කිතනෝ තෙන්මන්ගූ

විකිපීඩියා වෙතින්
කිතනෝ තෙන්මන්ගූ
北野天満宮
හොන්දෙන් හෙවත් ප්‍රධාන ‍ගොඩනැගිල්ල.
කිතනෝ තෙන්මන්ගූ 北野天満宮 is located in Japan
කිතනෝ තෙන්මන්ගූ 北野天満宮
කිතනෝ තෙන්මන්ගූ
北野天満宮
ජපානය තුළ පිහිටීම
තොරතුරු
ප්‍රභේදයතේනමන්ගූ
පුදකොට ඇත්තේසුගවාරා වෝ මිචිසනේ
පිහිටුවූයේ947
රෙයිසයිරෙයිතයිසයි (අගෝස්තු 4වන)
හොන්දෙන් ශෛලියගොන්ගෙන්-සුකුරි
ලිපිනයහකුරකු-චෝ, කමිග්යෝ-කු, කියෝතෝ
ඛණ්ඩාංක35°01′52″N 135°44′07″E / 35.03111°N 135.73528°E / 35.03111; 135.73528ඛණ්ඩාංක: 35°01′52″N 135°44′07″E / 35.03111°N 135.73528°E / 35.03111; 135.73528
වෙබ්අඩවියkitanotenmangu.or.jp/
ෂින්ටෝ ශබ්දමාලාව

කිතනෝ තෙන්මන්ගූ (北野天満宮) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ කියෝතෝවේ කමිග්යෝ-කුහි පිහිටි ෂින්ටෝ ආශ්‍රමයකි.[1]

ඉතිහාසය[සංස්කරණය]

චිෂුෂා (地主社) ඉදිරිපිට යාඥාවේ යෙදෙන ජපන් ස්ත්‍රීන් දෙදෙනෙක්
ප්‍රධාන ‍ගොඩනැගිලිවල අගුවලින් එල්ලන ලද ලන්තෑරුම්.

මෙම ආශ්‍රමය පළමුවෙන් ඉදිරි කරවන ලද්දේ 947දී වංශවතකු, විද්වතකු හා කවියකු වූ සුගවාරා නෝ මිචිසනේගේ කෝපාවිෂ්ඨ ආත්මය සංසිඳුවීම සඳහායි. ෆුජිවාරා වංශයේ ඔහුගේ සතුරන් විසින් දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකොට ඔහුව පිටුවහල් කොට තිබිණි.

මුල්කාලීන හෙයියන් යුගයේ දී මෙම ආශ්‍රමය අධිරාජකීය පවුලේ අනුග්‍රහය යටතට පත් විය.[2] 965දී, මුරකාමි අධිරාජයා නියෝග කළේ ජපානයේ ආරක්ෂක කමි හට වැදගත් සිදුවීම් වාර්තා කිරීම සඳහා අධිරාජකීය පණිවිඩකරුවන් පිටත් කර හරින ලෙසයි. හෙයිහකු නම් වූ මෙම දූතයන් මුලින් ආශ්‍රම 16ක් වෙත ප්‍රදානය කෙරිණි;[3] එසේම 991දී, ඉචිජෝ අධිරාජයා මුරකමිගේ ලැයිස්තුවට තවත් ආශ්‍රම තුනක් ඇතුළත් කළ අතර, එයට කිතනෝ ආශ්‍රමය ද ඇතුඝත් විය.[4]

1871 සිට 1946 දක්වා, කිතනෝ තෙන්මන්-ගූ නිල වශයෙන් කන්පෙයි-චූෂා| (官幣中社) ආශ්‍රමයක් ලෙස නම් කෙරිණි. එහි අර්ථය වන්නේ මෙය රජයේ අනුග්‍රහය ලත් ආශ්‍රම අතර දෙවන ස්ථානයේ පසුවූ බවයි.[5]

තෙන්ජින්[සංස්කරණය]

කිතනෝ තෙන්මන්ගූ ආශ්‍රමයෙන් හමුවූ ජනප්‍රවාදයක් නිරූපිත සිතුවමක්, පසුකාලීන 13වන සියවස; මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

මෙම ආශ්‍රමය පුදකොට ඇත්තේ මිචිසනේ සඳහා ය. 986දී මෙම වංශවත් විද්වත් පුද්ගලයාට "තෙන්ජින්" යන පදවි නාමය ලබා දී දේවත්වයට පත්කරන ලදී.

ප්ලම් කැකුළු උත්සවයේ දී තේ පිළිගන්වන මයිකෝ කාන්තාවක්.

මෙම ආශ්‍රමයේ භූමිය මිචිසනේගේ ප්‍රියතම වෘක්ෂය වූ රතු සහ සුදු උමේ හෙවත් ප්ලම් කැකුළු වෘක්ෂයන්ගෙන් පුරවන ලදී. එම වෘක්ෂයන්හි මල් හටගන්නා කාලයේ මෙම ආශ්‍රමය ජනයාගෙන් පිරී යයි. ප්ලම් කැකුළු උත්සවය (梅花祭, බයිකසයි) පැවැත්වෙන්නේ පෙබරවාරි 25 දින ය. මේත් සමගම මාසික වෙළඳපොල ද පැවැත්වේ. ගෙයිකෝ ළඳුන් සහ යාබද කමිෂිචිකෙන් දිස්ත්‍රික්කයෙන් පැමිණෙන ආධුනික මයිකෝ ස්ත්‍රීන් විසින් විවෘත එළිමහන් තේ උත්සවය (野点, නොදතේ) මෙහෙයවනු ලබයි. එහි දී ගේෂාවන් සහ මයිකෝ ස්ත්‍රීන් විසින් අමුත්තන් 3,000 දෙනකුට තේ සහ වගාෂි පිළිගන්වනු ලබයි.[6][7] වසර 900ක සිට සෑම වර්ෂයකම පාහේ එකම දිනෙක ප්ලම් උත්සවය සමරනු ලබන්නේ මිචිසනේගේ මරණය සිහිපත් කිරීම සඳහායි. එළිමහන් තේ උත්සවයේ ඉතිහාසය 1952 තරම් ඉතිහාසයට දිවෙයි. එම වර්ෂයේ දී මිචිසනේගේ මරණයේ 1,050වන සංවත්සරය සැමරීමට විශාල උත්සවයක් පැවැත්වුණු අතර, එහි දී ටොයොටොමි හිදෙයොෂි ඉදි කළ ආශ්‍රමය විසින් පවත්වනු ලබන ඓතිහාසික කිතනෝ ඔචකයි තේ මංගල්‍යය පාදක කොටගෙන මෙය පැවැත්විණි.

තෙන්මන්ගූහි සුප්‍රකට මැකි වෙළඳපොල

කිතනෝ තෙන්මන්ගූ ආශ්‍රමය විභාගවල සාර්ථකත්වය උදෙසා යාඥා කරන සිසුන් අතර ද ජනප්‍රියත්වයක් හිමිව ඇත්තේ මෙහි දේවතාවා ජීවත්ව සිටින කාලයේ ඔහු සාහිත්‍යය සහ දැනුමට ලැදි පුද්ගලයකු වූ නිසායි. සෑම මාසයකම 25වන දින, මෙම ආශ්‍රමය විසින් මැකි වෙළඳපොලක් පවත්වනු ලබයි. එම නගරයේම පිහිටි දේවාලයක් වන තෝ-ජිහි පැවැත්වෙන මීට සමාන උත්සවය අනුසාරයෙන් කියෝතෝ ප්‍රස්තාව පිරුළක් ද නිර්මාණය වී ඇති අතර, ඉන් කියැවෙන්නේ "තෝජි වෙළඳපොලේ හොඳ කාලගුණය කියන්නේ තෙන්ජින් වෙළඳපොලේ වැසි කාලගුණයටයි" යන්නයි. මෙමගින් කියෝතෝවේ අස්ථිර කාලගුණික තත්ත්වය නිරූපණය වේ.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Richard, Ponsonby-Fane. (1964) Visiting Famous Shrines in Japan, pp. 194-220.
  2. Breen, John et al. (2000). Shinto in History: Ways of the Kami, pp. 74-75.
  3. Ponsonby-Fane, Richard. (1962). Studies in Shinto and Shrines, pp. 116-117.
  4. Ponsonby-Fane, Studies in Shrines, p. 118.
  5. Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan, pp. 126.
  6. Baika-sai (Plum Festival) සංරක්ෂණය කළ පිටපත 2011-01-20 at the Wayback Machine, Kyoto Travel Guide
  7. Open-Air Tea Ceremony with the Scent of Plum Blossoms: Plum Blossom Festival at Kitano Tenman-gu Shrine සංරක්ෂණය කළ පිටපත 2011-09-30 at the Wayback Machine, Kyoto Shimbun, 2007.2.25

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිතනෝ_තෙන්මන්ගූ&oldid=591739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි