෝන්ස්කි (2004). "දි එවලූෂන් ඔෆ් හියුමන් ස්කින් ඇන්ඩ් ස්කින් කලර්". ඇනුවල් රිවීව් ඔෆ් ඇන්ත්‍රොපොලොජි. 33: 585–623. doi:10.1146/annurev.anthro.33.070203.143955. genetic evidence [demonstrate] that strong levels of natural selection acted about 1.2 mya to produce darkly pigmented skin in early members of the genus Homo
  11. බොවර්, සී.; ස්ටැන්ලි (1992). "ද රෝල් ඔෆ් නියුට්‍රිෂනල් ෆැක්ටර්ස් ඉන් දි ඊටියෝලොජි ඔෆ් නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස්". ජර්නල් ඔෆ් පීඩියැට්‍රික්ස් ඇන්ඩ් චයිල්ඩ් හෙල්ත්. 28 (1): 12–16. doi:10.1111/j.1440-1754.1992.tb02610.x. PMID 1554510.
  12. මින්ස්, ආර්.ඒ. (1996). "ෆෝලික් ඇසිඩ් ඇන්ඩ් නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස්". ස්පයිනල් කෝර්ඩ්. 34 (8): 460–465. doi:10.1038/sc.1996.79. PMID 8856852.
  13. කොප්; et al. (1998). "එම්බ්‍රියෝනික් මිකැනිස්ම්ස් අන්ඩලයිං ද ප්‍රිවේනෂන් ඔෆ් නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් බයි විටමින්ස්". මෙන්ටල් රිටාඩේෂන් ඇන්ඩ් ඩිවලප්මන්ටල් ඩිසැබිලිටීස් රිසර්ච් රිවීව්ස්. 4: 264–268. doi:10.1002/(sici)1098-2779(1998)4:4<264::aid-mrdd5>3.0.co;2-g.
  14. මොලෝයි; මිල්ස්, ජේ. එල්.; කර්ක්, පී. එන්.; වියර්, ඩී. ජී.; ස්කොට්, ජේ. එම්.; et al. (1999). "ෆෝලේට් ස්ටේටස් ඇන්ඩ් නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස්". බයෝෆෑක්ටර්ස්. 10 (2–3): 291–294. doi:10.1002/biof.5520100230. PMID 10609896.
  15. ලුකොක්, එම්. "ෆෝලික් ඇසිඩ්: නියුට්‍රිෂනල් බයෝකෙමිස්ට්‍රි, මොලිකියුලර් බයොලොජි, ඇන්ඩ් රෝල් ඉන් ඩිසීස් ප්‍රොසෙසර්ස්". මොලිකියුලර් ජෙනටික්ස් ඇන්ඩ් මෙටබොලිසම්. 71 (1–2): 121–138. doi:10.1006/mgme.2000.3027. PMID 11001804.
  16. විලියම්; රස්මුසේන්, එස්. ඒ.; ෆ්ලොරේස්, ඒ; කර්බි, ආර්. එස්.; එඩ්මන්ඩ්ස්, එල්. ඩී.; et al. (2005). "ඩික්ලයින් ඉන් ද ප්‍රිවේලන්ස් ඔෆ් ස්පයිනා බැෆැඩා ඇන්ඩ් ඇනන්සෙපලි බයි රේස්/එත්නිසිටි:1995–2002". පීඩියැට්‍රික්ස්. 116 (3): 580–586. doi:10.1542/peds.2005-0592. PMID 16140696.
  17. නීල්සන්; et al. "දි ඉම්පෝර්ටන්ස් ඔෆ් ද ඩෙප්ත් ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් මෙලිනින් ඉන් ස්කින් ෆො ඩීඑන්ඒ ප්‍රොටෙක්ෂන් ඇන් අදර් ෆොටෝබයෙලොජිකල් ප්‍රොසෙසර්ස්". ජර්නල් ඔෆ් ෆොටෝකෙමිස්ට්‍රි ඇන්ඩ් ෆොටෝබයලජි B: බයලජි. 82: 194–198. doi:10.1016/j.jphotobiol.2005.11.008.
  18. ජේන්, හිග්ඩන්. "විටමින් ඩී". මයික්‍රොනියුට්‍රියන්ට් ඉන්ෆොමේෂන් සෙන්ටර්. ලීනස් පෝලිං ආයතනය. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=තද_පැහැ_සම&oldid=592161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි