ගෝලීය ප්‍රභාහීනය

විකිපීඩියා වෙතින්
පොළොව පෘෂ්ඨය මත ඇවිලෙන දුසිම් ගණනක් ගිනි (රතු තිත්) සහ ඝන දුම් වැස්ම සහ මීදුම් පටලය (අළුවන් පික්සල) විසින් නැගෙනහිර චීනයට ඉහළ අහස පුරවන ආකාරයයි. දුම, දූෂණය සහ අනෙකුත් වායු අංශූන් සහ ගෝලීය ප්‍රභාහීනය අතර සබඳතා පවතියි. නාසාවේ ඇක්වා චන්ද්‍රිකාව මත ඇති MODIS විසින් ලබා ගත් ඡායාරූපයකි.

ගෝලීය ප්‍රභාහීනය යනු පෘථිවියෙහි පෘෂ්ඨය මත පතිත වන ගෝලීය සෘජු ප්‍රවිකිරණතා ප්‍රමාණයෙහි ක්‍රමානුකූල හායනය වන අතර 1950 ගණන් වලදී ඇරඹුනු ක්‍රමානුතූල මිණුම් වලින් අනතුරුව දශක කිහිපයක් පුරා මෙය නිරික්ෂණය කරමින් පවතියි. මෙම ආචරණය ස්ථානය අනුව විචල්‍යතාවයක් පෙන්වූවද, සාර්වභෞමික වශයෙන් සැලකූ කල 1960–1990 දත්වා දශක තුනක් පුරා එහි 4% ගණයේ හායනයක් ඇස්තමේන්තුගත කර ඇත. කෙසේවෙතත්, 1991දී පිනාටුබෝ කන්ද විදාහරණය නිසා ඇතිවූ විෂමතාවයක් වට්ටම් කිරීමෙන් අනතුරුව සමස්ත නැඹුරුවෙහි ඉතා කුඩා ප්‍රතිගමනයක් නිරික්ෂණය කර ඇත.[1]

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සල්ෆේට් එයරොසෝල් වැනි අංශුකයන් වායුගෝලයට එක් වීම වැඩි වීම නිසාවෙන් ගෝලීය ප්‍රභාහීනය ඇතිවන බව සැලකේ.

වාෂ්පිකරණය අඩුකිරීමෙන් ජල චක්‍රය වෙත එය මැදිහත් වී ඇති අතර සමහර ප්‍රදේශ වල වර්ෂාපතනය අඩුවීමට හේතුකාරක වී ඇත. ගෝලීය ප්‍රභාහීනය විසින් සිසිලන ආචරණයක්ද ඇති කරණ අතර ගෝලීය උණුසුම් වීම කෙරෙහි හරිතාගාර වායූන්ගේ බලපෑම අඩුකිරීමට වක් ලෙසින් හේතු වූවා විය හැක.

හේතු සහ ආචරණ[සංස්කරණය]

මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් වායුගෝලයෙහි එයරොසෝල් අංශූන් වැඩි වශයෙන් පැවතීම හේතුවෙන් ගෝලීය ප්‍රභාහීනය සිදුවන බවට විශ්වාස කෙරෙයි. [2] එයරොසෝල් සහ අනෙකුත් අංශුකයන් විසින් සූර්ය ශක්තිය උරා ගෙන හිරු එළිය යළි අවකාශයට පරාවර්තනය කරයි. වලාකුළු බිඳිති සඳහා න්‍යෂ්ටි ලෙසින්ද මෙම දූෂකයන් ක්‍රියා කල හැක. මෙම අංශුන් වටා වලාකුළු තුල ඇති ජල බිඳිති එකතු වීම සිදු වෙයි. [3]

බලපෑම්[සංස්කරණය]

නරක බලපෑම්[සංස්කරණය]

  • වර්ෂාව අඩුවීම

හොඳ බලපෑම්[සංස්කරණය]

  • පෘථිවය උණුසුම්වීමේ පලපෑම අඩුකිරීම

[1]

තැටි වාෂ්පීකරණ දත්ත[සංස්කරණය]

පසුගිය වසර 50 පමණ තුලදී, තැටි වාෂ්පීකරණය පිළිබඳව සැලකිල්ලෙන් විමසා බලන ලදි. දශක ගණනක් තිස්සේ, තැටි වාෂ්පීකරණ මිනුම් පිළිබඳව කිසිවෙකු එතරම් අවධානයක් යොමු කලේ නැත[උපහරණ ඇවැසිය].



ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 Hegerl, G. C.; Zwiers, F. W.; Braconnot, P.; Gillett, N.P.; Luo, Y.; Marengo Orsini, J.A.; Nicholls, N.; Penner, J.E.; Stott, P.A. (2007). "Chapter 9, Understanding and Attributing Climate Change – Section 9.2.2 Spatial and Temporal Patterns of the Response to Different Forcings and their Uncertainties" (PDF). In Marquis, M.; Qin, D.; Manning, M.; Chen, Z.; Miller, H.L. (eds.). Climate Change 2007: The Physical Science Basis. Contribution of Working Group I to the Fourth Assessment Report of the Intergovernmental Panel on Climate Change. Intergovernmental Panel on Climate Change. Cambridge, United Kingdom and New York, NY, USA.: Cambridge University Press. සම්ප්‍රවේශය 2008-04-13. See 9.2.2.2 {{cite book}}: |editor6-first= missing |editor6-last= (help); |editor7-first= missing |editor7-last= (help); Missing |editor7= (help); More than one of |editor1-last= and |editor-last= specified (help)
  2. කෙනත් එල්. ඩෙන්මන් ඇන්ඩ් ගයි බාස්සෝර්; et al. (2007). "කප්ලින්ස් බිට්වීන් චේන්ජර්ස් ඉන් ක්ලයිමේට් සිස්ටම් ඇන්ඩ් ද බයෝජියෝකෙමිස්ට්‍රි, 7.5.3" (PDF). අයිපීසීසී. සම්ප්‍රවේශය 2008-04-09.
  3. "ද ෆිසිකල් බේසිස් ෆෝ සීඩිං ක්ලවුඩ්ස්". ඇට්මොස්ෆරික්ස් ඉන්කෝ. 1996. සම්ප්‍රවේශය 2008-04-03.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝලීය_ප්‍රභාහීනය&oldid=417327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි