ගොනාගොල්ල විහාරය

විකිපීඩියා වෙතින්
ගොනාගොල්ල විහාරය
විහාරයේ වූ ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ගොනාගොල්ල විහාරය (පුංචි සීගිරිය) ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ වැවගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොත්මලේ ඔය ජනපදය ප්‍රදේශයේ පිහිටි පුරාණ විහාරස්ථානයක් වේ.[1] විහාරය අම්පාර ගොනාගොල්ල පාරේ කොහොඹාන හංදියෙන් නැගෙනහිරට හැරී සැතපුම් තුනක් පමණ ගිය විට හමුවේ.

පැරණි සිතුවම්[සංස්කරණය]

බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙනක් හා සිතුවම් සහිත කොටස
විහාරයේ වූ අනුරාධපුර යුගයට අයත් සිතුවම් බදාම කොටස

විහාර පරිශ්‍රයෙහි වූ ගල්පර අතර කුඩා ගල් ලෙන් දෙකක් පවතී. එක් ගල් ලෙනක බටහිරින් යොදන ලද බදාම තට්ටුවක් මත පැරණි චිත්‍ර ඇඳ ඇත. ඇඳ ඇති සිතුවමෙහි නළඟනකගේ හා පුරුෂයකුගේ රූප සටහන් වේ. එම සිතුවම් රතු, කහ, කොළ, සුදු වර්ණයන් උපයෝගී කරගනිමින් ඇඳ තිබේ.[2]

නටඹුන්[සංස්කරණය]

විහාරයේ සිතුවම් ලෙනට ආසන්නව පොකුණු දෙකක හා දාගැබක අවශේෂ දැකගත හැකිවේ. මීට අමතරව ගිරි ලිපි කිහිපයක්ද විහාරය තුල ස්ථාපිතය.

ගොනාගොල්ල ගිරි ලිපි[සංස්කරණය]

විහාරයේ ස්ථාන දෙකක ගල් පර්වතයන්හී කොටා ඇති ගිරි ලිපි දැක ගත හැකිවේ. මීට අමතරව ලෙන්හීද කටාරම් සහිත කොටස්හී පැරණි අක්ෂර වේ.

ගිරි ලිපි 1[සංස්කරණය]

මෙම ගිරි ලිපි ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස් වලට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ.

  • පළමු ලිපිය - ප්‍රාදේශීය පාලක (රට නායක) මහින්දගේ බිරිඳ හා බකදයගේ බිරිඳ විසින් විහාරයට සිදුකල කිසියම් ප්‍රදානයක් පිළිබඳ සඳහන් වේ.
  • දෙවන ලිපිය - මහ රටෙහි කිසියම් ගමක වාසය කරන ලද අභය නම් තැනැත්තා විසින් අළිතක මහා විහාරයට වැසි සළු පූජා කිරීම පිළිබඳව සඳහන් වේ.
  • .තෙවන ලිපිය - කිසියම් පුද්ගලයෙකු විසින් අළිතක මහා විහාරයේ පැවැති අරියවංස පූජාව සදහා කහවණු පූජා කල බව මෙම ලිපියේ සඳහන්ය.

ගිරි ලිපි 2[සංස්කරණය]

මෙම ගිරි ලිපි ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස් වලට අයත් වන අතර, පරිවර්ථිත බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ.

  • පළමු ලිපිය - භික්ෂූන් වහන්සේලා වෙත පූජා කරන ලද කිසියම් ප්‍රධානයක් පිළිබඳව තොරතුරු සඳහන්ය.
  • දෙවන ලිපිය - ගොවිගමෙහි වාසය කරන නදසබ විසින් මේ පියගැටපෙළ කරවන ලද බව සෙල්ලිපියේ සඳහන්ය. එහි පින සියළු සත්වයෝ වෙත අනුමෝදන් කර තිබේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ගොනාගොල්ල පුංචි සීගිරියේ බිතුසිතුවම්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 නොවැම්බර් 21. {{cite news}}: Check date values in: |accessdate= (help)
  2. "ගොනාගොල්ල". ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 2016-03-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 නොවැම්බර් 21. {{cite news}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ගොනාගොල්ල_විහාරය&oldid=613040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි