හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

විකිපීඩියා වෙතින්
(ගම්පහ මල් වත්ත වෙතින් යළි-යොමු කරන ලදි)
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය
Map
පිහිටීමහෙනරත්ගොඩ, ගම්පහ,  ශ්‍රී ලංකාව
තත්වයවසර පුරා විවෘතයි
ඉදිකිරීම1876
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ දර්ශනයක්

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (ගම්පහ මල් වත්ත) යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන හය අතුරින්, ගම්පහ ඉදිකොට තිබෙන උද්‍යානයයි. අනෙක් උද්භිද උද්‍යාන පහ වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය, සීතාවක උද්භිද උද්‍යානය සහ ගනේවත්ත වන ඖෂධ උද්භිද උද්‍යානයයි.

පිහිටීම[සංස්කරණය]

ගම්පහ දුම්රිය ස්ථානයේ සිට, ගම්පහ-මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ, මීටර 450 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. කොළඹ සිට උද්‍යානයට කිලෝ මීටර 29 ක පමණ දුරක් පවතී. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 33 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා නිවර්ථන පහතරට දේශගුණ තත්වයක් පවතියි. [1]

උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 36 ක් වන අතර, මෑතකදී දියත් කල නව සංවර්ධන කටයුතු වලදී තවත් අක්කර 7ක භූමි ප්‍රමාණයක් උද්‍යානයට අළුතින් එකතු කරන ලදී.[2]

ඉතිහාසය[සංස්කරණය]

1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම භූමිය, රබර් වගා කිරීම සඳහා නිමවන ලදී. පසුව 1879 දී බ්‍රිතාන්‍ය කිවු (Kew) රාජකීය උද්භිද උද්‍යානයේ සිට රැගෙන ආ රබර් බීජ පැල මේ භූමිය තුල රෝපණය කල අතර[3] , එම රෝපණ වැඩකටයුතු උද්‍යානයේ මුල්ම භාරකරුව සිටි මුහන්දිරම් ඒ. දි සොයිසා වෙත භාරදී තිබෙයි. එම රෝපිත රබර් ශාක 1881 වන විට පීදුනු බව සඳහන් වන අතර, ඊළඟ වසරේ සිට එහි බීජ රෝපණය සඳහා දිවයින පුරාත්, සමහර බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් වෙතත් රැගෙන ගිය බව සඳහන් වෙයි.[4]

රෝපිත පළමු රබර් පැළයේ අවශේෂ

පසුව දිවයිනේ ප්‍රධාන උද්භිද උද්‍යානයක් ලෙස සංවර්ධනය කල මෙම භූමිය තුල, වර්ථමානයේදීද රෝපණය කල මුල්ම රබර් ශාකයේ අවශේෂ මෙන්ම 19වන සියවසේ ඉන්දවූ ශාක සමහරක් දැකගත හැකිය.

උද්‍යානයේ වැදගත් ශාක ප්‍රජාවන්[සංස්කරණය]

  • මෙරට ප්‍රථම රබර් ශාකය - Hevea brasiliensis (1876 වසරේ රෝපණය කල අතර, 1986 දී ශාකය මියයන ලදී).
  • Dipterocarpus zeylanicus - (හොර)
  • Roystonia regia
  • Calophyllum inophyllum
  • Taraktogenus kurzii
  • Livistona rotundifolia

මීට අමතරව විවිධ ඕකිඩ් වර්ග, පර්ණාංග, ඖෂධ පැළෑටි, මල් පිපෙන ශාක උද්‍යානය තුල රෝපණය කොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]