ලා පැහැ සම

විකිපීඩියා වෙතින්
ලා පැහැ සමැති යුරෝපියානුවෝ කණ්ඩායමක්
ලා පැහැ සමැති නැගෙනහිර ආසියානු ජනයා

ලා පැහැ සම යනු ස්වභාවිකව ඇතිවන මිනිස් චර්ම වර්ණයක් වන අතර, මඳ පාරජම්බුල විකිරණය සහිත පරිසරයන්ට අනුචිත වීමක් ලෙසින් වඩාත් අඩු යූමෙලනින් වර්ණනය එහි අඩංගු වෙයි. [1] [2] [3]යුරෝපයෙහි සහ අග්නිදිග ආසියාවෙහි දේශීය ජනගහණයෙහි චර්ම පරාවර්තිතාව මැනීමෙන් ලබාගත් දත්ත අනුව, ලා පැහැ සම ඔවුන් තුල ඉතාමත් සුලභ ලෙසින් පවතින බව පෙනෙයි.[4] ලා පැහැ චර්ම වර්ණනය සහිත ජනයා බොහෝවිට සුදු ලෙසින් [5][6] හැඳින්වුවද, මෙම භාවිතය සමහර රටවලදී උභයාර්ථ විය හැක්කේ එම රටවලදී මෙම භාවිතය විසින් විශේෂිත ලෙසින් විවිධ වාර්ගික කණ්ඩායම් හෝ ජනගහණ හෝ හැඳින්වෙන නිසාවෙනි. [7]

හෝමෝ සැපියානුවන්ද අඩංගුවන, හෝමෝ නමැති ගණය සඳහා, මුලින් පැවැති තත්ත්වය වූයේ තද පැහැ සම වර්ණනය බව උපකල්පනය කෙරෙයි. කෙසේවෙතත්, වසර 125,000 සිට 65,000 දක්වා කාලයකට පෙර, නිවර්තන කලාප සිට මඳ පාරජම්බුල විකිරණ ප්‍රදේශ දක්වා ජනගහණයන් සංක්‍රමණය වෙත්ම,[8] විටමින් ඩී හායනයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ක්‍රියාකල පරිණාමීය වරණයක් ලෙසින්, ඔවුන් තුල ලා පැහැ චර්ම වර්ණනයක් ඇති විය. [3][9] බටහිර යුරෝපයෙන් හමුවූ මිනිස් ඇටසැකිලි අවශේෂ මත 2014 වසරෙහිදී සිදුකෙරුණු පුරාතන ඩීඑන්ඒ විශ්ලේෂණය මත පදනම්ව අනාවරණය කෙරුණේ, මෙම තද පැහැ සිට ලා පැහැ දක්වා චර්ම වර්ණන වෙනස, අවම ලෙසින් සමහරක් යුරෝපීයයන්ට හෝ සිදු වී ඇත්තේ ඉතා මෑත අතීතයෙහිදී බවයි. පුරාජානවිද්‍යා පර්යේෂක ස්පාඤ්ඤයෙහි පොම්පේයු ෆැබ්රා විශ්වවිද්‍යාලයෙහි කාර්ල්ස් ලලුයේසා-ෆොක්ස් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නිරික්ෂණය කෙරුණේ, කැන්ටෑබ්රියන් කඳු තුල ලා බ්‍රෑනා-ඇරින්ටේරො වංකගිරිමය ගුහාවෙහි තිබී හමුවූ 7,000-වසර-පැරණි දඩකරු අන්නගවේෂකයෙකු තුල, නිල් ඇස් සඳහා ඇලීලය තිබුණු මුත් ලා පැහැ චර්ම වර්ණනය සඳහා යුරෝපියානු විකෘති නොතුබුණු බවයි. [10]


ආශ්‍රිත[සංස්කරණය]

  1. light-skinned ප්‍රින්සටන් විශ්වවිද්‍යාලය
  2. "Light-skinned". thefreedictionary.com. සම්ප්‍රවේශය ජනවාරි 24, 2017.
  3. 3.0 3.1 මුයේලන්බයින්, මයිකල් (2010). හියුමන් එවලූෂනරි බයොලජි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. pp. 192–213.
  4. රෙලෙත්ෆෝර්ඩ්, ජෝන් (1997). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් බයලොජිකල් ඇන්ත්‍රොපලොජි. මේෆීල්ඩ් ප්‍රකාශන සමාගම. p. 270. ISBN 1559346671. සම්ප්‍රවේශය 16 ඔක්තොම්බර් 2015.
  5. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ. අප්‍රේල් 2010. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. "belonging to or denoting a human group having light-coloured skin" "white" සංරක්ෂණය කළ පිටපත 2016-08-28 at the Wayback Machine (accessed 6 August 2012).
  6. Dictionary.com: white 3.a "marked by slight pigmentation of the skin"
  7. "ග්ලෝබල් සෙන්සස්". ඇමරිකානු මානව විද්‍යාත්මක සංගමය. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2012.
  8. ඇපෙන්සෙලර් ටිම්. "හියුමන් මයිග්‍රේෂන්ස්: ඊස්ටර්න් ඔඩේසි". නේචර්. 485: 24–26. doi:10.1038/485024a. PMID 22552074.
  9. රෙලෙත්ෆෝර්ඩ්, ජේඑච් (2000). "හියුමන් ස්කින් කලර් ඩයිවර්සිටි ඊස් හයස්ට් ඉක් සබ්-සහරන් ඇෆ්රිකන් පොපියුලේෂන්ස්". හියුමන් බයොලොජි; ඇන් ඉන්ටර්නැෂනල් රෙකෝඩ් ඔෆ් රිසර්ච්. 72: 773–80. PMID 11126724.
  10. "7,000-ඉයර්-ඕල්ඩ් හියුමන් බෝන්ස් සජෙස්ට් නිව් ඩේට් ෆො ලයිට්-ස්කින් ජීන්". Livescience. 26 ජනවාරි 2014. http://www.livescience.com/42838-european-hunter-gatherer-genome-sequenced.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 ජූනි 2014. 
"https://si.wikipedia.org/w/index.php?title=ලා_පැහැ_සම&oldid=593211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි