කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්ම

විකිපීඩියා වෙතින්
කොරියානු ශෛලියේ ඵලක අටේ හිස්වැස්ම, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක්.

කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්ම (චීන: 朝鲜式八板头盔) යනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.ව. 14වන සිට 16වන සියවස දක්වා කාලය තුළ නිර්මාණය වූයේ යැයි සැලකෙන කොරියානු අර්ධද්වීපයට හෝ මොංගෝලියානු සංස්කෘතියකට අයත් විය හැකි හිස් වැස්මකි.[note 1] මෙම හිස්වැස්ම ඵලක අකින් යුක්ත වේ.[1] මෙම හිස්වැසුම් සම්ප්‍රදාය ටිබෙටයේ සිට කොරියානු අර්ධද්වීපය තෙක් ව්‍යාප්ත වී ඇත. මේ හා සමාන ව්‍යූහයකින් යුත් ටිබෙට් හිස්වැස්ම සේම මෙම කොරියානු ශෛලියේ හිස්වැස්ම ද නිර්මාණය කොට ඇත්තේ යකඩ සහ සම්වලිනි. කෙසේනමුත්, මෙ හිස්වැසුම් දෙවර්ගය අතර ඇති වෙනස්කමක් වන්නේ කොරියානු ශෛලියේ ඵලක අටේ හිස්වැසුම්, ටිබෙට් ශෛලියේ ඵලක අටේ හිස්වැසුම්වලට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා වීමයි. සාමාන්‍යයෙන් ඵලක අටකින් සමන්විත දර්ශීය ටිබෙට් හිස්වැස්මක් 21 cm සිට 22 cm දක්වා උසකින් යුක්ත වන අතර, මෙම ඵලක අටකින් යුත් කොරියානු ශෛලියේ හිස්වැස්මේ උස 13 cm ක් පමණකි. එහි දිග 24.3 cm සහ පළල 21 cm පමණ ද වේ. මෙම කොරියානු ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්මේ 1065.9 g පමණ වේ.[2]

විස්තරය[සංස්කරණය]

බා බැන් නම් වූ මෙම හිස්වැසුම් සම්ප්‍රදායේ ඉතිහාසය ක්‍රි.ව. 8වන සියවස තෙක් ඈතට දිවයන අතර, 16වන සියවස වන විට එය සුලබ විය. මෙය පළමු දක්නට ලැබුණේ ටිබෙට් කලාපයේ ය. මෙය ඵලක අටේ හිස්වැස්ම යනුවෙන් හැඳින්වෙන්නේ එය යකඩ ඵලක අටක් සහ සම් භාවිතයෙන් නිර්මාණය කොට ඇති නිසායි. වර්තමානය වන විට මැනවින් සංරක්ෂණය වී ඇති ටිබෙට් ශෛලියේ හිස්වැසුම් ගණනාවක් හමුවන අතර, ඇතැම් හිස්වැසුම් ටිබෙටයේ විහාරස්ථානවල තැන්පත් කොට තිබෙනු දැකගත හැකි ය.[3] ටිබෙටයේ හිස්වැසුම්වලට සමාන අයුරින් කොරියානු මෙම ‍ආකාරයේ හිස්වැසුම් ද නිර්මාණය කොට ඇත්තේ යකඩ සහ සම් භාවිතයෙනි. කෙසේනමුත්, කොරියානු ඵලක අටේ හිස්වැසුම් සහ ටිබෙට් ශෛලියේ හිස්වැසුම් අතර දක්නට ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ කොරියානු හිස්වැසුම් ඵලක අටකින් යුත් ටිබෙට් හිස්වැසුම්වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වීමයි. සාමාන්‍යයෙන් ටිබෙට් ශෛලියේ ඵලක අටකින් යුත් හිස්වැස්මක් 21–22 cm අතර උසකින් යුත් අතර, නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශකයට තබා ඇති මෙම කොරියානු ශෛලියේ හිස්වැස්ම 13 cmක් පමණ උසකින් යුක්ත ය.[2] මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ කටයුතුවලින් ප්‍රමාණවත් සාක්ෂි හමුවී නොමැති හෙයින්, මෙම ඵලක අටේ හිස්වැසුම් සමග නික‍ට වටා බඳින පටියක් ද භාවිතා වූයේ ද යන්න තවමත් මතභේදයට ලක්ව ඇත. නමුත්, කැනීම් කටයුතුවල දී සොයාගැනුණු ටිබෙට් ශෛලියේ මෙන්ම කොරියානු ශෛලියේ ද ඵලක අටකින් යුත් හිස්වැසුම්වල නිකටෙහි සවි කරන පටියක් මෙතෙක් සොයාගෙන ද නොමැත.[3]

සටහන්[සංස්කරණය]

  1. මෙම ආකාරයේ ඵලක අටේ හිස්වැසුම් මොංගෝලියානු ප්‍රදේශයෙන් සම්භවය වන්නට ඇතැයි මතයක් ඇත. නමුත් සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ එය උතුරු කොරියානු ප්‍රදේශවල සම්භවය වන්නට ඇති බවයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Helmet of Eight Plates in the Korean Style" (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-21.
  2. 2.0 2.1 La Rocca, Donald J. (2014). Recent Acquisitions of Tibetan and Mongolian Arms and Armor in the Metropolitan Museum of Art, Part 2 (ඉංග්‍රීසි බසින්). Vol. 2. New York: The Metropolitan Museum of Art. pp. 190–191. {{cite book}}: |access-date= requires |url= (help)
  3. 3.0 3.1 "Tibetan Lamellar Helmet" (ඉංග්‍රීසි බසින්). Royal Oak Armoury. සම්ප්‍රවේශය 2017-11-21.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • La Rocca, Donald J. (2006). Warriors of the Himalayas: Rediscovering the Arms and Armor of Tibet (ඉංග්‍රීසි බසින්). Vol. 17. New York: The Metropolitan Museum of Art. p. 82. {{cite book}}: |access-date= requires |url= (help)

බාහිර සබැඳි[සංස්කරණය]