සෛල වාදය

විකිපීඩියා වෙතින්

මෙය මගින් සෛල යක් යනු සෑම ජීවියෙකුගේම මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ලෙස හැදින්වේ. 1800 ගණන් තරම් දුර ඈතක සිට දියුණු වෙමින් ආ මෙම වාදය අන්වීක්ෂ අධ්‍යයනය මගින් තවත් තහවුරු කළේය. මෙය ජීව විද්‍යාවේ එක් මූලික පදනමකි. මෙම වාදය මගින් නව සෛලයක් පවතින සෛල වලින් උපදින අතර ජීවින්ගේ ආකෘතියේ කායික ක්‍රමවේද වල හා සංවිධානයේ මූලික ඒකකය ලෙස හඳුන්වයි. සෛලලවාදය ඉදිරිපත් කරන ලද්දේ උද්භිද විද්‍යාඥයෙක් වන මැතියස් ශ්ලයිඩන්‚ සත්ත්ව විද්‍යාඥයෙක් වන තියඩෝර් ශ්වාන් සහ වර්කව් විසිනි.මෙම සෛලවාදයේ සඳහන් ප්‍රධාන මූලධර්ම 3 කි.

1. සියලුම ජීවීන්, සෛල වලින් (එකකින් හෝ කිහිපයකින්) නිර්මාණය වන බව.

2. ජීවයේ මුලිකමය ව්‍යුහයමය හා කෘත්‍යමය ඒකකය සෛලය බව.

3. සියලුම සෛල පෙර පැවති සෛල විභාජනයෙන් පමණක් ඇති වන බව.

"https://si.wikipedia.org/w/index.php?title=සෛල_වාදය&oldid=513513" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි