චීන බෞද්ධ ප්‍රතිමා කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බුද්ධ ප්‍රතිමාවක්; බොහෝවිට අමිතාභය (අමිතුවෝෆෝ), මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය[1]

චීන බෞද්ධ ප්‍රතිමා කලාව යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ බෞද්ධාගමික චින්තනය අනුව නිර්මාණය වූ ප්‍රතිමා නිර්මාණයන් ය. මෙහි දී දක්නට ලැබෙන ප්‍රතිමා නිර්මාණ අතර ගෞතම බුදුන් වන්සේගේ රුව, බෝධිසත්ත්වයන්ගේ රූ, භික්ෂූන්ගේ රූ සහ විවිධ දේව ප්‍රතිමා දැකගත හැක. චීනය වෙත බුදු දහම හඳුන්වා දෙන ලද්දේ ක්‍රි.පූ. 2වන සියවසේ දී චීනයේ හන් රාජවංශ සමයේ ය. ක්‍රි.ව. 2වන සියවස වන විට, එය වඩාත් හොඳින් ස්ථාපිත විය.[2] ආදිතම නිරූපණයන් තුළ බුදුන් වහන්සේගේ රුව මානවරූපී ස්වරූපයෙන් ප්‍රතිමාකරණය සිදු නොවී ය. එහි දී වජ්‍රාසනය, සිරිපතුල හෝ බෝධි වෘක්ෂය වැනි විවිධාකාර සංකේත භාවිතා විය. ස්තූප සම්ප්‍රදායයන් චීනයේ පැගෝඩා නම් ගෘහනිර්මාණ අංග නිර්මාණය කෙරෙහි ආභාසය ලබා දිණි.[3] ලෙන් විහාර ක්‍රමය ද වැඩිදියුණු වූ අතර, එහි දී බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හා සම්බන්ධ දර්ශන නිරූපණය කරමින් ලෙන් විහාර සහ කුටි අලංකාර කෙරිණි. මෙම විහාර සහ ප්‍රතිමා නිර්මාණකරණය බුදු දහමේ ව්‍යාප්තියට හේතුවූ අතර, බැතුමතුන්හට වන්දනා කිරීමට සහ බවුන් වැඩීමට ආදේශකයක් හිමි විය.[4]

ඉන්දියාව තුළ ඇරඹි බුද්ධ ප්‍රතිමා කලාව ක්‍රි.ව. 4වන සියවස වන විට චීනය වෙත සම්ප්‍රාප්ත විය. ඉන්දියානු ආභාසය ලබමින්, විවිධ ආසන ක්‍රමවලින් යුක්තව නිරූපණය කළ මෙම ප්‍රතිමා විවිධ මුහුණේ ඉරියව් ප්‍රකාශනය සහ චීන වස්ත්‍ර ශෛලීන් සමග මුසුවෙමින් උච්චස්ථානයට පත් විය. මෙසේ දෘශ්‍යමය සංකලනයක් දක්නට ලැබිණි. ඉන්දියානු ප්‍රභේදයන්හි දක්නට ලැබෙන උත්තුංග දේහධාරී ස්වභාවය සහ දුහුල් වස්ත්‍ර නිරූපණය වෙනුවට චීන ප්‍රතිමාවල සිහින් දේහ සහ ඝනකම් වස්ත්‍ර දක්නට ලැබේ.[2] මෙම ප්‍රතිමා නිර්මාණකරණයේ දී වැලිගල්, හුනුගල්, සෙරමික්, රන් ආලේපිත ලෝකඩ මෙන්ම තඹ සහිත වෙනත් මිශ්‍ර ලෝහ ද භාවිතා විය. වරත්මානයේ ඒකාකාර අයුරින් දක්නට ලැබුණ ද, අතීතයේ මෙම ප්‍රතිමා දීප්තිමත්ව වර්ණ ගන්වා තිබිණි.

ආරම්භයේ දී, ප්‍රතිමාකරණයට භාවිතා වූ ප්‍රධාන තේමාව වූයේ බුදුන් වහන්සේගේ රුවයි. නමුත් පසුකාලීනව බුද්ධ රූපය පිරිවරා සිටිනු වෙනුවට, වෙන් වෙන්ව නිර්මාණය කරන ලද බෝධිසත්ත්ව රූ ද දැකගත හැකි විය.[3] චීනය තුළ වන්දනාවට ලක්වූ වැදගත් බෝධිසත්ත්වවරුන් දෙදෙනකු ලෙස අව‍ලෝකිතේශ්වර (ගුවාන්යින්) සහ මංජුශ්‍රී (වෙන්ෂූ) සැලකේ. "ශුද්ධ භූමි" හෙවත් "සෙන්" බුද්ධාගම තුළ මෙම බෝධිසත්ත්වවරුන් ප්‍රඥාවේත් සද්ගුණයේත් ප්‍රතිමූර්තීන් ලෙස සැලකුණු අතර, බුද්ධත්වය ලැබීමට අවශය ගුණාංගවලින් ඔවුන් පිරිපුන් යැයි සැලකිණි. ක්‍රි.ව. 4වන සහ 6වන සියවස්වල චීනය යුධ කාලසීමාවක පැවති අතර, බෞද්ධාගමිකයන් විශ්වාස කළේ සිය සිල්වත්භාවය හේතුවෙන් තමන්ට නිසි මඟපෙන්වීමක් ලැබෙනු ඇති බවත්, සිය ප්‍රදේශ සහ පාලකයන්ට සුවතාවය සහ සමෘද්ධිමත්භාවයක් ලැබෙනු ඇතැයි කියා ය. බෞද්ධාගමික සම්ප්‍රදායයන් තුළ ආකර්ෂක දේවතාවන්ට ද ප්‍රධාන ස්ථානයක් හිමිවූ අතර, ඉදිරි සියවස් කිහිපය තුළ දී චීනයේ බුද්ධාගම වඩා සංකීර්ණ ස්වභාවයක් පෙන්නුම් කළේ ය.[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. The Metropolitan Museum of Art
  2. 2.0 2.1 Leidy, Author: Denise. "Chinese Buddhist Sculpture | Essay | Heilbrunn Timeline of Art History | The Metropolitan Museum of Art". The Met’s Heilbrunn Timeline of Art History. Retrieved 2017-11-19.
  3. 3.0 3.1 "Wisdom Embodied: Chinese Buddhist and Daoist Sculpture in The Metropolitan Museum of Art | MetPublications | The Metropolitan Museum of Art". www.metmuseum.org. Retrieved 2017-11-19.
  4. webmaster@vam.ac.uk, Victoria and Albert Museum, Online Museum, Web Team,. "Buddhist Cave Temples". www.vam.ac.uk (in ඉංග්‍රීසි). Retrieved 2017-11-19.CS1 maint: extra punctuation (link)
  5. The Metropolitan Museum of Art
  6. Dehejia, Author: Vidya. "Buddhism and Buddhist Art | Essay | Heilbrunn Timeline of Art History | The Metropolitan Museum of Art". The Met’s Heilbrunn Timeline of Art History. Retrieved 2017-11-19.