ඝූමර්

විකිපීඩියා වෙතින්
විවාහයක දී ඝූමර් නර්තනයක් ඉදිරිපත් කරන කාන්තාවන්

ඝූමර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථානයේ සම්ප්‍රදායික ජන නර්තනයකි. මෙම නර්තනය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඝාඝරා යනුවෙන් හැඳින්වෙන ලිහිල්ව එල්ලා වැටෙන වස්ත්‍රයක් හැඳගත් වේලයක් පැළඳි කාන්තාවන් විසිනි.[1] 2013දී මෙය "ලොව වටා ඉහළම ප්‍රාදේශීය නර්තන 10" නම් ලැයිස්තුවේ 4වන ස්ථානයට නම්කෙරිණි.[2][3] සාමාන්‍යයෙන් මෙම නර්තනයේ දී පුළුල් කවයක ඇතුලත සහ පිටතට චලනය වෙමින් භ්‍රමණ නර්තනයේ යෙදීම සිදු වේ. ඝූම්න නම් වදනෙන් නර්තන ශිල්පීන්ගේ භ්‍රමණ චලන රටාව විස්තර කෙරෙන අතර, එම වදන අනුසාරයෙන් ඝූමර් යන වදන බිහි වන්නට ඇත.[4][5] සම්ප්‍රදායික චාරිත්‍ර අනුව, නව විවාහපත් මනාලිය සිය නව නිවසට පිළිගැනීමේ දී ඇය විසින් ඝූමර් නර්තනයේ යෙදිය යුතු ය.[6] විවාහ, උත්සව සහ වෙනත් ආගමික චාරිත්‍රවල දී ඝූමර් නර්තනයේ යෙදෙනු දැකගත හැක.[7] මෙය ඇතැම් අවස්ථාවල පැය ගණනක් සිදුකෙරෙන නර්තනයකි.

සම්ප්‍රදායික නර්තනයක් ලෙස ඝූමර් නර්තනයේ දී "ගෝර්බාන්ද්", "පෝඩිනා", "රුමාල්" සහ "මෝර් බෝලේ රේ" වැනි සම්ප්‍රදායික ගීත භාවිතා කෙරේ. මෙම ගීත මගින් රාජකීය පුරාවෘත්ත හෝ සම්ප්‍රදායික ජනශ්‍රැති විස්තර කෙරේ.

ඝූමර් ගීත[සංස්කරණය]

රාජ්පුත් කාන්තාවක් ඝූමර් නර්තනයක් ඉදිරිපත් කරන අයුරු.
  • "චිර්මි ම්හාරි චිර්මාලි"
  • "ආවේ හිච්කි" - සම්ප්‍රදායික රාජස්ථානි ඝූමර් ගීතයකි.
  • "ඝූමර්"
  • "ජවායි ජි පාව්නා" - රාජස්ථානි ජන ගීතයකි.
  • "තාරා රි චුන්ඩාඩි"
  • "ම්හාරා ගෝර්බන්ද් නඛ්රාලෝ"
  • "ම්හාරි ඝූමර්"
  • "ඝූමර් රේ ඝූමර් රේ"
  • "ඝූමර්", 2017 චිත්‍රපටයක් වන පද්මාවතී තුළ ඇතුළත් ගීතය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. http://www.rajasthantour4u.com/blog/index.php/2009/06/28/ghoomar-famous-social-folk-dance-of-rajasthan/ Ghoomar - Famous Social Folk Dance of Rajasthan
  2. "Ghoomar in top 10 list of world's most amazing local dances". Business Standard. 23 July 2013. සම්ප්‍රවේශය 22 June 2017.
  3. "Top 10 local dances around the world". Hindustan Times. 8 July 2013. සම්ප්‍රවේශය 22 June 2017.
  4. "Ghoomar Dance, Rajasthan". 2012-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. "Ghoomar Dance - Rajasthan". rajasthanvisit.com. සම්ප්‍රවේශය 11 August 2016.
  6. Indian States At A Glance 2008-09: Performance, Facts And Figures - Rajasthan - Bhandari Laveesh (2008-09)
  7. "Ghoomar in India". සම්ප්‍රවේශය 2 December 2016.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ඝූමර්&oldid=411122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි