ජේ. ජේ. ඒබ්‍රම්ස්

විකිපීඩියා වෙතින්
ජේ. ජේ. ඒබ්‍රම්ස්
උපත
ජෙෆ්රි ජේකබ් ඒබ්‍රම්ස්

ජුනි 27, 1966 (1966-06-27) (වයස 57)
නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, එ.ජ.
අධ්‍යාපනයපැලසේඩ්ස් චාටර් උසස් පාසැල
උගත් ශාස්ත්‍රාලයසාරා ලෝරන්ස් ශාස්ත්‍රාලය
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, තිර-රචකයා, නිබන්ධකයා
සක්‍රීය වසර1982–වර්තමානය
උපන් නගරයලොස් ඇන්ජලීස්, කැල්ෆෝර්නියා, එ.ජ.
කලත්‍රයා(යන්)
කේටී මැක්ග්‍රාත්
(m. 1996)
දරුවන්3
දෙමව්පියන්(s)ජෙරල්ඩ් ඩබ්. ඒබ්‍රම්ස්
කැරල් ඈන් කෙල්වින්

ජෙෆ්රි ජේකබ් ඒබ්‍රම්ස් (උපත ජූනි 27, 1966) යනු ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර-රචකයෙක්, නළුවෙක්, සහ නිබන්ධකයෙකි. මොහු අභිනය, නාටකය, සහ විද්‍යා ප්‍රබන්ධ යන ප්‍රභේදයන් හා බැඳි කෘතීන් සඳහා ප්‍රසිද්ධය . රිගාඩිං හෙන්රි (1991), ෆොඑවර් යං (1992), ආමේගෙඩ්න් (1998), ක්ලෝවර්ෆීල්ඩ් (2008), සහ ස්ටාර් වෝර්ස්: ද ෆෝර්ස් අවේකන්ස් (2015) වැනි වෘත්තාන්ත චිත්‍රපට රචනය හෝ නිෂ්පාදනය හෝ ඒබ්‍රම්ස් විසින් සිදුකෙරිණි.

ෆෙලිසිටි (සම-නිර්මාතෘ, 1998–2003), ඒලියස් (නිර්මාතෘ, 2001–2006), ලොස්ට් (සම-නිර්මාතෘ, 2004–2010), සහ ෆ්‍රින්ජ් (සම-නිර්මාතෘ, 2008–2013) සහ වෙනත් බොහෝ රූපවාහිනී කතාමාලා ඒබ්‍රම්ස් විසින් නිර්මාණය කෙරිණි. ලොස්ට් සඳහා ඔහු එමී සම්මාන දෙකක් හිමි කර ගති — නාටක කතා මාලාවක් සඳහා කැපීපෙනෙන අධ්‍යක්ෂණය සහ කැපීපෙනෙන නාටක කතා මාලාව.

මිෂන්: ඉම්පොසිබල් III (2006), ස්ටාර් ට්‍රෙක් (2009) සහ එහි අනුගාමී කෘතිය ස්ටාර් ට්‍රෙක් ඉන්ටු ඩාක්නස් (2013), සහ සුපර් එයිට් (2011) යන්නන් ඔහුගේ අධ්‍යක්ෂණ කෘතීන් අතර වෙති. ස්ටාර් වෝර්ස් අනුගාමී ත්‍රිත්වයෙහි පළමුවන චිත්‍රපටය සහ ඔහුගේ අධිකතම-ආදායම-උපැයූ චිත්‍රපටය මෙන්ම සමස්ත කාලීන තුන්වන අධිකතම-ආදායම උපැයූ චිත්‍රපටයදවූ ස්ටාර් වෝර්ස්: ද ෆෝර්ස් අවේකන්ස් (2015) චිත්‍රපටය, ඔහු විසින් අධ්‍යක්ෂණය සහ සම-රචනය සිදුකෙරිණි. කතාංගය IX සම-රචනය සහ අධ්‍යක්ෂණය කිරීමෙන් ඔහු යළිත් ස්ටාර් වෝර්ස් වෙත ආගමනය වනු ඇත. [1]

නිෂ්පාදක බ්‍රයන් බර්ක්, ග්‍රෙග් ග්‍රැන්බර්ග් සහ සයිමන් පෙග් යන නළුවන්, ඇලෙක්ස් කර්ට්ස්මන් සහ රොබෙර්ටෝ ඕර්සී යන රචකයන්, නිබන්ධක මයිකල් ජියකීනෝ , ඩැනියෙල් මින්ඩ්ල් සහ ලැරී ෆොංග් යන සිනමායාන්ත්‍රිකයන්, සහ මේරියන් බ්‍රැන්ඩන් සහ මේරි ජෝ මාර්කී යන සංස්කාරකවරුන් ඒබ්‍රම්ස්ගේ නිතොර සහයෝගකරුවෝ වූහ.

මුල් දිවිය[සංස්කරණය]

රූපවාහිනී නිෂ්පාදක ජෙරල්ඩ් ඩබ්. ඒබ්‍රම්ස් (උපත 1939) සහ විධායක නිෂ්පාදක කැරල් ඈන් ඒබ්‍රම්ස් (විවාහයට පෙර කෙල්වින්; 1942–2012) යුවලට පුතු ලෙසින් නිව්යෝර්ක් නගරයෙහි ඒබ්‍රම්ස් උපන් අතර ලොස් ඇන්ජලීස් හී ඇතිදැඩි විය.[2] තිර-රචක ට්‍රේසි රොසෙන් ඔහුගේ සහෝදරිය වූවාය.[2] පැලසේඩ්ස් උසස් පාසැල වෙතින් ඔහු උගැනුම ලැබීය. උසස් පාසැල වෙතින් සමත් වීමෙන් පසුව, ශාස්ත්‍රීය ශාස්ත්‍රාලයක් වෙතින් උගැනුම ලබනවා වෙනුවට චිත්‍රපට පාසැලකින් උගැනුම ලැබීමට ඒබ්‍රම්ස් සැලසුම් කල මුත්, "සලරූ තැනීමට උපකාරී වන දෑ පිළිබඳ ඔබ විසින් අධ්‍යයනය කිරීම සලරූ තැනීම පිළිබඳ ඔබ විසින් අධ්‍යයනය කිරීමට වඩා වැදගත් වෙයි" යන පියාගේ අවවාදය මත අත්‍යන්තයෙහිදී සාරා ලෝරන්ස් ශාස්ත්‍රාලය වෙත අධ්‍යයනය සඳහා ඇතුළුවිය. [3]

අභිවෘත්තිය[සංස්කරණය]

මුල් අභිවෘත්තිය[සංස්කරණය]

සලරූ ව්‍යාපාරයන්හී ඒබ්‍රම්ස්ගේ පළමු වෘත්තිය ඇරඹුනේ ඔහුට වයස වසර 15 වත්ම ඩොන් ඩෝලර්ගේ's 1982 චිත්‍රපටය නයිට්බීස්ට් සඳහා සංගීතය රචනය කිරීමෙනි. ශාස්ත්‍රාලයෙහි ජ්‍යෙෂ්ඨ වසර අංශයෙහි අධ්‍යයනය කරද්දී ජිල් මසූස්කි සමග එක්ව වෘත්තාන්ත චිත්‍රපට සංග්‍රහයක් ලිවීමට ඔහු සමත් විය. [4] ටච්ස්ටෝන් පික්චර්ස් විසින් මිලදී ගත් මෙය, චාල්ස් ග්‍රෝඩින් සහ ජේම්ස් බෙලූෂි රඟපෑමෙන් දායකත්වය සැපයූ සහ ඒබ්‍රම්ස් විසින් අධ්‍යක්ෂණය කල පළමුවන චිත්‍රපටය වූ ටේකිං කෙයාර් ඔෆ් බිස්නස් සඳහා පාදක විය. ඉනික්බිතිව ඔහු , හැරිසන් ෆෝර්ඩ් රඟපෑ රිගාඩිං හෙන්රි චිත්‍රපටයද , මෙල් ගිබ්සන් රඟපෑ ෆොඑවර් යං චිත්‍රපටයද නිපැයීය. මසූස්කි හා එක්වූ ඔහු, ජෝ පැෂී සහ ඩැනී ග්ලොවර් රඟපෑ ගෝන් ෆිෂිං නම්වූ ප්‍රහසනයෙහි පිටපත සම-රචනය කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජේ.ජේ. ඒබ්‍රම්ස් ටු ඩිරෙක්ට් ස්ටාර් වෝර්ස්: එපිසෝඩ් IX! - ComingSoon.net". සැප්තැම්බර් 12, 2017.
  2. 2.0 2.1 "කැරල් ඈන් ඒබ්‍රම්ස් ඩයිස්, ප්‍රඩියුසර්, ඕතර් වෝස් මදර් ඔෆ් ජේ.ජේ. ඒබ්‍රම්ස්". වරාටියි. ජූනි 5, 2012. http://www.variety.com/article/VR1118055047. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූනි 6, 2012. 
  3. ජේ.ජේ. ඒබ්‍රම්ස්: ඔන් ෆිල්ම්මේකිං. BAFTA Guru. මැයි 8, 2013.
  4. ජේ.ජේ ඒබ්‍රම්ස් බයෝග්‍රෆි සංරක්ෂණය කළ පිටපත පෙබරවාරි 15, 2011 at WebCite
"https://si.wikipedia.org/w/index.php?title=ජේ._ජේ._ඒබ්‍රම්ස්&oldid=412965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි