කොනාරක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොනාරක්
କୋଣାର୍କ
කොනාර්ක, කොනාරක්
නගරය
සූර්ය දේවාලය, කොනාරක්
සූර්ය දේවාලය, කොනාරක්
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Odisha" does not exist.ඉන්දියාවේ ඔඩිෂා තුළ පිහිටීම
ඛණ්ඩාංක: 19°53′27″N 86°06′01″E / 19.89083°N 86.10028°E / 19.89083; 86.10028ඛණ්ඩාංක: 19°53′27″N 86°06′01″E / 19.89083°N 86.10028°E / 19.89083; 86.10028
රට ඉන්දියාව
ප්‍රාන්තයඔඩිෂා
දිස්ත්‍රික්කයපුරි
උස2 මී (7 අඩි)
ජනගහණය(2001)
 • මුළු15,015
භාෂා
 • නිලඔඩියා
වේලා කලාපIST (UTC+5:30)
වාහන ලියාපදිංචියOD
වෙබ් අඩවියhttp://konark.nic.in

කොනාරක් (ඔඩියා: କୋଣାର୍କ) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පුරි දිස්ත්‍රික්කයේ පිහිටි හධ්‍ය ප්‍රමාණයේ නගරයකි. මෙය බෙංගාල බොක්ක අසල වෙරළ තීරයේ ප්‍රාන්ත අගනුවර වන භුබනේස්වර් සිට කිලෝමීටර 65ක් දුරින් පිහිටා තිබේ.[1] 13වන සියවසේ Iවන නරසිංහදේව රජ සමයේ කළු ග්‍රැනයිට් පාෂාණයෙන් ඉදිකළ සූර්ය දේවාලය හෙවත් කළු පැගෝඩාව පිහිටියේ මෙහි ය. මෙම දේවාලය ලෝක උරුම අඩවියකි.[2] වර්තමානයේ බෙහෙවින් නටබුන් බවට පත්ව ඇති මෙම දෙවොලේ ප්‍රතිමා එකතුවක් සූර්ය දේවාල කෞතුකාගාරයේ තබා ඇත. මෙය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය මගිනි.

කොනාරක් නගරය කොනාරක් නර්තන උළෙල යනුවෙන් හැඳින්වෙන් වාර්ෂික නර්තන උළෙල හේතුවෙන් ප්‍රකට වී ඇත. සෑම දෙසැම්බරයකම පැවැත්වෙන මෙම උත්සවය සම්භාව්‍ය ඉන්දියානු නර්තන ක්‍රම වෙනුවෙන් වෙන්කොට ඇත. මේ අතරට ඔඩිෂාහි සම්ප්‍රදායික නර්තන ක්‍රමයක් වන ඔඩිසි නර්තනය ද ඇතුළත් ය.[3]

1980 පෙබරවාරි 16 දින, කොනාරක් නගරය පූර්ණ සූර්යග්‍රහණය දර්ශනය වූ මාර්ගය ඔස්සේ විය.[4][5][6]

නිරුක්තිය[සංස්කරණය]

කොනාර්ක යන වදන පැන නැගී ඇත්තේ සංස්කෘත වදනක් වන කෝණ (අර්ථය කෝණය) සහ සූර්ය දෙවියන්ට පිදූ දෙවොල ආශ්‍රයෙන් අර්ක (අර්ථය සූර්යයා) යන වදන එක් වීමෙනි.[7]

සූර්ය දේවාලය[සංස්කරණය]

කොනාරක් සූර්ය දේවාලය

13වන සියවසේ ඉදිවූ සූර්ය දේවාලය සූර්ය දෙවියන් වෙනුවෙන් පුදකළ දැවැන්ත රථයක් ලෙසින් සැලසුම් කෙරුණකි. මෙයට විසිතුරු කරන ලද රෝද යුගළ දොළසක් ඇති අතර, එය ඇදීමට අශ්ව රූ සතක් ඇත. මින් ඇතැම් රෝද මීටර 3ක් පමණ පළල් ය. වර්තමානයේ මෙහි වූ අශ්ව ප්‍රතිමා හතෙන් දක්නට ලැබෙන්නේ සයක් පමණි.[8] 17වන සියවසේ මුල්කාලයේ මෝගල් ජහාන්ගිර් අධිරාජයගේ දූතයකු විසින් මෙම දේවාලය අවභාවිතයට ගෙන වනසා ඇත.[9]

මෙම දේවාලය උච්චස්ථානයට පත්ව තිබූ සමයේ, මෙහි වන්දනාමාන කෙරුණු සූර්ය දෙවියන්ගේ ප්‍රධාන ප්‍රතිමාව මුදුනේ සවිකළ විශාල චුම්බකයකින් සහ පත්ළේ සවිකළ විශාල චුම්බකයකින් යුතුව අහසේ පාවෙන අයුරින් නිමවා කිබෙන්නට ඇතැයි සැලකේ.[10]

දේව ප්‍රතිමාව මධ්‍යයේ දියමන්තියක් ඔබ්බවා තිබූ අතර, එයට හිරු එළිය පතිත වී පරාවර්තනය වූ බැව් විශ්වාස කෙරේ. 1627දී, ඛුර්දාහි රජු කොනාරක්හි සිට සූර්ය දේව ප්‍රතිමාව පූරිහි ජගන්නාත් දේවාලය වෙත රැගෙන ගියේ ය. මෙම කොනාරක් සූර්ය දේවාලය අයත් වන්නේ කාලිංග ගුරුකුලයේ ඉන්දියානු ගෘහනිර්මාණ ශෛලියට ය. මෙම සූර්ය දේවාලය ඉදි කොට ඇත්තේ නැගෙනහිර-බටහිර දිශාව ඔස්සේ ය. මෙහි ඇතුළු ශුද්ධස්ථාන හෙවත් විමාන, කුළුණක් හෙවත් ශිඛරයක් වටා පිහිටා තිබෙන්නට ඇත. නමුත් 19වන සියවසේ එය විනාශ කොට ඇත. මෙහි ශ්‍රවණාගාරය හෙවත් ජගමෝහන ශාලාව තවමත් පවතින අතර, නටබුන් අතුරින් බොහෝමයක් එයට අයත් ඒවායි. නෘත්‍ය ශාලාව හෙවත් නාට්මන්දීර්හි පියස්ස ඇද වැටී ඇත. මෙය නටබුන් පිහිටි පෙදෙසේ නැගෙනහිර අන්තයේ පිහිටා ඇති අතර, උස් වේදිකාවක එය ඉදිකර තිබිණි.[11]

ඉතිහාසය[සංස්කරණය]

1559දී, මුකුන්දා ගජපති කත්තක්හි සිහසුනට පත් විය. ඔහු අක්බර් අධිරාජයාට පක්ෂපාතී වූ අතර, බෙංගාලයේ සුල්තාන් වූ සුලෙයිමාන් ඛාන් කරානිට සතුරුව ක්‍රියා කරන්නට වූයේ ය. සටන් කිහිපයකින් පසු, අවසානයේ ඕදිෂාව බිඳවැටිණි. මෙම බිඳ වැටීමට රාජ්‍යයේ අභ්‍යන්තර ව්‍යාකූළ ස්වභාවය ද හේතුවූයේ ය. 1568දී, සුල්තාන්ගේ සෙන්පතියකු වූ කාලපහාද්ගේ හමුදාව විසින් කොනාරක් දේවාලයට හානි සිදුකළ බැව් පැවසේ.[12] කාලපහාද් විසින් මෙම ‍ආක්‍රමණයේ දී තවත් දේවාල කිහිපයක් විනාශ කළ බැව් වාර්තා වේ.

ජනගහන විද්‍යාව[සංස්කරණය]

2011 ඉන්දියානු සංඛ්‍යාලේඛන අනුව,[13] කොනාරක්හි ජනගහනය 16,779කි. මින් පුරුෂ ජනගහනය 8,654 (52%) වන අතර, ස්ත්‍රී ජනගහනය 8,125 (48%) ක් විය. 2001 ජනගහන වාර්තා අනුව, කොනාරක්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 57%කි. මෙය ඉන්දියාවේ ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා පහළ අගයයකි: මින් පුරුෂ සාක්ෂරතාව 64%කි. ස්ත්‍රීන්ගේ සාක්ෂරතාව 49%කි. කොනාරක් නගරයේ ජනගහනයෙන් 14%ක් අවුරුදු 6ට අඩු පුද්ගලයෝ වෙති.

සංචාරක කර්මාන්තය[සංස්කරණය]

කොනාරක් සුප්‍රකට සංචාරක ස්ථානයක් ලෙස සැලකේ. සංචාරකයන්හට භුබනේස්වර් හෝ පූරි සිට කොනාරක් වෙත ළඟා විය හැක. භුබනේස්වර් ගුවන්තොටුපළේ සිට කොනාරක් වෙත කිලෝමීටර 64ක දුරක් ඇති අතර, සුඛෝපභෝගී බස් රථ සේවා ද මුළු දිවා කාලය පුරා මෙහි ක්‍රියාත්මක ය. මීට සමගාමීව ටැක්සි සේවාවක් ද ක්‍රියාත්මක වේ. පූරි සිට කොනාරක් වෙත් ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 34ක් පමණ ය. පූරි දුම්රිය ස්ථානයේ සිට බසයක හෝ ටැක්සියක නැගී කොනාරක් වෙත ළඟ විය හැක. කොනාරක් වෙත දුම්රිය සේවා ද ක්‍රියාත්මක වුවත්, එය එතරම් ජනප්‍රිය නැත.[14]


මේවාත් බලන්න[සංස්කරණය]

බුගුඩාහි බිරාන්චිනාරායන් දේවාලය, ඔඩිෂාහි පිහිටි තවත් සූර් දේවාලයකි.


සටහන් සහ ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Konark, Official Website (Approach)". 
  2. UNESCO (1984). "World Heritage List: Sun Temple, Konârak". Archived from the original on 3 April 2015. 
  3. "25th Konark Dance & Music festival" (PDF). 
  4. "Solar Eclipse". New Scientist. 13 Aug 1981. සම්ප්‍රවේශය 25 October 2012. 
  5. Kapoor, R. C. "Some Total Solar Eclipses Observed from India". Indian Institute of Astrophysics. In that sense the Feb 16, 1980 eclipse was a great awakener post Independence that created an unprecedented excitement among persons from all walks of life. The path of totality fell over places in India such as Hubli, Raichur, Nalgonda and Konark etc. 
  6. Parkinson, John (24 April 1980). "What's wrong with the Sun?". New Scientist. 86 (1204): 200–204. 
  7. Konârka is a combination of two words, kona (corner) and arka (Sun). UNESCO 1984
  8. It is a monumental representation of the chariot of Surya pulled by a team of seven horses (six of which still exist and are placed on either side of the stairway leading to the sanctuary). UNESCO 1984
  9. The temple fell into disuse in the early 17th century after it was desecrated by an envoy of the Mughal Emperor Jahangir. UNESCO 1984
  10. "10 things to know about Konark". bigwire. සම්ප්‍රවේශය 3 August 2016. 
  11. Further to the east, the natmandir (dance hall), today unroofed, rises on a high platform. UNESCO 1984
  12. Patnaik, Durga Prasad (1989). Palm Leaf Etchings of Odisha. Abhinav Publications. පි. 4. https://books.google.com/books?id=90_qAeMT1bwC&lpg=PA49&vq=Konark&pg=PA4#v=onepage&q&f=false. Retrieved 25 October 2012. 
  13. "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. Archived from the original on 2004-06-16. සම්ප්‍රවේශය 2008-11-01. 
  14. http://www.konark.org/how-to-reach-konark.html

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Puri district

"https://si.wikipedia.org/w/index.php?title=කොනාරක්&oldid=413459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි