සිද්ධි අධ්‍යයනය

විකිපීඩියා වෙතින්

සිද්ධි අධ්‍යයනය යනු කුමක්ද?[සංස්කරණය]

සිද්ධි අධ්‍යයනය යනු පර්යේෂණ ක්‍රමයකි. මෙහිදී යම් සිද්ධියක් ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර විවිධ නිගමන වලට එලඹීම සිදුකරයි. මෙය අප ජීවත්වන පරිසරයේ එක් එක් ස්ථාන වලින් උපුටා ගන්නා ලද විසඳුමක් ඉදිරිපත් නොකරන ලද සිද්ධි කොටසක් සම්බන්ධව පවතින යම් යම් ගැටළු වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීමේ ක්‍රියාවලියකි. වෙනත් අයුරකින් සඳහන් කළහොත් යම් ගැටළුවකට හෝ ගැටළු කිහිපයකට විසඳුම් ගැනීමේ ක්‍රියාවලියකි.

සිද්ධි අධ්‍යයනය, අධ්‍යයනය කරන්නේ කෙසේද?[සංස්කරණය]

මේ සඳහා සම්මත යැයි ප්‍රකාශිත ක්‍රමයක් නැත. නමුත් පිළිගත් ක්‍රම රාශියක් ඇති බව විවිධ පොත පත පරිශීලනයේදී දැකගත හැක. පහත දැක්වෙන්නේ සිද්ධි අධ්‍යනය සඳහා පොදුවේ අනුගමනය කළහැකි පියවර කිහිපයකි. James සහ A.Erskine නම් කතුවරුන් ගේ Teaching with Cases නම් ග්‍රන්ථයට අනුව සිද්ධි අධ්‍යනය සඳහා යොදාගත හැකි ක්‍රම අටක් දක්වා ඇත.

  1. ගැටලුව කුමක් ද ?
  2. අදාල තොරතුරු මොනවා ද ?
  3. විකල්ප තොරතුරු මොනවා ද?
  4. තීරණ ගැනීමේ නිර්ණායක මොනවා ද?
  5. ඉතාම සුදුසු තීරණය කුමක් ද ?
  6. ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම කුමක් ද?
  7. ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද, කිනම් වෙලාවක ද?
  8. පුර්ණ ඇගයීම කුමක් ද?

ආදී ලෙසය.

ගැටලුව විශ්ලේෂණය කිරීම[සංස්කරණය]

සිද්ධි අධ්‍යනයකදී ගැටළුවක් විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය වන අතර එහිදී අපේක්ෂකයෙකු සතු විශ්ලේෂණ හැකියාව වැඩි නම් වඩාත් තර්කානුකුල පිළිතුරු සැපයිය හැකිය. මෙම විශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රධාන අදියර 4 ක් යටතේ විස්තර කල හැකිය.

  1. ගැටලුව කියවීම = ප්‍රශ්නය හදුනාගැනීම
  2. ගැටලුවේ තත්වය =ප්‍රශ්නයේ වර්තමාන ස්වභාවය
  3. කාලය අවබෝධ කරගැනීම = ප්‍රශ්නයට ඇති කාලය
  4. ස්ථානගත අවබෝධය = ප්‍රශ්නය සිදුවු ස්ථානය
  5. වර්තමාන ස්වරුපය = දැනට පවතින තත්වය
  6. විසඳුම් සෙවිය යුතු චරිතය = විදීමට ඇමතිය යුතු අය

'ගැටඵවක් විශ්ලේශනය කිරීම සදහා පහත ක්‍රමෙව්ද අනුගමනය කළ හැක'විශාල පෙළ. 1.අදාල පාර්ශවයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. 2.සිද්ධියට මුල්වූ පසුබිම අවබෝධ කර ගැනීමට සියළුම පාර්ශවයන් සමග සාකච්ඡා පැපැත්වීම. 3.අදාල තොරතුරැ පමණක් වෙන්කර ගැනීම. 4.මෙම තොරතුරැ අැසුරින් නිගමන ලබා ගැනීම.

අවස්ථාබද්ධ විගණනය (Situational Audit)[සංස්කරණය]

මෙය ප්‍රධාන අදියර තුනක් යටතේ සාකච්ජා කලහැකිය. එක් එක් අදියර යටතේ වෙන වෙනම විගණනය කිරීම මගින් පවතින සාධක පිලිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිය. උපායක්‍රමික කළමනාකරණය (Strategic Management) හිදී සාකච්ජා කරන ස්වොට් (SWOT) විශ්ලේෂණය සඳහන් කරන Strength (ශක්තීන්), Weakness (දුර්වලතා), Opportunities (අවස්ථා) සහ Threats (තර්ජන) පිළිබඳ වෙනම අධ්‍යනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

අභ්‍යන්තර විගණනය (Internal Audit)[සංස්කරණය]

මෙහිදී අප හෝ අප ආයතන සතු අභ්‍යන්තර ශක්තීන් (Strength) සහ දුර්වලතා (Weakness) මනාව හඳුනා ගත යුතුයි. සාමාන්‍යයෙන් අප සතු ශක්තීන් ඉහල මට්ටමක පවතියි නම් අප ගන්නා තීරණය පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි එකක් විය හැකියි. ආයතන සතු මුල්‍යය, කළමනාකාරීත්වය, තාක්ෂණික, සම්පත් (භෞතික සහ මානව) පිලිබඳ නැවත නැවතත් අධ්‍යනය කරමින් ගැටලුව පුරා දිවෙන සියලුම ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීම ඉතාම වැදගත්ය.

බාහිර විගණනය (External Audit)[සංස්කරණය]

මේ යටතේ තමන්ට තිබෙන අවස්ථාවන් සහ බාහිර තර්ජන පිලිබඳ විග්‍රහ කල යුතුයි. මෙමගින් අප හට අපගේ බාහිර සමාජය මගින් විසඳුමක් දීම සඳහා තිබෙන උපකාරය නොහොත් අවස්ථාවන් (Opportunities) සහ ඒ සඳහා තිබෙන සෘණාත්මක බලවේග හෙවත් තර්ජන (Threats) පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

උපායමාර්ගික විගණනය (Strategic Audit)[සංස්කරණය]

ආයතනයක් පවතින තත්වයේ සිට ඊට ඉහල වූ තත්වයක් කර ගමන් කරවීම සඳහා තීරණ ගැනීම උපායමාර්ගික විගණනයයි. බොහෝ සිද්ධි අධ්‍යයනයන්හිදී මෙම තත්වය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සිදුවේ.

පිළිතුරක් ඉදිරිපත් කිරීමේ දී සිදු කලයුතු පරීක්ෂණ[සංස්කරණය]

සිද්ධි අධ්‍යනය මගින් පිළිතුරක් ඉදිරිපත් කිරීමේ දී, නිවැරදි ව තුන්කල් මැන තම සමාජයීය සහ පාරිසරික තත්ත්ව පිලිබඳ මනා සැලකිල්ලකින් යුතුව කටයුතු කල යුතුවෙයි. තවද, ලබාදෙන විසඳුම කොතෙක් දුරට අවදානම් ද, තම සංවිධානයේ හෝ ආයතනයේ අරමුණු සමග කොතෙක් දුරට එකඟ ද, ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකිද සහ අදාල බලතල යටතේ ක්‍රියාත්මක කල හැකිද යන්න සලකා බැලිය යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධි_අධ්‍යයනය&oldid=470328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි