තුඩුගල තෙන්නකෝන් පරපුර

විකිපීඩියා වෙතින්

ආරම්භය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ශේෂ ප්‍රභලතම රාජ රුධිරය සහිත පෙළපත.(කෝට්ටේ රජවරුන්ගේ පරම්පරා තෝම්බුවේ පුරුක්-තුඩුගල විසිදාගම වස්කඩුව පොතුපිටිය බණ්ඩාරවලිය )

කෝන් වරුන්ගේ ඉතිහාසය කෝට්ටේ යුගයේ මුල් භාගය දක්වා ඈතට දිවෙන අතර කෝන් යන්න ප්‍රධානියා යන්න මලයාලම් බසින් යෙදූ වචනයක් බව විද්වත් මතයයි. කෝට්ටේ සමයේ දී ඉන්දියාවේ සිට මෙරට රජ කරවන්නට සුදුසු කුමරෙකු ගෙන්වා ගත්තේ සොලී රටෙනි. නමුත් ඔහු රජ බව නොලද අතර ඔහුගේ පරපුර කළුතර ප්‍රදේශය නින්දගම් ලද බව කියැවේ. මෙම පරපුර පසු කාලයේදී තුඩුගල රජ පරපුර නමින් ප්‍රකට වූ අතර තෙන්නකෝන් බණ්ඩාරවලිය ලෙසත් තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය ලෙසත් පිළිගන්නේ මෙම පරපුරයි. කළුතර දිස්ත්‍රික්කයේ පස්‍යොදුනේ සහ රයිගම් නින්දගම් ලත් මුල්ම තැනැත්තා තින්තාඩු මුඩිත්ත තෙන්නකෝන් පෙරුමාල් බව ඉතිහාසයේ සඳහන් වේ. බණ්ඩාරවලිය ට අනුව දෙවුන්දර දේවාලයේ නිත්‍ය භාරකාරීත්වය ලද බවද කියැවේ.ඔහු හය වන පරාක්‍රමබාහු රජුගේ මස්සිනා බව කියැවෙන අතර කෝට්ටේ චිත්‍රකූඨ මළුවේදී එම පරපුර ට භුක්තිදක්වා ලෙසින් තුඩුගල විසිදාගම ගම් පිරිනැමූ බව සඳහන්වේ.

- තෙන්නකෝන් තින්නඩු මුඩිත්තන පෙරුමාල් කතා පුවත -

(තුඩුගල ධම්මජෝති හිමියන්ගේ තුඩුගල සහ විසිදාගම පැවති බණ්ඩාරවලිය/ තුඩුගල වීදාගම පේවති බණ්ඩාරවලිය - කොළඹ කෞතුකාගාර පුස්කොළ පොත් අංක 2023,2024)

”කෝට්ටේ නුවර රජ පැමිණි මහ රාජෝත්තමයාණන් වහන්සේගේ ඇවෑමෙන් රාජ්‍යයට නිසි කුමාරකෙනෙකු නැති නිසා ඒ වේලාවට සොළී රට රජ කරන සොළී මහා රාජෝත්තමයන් වහන්සේගේ බෑනා වන කුමාර කෙනෙකු ඇති බව සමහර මන්ත්‍රීවරු දන්නා නිසා රහසට බෑනාවන කුමාරයා කෝට්ටේ නුවර රජකමට එවන හැටියට සොළී මහා රාජෝත්තමයන් වහන්සේට හසුන් ඇරිය තැනේදි ඒ මහා රාජෝත්තමයන් වහන්සේ විසින් එව්ව බෑනා වන කුමාරයා නැවු නැග මුහුදෙන් එන වේලාවට අලකේශ්වර මන්ත්‍රීකියන අමත්‍යයානෝ අල්ලස් දෙමින් රජ පැමිනි නිසා ඇමැතිවරු ඒ කුමාරයා කොළඹට ගොඩ නොබස්වා මුන්නේස්සරමට ගොඩ බස්සා මායාදුනු කෝරළයට කැඳවාගෙණ ගොස් අපි ඉල්ලූවිටක දෙන හැටියට රුකුළ මහතෙරුන්ට රහසින් පරිස්සම කරන හැටියට භාරදුන්හ.ඒ නායක තෙරුන්වහන්සේ රහසින් කුමාරයා රුකුලවත්තේ පරෙස්සං කරන වේලාවට-කෝට්ටේනුවර රජ පැමිනි අලකේශ්වර මන්ත්‍රින් රයිගම් නුවරදී නැතිකර දමා රුකුලවත්තේ වැඩ සිටිය කුමාරයා වැඩමවා ගෙණ කෝට්ටේ නුවර රජ පමුණුවා ”රුකුල පරාක්‍රමබාහු මහා රාජෝත්තමයා” යන නමින් ප්‍රසිඬව රාජ්‍යශ්‍රියාව කරවදාරණ ප්‍රසතාවට සොළී රට රජ කල මාමා වන මහරාජෝත්තමයන්ගේ ඇවෑමෙන් මස්සිනාවන කුමාරයා රජපැමිණ ”තෙන්නකෝන් තින්නඩුමුඩිත්තන පෙරුමාල්” කියා ඔටුණු දරා රජකරන ප්‍රස්තවාට මෙම සොළී රටට යුද්ධය මරාටි රජ්ජුරුවෝ පැමිණ....ජයගන්ඩ බැරි නිසා නැවු නැගී කොළඹ තොටට ගොඩබසින්ට එන බව ශ්‍රී ලංකේශ්වර වූ උතුම් රුකුල පරාක්‍රමබාහු රජුට සැලකරවූ තැනේදී ඊට බොහෝසේ කරුණා සන්තෝශ වී...... විසිදාගම,තුඩුගල,මඩුගම,හේනේගම පරවෙනි හැටියට ලැබී.....පස්යොදුන් කෝරළයත් පාඩාගල යන ගමට සතර මාඉම් ඇතුව අවුරුද්දකට ”දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ දේව මන්දිරයට” පඬුරු පණම් දහසයක් දෙමින් මෙම තෙන්නකොන් තින්නඩු මුඩිත්තන පෙරුමාළුන්ගේ දරුමුණුබුරු පරම්පරාවට භුක්තිවිඳිනා හැටියට ජයවර්ධන කෝට්ටේ නුවර චිත්‍රකූට මණ්ඩපයේදී සන්නස් වික්‍රමසිංහ සේනාධිපතීන් ඇතුළුව බොහෝ මුදලිවරුන් මධ්‍යයෙහිදී ශ්‍රී සන්නස සමග වෙනත් බොහෝ තානාන්තරවල් දෙවා වදාළහ."




වස්කඩුව පාලනයට ක්‍රි.ව.1660 දී පමණ මුඩිත්ත පෙරුමාලයන්ගේ මී මුණුබුරු කෙනෙකු (තුඩුගලගේ දොන් ජුවාන් පෙරේරා පෙරුමාල්) පැමිණි අතර පසු කාලයේ දී පනාපිටිය මල් අස්නේ ගමේ විසූ එම තැනැත්තා ගේ එකම දියණිය (තුඩුගලගේ දෝන ලුසියා පෙරුමාල්-දෝන ලෙක්ස්-ධර්මසේන සොහොන් භූමියේ ශිලා ඵලක[විපත 1771]) යකුන්දූවේ බණ්ඩාරවලිය ට අයත් යකුන්දූවේ හිටිරාළලාගේ දොන් ගිමාරිස් පෙරේරා ධර්මසේන තෝම්බු විදානේ නොහොත් ධර්මරාළ ධර්මසේන සොහොන් භූමියේ ශිලා ඵලක [විපත 1767]-පෙරිය ධර්මසේන මුදියන්සේ සමඟ විවාහ පත් වූ බව වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ වර්ශකණ්ඩරාෂ්ට්‍රය කෘතියේ සඳහන් වේ.

තුඩුගලගේ දොන් ජුවාන් පෙරේරා ගේ දොන් සයිමන් නැමති පුතුගේ පරිවාරය පැහැදිලි සේයාවන් ඇතිව ඉදිරියට පැවත ආ අතර රේන්ද කර්මාන්තයේ ප්‍රබලයෝ වූ සේදවත්තේ වලව්වේ දොන් පිලිප් ජුවාන් හයවෙනි මුණුබුරු පරම්පරාවට අයත් වේ. දොන් පිලිප්ගේ පියා කළුතර පනාපිටිය ග්‍රාමයේ ඉඩම් හිමි වැවිලි කරුවෙකු වූ අතර කුරුඳු වගාවේ පරතෙර්ට පත්වූවෙකු විය.

19 - 20 සියවස[සංස්කරණය]

තුඩුගලගේ පරපුර බෞතීස්ම ලබා පසු කාලේ තුඩුගලගේ දොන් තෙන්නකෝන් සේනාරත්න ලෙසින් පැවත ආ අතර පවුල් සංස්ථා බෙදී යෑම මත විශාල පවුල් ගසක ස්වාභාවයක් ගත්තේය. ඉන් එක් ප්‍රභල පවුල් ගස විජේවර්ධන නම්බුනාම ලත් සේදවත්තේ වලව්වේ පිරිසයි. සේනාරත්න නම්බුනාම ලත් පිරිස පනාපිටිය වලව්වේය. දොන් ජුවාන් රාළහාමිගේ වැඩිමල් දියණියගේ පාර්ශවය යකුන්දූවේ හිටිරාළලාගේ නාමයෙන් හිටිගේ මැස්ටියගේ උණම්බුවේ කඩුකෝන් ආදී නාම රැසකින් ව්‍යාප්ත වූ අතර වස්කඩු බද්දේ පට්ටිකාරවාසල වලව්වේ මූලස්ථානය කරගත් යකුන්දූවේ හිටිරාළලාගේ පරපුර ක්‍රි.ව.1850දී කාලයේ දී අවසන් වී ගොස් සුසෙව්හේවගේ පරපුර බලවත් විය.තුඩුගල පරපුරේ මෑත කාලීන සුවිශාල නැගීම සිදුවූ වේ සේදවත්තේ වලව්වේ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන කුමරුන්ගේ සමයේ දීය.ලංකාවේ ධන කුවේර්‍යන් අතර මුල් ස්ථානයට පත් ඔහු සතු ඉඩම් අක්කර ගනන දෙවනි වූවේ හෙන්‍රි සොය්සා මහතාගේත් මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක මුදලි තුමාගේ ඉඩම් ප්‍රමාණයට පමණි. පිලිප් කුමරුගේ වත්කම නිසාවෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහුට ශ්‍රී විජයවර්ධන ගරු නම්බු සහිත කෝරළේ මුදලි තානාන්තරයක් පිදූහ.එසේම කෝට්ටේ පරම්පරා තෝම්බුවට අයත් තම පරපුරේ අතීත ශ්‍රී විභූතිය කැළණි විහාරයේ උරුමය සනිටුහන් කරමින් එහි ඉපැරැණි සිරියාව ගෙන ඒමට විශාල කැපවීමක් සිදු කළේය. පිළිප් ගේ කාලාත්‍රයා වූ වෑවගේ දෝන හෙලේනා විජේවර්ධන ළමාතැනී බොදු ඉතිහාසයේ නොමැකෙන සළකුණු තැබු අයෙකි. දොන් රිචඩ් විජේවර්ධන මැතිතුමාගේ ලේඛහවුස් මන්දිරය වර්ථනාමය දක්වාම ලංකාවේ පත්තර මහගෙදර යි.ලංකාවේ පලමු විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දොන් පිලිප් මුදලි තුමා ගේ මුණුබුරු කෙනෙකු වන අතර බොහෝ සමයක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරමින් 2022 වසරේ ලංකාවේ විධායක ජනපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මැතිඳු දොන් පිලිප් මුදලි තුමා ගේ මීමුණුබුරු කෙනෙකු වේ.

දොන් තෙලේනිස් රාළහාමි[සංස්කරණය]

කළුතර දිස්ත්‍රික්කයේ කලපුගම සිටි විදානේ වරයෙක් වූ එතුමා කොහු කර්මාන්තය හරහා යම් දියුණුවක් ලබා සිටි පුද්ගලයෙකි.

දොන් පිලිප් මුදලිතුමා සහ දෝන හෙලේනා විජේවර්ධන ළමාතැනී[සංස්කරණය]

තුඩුගල පරපුරේ මෑත කාලයේ නැගීම සිදුවූවේ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධන මුදලිතුමා නිසාවෙනි.කැලණියේ වත්මන් නවෝදය අරම්භ වන්නේ 1888 දීය. ඒ හෙලේනා විජයවර්ධන ළමාතැනිගේ ප්‍රධානත්වයෙන් සිදුකළ කැලණි විහාරය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගිනි. මෙම විජයවර්ධන පරපුර හා බැඳුණු තවත් පරම්පරා කිහිපයක් තිබේ. ඒ සේනානායක, ජයවර්ධන, ආටිගල, මීදෙණිය, දුනුවිල, වැනි මෙරට වැදගත් පරපුර කිහිපයකි. කැලණියට ඉතා සමීපකමක් ඇති මෙම පවුල් පරපුරේ එකිනෙකාගේ බැඳීම් ඇතිවූ ආකාරය පිළිබඳව රසවත් කතාවක් තිබේ. ගොවිගම කුලයේ ධනවතුන් අතර සිටි ප්‍රධාන පෙළේ ධනවතකු බවට පත්ව සිටි ඩී.සී.ජී. ආටිගලයන්ගේ දියණියන් තිදෙනාගේ විවාහවලින් මෙම පරපුර කිහිපයේ සබඳතාව බිහිවෙයි. ලොකු දුව ඇලිස් විවාහ වූයේ ජෝන් කොතලාවලයන්ගේ පියා වූ ජේ.එම්. කොතලාවල සමගය. දෙවන දුව ලීනා විවාහ වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පියාගේ සහෝදරයා වූ ටී.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. බාල දියණිය වූ ඇලන් ආටිගල විවාහ වූයේ අගමැති ඩී.එස්. සේනානායකයන්ගේ සහෝදරයා වූ එෆ්.අාර්. සේනානායක සමගය. ඊට අමතරව තවත් ධනවත් හා බලවත් පවුලක් වූ දොන් පිලිප් විජේවර්ධනයන්ගේ දියණිය වූ ඇග්නස් විජේවර්ධන හා විවාහ වූයේ ජනාධිපති ජේ.ආර්.ගේ පියා වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමගය.   


දොන් පිලිප් විජේවර්ධනගේ පුතා වූ ඩී.ආර්. විජේවර්ධන උඩරට ප්‍රමුඛ පවුලක් වූ ජේ.එම්. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ රූබි මීදෙණිය සමගද, එෆ්.ආර්. සේනානායකගේ සහෝදරයන් දෙදෙනකු වූ ඩී.එස්. සේනානායක හා ඩී.සී. සේනානායක උඩරට පවුලකට අයත් ආර්.එම්. දුනුවිලගේ දියණියන් දෙදෙනා සමගද විවාහවූහ.   


සල්පිටිගම් කෝරළයේ උපන් දොන් චාල්ස් මොරිස් ආටිගල (1834 - 1901) කෝපි වගාවෙන්, මිනිරන් කර්මාන්තයෙන් හා අරක්කු වෙළෙඳාමෙන් ධනවත් වූ අයෙකි. එදා සේවකයින් 2500 ක් පමණ සේවය කළ කහටගහ මිනිරන් පතල් සමූහයේ හිමිකරුවා වූයේද ඔහුය. දොන් ස්ටෙපර් සේනානායක හා පිටිගම් කෝරලයේ බෝතලේ ගමේ උපත ලැබුවෙකි.


ඔහුට අඹේපුස්ස, මීරිගම හා පුස්සහේව යන ස්ථානවල මිනිරන් පතල් හා අඹේපුස්ස මිනිරන් පතලේ පමණක් කම්කරුවෝ තුන්දහසක් (3000) සේවය කළහ.   

මීගමුව, ගිරිඋල්ල හා පස්යාල ප්‍රදේශවල අරක්කු රේන්ද අයත්ව තිබුණේද ඔහුටය. අගමැති ඩී.එස්. සේනානායක මහතා ඇතුළු පුතුන් පස්දෙනෙකුගේ පියා වූ ඔහු මිනිරන් කර්මාන්තය සඳහා අතගැසුවේ වයස අවුරුදු 18 දීය.   

ග්‍රෑන්ඩ්පාස්හි සේදවත්තේ දොන් පිලිප් විජයවර්ධන, ලීමෝල් හා දැව හා ගඩොල් සැපයුම්කරුවෙකුද විය. ඔහුගේ ලී මෝල කැලණි ගඟ අසල පිහිටි තිබු අතර ඒ යුගයේ කොළඹ නගරයේ ඇතිවී තිබු ඉදිකිරීම් සංවර්ධනයත් සමග ඔහු ඉතා ධනවතකු බවට පත්විය. ඉතාම ධනවත් හා කුලවත් පරපුරකින් ඔහු විවාහය සිදුකරගත් අතර ඒ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ ආර්නෝලිස් ඩෙෆ්ගේ දියණිය වූ හෙලේනා ඩෙප් සමගය. පිලිප් විජයවර්ධන සමග වූ විවාහයෙන් පසුව හෙලේනා ඩෙප් හෙලේනා විජයවර්ධන නම් වන්නීය.   

ඔවුන් යුවලට දාව දරුවන් හත්දෙනෙකු වූ අතර ඉන් දෙදෙනෙක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් වූහ. රිචඩ් විජයවර්ධන නීති උපාධිධාරීයකුවූ අතර එඩ්වඩ් විජයවර්ධන වෛද්‍ය උපාධිධරයෙකු විය. රිචඩ් හෙවත් ඩී.ආර්. විජයවර්ධන අග්නිදිග අාසියාවේ විශාලතම පුවත්පත් සමාගම බවට පත්වූ ලේක්හවුස් හි නිර්මාතෘවරයාය. ඩී.ආර්. විජයවර්ධන මීදෙණිය අදිකාරම්ගේ දෙවැනි දුව රූබි මෙනෙවිය සමග විවාහවන විට වැඩිමහල් දියණිය විවාහවූයේ පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකු වූ ​ෆ්‍රැන්සිස් මොලමුරේ සමගය.


හේලේනා හා පිලිප් යුවළගේ බාල දියණිය අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ආතර් සෙනෙවිරත්න සමග විවාහ වූ අතර වැඩිමහල් දියණිය වූ ඇග්නස් විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන සමගය. (ජේ.ආර්.ගේ පියා) ඩී.


ඩී.ආර්. විජයවර්ධන මහතාගේ දියණියක් වූ නාලනී විජයවර්ධන විවාහ වූයේ අධිනීතිඥයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ සමගය. රනිල් වික්‍රමසිංහ මහතා එම දෙපළගේ පුත්‍රයායි.   

මෙම පරපුරට දේශපාලනයට සබඳතා පවත්වන්නේ ජයවර්ධන පරපුරිනි. ජේ.ආර්.ගේ පියා වූ ඊ.ඩබ්ලිව් ජයවර්ධනයේ සහෝදරයා වූ හෙක්ටර් ජයවර්ධන වඩාත්ම කැපී පෙනෙන දේශපාලනඥයා විය.   


උගත් ලංකික නියෝජිතයා තෝරාගැනීම සඳහා පැවැති තරඟයේදී ‘‘කරාව’’ නියෝජිතයා පරාජය කිරීම සඳහා යොදාගත් රාමනාදන් තුරුම්පුවේ නිර්මාතෘවරයා වූයේ හෙක්ටර්ය. ඉන්දියාවේ විශ්‍රාම


දොන් රිචඩ් විජේවර්ධන මැතිතුමා[සංස්කරණය]

ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයෙකු වන රංජිත් විජයවර්ධන මහතා විවාහවූයේ ඩී.එස්. සේනානායකගේ පුත්‍රයා වන රොබට් සේනානායක මහතාගේ දියණිය වූ රන්ජනී සේනානායක සමග වූ අතර එම විවාහය ජයවර්ධන හා කොතලාවල පවුල් එකට ඒකරාශී කළ වැදගත් පුරුකක් විය.   

ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා[සංස්කරණය]

රනිල් වික්‍රමසිංහ මැතිතුමා[සංස්කරණය]