මිනිස් චර්ම වර්ණය
Jump to navigation
Jump to search
තද දුඹුරු සිට වඩාත් ලා පැහැයන් දක්වා පරාසයක විහිදෙන විවිධත්වයක් මිනිස් චර්ම වර්ණය වෙත සතු වෙයි. ප්‍රවේණි විද්‍යාවෙහි ප්‍රතිඵලයක් ලෙසින් පුද්ගලයෙකුගේ සමෙහි වර්ණනය සිදුවන අතර, එම පුද්ගලයාගේ ජීවවිද්‍යාත්මක දෙමව්පියන් දෙදෙනාගේම ප්‍රවේණි විද්‍යාත්මක සැකසීමෙහි සමානුයෝජනය පරිදී සිදුවෙයි. පරිණාමයෙහිදී, මිනිස් ජීවින්ගේ සමෙහි වර්ණනය පරිණාමය වූයේ ස්වභාවික වරණය ක්‍රියාවලියක් තුලින් වී ඇති අතර, පාරජම්බුල විකිරණ සම හරහා යෑම නියාමනය කරමින් ඒවායේ ජීවරසායනික ආචරණයන් පාලනය කිරීම ප්‍රාථමික වශයෙන් එහි අරමුණ වී ඇත.