චන්ද්‍රිකා-නාශක අවි

විකිපීඩියා වෙතින්

චන්ද්‍රිකා නාශක අවි හෝ ප්‍රති-චන්ද්‍රිකා අවි යනු චන්ද්‍රිකා විනාශ කිරීමට හෝ අක්‍රිය කිරීමට නිර්මාණය කර ඇති අභ්‍යවකාශ ආයුදයකි. මේ වනවිට ජාතීන් කිහිපයකට චන්ද්‍රිකා නාශක හැකියාව ඇත. මේ වනතෙක් චන්ද්‍රිකා නාශක පද්ධතියක් යුදමය වශයෙන් භාවිත කර නොතිබුනද, එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාව තමන්ගේ ම චන්ද්‍රිකා වලට එරෙහිව ප්‍රතිචන්ද්‍රිකා ආයුධ භාවිත කරමින් සිය අභ්‍යවකාශ යුධ ශක්තිය පෙන්වා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

එක්සත් ජනපදය[සංස්කරණය]

F-15 ගුවන් යාන‍යෙන් P78-1 චන්ද්‍රිකාව වෙත ASM-135 මිසයිලය දියත් කරන අයුරු

1950 දශකයේ එක්සත් ජනපදය Bold Orion නම් ගුවනින්-දියත්වන බැලැස්ටික මිසයිලයක් වැඩි දියුනු කර චන්ද්‍රිකා නාශක මිසයිලයක් නිපදවන ලදි. එයට කි.මී. 1770 ක දුරක් සම්පූර්න කළ හැකි වූ අතර අත් හදා බැලුනේ එක් වරක් පමනි. අත් හදා බැලීමේදි එය Explorer 6 චන්ද්‍රිකාවට කි.මි. 6.4 ක් ආසන්නයෙන් ගමන් කළේය. මෙම පරතරය න්‍යෂ්ටික අවියක පිපිරුම් අරයට වඩා අඩු බැවින් ඒවා යොදාගත හැකි නමුත්, සාමාන්‍ය මිසයිල ශීර්ෂයක ඇති පුපුරන ද්‍රව්‍ය යොදාගත නොහැක. Lockheed's High Virgo නමින් මෙවැනිම ව්‍යාතියක් ‍යටතේ නිමවූ තවත් ගුවනින්-දියත් වන බැලස්ටික මිසයිලයක් වැඩි දියුනු කර චන්ද්‍රිකා නාශක මිසයිලයක් ලෙස භාවිතා කිරීමට සැලසුම් කෙරුනි. එය 1959 සැප්තැම්බර් 22 වන දින Explorer 5 චන්ද්‍රිකාව ආසන්නයෙන් යාමට නියමිත වූවත් දියත් කර සුලු මොහොතකට පසු සන්නිවේදනය බිඳ වැටීම හේතුවෙන් එය සාර්ථක වූවා දැයි දැනගත නොහැකි විය.

1962, Starfish Prime අත් හදා බැලීමේදී මෙගාටොන් 1.4 (පෙටාජූල් 5.9) ක බලයක් ඇති පුපුරන ද්‍රව්‍ය පැසිෆික් සාගරයට ඉහලින් පුපුරා හැරුනි. එයින් ඇතිවූ විද්‍යුත් චුම්බක ස්පන්දනයෙන් චන්ද්‍රිකා 3 ක් අක්‍රිය වූ අතර, පැසිෆික් කලාපයේ විදුලි බලය සහ සන්නිවේදනය ද ඇනහිටුනි. මෙහි ප්‍රතිපලය වූයෙ, ඉහල උන්නතාංශ න්‍යෂ්ටික පිපිරීමකින් (හෙවත් ඉහල අහසේ සිදු කෙරෙන න්‍යෂ්ටික පිපිරීමකින්) චන්ද්‍රිකා විනාශ කිරීම ගැන ඔවුන් සළකා බැලීමයි.

1982 තෙක් චන්ද්‍රිකා නාශක අවි වලට එක්සත් ජනපදය අඩු ප්‍රමුඛතාවක් ලබා දුන්නද, සෝවියට් සංගමයේ සාර්ථක ව්‍යාපෘතියක් ගැන තොරතුරු ලැබීම නිසා එයට නැවත අවධානය යොමු විය. ඒ අනුව ASM-135 නමින් චන්ද්‍රිකා නාශක මිසයිලයක් නිර්මානය විය. වැඩි දියුනු කරන ලද F-15 Eagle ගුවන් යානයක් ආධාරයෙන් මිසයිලය රැගෙන යා හැකි විය. මෙහි පලමු අත් හදා බැලීම සිදු වූයේ 1984 ජනවාරි මස ය. මෙම මිසයිලයේ පලමු සහ එකම චන්ද්‍රිකා විනාශ කිරීම සිදුවූයේ 1985 සැප්තැම්බර් 13 වනදායි. F-15 යානය එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ අතර, එය මීටර 11613 ක් ඉහල අහසේදී සිරස්ව මිසයිලය දියත් කළේය. එම මිසයිලය කි.මි. 555 ක් ඉහතින් කක්ෂගතව තිබූ, 1979 දී දියත්කරන ලද Solwind P78-1 නම් චන්ද්‍රිකාව සාර්ථකව විනාශ කරන ලදි. ව්‍යාපෘතිය සාර්ථක වූ නමුදු 1988 දි එය අවලංගු කරන ලදි.

RIM-161 III මිසයිලයක් ඇමෙරිකා නාවික හමුදාව විසින් චන්ද්‍රිකාවක් විනාශ කිරීම සඳහා දියත් කරන අවස්ථාවක්

2008 පෙබරවාරි 21 වනදා, එක්සත් ජනපද නාවුක හමුදාව විසින් USA-193 නමැති ක්‍රියාත්මක-නොවන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව විනාශ කරන ලදි. ඒ RIM-161 III මිසයිලයක් ආධාරයෙනි.

2006 දෙසැම්බර් 14 වනදින දියත් කරන ලද එක්සත් ජනපද USA-193 චන්ද්‍රිකාව මාසයකට පසු අක්‍රිය විය. 2008 ජනවාරිය වන විට පෙනීගියේ එහි කක්ෂය දිනකට මීටර 500 බැගින් ක්ෂය වී යන බවය. මෙය අනතුරුදායක වූයේ එහි ටැංකිවල කි.ග්‍රෑ. 450 ක විෂ සහිත හයිඩ්‍රසීන් අඩංගු වූ බැවින් ය. පෘතුවි වායුගෝලයට නැවත-ඇතුලුවීමේ දි විනාශ නොවී එම හයිඩ්‍රසීන් මිනිසුන් ආසන්න ප්‍රදේශයකට කඩා වැටුනහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලුවක් විය හැකි බැවින් 2008 පෙබරවාරි 14 වැනිදා එක්සත් ජනපද නාවුක හමුදාවට උපදෙස් ලැබී ඇත්තේ RIM-161 III මිසයිලයක් ආධාරයෙන් චන්ද්‍රිකාව විනාශ කරන ලෙසයි. පෙබරවාරි 20 වැනිදා ඔවුන් නිවේදනය කරන ලද්දේ මෙහෙයුම සාර්ථක වූ බවත්, චන්ද්‍රිකාව සහ හයිඩ්‍රසීන් ටැංකිය විනාශ වූ බවත්‍ ය.

සෝවියට් සංගමය[සංස්කරණය]

1961 මාර්තු මස සෝවියට් සංගමය විසින් Istrebitel Sputnikov (IS) (සිංහල: "චන්ද්‍රිකා විනාශ කරන්නා") නම් ව්‍යාපෘතියක් යටතේ OKB-52 නම් චන්ද්‍රිකා නාශක අවියක් නිමවන ලදි. IS පද්ධතිය උප-කක්ෂිය ලෙස ක්‍රියාත්මක විය. එය චන්ද්‍රිකාවට ආසන්නයෙන් කක්ෂගත වී පුපුරා යයි. පිපිරීමෙන් විහිදෙන උන්ඩ කැබලි (shrapnels) මගින් චන්ද්‍රිකාවට හානි පමුනුවයි. දියත් කිරීමේ පීඨයට ඉහලින් චන්ද්‍රිකාව ගමන් ගද්දි මෙය දියත් කළ යුතුය. දියත් කිරීමෙන් පසු චන්ද්‍රිකාව අසළට ඒමට එයට මිනිත්තු 90ත් 200ත් අතර කාලයක් ගතවේ. චන්ද්‍රිකාව මිසයිලයට කි.මි. 1ක් ඇතුලතදී පිපිරීම මගින් චන්ද්‍රිකාව විනාශ කළ හැකිය. IS පද්ධතිය 23 වතාවක් අත් හදා බලා ඇති අතර 1973 පෙබරවාරි මස එය සාර්ථකව ක්‍රියාකරන බවට ප්‍රකාශ කරන ලදි.

ලොව පළමු චන්ද්‍රිකා නාශනය සිදුවූයේ 1970 පෙබරවාරියේ දි IS පද්ධතියක් මගිනි. එහිදි විසිරුනු උණ්ඩ කැබලි චන්ද්‍රිකාවේ 32 වතාවක් ගැටී ඇත. එක් උණ්ඩ කැබල්ලකට මි.මි. 100 ක සන්නහයක් විනිවිද යා හැකි විය.

සෝවියට් සංගමයේ IS පද්ධතියෙන් චන්ද්‍රිකාවක් විනාශ කරන අයුරු දැක්වෙන සිතුවමක්

1980 මුල භාගයේදි සෝවියට් සංගමය විසින් එක්සත් ජනපද චන්ද්‍රිකා නාශන පද්ධතියට පිලිතුරක් වශයෙන් 30P6 "Kontakt" නමින් චන්ද්‍රිකා නාශක පද්ධතියක් නිර්මානය කළහ. වැඩි දියුනු කළ MiG-31D 'Foxhound' ගුවන්‍ යානයකින් දියත් වන මෙය 79M6 වර්ගයේ මිසයිලයකි.

සෝවියට් සංගමය Almaz නමින් හමුදා අභ්‍යවකාශ මද්‍යස්ථානයක් සෑදීමටද පර්‍යේෂන කළහ. එය Rikheter R-23 නම් ස්වංක්‍රීය කාලතුවක්කවලින් සන්නද්ද විය.

මහජන චීන ජනරජය[සංස්කරණය]

2007 ජනවාරි 11 වැනිදා UTC 22:28 ට, මහජන චීන ජනරජය විසින් ඔවුන්ගේම FY-1C චන්ද්‍රිකාව සාර්ථකව විනාශ කරන ලදි. එය සිදු කරන ලද්දේ SC-19 චන්ද්‍රිකා නාශක මිසයිලයකිනි. FY-1C යනු, 1999 දියත් වූ, කි.මි. 865 ක ද්‍රැව කක්ෂයක පිහිටි, කි.ග්‍රෑ. 750 ක් බර, කාලගුණ චන්ද්‍රිකාවකි. චන්ද්‍රිකාව විනාශ වූයේ මිසයිල ශීර්ෂය ඉතාම අධික සාපෙක්ෂ ප්‍රවේගයකින් චන්ද්‍රිකාව හා මුහුනට-මුහුන ගැටීමෙන් ය.

ඉන්දියාව[සංස්කරණය]

2019 මාර්තු 27 වැනිදා ඉන්දියාව "ශක්ති මෙහෙයුම" නමින් සාර්ථකව චන්ද්‍රිකා-නාශක අත් හදා බැලීමක් සිදු කළහ. එය පහළ පෘතුවි කක්ෂයේ, කි.මී. 200 ක් ඉහලින් කක්ෂයක තිබූ අත් හදා බැලීම සඳහාම දියත් කළ චන්ද්‍රිකාවක් විනාශ කළේය.

මූලාශ්‍ර[සංස්කරණය]

https://en.wikipedia.org/wiki/Anti-satellite_weapon

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රිකා-නාශක_අවි&oldid=473940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි