ජීවීයෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
එරිකොයිඩ් මයිකොහිසාල් නම් වු පුස් වර්ගයක්.

ජීව විද්‍යාවේ දී ජීවියෙක් යනු ඒකපුද්ගල ජීව පද්ධතියකි. ( එනම් සත්ව, ශාක, දිලීර ක්ෂුද්‍ර ජිවීන්) සමහර ආකාරවලටත් සෑම ජීව සංවිධානයක්ම උත්තේජනවලට ප්‍රතිචාර දැක්විය හැක. ප්‍රජානනය කරන , වර්ධනය වන , සිලල්ලක් ලෙස ස්ථිර බව පවත්වා ගැනීමට හැකියාව ඇතිය. සංවිධාන ඒක සෛලික හෝ මිනිසාගේ වැනි සෛල බිලියන ගණනක් පටක හා ඉන්ද්‍රියන් ලෙසට කාණ්ඩ වී ඇත. සංකීර්ණ සංවිධාන යන්න සෛල 1කට වඩා ඇත්නම් යෙදේ.

ජීවය හෝ ප්‍රාණය යන්නෙන් එකම දෙයක් කියැවේ.

ජීව සංවිධාන යන වැකිය මුලින්ම 1701 දී භාෂාවන් අතර නව අර්ථකතනය 1834 දී ඇති විය.

සෛල වර්ගය අනුව සංවිධාන ඉයු හෝ ප්‍රෝ කැරියෝටාවන් බවට කාණ්ඩ කල හැක. ප්‍රෝකාරියාටාවන්ගේ ප්‍රධාන රාජධානි දෙකකි. බැක්ටීරියා හා ඒකීයා ඉයුකැරියෝටාවන් මෙන් ඉහත රාජධානි සමීප නොවේ.ඉයුකාරිගෝටාවන්ගේ පටල වලින් වට වූ න්‍යෂ්ඨියක් ද, ඉන්ද්‍රයිකාද මයිටොකන්ඩ්‍රියාද , ප්ලාස්ම ද ඇති අතර ඒවා අන්තර් සහජීවනය වූ බැක්ටීරියාවෙන් ලද්දක් විය හැකි බවට සලකයි. වෛරස නම් වූ ඉයුකාරිෙයාටාවන්ගේද ඉහත කියූ අන්න්‍යෝන්‍ය සහජීවනය දැකිය හැක. දිලීර සත්ව ,ශාක , ඉයුකාරිගෝටා විශේෂ වේ. තොමස් කැපලියර්-ස්මිත් විසින් ඒකියාවන් හා ඉයුකේරියාවන් එක්ව කාණ්ඩකරමින් නියොමසුරා නම් ඒකක හඳුන්වා ඇත. ඔහු තවදුරටත් නියෝමසුරා බැක්ටීරියාවන්ගෙන් සම්බවය වූ බවට ඇත්තවශයෙන්ම බැක්ටීරියාවන් හෝ ආබවට පවසයි.

ව්‍යුහය[සංස්කරණය කරන්න]

EscherichiaColi NIAID.jpg

සියළු ජීවින් සෛල නමින් හැඳින්වෙන ඒකාංක ඒකක වලින් සමන්විත වෙයි; සමහරක් එක් සෛලයක් සහිත (ඒකසෛලීය) වන අතර අනෙකුන් බොහෝ ඒකක සහිත (බහුසෛලීය) වෙති. විශේෂිත කාර්යයන් ඉටු කිරීමට සෛල විශේෂිකරණය කිරීමට බහුසෛලීය ජීවින්ට හැකියාව ඇත. එවැනි සෛල කාණ්ඩයක් පටකයක් ලෙසින් හැඳින්වෙන අතර, සත්ත්වයන් තුල ඒවා නාමික වශයෙන්, අපිච්ඡදය, ස්නායු පටකය, පේශි පටකය, සහ සම්බන්ධක පටකය ලෙසින් වන, මූලික වර්ග සතරකින් යුතු වෙයි. විවිධ වර්ගයේ පටක එක්ව ක්‍රියා කරමින් ඉන්ද්‍රියයක් තනන්නේ කිසියම් විශේෂිත කාර්යයක් සිදු කිරීම සඳහාය (හෘදය වෙතින් රුධිරය පොම්ප කිරීම සඳහා හෝ, සම වැන්නකින් පරිසරයට බාධකයක් සැපයීම සඳහා). මෙම රටාව ඉහළ තලයන් දක්වා පවත්වාගෙන යමින් ඉන්ද්‍රියයන් කිහිපයක් ඉන්ද්‍රියය පද්ධතියක් ලෙසින් ක්‍රියාත්මක වන්නේ ප්‍රජනන, ජීරණ, ආදි කටයුතු සඳහාය. බොහෝ බහුසෛලීය ජීවින් ඉන්ද්‍රියය පද්ධතින් කිහිපයක් වෙතින් සමන්විත වෙමින් ජීවිය පවත්වාගෙන යෑමට සහයෝගී ලෙසින් ක්‍රියා කරති.

සෛලය[සංස්කරණය කරන්න]

ෂ්ලයිඩ්න් සහ ෂ්වාන් විසින් 1839දී සෛල වාදය පළමුවෙන් එළිදක්වමින් කරමින් කියා සිටියේ, සියළු ජීවින් සමන්විත වන්නේ එක් සෛලයක් හෝ කිහිපයකින් බවයි; සියළු සෛල ඇතිවන්නේ දැනට පවතින සෛල වලිනි; ජීවියෙකුගේ සියළු වැදගත් කෘත්‍යයන් සිදුවන්නේ සෛල තුල වන අතර සෛල කාර්යයන් නියාමනය කිරීම සඳහා මෙන්ම සෛල වල තොරතුරු ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහාද අවශ්‍ය වන ප්‍රවේණිගත තොරතුරු සෛල සතු වෙයි.

සුන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික යැයි සෛල වර්ග දෙකක් වෙති. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සාමාන්‍යයෙන් තනිව පවතින අතර, සුන්‍යෂ්ටික සෛල සාමාන්‍යයෙන් හමුවන්නේ බහුසෛලීය ජීවින් තුලය. ප්‍රාග්න්‍යෂ්ටික සෛල තුල න්‍යෂ්ටි පටලයක් නොමැකි හෙයින් සෛලය තුල ඩීඑන්ඒ සීමාවක කොටුවී නොමැති අතර, සුන්‍යෂ්ටික සෛල තුල න්‍යෂ්ටික පටල පවතියි.

සුන්‍යෂ්ටික හෝ ප්‍රාග්න්‍යෂ්ටික හෝ ඕනෑම සෛල තුල, සෛලය වටා පිහිටි පටලයක් පවතින අතර, එය විසින් සෛල අභ්‍යන්තරය අවට පරිසරයෙන් වෙන් කරමින්, එයට ඇතුළු වන හා පිටවන දෑ නියාමනය කරමින්, සෛලයෙහි විද්‍යුත් විභවය පවත්වාගෙන යයි. සෛල පටලය තුල, ලවණමය සෛලප්ලාස්මයක් විසින් සෛල පරිමාවෙන් බොහෝ ප්‍රමාණයක් දරයි. සියළු සෛල තුල, ජානයන්හී ප්‍රවේණිගත ද්‍රව්‍යය වන ඩීඑන්ඒ සහ,සෛලයක ප්‍රෘථමික ක්‍රියාවලිය වන එන්සයිම වැනි විවිධ ප්‍රෝටීන තැනීමට අවශ්‍ය තොරතුරු අඩංගු ආර්එන්ඒ අඩංගු වෙති. වෙනත් වර්ග වල ද්වි අණුද සෛල තුල අඩංගු වෙති.

සියළු සෛල සමසම ගුණාංග හුවා දක්වති:[1]

ජීවීන්ගේ විවිධත්වය[සංස්කරණය කරන්න]

ජීවීන් පුළුල් පරාසයක විවිධත්වයක් පෙන්වයි. එනම්, තරම, හැඩය, ආකාරය සහ ව්‍යාප්තිය අනුව ඔවුන් විවිධ වේ.

  • තරම - බැක්ටීරියා 0.25 μm - 2 μm සිට යෝධ රෙඞ්වුඞ් ශාකය - 100 m
  • හැඩය - ජීවීන් හැඩයෙන් විවිධාකාර වේ.
  • ආකාරය - සෛලීය, ඒක සෛලීය, බහු සෛලීය,
  • ව්‍යාප්තිය - භෞමික, ජලජ, රුක්වාසී, වායව

ජීවීන් සතු ලාක්ෂණික ගතිගුණ[සංස්කරණය කරන්න]

ක‍්‍රමවත් බව හා සංවිධානය

ජෛව විද්‍යාත්මක කි‍්‍රයාවන්ගේ උපරිම කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක‍්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත.

පරිවෘත්තිය

ජීවීන් තුළ සිදුවන සියලූම රසායනික කි‍්‍රයාවලිවල සමස්තය පරිවෘත්තියයි. ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප‍්‍රතිකි‍්‍රයා ඇතුළත් වේ

වර්ධනය හා විකසනය

සියලූම ජිවීන්ගේ ජිවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි. අප‍්‍රතිවර්ත්‍ය ලෙස සිදුවන වියළි බරෙහි වැඩි වීම වර්ධනය යි. මෙය ජිවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණයකි. ජීවියෙකුගේ ජීවිත කාලය තුළ දී සිදුවන සියලූම අප‍්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනයයි. වර්ධනය හා විකසනය අනුගාමී කි‍්‍රයාවලි දෙකකි.

උද්දීප්‍යතාව සහ සමායෝජනය

බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි. උද්දීප්‍යතාවයේ සහ සමායෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදු වේ. සතුන්ගේ මෙම කි‍්‍රයාව පේශී, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.

අනුවර්තනය

ජීවියකු ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූල ව එම ජීවියාගේ පැවැත්ම හා ප‍්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය, හා චර්යාමය වෙනස්වීම් ය.

  • උදා: ශුෂ්ක ශාකවල ගිඵණු පූටිකා, කඩොලාන ශාකවල ජලාබුජ ඵල, වේෂාන්තරය, උණුසුම් පරිසරවල දී වැඩිපුර ඩහදිය දැමීම, සිනිඳු වැලිවල එරීම වළක්වන ඔටුවාගේ පුඵල්ව විහිදුණු පාද
ප‍්‍රජනනය

විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව.

ආවේණිය හා පරිණාමය

ජීවීන්ගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්‍ෂණ පාලනය කරන ජාන ජීවීන් සතුව ඇත. එම ජාන එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කරයි. ප‍්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන වෙනස්වීම්වලට අනුකූල ව කාලයත් සමඟ ජීවීන්ට වෙනස්වීමට ඇති හැකියාව පරිණාමය යි.

අජීවී ද්‍රව්‍ය පෙන්වන ලක්ෂණ[සංස්කරණය කරන්න]

අජීවී ද්‍රව්‍ය බොහොමයක් ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් හෝ පෙන්වන නමුත්, සියලූම ලක්ෂණ නො පෙන්වයි.

  • උදා :- ස්ඵටික වර්ධනය, තරංග චලනය

ඉහත ලක්‍ෂණ සියල්ල ම පෙන්වන්නේ ජීවීන් පමණී.

ජීවය සහ ප්‍රාණය[සංස්කරණය කරන්න]

ප්‍රාණියෝ සහ ජීවියේ හඳුනාගැනීම සඳහා සටහනක්

සටහන්[සංස්කරණය කරන්න]

  1. දි යුනිවර්සල් ෆීචර්ස් ඔෆ සෙල්ස් ඔන් අර්ත් බෲස් ඇල්බර්ට්ස් (2002) විසින් සංස්කරණය කොට ගාර්ලන්ඩ් සයන්ස් විසින් ප්‍රකාශිත මොලිකියුලර් බයලජි ඔෆ් ද සෙල් සතරවන සංස්කරණය, ග්‍රන්ථයේ පළමු පරිච්ඡේදයේ .
"https://si.wikipedia.org/w/index.php?title=ජීවීයෝ&oldid=354777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි