ඩී. ආර්. විජේවර්ධන
Appearance
දොන් රිචඩ් විජේවර්ධන | |
---|---|
උපත | දොන් රිචඩ් විජේවර්ධන 23 පෙබරවාරි 1886 |
මියගිය දිනය | 13 June 1950 | (වයස 64)
ජාතිකත්වය | ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස කෙම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය |
රැකියාව | ව්‍යාපාරික, ව්‍යවසායක |
ප්‍රසිද්ධව ඇත්තේ | ලේක්හවුස් |
කලත්‍රයා(යන්) | ඇලිස් මීදෙණිය |
දරුවන් | පුතුන් දෙදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු |
දෙමව්පියන්(s) | දොන් ෆිලිප් විජේවර්ධන (පියා) හෙලේනා වීරසිංහ (මව) |
ආගම | ථේරවාද බෞද්ධ |
තුඩුගලගේ දොන් රිචඩ් විජේවර්ධන (23 පෙබරවාරි 1886 – 13 ජූනි 1950) යනු ශ්‍රී ලාංකික ප්‍රවෘත්තිකාර වංශාධිපතියෙකු සහ ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ මුල්පෙල ගෙන කටයුතු කල පුද්ගලයෙකු වේ.
දිවිය
[සංස්කරණය]තුඩුගල තෙන්නකෝන් පරපුර යනු ලංකාවේ දැනට ඉතිරි රජපවුල් අතුරින් ලේඛනගත ඉතිහාසයක් පවතින එකම පරපුරයි. කළුතර තුඩුගල ග්‍රාමයේ විසූ සොලී රජපවුල වූ ඔවුනගෙන් පැවතෙන තුඩුගලගේ පවුලට අයත් දොන් පිලිප් විජේවර්ධන මුදලි තුමා ගේ පුතෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා සේදවත්තේ වලව්වේ දී උපත ලැබුවේය.