චාබි
![]() | මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
![]() | මෙම ලිපිය Chinese භාෂාවෙහි අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනයෙන් විහිදුවා ලිය හැක. (ඔක්තෝබර් 2011) වැදගත් පරිවර්තන උපදෙස් සඳහා [පෙන්වන්න] මත ඔබන්න.
|
චාබි අධිරාජිනිය | |||||
---|---|---|---|---|---|
![]() | |||||
පූර්වප්‍රාප්තිකයා | ක්වෑන් අධිරාජිනිය ටෙගුලෙන් | ||||
අනුප්‍රාප්තිකයා | නම්බුයි අධිරාජිනිය | ||||
උපත | 1216 | ||||
මරණය | 20 March 1281 | (වයස 65)||||
වල්ලභයා | කුබ්ලයි ඛාන් | ||||
දරුවන් | චෙන්ජින්, කිරුළහිමි මිංෂියාඕ කුමරු | ||||
| |||||
පියා | ඔංගිරාට් ගෝත්‍රයේ අන්චෙන් | ||||
ආගම | නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ආගම, මුලින් බුද්ධාගම |
චාබි අධිරාජිනිය (1216–1281) යනු චීනයේ යුවාන් රාජවංශයේ ඛොන්ගිරාඩ් වල්ලභ අධිරාජිනියකි. ඇය කුබ්ලයි ඛාන් සමග විවාහ වූවා ය. එලෙසින් ඇය 1270 දශකයේ සම්පූර්ණ චීනයම යටත් කරගත් මොංගෝල ඛාගන්වරයාගේ භාර්යාව වීමට සමත් වූවා ය.
දිවිය[සංස්කරණය]
"මොංගෝලයන්ගේ රහසිගත ඉතිහාසය" අනුව, චාබි කුබ්ලයිගේ ප්‍රියතම භාර්යාව වූ අතර, ඔහුගේ රාජ්‍ය සමය පුරා ඔහුගේ නිල නොවන උපදේශිකාව ලෙසින් කටයුතු කළා ය. කලාවන්ට අනුග්‍රහ දැක්වූ ඇය, තරුණ වැනීසියානු සංචාරකයකු වූ මාර්කෝ පෝලෝ තුළ චීනය කෙරෙහි වූ උනන්දුව ඉහළ නැංවීමට දායක වූයේ යැයි සැලකේ. චාබි ඇගේ නැන්දණිය වූ සොර්ඝාඝ්ටානි මෙන් ක්‍රිස්තියානි බලපෑමට නතු වූයේ දැයි සැක කෙරේ.
චාබි අධිරාජිනිය මොංගෝල සංස්කෘතියේ කාන්තාවන් දැක්වූ ඉහළ දායකත්වය සම්බන්ධයෙන් නිදසුනක් ලෙස සලකනු ලැබේ. කුබ්ලයිගේ භාර්යාව සහ උපදේශිකාව ලෙස, ඇය වැදගත් දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික බල මූලාශ්‍රයක් වූවා ය. විශේෂයෙන්ම චීනවරුන් සමග සමාදාන වීමට ඇය මුලපිරුවා ය. රජයේ ඉහළ මට්ටම තුළ ඇය බුද්ධාගම ප්‍රවර්ධනය කළා ය. ඇය උතුරු චීන අධිරාජකීය පවුලට යහපත් අයුරින් සලකන මෙන් යෝජනා කළේ ජනතාව අස්වසාලීම පිණිසයි. එසේම චීන වගා බිම් මොංගෝලියානු තෘණ බිම් බවට පරිවර්තනය කිරීම වැළැක්වීමට ඇය කුබ්ලයිට සහාය වූවා ය. චාබි සහ කුබ්ලයිගේ මිශ්‍ර වූ විශ්වසාධාරණ මතයයන් චීන සංස්කෘතිය යටපත් නොකොට එය වැළඳ ගැනීම කෙරෙහි ඉවහල් විය. චාබි සිය නැන්දණිය වූ සොර්ඝාඝ්ටානි බෙකිගේ බලපෑම හමුවේ නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා ය. චාබිගේ වැළඳගැනීමෙන් පසුව, නෙස්ටෝරියානු ධර්මය චීනය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. චාබිගේ සහාය ඇතිව කුබ්ලයිහට සිය මහේච්ඡ සොයුරාවත්, මුරණ්ඩු විද්වතුන් සහ ගොවීන් පාලනය කිරීමට අවස්ථාව හිමි විය.
ප්‍රභව[සංස්කරණය]
- Stearns, Peter N.; Michael Adas; Stuart B. Schwartz; Marc Jason Gilbert (2011). "14 • The Last Great Nomadic Challenges: From Chinggis Khan to Timur". World Civilizations: The Global Experience AP* Edition (6th ed.). pp. 327–328. ISBN 0-13-136020-5.
- factsanddetails.com/asian/cat65/sub423/entry-5241.html
පූර්වප්‍රාප්තිකයා ටෙගුලෙන් |
කුබ්ලයි ඛාන්ගේ බිසව 1260–1281 |
අනුප්‍රාප්තික නම්බුයි |
පූර්වප්‍රාප්තිකයා චුබෙයි |
මොංගෝලයන්ගේ ඛාටුන්වරිය 1260–1281 | |
පූර්වප්‍රාප්තිකයා ක්වෑන් අධිරාජිනිය (සොං රාජවංශය) |
යුවාන්හි අධිරාජිනිය 1274–1281 |
- 2016 ජූලි සිට ගැනෙන Articles lacking in-text citations
- All articles lacking in-text citations
- 2011 ඔක්තෝබර් සිට ගැනෙන පුළුල් කල යුතු ලිපි
- විදේශ-භාෂා විකිපීඩාවන්ගෙන් පරිවර්තනය වීම අවශ්‍ය ලිපි
- 1281 මරණ
- යුවාන් රාජවංශයේ අධිරාජිනියන්
- 1227 උපත්
- 13වන සියවසේ මොංගෝල පාලකයින්
- 13වන සියවසේ කාන්තාවන්
- 13වන සියවසේ මොංගෝලියානු ජනයා