චෝළ කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(චෝල කලාව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ශිව නටරාජා ලෙස, නර්තනයට අධිපති, චෝළ පෙරහැර මූර්ති අතර වඩාත්ම ප්‍රකට තේමාවයි.
සෙම්බියන් මහාදේවී රැජින පාර්වතී දෙවඟන ලෙස නිරූපිත චෝළ ලෝකඩ ප්‍රතිමාවක්

චෝළ රාජ සමය (ක්‍රි.ව 850 - 1250) යනු ද්‍රවිඩ කලාවේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සංවර්ධනය සහ කලාත්මක බව පැවති කාලයකි. ඔවුන් ඔවුන්ගේ පුළුල් විජයග්‍රහණයන් මඟින් උපයාගත් අතිවිශාල ධනය භාවිතයෙන් ද්‍රෝණිය පුරාම විශාල -ස්ථිර ගල් දේවාල සහ විශිෂ්ට ලෝකඩ මූර්ති නිම කරන ලදි.

මූර්ති කලාව සහ ලෝකඩ ශිල්පය[සංස්කරණය]

අතිශයින් විසිතුරු කරන ලද කුළුණු සහ සියුම් කැටයම්වලින් හෙබි බිත්ති සහිත දාරාසුරම්හි ඓරාවතේස්වර දේවාලය චෝළ කලාවේ සහ ගෘහනිර්මාණ ශිල්පයේ සම්භාව්‍ය නිදසුනකිග
ශිව සහ පාර්වතී නිරූපිත චෝළ ලෝකඩ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 1200 පමණ

චෝළ රාජකිය සමය මූර්ති ශිල්පය සහ ලෝකඩ අතින් ඉතා විශිෂ්ට සමයකි. [1] ලොව විවිධ කෞතුකාගාරවල මෙන්ම වර්තමානයේ ඉතිරිව පවතින දකුණු ඉන්දියානු දේවාලවල බොහෝවිට විවිධ සංඛ්‍යා වල වෙනස් වෙනස් ඉරියව් සහිතව මෙන්ම තම භාර්යාව වු පාර්වතී දේවිය සමඟ අනුබද්ධව සිටින සිව දෙවියන් සහ අනෙකුත් දෙවියන්, සායිවේට් දේව මණ්ඩලයේ උප දේවතාවන් සහ දේවතාවන්, විෂ්ණු දෙවියන් සහ ඔහුගේ භාර්යාව වන ලක්ෂ්මී දෙවඟන, නායන්මාර්ස්, වෙනත් ශෛව භක්තික සෘෂිවරුන් සහ බොහෝ දෑ නිරූපිත මූර්ති මෙම සමයේ නිර්මාණය වූ දෑ ලෙස හඳුනා ගත හැකිය. [2] කෙසේනමුත් සාමාන්‍යයෙන් ප්‍රතිමා ශිල්පී සම්ප්‍රධායය ආරම්භ වූයේ දීර්ඝ සංස්කෘතියකින්.ප්‍රතිමා ශිල්පීන් ඔවුන්ගේ සිතුවිළි හින්දු ආගමික ප්‍රතිමාශිල්පයට පමණක් සීමා නොකර නිදහසකින් යුක්තව එකොළොස් වන සහ දොළොස් වන සියවස් අතර කාලයේදී කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, මූර්ති කලාව සහ ලෝකඩ ශිල්ප‍යේ සම්භාව්‍ය ලාලිත්‍යයක්,විභූතිය සහ පරිපූර්ණ රසයක් ඇති විය. මෙයට දිය හැකි කදිම නිදසුන ලෙස නර්තනයේ යෙදෙන නටරාජා ප්‍රතිමාව දැක්විය හැකිය.

ප්‍රතිමා සඳහා යෝජනා[සංස්කරණය]

වෙනස් නොවන බලය සහිත දේවාලවල ගල් කැටයම් සහ අභ්‍යන්තර ශුද්ධ ස්ථාන මූර්ති ‍දේවාල නිර්මාණය කිරීම් රැඳි පැවතුණේ, 10 වන සියවස අතරතුරදි ජතතා මතයේ දේවතා ආගමික සංකල්ප පිළිබඳ මතයේ වෙනස්වීමට අනුරූපව පාලකයන්ගේ වෙනස්විම සිඳුවීමත් සමඟය. ප්‍රතිපලයක් ලෙස විශාල වශයෙන් ලෝකඩ ප්‍රතිමාවන් නිතිපතා දේවාලයෙන් පිටත නිමකර පෙරහැරින් යුතුවදේවාල උත්සව වලදී රැගෙන එන ලදි. දැවැන්ත ප්‍රතිමාවන් ප්‍රතිමාවන් රැගෙන ඒමට සකස් කළ ගෝලාකාර හැඩැති තුඩු සහ කුහර හමුවීමෙන් ඒ බව සනාථ වේ.

සටහන්[සංස්කරණය]

  1. Chopra et al., p 186
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; tri479 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Chopra, P.N; Ravindran, T.K; Subrahmanian, N (2003) [2003]. History of South India ; Ancient, Medieval and Modern. New Delhi: S. Chand & Company Ltd. ISBN 81-219-0153-7. 
  • Harle, J.C (1994). The art and architecture of the Indian Subcontinent. New Haven, Conn: Yale University Press. ISBN 0-300-06217-6. 
  • Jagadisa Ayyar, P.V (1993). South Indian Shrines. New Delhi: Asian Educational Services. ISBN 81-206-0151-3. 
  • Keay, John (2000). India: A History. New Delhi: Harper Collins Publishers. ISBN 0-00-255717-7. 
  • Majumdar, R.C (1987). Ancient India. India: Motilal Banarsidass Publications. ISBN 81-208-0436-8. 
  • Nagasamy, R (1970). Gangaikondacholapuram. State Department of Archaeology, Government of Tamil Nadu. 
  • Nilakanta Sastri, K.A (1984) [1935]. The CōĻas. Madras: University of Madras. 
  • Nilakanta Sastri, K.A (2002) [1955]. A History of South India. New Delhi: OUP. 
  • "South Indian Inscriptions". Archaeological Survey of India. What Is India Publishers (P) Ltd. Retrieved 2008-05-31.
  • Tripathi, Rama Sankar (1967). History of Ancient India. India: Motilal Banarsidass Publications. ISBN 81-208-0018-4. 
  • Vasudevan, Geeta (2003). Royal Temple of Rajaraja: An Instrument of Imperial Cola Power. New Delhi: Abhinav Publications. ISBN 81-7017-383-3. 
  • Wolpert, Stanley A (1999). India. Berkeley: University of California Press. ISBN 0-520-22172-9. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චෝළ_කලාව&oldid=414572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි