Jump to content

ද්වාරය:වාස්තු විද්‍යාව

විකිපීඩියා වෙතින්

වාස්තු විද්‍යාව

[සංස්කරණය]

ඉතිහාසය

[සංස්කරණය]

වාස්තු විද්‍යාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියන සිද්ධාන්තයන් සහිත විද්‍යාවකි. විශේෂයෙන් ගොඩනැගිලි ඉදිකිරීමට පෙර එම ගොඩනැගිල්ලේ පිහිටීම, එයින් ඇතිවන බලපෑම, ස්වභාවය ආදී නොයෙකුත් කරුණු මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ. වාස්තු විද්‍යාවේ ආරම්භය හැටියට සලකනු ලබන්නේ ඉංදියාවය. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ. එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.

  1. භෘගු
  2. අත්‍රි
  3. වසිෂ්ට
  4. විශ්වකර්ම
  5. මය
  6. නාරද
  7. නග්නජිත්
  8. විශාලාක්ෂ
  9. පුරන්දර
  10. බ්‍රහ්ම
  11. කුමාර
  12. නන්දිශ
  13. ශෞනක
  14. ගර්ග
  15. වාසුදේව
  16. අනීරුධ
  17. ශුක්‍ර
  18. බ්‍රහස්පති