කිම් ඉල් – සුංග්
김일성 | |
උතුරු කොරියානු ජනාධිපති | |
තනතුර දරමින් 28 දෙසැම්බර් 1972 – 8 ජූලි 1994 | |
Premier | කිම් ඉල් පක් සෝන්ග්-චෝල් ලි ලෝන්ග්-ඔක් කන් සෝන්ග්-සං ලි ගුන්-මෝ යොන් හුයාන්-මුක් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර සැකසිනි |
අනුප්‍රාප්තිකයා | කිම් ජෝන්-ඉල් |
උතුරු කොරියානු අග්‍රාමාත්‍ය | |
තනතුර දරමින් 9 සැප්තැම්බර් 1948 – 28 දෙසැම්බර් 1972 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර සැකසිනි |
අනුප්‍රාප්තිකයා | කිම් ඉල් |
තනතුර දරමින් 11 ඔක්තෝබර් 1966 – 8 ජූලි 1994 | |
ධූරාවලිය | සාමාජිකතපරිපාලන විධායක සභාව
|
පූර්වප්‍රාප්තිකයා | ඔහුම (සභාපති වශයෙන්) |
අනුප්‍රාප්තිකයා | කිම් ජෝන්-ඉල් |
තනතුර දරමින් 30 ජූනි 1949 – 11 ඔක්තෝබර් 1966 | |
පූර්වප්‍රාප්තිකයා | කිම් ටො-බොන්ග් |
අනුප්‍රාප්තිකයා | ඔහුම (මහලේකම් වශයෙන්) |
වැඩබලන සභාපති, මධ්‍යම කමිටුව , කොරියානු කම්කරු පක්ෂය | |
තනතුර දරමින් 28 අගෝස්තු 1946 – 30 ජූනි 1949 සේවය කිරීම සහයෝගයෙන් චු යොන්ග්-හා සහ හෝ කා-ඉ | |
සභාපති | කිම් ටො-බොන්ග් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර සැකසිනි |
අනුප්‍රාප්තිකයා | පක් හොන්-යොන්ග් (පළමු වැඩබලන සභාපති වශයෙන්) සහ හෝ කා-ඉ (දෙවන වැඩබලන සභාපති වශයෙන්) |
සභාපති, උතුරු කොරියානු කාර්යාංශය කොරියානු කොමුනිස්ට් පක්ෂය | |
තනතුර දරමින් 17 දෙසැම්බර් 1945 – 28 අගෝස්තු 1946 | |
මහ ලේකම් | පක් හොන්-යොන්ග් |
පූර්වප්‍රාප්තිකයා | කිම් යොන්ග්-බොම් |
අනුප්‍රාප්තිකයා | කිම් ටු-බොන්ග් (WPNK සභාපති වශයෙන්) |
නියෝජ්‍ය 1වන, 2වන, 3වන, 4වන, 5වන, 6වන, 7වන, 8වන සහ 9වන උත්තරීතර මහජන සම්මේලනය | |
තනතුර දරමින් 2 සැප්තැම්බර් 1948 – 8 ජූලි 1994 | |
සභාපති, ජාතික ආරක්ෂක කොමිසම | |
තනතුර දරමින් 27 දෙසැම්බර් 1972 – 9 අප්‍රේල් 1993 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර සැකසිනි |
අනුප්‍රාප්තිකයා | කිම් ජෝන්-ඉල් |
උත්තරීතර අණ දෙන නිලධාරී , කොරියානු ජනතා හමුදාව | |
තනතුර දරමින් 4 ජූලි 1950 – 24 දෙසැම්බර් 1991 | |
පූර්වප්‍රාප්තිකයා | චෝ යොන්ග්-ගොන් |
අනුප්‍රාප්තිකයා | කිම් ජෝන් ඉල් |
පුද්ගලික තොරතුරු | |
උපත | කිම් සෝන්ග්-ජු 15 අප්‍රේල් 1912 |
විපත | 8 July 1994 | (වයස 82)
Cause of death | වහිර්කන්තුක ඉක්පාකිභවනය |
Resting place | සං, කුම්සුසාන් මාලිගය, ප්යෝන්ග්යන් |
ජාතිය | උතුරු කොරියානු |
දේශපාලන පක්ෂය | කොරියානු කම්කරු පක්ෂය |
කලත්‍රයා |
|
දරුවන් |
|
වාසස්ථාන(ය) | ප්යෝන්ග්යන්, DPR කොරියාව |
වෘත්තිය | ජනාධිපති, උතුරු කොරියාව |
අත්සන | |
හමුදා සේවය | |
Allegiance | |
ඛණ්ඩය/සේවය | රතු හමුදාව උතුරු කොරියානු හමුදාව |
සේවා කාල සීමාව |
|
සටන්/යුද්ධ | |
කිම් ඉල් – සුංග් කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ (Democratic People’s Republic of Korea) හෙවත් උතුරු කොරියාවේ පළමු නායකයා ය. 1948 දී එම රාජ්‍යය ස්වාධීනත්වය ප්‍රකාශ කළ තැන පටන් 1994 වන තුරු ඔහු එරට පාලන තන්ත්‍රය මෙහෙයවීය[1]. නිල වශයෙන් ඔහු 1972 වනතුරු අගමැති ධූරය දැරූ අතර 1972 සිට ජනාධිපති ධූරය දැරීය. මේ අතර ඔහු උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස 1949 සිට සිය මරණය තෙක් කටයුතු කළේ ය. මරණයෙන් පසුව ද ඔහු සළකනු ලබන්නේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ සදාතනික නායකයා (Eternal Leader) ලෙස ය.
කිම් ඉල් – සුංග් උපන්නේ 1912 අප්‍රේල් 15 වනදා බව කියනු ලැබේ. ඔහුගේ පියා කිම් හ්‍යොන් – ජික් ද මව කෑංග් පැන් – සොක් ද වූහ. කිම් ඉල් – සුංග්ට දෙමාපියන් දැමූ නම කිම් සොංග් – ජූ ය. ඔහු කිම් ඉල් – සුංග් ලෙස ප්‍රකට වූයේ ජපන් විරෝධී සටන්කරුවකු ව සිටින සමයේ, 1930 දශකයේ මුල් කාළයේ ය. කිම් ඉල් – සුංග්ට කිම් චුන්ග් – ජූ සහ කිම් යොංග් – ජූ නමින් බාල සහෝදරයින් දෙදෙනෙක් ද වූහ. ඔවුනගේ පවුල ප්‍රෙස්බිටේරියන් නිකායට අයත් වූ අතර කුඩා කළ එම දහමේ ආභාෂයෙන් කිම් ඉල් – සුංග් හැදී වැඩුණි.
1910 දී ජපානය විසින් කොරියාව අත්පත් කරගන්නා ලද අතර ඉන්පසු ඇතැම් කොරියානුවෝ යාබද චීනයේ මැන්චූරියාවට සංක්‍රමණය වූහ. කිම්ගේ පවුල ද එසේ කොරියාව අත හැර මැන්චූරියාවට සංක්‍රමණය විය.
කිම් ඉල් – සුංග් 1930 දී චීන කොමියුනිස්ට් පක්ෂය හා එක් විය. ඉන් පසුව ඔහු ජපන් අධිරාජ්‍ය විරෝධී සටනට සම්බන්ධ විය. ඔහුගේ ක්‍රියාකාරකම් පසු කලෙක උතුරු කොරියානු පාලනය විසින් බරපතල ලෙස අතිශයෝක්තියට නංවන ලද නමුත් ඔහු සැළකිය යුතු වැදගත්කමකින් යුතු සටන්කාමී නායකයකු බව පිළිගනු ලබයි.
කෙසේ නමුත් ඔහු විශාල සටන්වලට සම්බන්ධ නොවූ අතර 1937 ජූනි 4 වනදා සිදු වූ පොචොන්බෝ සටන ඔහුගේ ප්‍රධානම සටනකි. වත්මන් උතුරු කොරියාවේ පිහිටි පොචොන්බෝ නම් කුඩා නගරය කිම් ඉල් – සුංග්ගේ හමුදා විසින් තාවකාලිකව අල්ලාගන්නා ලදී. එහිදී ඔහු ජනතාව අමතා කතාවක් පැවැත්වූ අතර පසුව නගරය අතැර පසු බැස්සේය. මෙම සටන උතුරු කොරියානු ඉතිහාසයේ විශාල වැදගත්කමකින් යුතු සටනක් ලෙස හුවා දක්වනු ලබයි.
1940 දී කිම් සිය හමුදාවලින් ඉතිරි වූවන් සමඟ සෝවියට් දේශයට පසු බැස්ස අතර පසුව සෝවියට් රතු හමුදාවේ සේවය කළේය.
උතුරු කොරියාවේ නායකත්වයට කිම් ඉල් – සුංග් පත් වූයේ සෝවියට් දේශයේ උපකාරයෙනි. 1945 අගෝස්තු 8 වනදා ජපානයට එරෙහිව සෝවියට් දේශය යුධ ප්‍රකාශ කළ අතර රතු හමුදා කොරියාවේ උතුරු ප්‍රදේශය අල්ලාගත්තෝය. පසුව එහි සෝවියට් හමුදා පාලනය ස්ථාපිත කරන ලදී. කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ උතුරු කොරියානු ශාඛාවේ නායකයා ලෙස කිම් ඉල් – සුංග් පත් කරන ලද අතර 1946 පෙබරවාරියේදී උතුරු කොරියානු තාවකාලික ජනතා කමිටුවෙහි සභාපතිවරයා ලෙස එම ප්‍රදේශයේ ප්‍රධානම කොරියානු පරිපාලකයා ලෙස කිම් පත් විය. සිය පාලනය තහවුරු කරනු වස් පැරණි ගරිල්ලා භටයින්ගෙන් ද සැදුම් ලත් කොරියානු මහජන හමුදාව කිම් විසින් පිහිටුවන ලදී. 1948 සැප්තැම්බර් 9 වනදා උතුරු කොරියාව ස්ථාපිත කරන විට ඔහු එහි අගමැතිවරයා බවට පත් විය.[2][3][4]
සෝවියට් ආධාර සහිතව උතුරු කොරියානු හමුදා ශක්තිය තර කළ කිම්, සමස්ථ කොරියාවම තමන් යටතේ එක්සත් කිරීම සඳහා 1950 ජූනි 25 වනදා දකුණු කොරියාව ආක්‍රමණය කළේය. උතුරු කොරියානු හමුදා වේගයෙන් දකුණු කොරියාව ඔස්සේ ඉදිරියට ඇදුණ අතර බූසාන් නගරය අවට ප්‍රදේශයක් හැරුණ විට සමස්ථ අර්ධද්වීපය ම ඔවුන් අතට පත් විය. කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් උතුරු කොරියානුවන් පළවා හැරියෝය. ඔක්තෝබර් 19 වනදා වනවිට උතුරු කොරියාවේ ප්‍යොංග් යෑන් අගනුවර ඔවුන් අතට පත් වූයෙන් කිම් ඉල් – සුංග්ගේ රජය නගරය අතැර පළා ගියේය. එක්සත් ජාතීන් ගේ හමුදා උතුරු කොරියාව සහ චීනය අතර දේශ සීමාව වන යාලූ නදිය ආසන්නයටම ළඟා වීමේ අවදානමක් ඇති වූයේය.
ඔක්තෝබර් 25 වනදා කොමියුනිස්ට් චීනය කොරියානු යුද්ධයට සම්බන්ධ වීමත් සමඟ එම අවදානම පහ විය. 1951 මැද වනවිට සටන් පෙරමුණ උතුරු අක්ෂාංශ 38 අවට රැඳුණි. 1953 ජූලි 27 වනදා සටන් විරාමය අත්සන් තබන තුරු එම තත්ත්වය විශාල වෙනසකට භාජනය නොවීය.
කොරියානු යුද්ධයෙන් පසු කිම් ඉල් – සුංග් යටතේ උතුරු කොරියාව සංවර්ධන කටයුතු වේගවත් කළේය. 1970 දශකයේ මුල් කාළය පමණ වනතුරු දකුණු කොරියාවට වඩා උතුරු කොරියාවේ හොඳ ජීවන තත්ත්වයක් විය.
1950 ගණන්වල දී සෝවියට් දේශයෙහි ඇතිවූ ප්‍රතිසංස්කරණවලට කිම් එතරම් අනුකූලතාවක් නොදැක්වීය. එහෙයින් ඔහු චීනය දෙසට වඩා නැඹුරු වූයේය. නමුත් රටවල් දෙකෙන් එකක්වත් අමනාප නොකරගෙන සිටීමට ඔහු වගබලා ගත්තේය. එමෙන්ම දේශප්‍රේමය සහ ස්වයංපෝෂිත ආර්ථිකය පදනම් කරගත් ජුචේ නම් සංකල්පයක් නිර්මාණය කළ කිම් ඉල් – සුංග්, උතුරු කොරියාව කොමියුනිස්ට් කඳවුරේ මධ්‍යස්ථ ස්ථානයක තැබීමට උත්සුක විය.
ස්වයංපෝෂිත, මධ්‍යගත ආර්ථිකයකට යොමු වීම අවාසිදායක බවට පත් වූයේ 1980 දශකයේ පමණ සිටය. චීනය වඩා විවෘත ආර්ථිකයකට යොමු වීමත් සෝවියට් දේශයේ ආර්ථිකය ගරා වැටීමත් හේතුවෙන් උතුරු කොරියාවට සිටි ප්‍රධානම ගනුදෙනුකරුවන් දෙදෙනාගේ උපකාරය අඩු විය. එහෙයින් එරට තනි වූ අතර දේශීයව අයහපත් කාළගුණික තත්ත්වයන් නිසා සහ නරක පරිපාලනය නිසා ආහාර නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් රටේ සාගත තත්ත්වයක් නිර්මාණය විය.
1994 ජූලි 8 වනදා හෘදයාබාදයකින් කිම් ඉල් – සුංග් මිය ගියේය. ඉන් පසු ඔහුගේ පුත්‍රයකු වූ කිම් ජොංග් – ඉල් උතුරු කොරියාවේ පාලකයා බවට පත් විය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ 김일성, 쿠바의 ‘혁명영웅’ 체게바라를 만난 날. DailyNK (Korean බසින්). 15 April 2008. 29 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)CS1 maint: unrecognized language (link) - ^ Buzo, Adrian (2002). The Making of Modern Korea. London: Routledge. p. 140. ISBN 0-415-23749-1.
- ^ Cumings, Bruce (2005). Korea's Place in the Sun: A Modern History. New York: W. W. Norton & Company. p. 434. ISBN 0-393-32702-7.
- ^ Robinson, Michael E (2007). Korea's Twentieth-Century Odyssey. Honolulu: University of Hawaii Press. p. 153. ISBN 978-0-8248-3174-5.