ගල්සියඹලා
Jump to navigation
Jump to search
ගල්සියඹලා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
ගණය: | 'Dialium' |
විශේෂය: | D. cochinchinense |
ද්වීපද නාමය | |
Dialium cochinchinense Pierre |
ගල්සියඹලා (විද්‍යාත්මක නාමය - Dialium cochinchinense) (ඉංග්‍රීසි - velvet tamarind) යනු ද්වීබීජපත්‍රී පලතුරු ශාකයකි. මෙම ශාක බහුල වශයෙන් ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය යන ආසියානු රටවලද අප්‍රිකාවේද ව්‍යාප්ත වී තිබේ. දැනට වදවීමේ තර්ජනයකට පාත්‍ර වී ඇති මෙම ශාකය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මනරම් ශාකයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
මෙහි ඵලය ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සියඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.