කුකුළු පොහොර

විකිපීඩියා වෙතින්
පෝෂ්‍යදායක විශ්ලේෂණය සඳහා කුකුළු පොහොර නියැදියක් ලබා ගන්නා අයුරු

කුකුළු පොහොර යනු, විශේෂිත වශයෙන් නයිට්‍රජන් ඌනතාවයක් පෙන්නුම් කරන පස් මතට කාබනික පොහොරක් ලෙසින් භාවිතා කෙරෙන, කුකුළන්ගේ මල වෙයි.[1] සියළු සත්ත්ව පොහොර අතරින්, නයිට්‍රජන්, පොස්ෆරස්, සහ පොටෑසියම් අධිතතම වන්නේ එයයි. [2] පොහොරක් ලෙසින් භාවිතා කිරීම සඳහා, කුකුළු පොහොර සමහරවිට ගුලි ලෙසින් පිළියෙල කරනු ලබන අතර, මෙම නිෂ්පාදිතය අමතර පොස්ෆරස්, පොටෑසියම් සහ නයිට්‍රජන් එක් කර සැදෙනු ඇත. [3] කුකුළු පොහොර සඳහා ප්‍රශස්ත ගබඩා තත්ත්වයන් වන්නේ වැසූ පෙදෙසක තැබීම සහ එහි ද්‍රව රඳවා ගැනීම වන්නේ, නයිට්‍රජන් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මුත්‍රා තුල පවතින බැවිනි.[4]

නැවුම් කුකුළු පොහොර තුල පොටෑසියම් 0.8% ක්ද,[5] පොස්ෆරස් 0.4% [4] සිට 0.5% ක්ද[5] සහ නයිට්‍රජන් 0.9% [5] සිට 1.5% ක්ද අඩංගු වෙයි. [6] එක් කුකුළෙක්, මසක් තුලදී පොහොර දළ වශයෙන් රාත්තල් 8-11 නිෂ්පාදනය කරයි. [6] නිවසෙදී සාදා ගන්නා ශාක පොහොර තැනීමට කුකුළු පොහොර භාවිතා කල හැක.[6]

අධ්‍යයන[සංස්කරණය]

කලපුදිය ජල පොකුණු තුල ක්ෂීර මත්ස්‍යයන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විවිධ පොහොර වර්ග භාවිතා කිරීම සංසන්දනය සඳහා 1986 වසරෙහිදී, පිලිපීනයෙහිදී විශාරද නිබන්ධනයක් සඳහා අධ්‍යයනයක් සිදු කෙරිණි. [7] මෙම අධ්‍යයනයෙහිදී, කුකුළු පොහොර පමණක්, ගොම පොහොර පමණක්, 16-20-0 පොහොර පමණක්, ගොම පොහොර සහ 16-20-0 පොහොර මිශ්‍රණයක්, කුකුළු පොහොර සහ 16-20-0 පොහොර මිශ්‍රණයක්, සහ පොහොර භාවිතා නොකල පාලිත කණ්ඩායමක් සංසන්දනය කෙරිණි. [7] අධ්‍යයනයෙහි අවසන් නිගමනය වශයෙන් ගොම පොහොර පමණක් භාවිතය හොඳම ලෙසින්ද කුකුළු පොහොර භාවිතය දෙවන තැන ලෙසින්ද තීරණය විය.[7]

පරිසර දූෂණය[සංස්කරණය]

කුකුළු පොහොර රාශියක් යෙදීමෙහිදී අප්‍රසන්න දුර්ගන්ධයක් ඇති වෙයි.

මිනිස් නිවාරකය[සංස්කරණය]

මිනිස් නිවාරකයක් ලෙසින් කුකුළු පොහොර භාවිතා කර ඇත. 2013 ජූලි මාසයෙහිදී, බ්‍රිතාන්‍ය කොළොම්බියාවෙහි ඇබට්ස්ෆර්ඩ් හිදී, නාගරික කම්කරුවන් විසින් කූඩාරම් කඳවුරු භූමියක් තුල කුකුළු පොහොර යෙදුවේ එම ප්‍රදේශයෙන් නිවාස-නොමැති ජනයා පළවා හැරීමෙහි උපක්‍රමයක් ලෙසිනි. [8]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ටෙල්කෑම්ප්, මික්. "ද ස්ට්‍රේට් පූප් ඔන් යූසිං චිකන් මැනුවර් ඈස් ෆර්ටිලයිසර්". සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2015.
  2. ද රොඩේල් බුක් ඔෆ් කොම්පෝස්ටිං: ඊසි මෙතඩ්ස් ෆො එව්රි ගාඩ්නර් (revised සංස්.). රොඩේල්. 1992. පිටුව. 126. ISBN 9780878579914. https://books.google.com/books?id=N6sx5-OM_psC&pg=PA126. 
  3. බැරට්, ජේ. (2008). එෆ්සීඑස් සොයිල් සයන්ස් L3. එෆඊටී කොලෙජ් සීරීස්. පියර්සන් එඩියුකේෂන් සවුත් ඇෆ්රිකා. පිටුව. 70. ISBN 978-1-77025-114-4. https://books.google.com/books?id=FHtsNfBL3TQC&pg=PA70. 
  4. 4.0 4.1 පුලින්, ආර්.එස්.වී.; ෂෙහාඩේ, ඉසෙඩ්.එච්. (1980). ඉන්ටිග්‍රේටඩ් ඇග්‍රිකල්චර් -ඇක්වකල්චර් ෆාමිං සිස්ටම්ස්: ප්‍රසීඩිංස් ඔෆ් දි ICLARM-SEARCA කොන්ෆරන්ස් ඔන් ඉන්ටිග්‍රේජඩ් ඇග්‍රිකල්චර්-ඇක්වාකල්චර් ෆාමිං සිස්ටම්ස්, මැනිලා, පිලිපීන්ස්, 6-9 අගෝස්තු 1979. ICLARM කොන්ෆරන්ස් ප්‍රසීඩිංස්. ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆො ලිවිං ඇක්වටික් රිසෝර්සර්ස් මැනේජ්මන්ට්. පිටුව. 80. https://books.google.com/books?id=UOYO2BscuT8C&pg=PA80. 
  5. 5.0 5.1 5.2 මැනුවර් ඊස් ඇන් එක්සලන්ට් ෆර්ටිලයිසර්. එකෝකෙම්. http://ecochem.com/t_manure_fert.html. Retrieved දෙසැම්බර් 11, 2016. 
  6. 6.0 6.1 6.2 ෆෝර්මන්, පැට්‍රීෂියා; ලෝං, චෙරිල් (අප්‍රේල්–මැයි 2013). "චිකන්ස් ඉන් ද ගාඩ්න්: එග්ස්, මීට්, චිකන් මැනුවර් ෆර්ටිලයිසර් ඇන්ඩ් මෝර්". මදර් අර්ත් නිවුස්. සම්ප්‍රවේශය පෙබරවාරි 18, 2015.
  7. 7.0 7.1 7.2 ගාසියා, වයි.ටී.; ආගන්, සී.ටී.; ඩේටර්, එම්.ඒ.එල්.. මිල්ක්ෆිෂ් බිබිලියොග්‍රෆි අ කම්පයිලේෂන් ඔෆ් ඇබ්ස්ට්‍රෑක්ට්ස් ඔන් මිල්ක්ෆිෂ් ස්ටඩීස්. වර්ල්ඩ්ෆිෂ්. පිටුව. 191. https://books.google.com/books?id=vs9OTi3t-OAC&pg=PA191. 
  8. "බිග් ස්ටින්ක් ඕව මැනුුුව ඩම්ප්". ද හෆිංටන් පෝස්ට්. ජූලි 24, 2013. සම්ප්‍රවේශය පෙබරවාරි 18, 2015.

වැඩිපුර කියවීම්[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුකුළු_පොහොර&oldid=445461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි