ඩෝරා (සිද්ධි අධ්‍යයනය)
ඩෝරා යනු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් තමා 1900 වසරේ දී සති එකොළහක පමණ කාලයක් පුරා ප්‍රතිකාර කළ මායා රෝගය (හිස්ටීරියාව) ඇති බවට රෝග නිශ්චය කළ රෝගියෙකුට ලබා දුන් ආරූඪ නාමයකි.[1] ඇයගෙන් වඩාත් විද්‍යමාන වූ මායා රෝගී ලක්ෂණය වූයේ අස්වනතාව හෙවත් හඬ නැතිවීම යි. රෝගියාගේ සැබෑ නාමය වූයේ අයිඩා බවර් (1882–1945) ය; ඇගේ සොයුරා වූයේ ඔස්ට්‍රොමාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ඔටෝ බවර් ය.
ෆ්‍රොයිඩ් විසින් මායා රෝගී සිද්ධියක විශ්ලේෂණයක කොටස් (1905 [1901], සම්මත සංස්කරණය වෙළුම 7, පිටු. 1–122; ජර්මන්: Bruchstücke einer Hysterie-Analyse) නමින් ඩෝරා පිළිබඳ ව සිද්ධි අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කළ අතර එය ඔහු ප්‍රකාශයට පත් කළ සිද්ධි අධ්‍යයනයන් අතර පළමු මෙන් ම පසුකාලීන ව අතිශයින්ම මතභේදයට තුඩු දුන් සිද්ධි අධ්‍යයනය විය.[2]
සිද්ධි ඉතිහාසය
[සංස්කරණය]පවුල් පසුබිම
[සංස්කරණය]ඩෝරා ජීවත් වුයේ සමීප සම්බන්ධයක් රහිත විවාහ ජීවිතයක් ගත කළ ඇයගේ දෙමව්පියන් සමග ය. ඔවුහු දෙදෙනා තවත් යුවලක් වූ K මහතා හා K මහත්මිය සමග සමීප ඇසුරක් පැවැත්වූහ. ඩෝරාගේ පියාට ඇයව ෆ්‍රොයිඩ් වෙතට ගෙන ඒමට හේතු වූ අර්බුදය නම් K මහතා තමාට ලිංගික බලපෑම් කළ බවට ඇය එල්ල කළ චෝදනාව වූ අතර ඇය එම නිසා K මහතාට කම්මුල් පහරක් ලබා දී තිබිණි — එම චෝදනාව K මහතා ප්‍රතික්ෂේප කළ අතර ඇගේම පියා ඇයව අවිශ්වාස කළේය.[3]
ආරම්භයේ දී ම මෙම කරුණ පිළිබඳ ව ෆ්‍රොයිඩ් විනිශ්චයක් තබාගත් අතර තම පියා K මහත්මිය සමග සම්බන්ධයක් පැවැත් වූ බවත් ඔහු ඒ වෙනුවට K මහතාට තමාව අල්ලසක් ලෙස දෙන බව දැනුණු බවත් ෆ්‍රොයිඩ් ඉක්මනින් ම ඩෝරා වෙතින් දැනගත්තේ ය.[4] මූලිකවම මෙම සිදුවීම පිළිබඳ ව ඇයගේ විග්‍රහය පිළිගැනීම මගින් ෆ්‍රොයිඩ්ට ඇයගේ කැස්ස රෝග ලක්ෂණය ඉවත්කිරීමට හැකිවිය; නමුත් පැටලිලි සහිත පවුල් දෙක අතර කථාවට ඇයගේ තිබූ සම්බන්ධයත් K මහතා කෙරෙහි ඇයගේ වූ ආකර්ෂණයත් පිළිගැනීමට බල කර කියා සිටීම නිසා ඇය හදිසියෙන් ම සති 11 කට පසු ප්‍රතිකාර ගැනීම අවසන් කළ අතර තම රෝගියා වූ ඇයව අත්හැර දැමීමට ෆ්‍රොයිඩ්ට සිදු විය, ඔහු මෙය මහත් ශෝකයෙන් යුතුව වාර්තා කළේ චිකිත්සීය අසාමාර්ථ්‍යයක් ලෙසිනි.[5]
සිහින
[සංස්කරණය]ෆ්‍රොයිඩ් මූලින්ම මෙම සිද්ධියට 'සිහින සහ මායා රෝගය' යන නම යෙදීමට සිතුවේය. මෙය සිහින විශ්ලේෂණයට දායකත්වයක් විය. සිය අසම්පූර්ණ විශ්ලේෂණය ප්‍රකාශයට පත් කිරීමට ෆ්‍රොයිඩ් දුටු හේතුව වූ ඔහුගේ සිහිනවල අර්ථ නිරූපණය සඳහා ද මෙය ඌනපූරණයක් විය.[6]
අයිඩා සිහින දෙකක් ෆ්‍රොයිඩ්ට විස්තර කළාය. පළමු වැන්නේ දී:
නිවස[ක්] ගිනි ගනිමින් තිබුණා. මගේ පියා මගේ ඇඳ ළඟ සිට මාව ඇහැරෙව්වා. මම වහාම ඇඳගත්තා. අම්මාට නැවතී ඇයගේ ආභරණ පෙට්ටිය බේරා ගැනීමට වුවමනා කළා; නමුත් පියා කිව්වා: 'ඔබේ ආභරණ පෙට්ටිය නිසා මම වත් මගේ දරුවො දෙන්නා වත් ගින්නට අහුවෙනවාට මම කැමති නෑ' කියා. අපි ඉක්මණින්ම පහළ තට්ටුවට ආවා, මම එළියට ආ වහාම මාව ඇහැරුණා.[7]
දෙවන සිහිනය සැලකිය යුතු ලෙස දීර්ඝය:
මම නොදන්නා නගරයක ඇවිදිමින් හිටියා. මට නුහුරු වීදි සහ චතුරස්‍රයන් දැක්කා. ඉන්පසු මම ජීවත් වූ ගෙදරට මම ගියා, මගේ කාමරයට ගියා, එතැන දී මගේ මවගෙන් ලැබුණු ලිපියක් මට හමුවුණා. මම දෙමාපියන්ට නොකියා නිවසින් ගොස් සිටින විට පියාට අසනීප බව මා වෙත ලියන්නට නොසිතූ බව ඇය ලියා තිබුණා. "දැන් ඔහු මැරිලා, ඔබ කැමති නම් ඔබට එන්නට පුළුවන්." ඉන්පසු මම දුම්රිය ස්ථානයට යන්නට ගියා. "දුම්රිය ස්ථානය කොහේ ද?" කියා සිය වතාවක් පමණ ඇසුවා. මට හැම විටම ලැබුණ පිළිතුර වුණේ "විනාඩි පහයි." ඉන්පසු මම ගන වනාන්තරයක් දැක ඒ තුළට ගොස් එහි දී හමු වූ මිනිසෙක් ගෙන් ප්‍රශ්නය ඇසුවා. ඔහු කිව්වා: "තව පැය දෙක හමාරකින්." ඔහුත් මාත් සමග එන්නට ඇසුවා. එහෙත් මම එපා කියා තනිවම ගමන් කළා. මම මගේ ඉදිරියෙන් දුම්රිය ස්ථානය දුටුවත් ඊට ළංවෙන්නට බැරි වුණා. ඒ මොහොතේ මට සිහිනයක දී යමෙකුට ඉදිරියට යාමට නොහැකි වූ විට දැනෙන උද්වේගකාරී හැඟීම දැනුණා. පසුව මම ගෙදරට ගොස් සිටියා. ඒ අතරතුර කාලයේ දී මම ගමන් කරන්නට ඇති, නමුත් මම ඒ ගැන් කිසිවක් දැන සිටියේ නෑ. මම මුර මඩුවට ගොස් අපේ මහල් නිවාසය ගැන විමසුවා. වැඩකාරිය දොර ඇර මවත් අනෙක් අයත් දැනටමත් කනත්තට ගොස් ඇති බව පැවසුවා.[8]
ෆ්‍රොයිඩ් සිහින දෙකම කියවනුයේ අයිඩා බවර්ගේ ලිංගික ජීවිතයට අදාළ කරමින් ය — අනතුරේ තිබූ ආභරණ පෙට්ටිය යනු ඇගේ පියාට K මහතාගෙන් රැකගැනීමට නොහැකි වෙමින් තිබූ ඇගේ කන්‍යාභාවයේ සංකේතයකි,[9] ඔහු දෙවන සිහිනයේ තිබූ දුම්රිය ස්ථානය තේරුම් කරනුයේ ද සන්සන්දනීය සංකේතයක් ලෙසිනි.[10] අයිඩා (ඩෝරා) K මහතාගේ යෝජනා වලට පිළිතුරු දෙනු ලැබුවේ ආශාවක් සහිත ව යැ යි — "ඔබ K මහතාට බයක් දක්වයි; ඊටත් වඩා, ඔහුට එකඟ වීමට ඇති වන පෙළඹීම නිසා ඔබ ඔබටම බයක් දක්වයි"[11] ෆ්‍රොයිඩ් දැඩි ලෙස කියා සිටීම නිසා ඔහු ඇයව අන්දුන් කුන්දුන් කළේය. [අයිඩාට අනුව, මෙන් ම ෆ්‍රොයිඩ්ගේ විශ්වාසය අනුව, K මහතා අයිඩාට වයස 14 දී පමණ සිට ම නැවත නැවත යෝජනා ඉදිරිපත් කර ඇත. (ෆ්‍රොයිඩ්, "මායා රෝගී සිද්ධියක විශ්ලේෂණයක කොටස් ('ඩෝරා')")].
අවසානයේ දී, අයිඩා විසින් ඇගේ පියාට දක්වන ආශාව, K මහතාට දක්වන ආශාව මෙන්ම K මහත්මියට දක්වන ආශාව ද යටපත් කරගන්නා බව ෆ්‍රොයිඩ් දකියි. ෆ්‍රොයිඩ් තුළ කලකිරීමක් ඇතිකරවමින් ම ඇය හදිසියෙන් ම තම චිකිත්සාව නවතා දැමූ විට, මෙය විශ්ලේෂකයෙකු ලෙස තම අසාමර්ථ්‍යයක් ලෙස ෆ්‍රොයිඩ් දුටු අතර තමා සංක්‍රාමණය නොසැලකීමේ ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කළේ ය.[12]
වසර දෙකකට පසු, ෆ්‍රොයිඩ් හමු වීමට නැවත පැමිණි අයිඩා තමාගේ රෝග ලක්ෂණ බොහෝ දුරට මැකී ගොස් ඇති බව පැවසුවා ය; K පවුල හමුවීමට ගිය බව ද පැවසුවා ය. ඔවුන් ඇය නිවැරදි බව කියා ඇත; එහෙත් ළඟක දී සිට ඇයගේ මුහුණේ වේදනා ඇතිවන්නට පටන් ගෙන තිබිණි.[13] ෆ්‍රොයිඩ් මෙම තොරතුරු තම වර්තාවට අතුළත් කළේ ය, එහෙත් තම කාර්යය තවමත් සමස්ත ලෙස අසමත් වීමක් ලෙස දුටුවේ ය; ඉන් (බොහෝ කලකට) පසු ඔහු අයිඩා, K මහතාට වඩා K මහත්මිය කෙරෙහි දැක් වූ ඇල්ම නොසැලකීම ගැන තමාට ම දෝෂාරෝපණය කරගනිමින් අධෝ ලිපියක් ඇතුළත් කළේ ය.[14]
ෆ්‍රොයිඩ්ගේ අර්ථ නිරූපනය
[සංස්කරණය]විශ්ලේෂණය මගින්, ෆ්‍රොයිඩ් අර්ථ නිරූපනය කළේ අයිඩා ගේ මායා රෝගය (හිස්ටීරියාව) K මහත්මිය හා ඇගේ පියා අතර තිබූ සම්බන්ධය කෙරෙහි ඇගේ පැවති ඊර්ෂ්‍යාව, ඈ වෙත K මහතාගේ ලිංගික ප්‍රවේශයන් ගැන ඈ තුළ පැවති මිශ්‍ර හැඟීම් සමග එක් ව විද්‍යමාන වීමක් ලෙසිනි.[15] ෆ්‍රොයිඩ් සිද්ධියේ මුල් ප්‍රතිඵල ගැන කලකිරීමට පත් වුව ද, ඔහු එය වැදගත් ලෙස සළකනු ලැබුවේ ඉන් සංක්‍රාමණය නම් සංසිද්ධිය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වූ බැවිනි. සිද්ධියේ දී ඔහුගේ පෙනුණු අසාර්ථකවීම් වලට හේතුව ලෙස ඊට ඔහු දෝෂාරෝපණය කළේ ය.
Freud gave her the name 'Dora', and he describes in detail in The Psychopathology of Everyday Life what his unconscious motivations for choosing such a name might have been. His sister's nursemaid had to give up her real name, Rosa, when she accepted the job because Freud's sister was also named Rosa—she took the name 'Dora' instead. Thus, when Freud needed a name for someone who could not keep her real name (this time, in order to preserve his patient's anonymity), Dora was the name that occurred to him.[16]
විචාරාත්මක ප්‍රතිචාර
[සංස්කරණය]Early polarisation
[සංස්කරණය]Freud's case study was condemned in its first review as a form of mental masturbation, an immoral misuse of his medical position.[17] An English physician, Ernest Jones was led by the study to become a psychoanalyst, gaining "a deep impression of there being a man in Vienna who actually listened to every word his patients said to him...a true psychologist".[18] Carl Jung also took up the study enthusiastically.[19]
Middle years
[සංස්කරණය]By mid-century, Freud's study had gained general psychoanalytic acceptance. Otto Fenichel, for example, citing her cough as evidence of identification with Frau K and her mutism as a reaction to the loss of Herr K.[20] Jacques Lacan singled out for technical praise Freud's stressing of Dora's implication in "the great disorder of her father's world ... she was in fact the mainspring of it".[21]
Erik Erikson, however, took issue with Freud's claim that Dora must necessarily have responded positively at some level to Herr K's advances: "I wonder how many of us can follow without protest today Freud's assertion that a healthy young girl would, under such circumstances, have considered Herr K's advances 'neither tactless nor offensive'."[22]
Feminist and later criticisms
[සංස්කරණය]Second-wave feminism would develop Erikson's point with a vengeance, as part of a wider assault of Freud and psychoanalysis. Freud's comment that "This was surely just the situation to call up distinct feelings of sexual excitement in a girl of fourteen", in reference to Dora being kissed by a "young man of prepossessing appearance",[23] was seen as revealing a crass insensitivity to the realities of adolescent female sexuality.
Toril Moi was speaking for many when she accused Freud of phallocentrism, and his study of being a 'Representation of Patriarchy';[24] while Hélène Cixous would see Dora as a symbol of "silent revolt against male power over women's bodies and women's language...a resistant heroine".[25] (Catherine Clément however would argue that as a mute hysteric, in flight from therapy, Dora was surely far less of a feminist role model than the independent career woman Anna O.).[26]
Even those sympathetic to Freud would take issue with his inquisitorial approach, Janet Malcolm describing him as "more like a police inspector interrogating a suspect than like a doctor helping a patient".[27] Peter Gay too would question Freud's "insistent tone...The rage to cure was upon him";[28] and conclude that not only the transference but also his own countertransference needed more attention from Freud, at this early stage of development of psychoanalytic technique.[29]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ පීටර් ගේ, ෆ්‍රොයිඩ්: අ ලයිෆ් ෆො අවර් ටයිම් (1989) පිටු. 246
- ^ ගේ, පිටු. 153
- ^ ගේ, පිටු. 247–8
- ^ ගේ, පිටු. 248–90
- ^ ගේ, පිටු. 251–2
- ^ ගේ, පිටු. 247
- ^ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, මායා රෝගී සිද්ධියක විශ්ලේෂණයක කොටස් (1905 [1901], සම්මත සංස්කරණය වෙළුම VII, පිටු. 64.
- ^ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, මායා රෝගී සිද්ධියක විශ්ලේෂණයක කොටස් (1905 [1901], සම්මත සංස්කරණය වෙළුම VII, පිටු. 94.
- ^ ගේ, පිටු. 251
- ^ ජැනට් මැල්කම්, Psychoanalysis: The Impossible Profession (මනෝවිශ්ලේෂණය: අශක්‍ය වෘත්තිය - 1988) පිටු. 96
- ^ ගේ උපුටා දක්වා ඇත, පිටු. 251
- ^ මැල්කම්, පිටු. 93-4
- ^ ගේ, පිටු. 252
- ^ ජැක් ලැකොන්, Écrits: A Selection (එක්‍රී: අ' සිලෙක්ෂන් - 1997) පිටු. 92
- ^ Akavia, Naamah (2005). "Hysteria, identification, and the Family: A Rereading of Freud's Dora Case". American Imago. 62 (2): 193–216. doi:10.1353/aim.2005.0021.
{{cite journal}}
: Cite has empty unknown parameter:|month=
(help) - ^ Sigmund Freud, The Psychopathology of Everyday Life, Standard Edition, Vol. VI, pp. 240-41.
- ^ Ernest Jones, The Life and Work of Sigmund Freud (1961) p. 383
- ^ Quoted in Gay, p. 184
- ^ Gay, p. 199
- ^ Otto Fenichel, The Psychoanalytic Theory of Neurosis (1946) pp. 221-4.
- ^ Lacan, p. 236.
- ^ Quoted in Gay, p. 686.
- ^ Sigmund Freud, Fragment of an Analysis of a Case of Hysteria, Standard Edition, Vol. VII, p. 28.
- ^ Gay, p. 761
- ^ Quoted in L. Appiganesi/J. Forrester, Freud's Women (2004) p. 46
- ^ S. L. Gilman, Hysteria Beyond Freud (1993) p. 332-3
- ^ Malcolm, p. 73
- ^ Gay, pp. 251 and p. 255
- ^ Gay, pp. 253–4