ඉලංගක්කාරම්

විකිපීඩියා වෙතින්

ඉලංගම් ශාස්ත්‍රයෙන් 1/3 ක් පමණ හැදෑරූ අයගෙන් දක්ෂ සටන්කරුවන් තෝරා ඔවුනට විශේෂ ඉලංගක්කාර පුහුණුව ලබාදී සාදාගන්නා පිරිසකි.මෙහිදී ශරීරයේ සඟවාගෙන යා හැකි අවිආයුද සමූහයක් පවතී.ඉලංගක්කාර කඩු සටන් සහ ඉලංගක්කාර දුනු හරඹ ඉතා ප්‍රවේශමෙන් පුහුණු විය යුතුය,මන්ද මෙම සටන් ක්‍රම පුහුණුවීමේදී සුළු වැරදීමක් හෝ සිදුවුවහොත් ප්‍රතිවාදියාගේ මරණය පවා සිදුවිය හැකි බැවිනි.මුඛ වාඩම ඉලංගක්කාර නිල ඇඳුමේ එක් කොටසකි.ක්ෂණිකව පිනුම් කරණම් ගසමින් තමාගේ අනන්‍යතාවය පවා ප්‍රතිවාදියාට හෙළිනොකර සිතාගත නොහැකි අයුරින් වේගවත්ව සටන්කිරීමේ හැකියාවක් මොවුනට ඇත. තවද සතුරාට බරපතල ලෙස පහරදී ක්ෂණිකව පලායෑම ආදී කොටස් රාශියක් මෙම කොටසට ඇතුළත් වේ. හොඳින් පුහුණු කරවන ලද ඉලංගක්කාරයෙකු හට ලොව වෙනත් ඕනෑම සටන්කරුවෙකු සමඟ සටන්කොට පහසුවෙන් ජයගත හැක.අතීතයේදී පරදේසක්කාර රජෙකු රහසිගතව මරාදැමීම, සතුරු හමුදාවක් ක්ෂණිකව සමූලඝාතනය කිරීම වැනි විශේෂ කාර්යයන් සඳහා යන් ඉලංගක්කාරයන් යොදාගෙන ඇත.එමෙන්ම මිනිත්තුවකටත් වඩා අඩු කාලයකදී ඕනෑම කෙනෙකු සමඟ සටන්කොට ක්ෂණිකව මරණය ගෙනදීමට මොවුන් සමත් වේ.මොවුහු අතිශයින් මාරාන්තික හා බිහිසුණු නමුත් මනාව ඉවසීම හා හික්මීම ප්‍රගුණ කළ රට,ජාතිය හා ආගම වෙනුවෙන් පමණක් සටන් වදින දේශමාමකයෝ වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ඉලංගක්කාරම්&oldid=312282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි