කොච්චි
| කොච්චි | |
|---|---|
| Habanero fruits | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| ක්ලේඩය: | Tracheophytes |
| ක්ලේඩය: | Angiosperms |
| ක්ලේඩය: | Eudicots |
| ක්ලේඩය: | Asterids |
| ගෝත්‍රය: | Solanales |
| කුලය: | Solanaceae |
| ගණය: | Capsicum |
| විශේෂය: | ''C. chinense'' |
| ද්වීපද නාමය | |
| Capsicum chinense | |
| පර්යාය නාම[1] | |
| |
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "Capsicum chinense Jacq". The Plant List.
භාහිර සබැඳි
[සංස්කරණය]
කොච්චි මිරිස් යනු ශ්‍රී ලංකාවේ ආහාර පිසීම සඳහා භාවිත කරන ඉතා සැර මිරිස් වර්ගයකි. මෙය ඉංග්‍රීසියෙන් Bird's eye chilli ලෙසද හඳුන්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ශාක නාමකරණ මූලාශ්‍රවල Capsicum frutescens යන විද්‍යාත්මක නාමය සමඟ කොච්චි යන සිංහල නාමය සඳහන් වේ.[1]
නාමයේ ආරම්භය
[සංස්කරණය]කොච්චි මිරිස් යන නාමය සම්බන්ධයෙන් කේරළයේ කොචින් (වර්තමාන කොච්චි) වරාය නගරය සමඟ බැඳුණු මතයක් පවතී. 2017 දී ප්‍රකාශයට පත් කළ People of Sri Lanka ග්‍රන්ථයේ සඳහන් වන්නේ කොච්චි වරාය ඔස්සේ මෙරටට පැමිණි සැර මිරිස් වර්ගයක් ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් කොච්චි මිරිස් ලෙස හැඳින්වූ බවයි.[2]
ශ්‍රී ලංකාවේ පදිංචි වූ මලයාලි ජනතාවගේ ඉතිහාසයද මෙම නාමය සමඟ සම්බන්ධ කර දැක්වේ. කේරළයෙන් පැමිණි මලයාලි ජනතාව කොච්චි වරාය හරහා මෙරටට පැමිණි නිසා ඔවුන් ඇතැම් අවස්ථාවල කොච්චි මිනිස්සු හෝ කොච්චියෝ ලෙස හැඳින්වූ බව වාර්තා වේ.[3]
කොළඹ කොච්චිකඩේ යන ස්ථාන නාමයද කොච්චි නගරයෙන් පැමිණි මලයාලි ජනතාව පවත්වාගෙන ගිය වෙළෙඳසල් සමඟ සම්බන්ධ කරමින් විස්තර කෙරේ. කොච්චියාගේ කඩේ යන ව්‍යවහාරයෙන් කොච්චිකඩේ යන නාමය බිහි වූ බවට මතයක් පවතී.[4]
උද්භිද විද්‍යාත්මක ලක්ෂණ
[සංස්කරණය]කොච්චි යන සිංහල නාමය Capsicum frutescens ශාකය සඳහා ශ්‍රී ලංකාවේ භාවිත වන නාමයක් ලෙස උද්භිද විද්‍යාත්මක දත්තවල සඳහන් වේ.[5] මෙම ශාකයේ කුඩා මිරිස් ගෙඩි ඉතා සැර රසයකින් යුක්ත වේ. ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තාවකද Bird's Eye Chili හෙවත් Kochchi, Capsicum frutescens ලෙස හඳුන්වා ඇත.[6]
ආහාර සඳහා භාවිතය
[සංස්කරණය]කොච්චි මිරිස් සම්බෝල, චට්නි, අච්චාරු, ව්‍යංජන සහ විවිධ සෝස් වර්ග සකස් කිරීම සඳහා භාවිත කරයි. එහි ඇති දැඩි සැර රසය නිසා ආහාරවල රසය වැඩි කිරීමට කුඩා ප්‍රමාණයක් භාවිත කිරීම ප්‍රමාණවත් වේ.
වගාව
[සංස්කරණය]කොච්චි මිරිස් ශ්‍රී ලංකාවේ ගෙවතු වගාවන්හි සහ ඇතැම් වගා ප්‍රදේශවල දක්නට ලැබේ. හොඳින් හිරු එළිය ලැබෙන, ජලය බැස යන පසක් සහිත ස්ථාන එහි වගාවට සුදුසු වේ.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]පෝෂණය
[සංස්කරණය]කොච්චි මිරිස්වල විටමින් C, කැරොටිනොයිඩ් සහ කැප්සයිසින් වැනි සංයෝග අඩංගු වේ. විටමින් C ජලයේ ද්‍රාව්‍ය විටමින් වර්ගයක් වන අතර කැරොටිනොයිඩ් මිරිස් ගෙඩිවල වර්ණයට දායක වන වර්ණක සංයෝග වේ. කැප්සයිසින් යනු මිරිස්වල දැවිල්ල සහ සැර රසය ඇති කරන සංයෝගයයි.[1]
Capsicum frutescens වර්ගයේ කුරුලු-ඇස් මිරිස් (Bird's eye chilli) පිළිබඳ පර්යේෂණයකදී විටමින් C, කැප්සයිසින් සහ කැප්සැන්තින් අන්තර්ගතය පිළිබඳ වෙනස්කම් හඳුනාගෙන ඇත. එම අන්තර්ගතය මිරිස් ප්‍රභේදය සහ පලතුරේ පරිණතභාවය අනුව වෙනස් විය හැකිය.[2]