කැරළි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Riots Paris 2007.jpg

1. කැරළි හැදින්වීම[සංස්කරණය]

යම් සමාජ සන්දර්භයක් සාමකාමී ලෙස දිස් වුවද, මතුපිටින් නොපෙනිය හැකි ප‍්‍රතිවිරෝධතා මෙන්ම එම සමාජයට ආවේණික වු දුර්වලතා හේතු කොටගෙන කැරලි බිහිවීම සිදුවේ. එම කැරලි විවිධාකාර ස්වරූපයන් ගන්නේ එයට පදනම සපයන හේතු සාදක මතයි. සමාජයෙන් සමාජයට කැරලිකාරිත්වය වෙනස් වන්නේ මෙම හේතු සාධකයන්ද සමාජයෙන් සමාජයට වෙනස් වන බැවිනි. මෙම පරිච්ෙඡ්දය තුළදී මෙලෙස හ`දුනාගත හැකි කැරලි පිළිබ`දව සමාජයේ පවතින, විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන සංකල්ප අදහස් ආදිය විමර්ශනයකට ලක් කෙරේ. එමෙන්ම කැරළි නිශ්පන්න වීම කෙරෙහි බලපාන යථාර්ථවාදි සාදක පිළිබ`දවද අප මෙහිදී අවධානය යොමු කළෙමු. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ විවිධ රූපාකාරයන් ඇත. කැරළි යනු එම සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ එක් රූපාකාරයක් පමණි. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ අනෙකුත් ශාඛාවන් වන ත‍්‍රස්ත‍්‍රවාදය, සමූල ඝාතන හා කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළින් කැරළි වෙනස් වන්නේ කෙසේද? ඒවා අතර ඇති සබ`දතාවය කවරේද සොයා බැලේ. කැරළි යන ප‍්‍රචණ්ඩත්වයේ අනුකොටස තුළ ද විවිධ ප‍්‍රවර්ගයන් පවතී. එම වර්ගීකරණයට මූලික පදනම සැපයෙන්නේ කැරළි කෙරේ බලපා ඇති මූලික සාධක, කැරළිවල ප‍්‍රතිඵල මෙන්ම කැරළිවලට සම්බන්ධ පාර්ශවයන් මත වේ. ඒ අනුව කැරළි වර්ගීකරණය තුළදී ප‍්‍රධාන වශයෙන් රස්තියාදුකාරී කැරළි, පොලිස් කැරළි, බන්ධනාගාර කැරළි, වාර්ගික කැරළි, ශිෂ්‍යය කැරළි හා නාගරික කැරළි ලෙස හ`දුනාගත හැක. මේ අනුව කැරළි හා ඒවාට බලපාන හේතුන් ප‍්‍රචණ්ඩත්වයේ විවිධ ස්වරූප හා කැරළි අතර සබ`දතාවය මෙන්ම කැරළි වර්ගයන් පිළිබ`ද මෙම පරිච්ෙඡ්දය තුළදී අවධානය යොමු කෙරේ.

1.1 කැරළි යනු කුමක්ද?[සංස්කරණය]

Chumbunt.png

කැරළි යන සංකල්පය නේෂන් මාස්ටර් විශ්ව කෝෂයට අනුව නිර්වචනය වන්නේ ප‍්‍රචණ්ඩත්වය දේපොල හානි කිරීම වෙනත් අපරාධයන්හි උග‍්‍රතත්වය හා ක්ෂණිකව මතුවන සංවිධානය නොවු කණ්ඩායම්වල ප‍්‍රහාරයන් මගින් නිරූපනය කෙරෙන සිවිල් කැළඹීමක ආකෘතියක් වේ. පුද්ගලයන් කැරළි දියත් කිරීමේදී සහ එය පාලනය කිරීමට උත්සහ ගැනීමේදී කැරළි අවුල් සහගත වේ. එසේම එමගින් රංචු හැසිරීම ප‍්‍රදර්ශනය කරයි.


කැරළි යනු සංසිද්ධිය ප‍්‍රචණ්ඩත්වයේ එක්තරා මුහුණුවරකි. එසේම එය මිනිස් සමාජය තුළ ඕනෑම විටක ක්ෂණිකව පැන නැගීමට හැකියාවක් තිබේ. කැරළිකාරී කණ්ඩායම තම විරුද්ධවාදීන් කෙරෙහි ඇති ප‍්‍රතිවිරෝධය ප‍්‍රචණ්ඩත්වය තුළින් ප‍්‍රකාශනයට පත් කරයි. එහිදී තම කණ්ඩායම පීඩාවට පත් කරන, සුරා කෑමට ලක් කරන නැතිනම් ආන්තීයකරණයට ලක් කරන කණ්ඩායමට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය දියත් කරනු ලබයි. එහිදී දේපොල විනාශ කිරීම, ජීවිත නැති කිරීම පමණක් නොව වෙනත් ආකාරවල ප‍්‍රචණ්ඩත්වයන්ට ද යොමු විය හැක. කැරළි බිහිවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවු අවස්ථාවක විය හැක. එසේම එය ක්ෂනිකව මතුවන අතර විවිධ ප‍්‍රදේශයන්ටද බොහෝ විට පැතිරී යාමේ ප‍්‍රවණතාවයක් ඇති බව කැරළි විමර්ශනය තුළදී පෙනී යයි. මෙහිදී කැරළිකරුවන් සංවිධානය වීමත් දක්නට නොලැබේ. එතෙක් එම සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය කෙරෙහි පැවති විරෝධතාවය සමාජතලයට මුසු කරයි. කැරළි ඉබේ පහළ නොවේ. එය යම් යථාර්ථවාදී සාදක මත පදනම්ව නිශ්පත්තිය ලබයි. ෘැ්ාකහ ැඑයබසජ රසදඑ යන කෘතිය තුළ හොරෝවිට්ස් දක්වන්නේ වාර්ශික කැරළි යන අහඹු සිදුවීමක් නොවන බවයි. එය පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යකූලත්වයේ ප‍්‍රකාශනයකි. සමාජය තුළ සිටින පුද්ගලයන්ට දැනෙන්නාවු පීඩනය, අනෝමීය තත්වය මෙන්ම ඉච්ඡුාභංගත්වය හේතු කොටගෙන කැරළිකාරී තත්වයන් නිශ්පත්තිය ලබයි. එසේම මෙවන් වු ප‍්‍රචණ්ඩ මානසිකත්වයක් ගොඩ නැගීම කෙරෙහි සමාජය තුළින් පුද්ගලයන්ට බලපාන සමාජ ගැටලූ ආදිය බලපාන ලබයි. දුප්පත්කම, අසමානතාවය, උග‍්‍ර රැුකියා හි`ගය වාර්ගිකව වෙනස්කොට සැලකීම, පොලීසියේ ප‍්‍රචණ්ඩත්වය, වාර්ගික සංක‍්‍රමණ, කෝලාහල, ආරක්ෂිත ජාලය යන දේවල් නිසැකයෙන්ම දැවෙන සෑම මුලිකාංග සමස්තයක් නිර්මාණය කරයි. මෙම ගිනි ගැනීම සාධාරණ නිරීක්ෂකයෙකුට බලාපොරොත්තු විය හැක.


මතුපිටින් දක්නට ලැබෙන කැරළිවලට දායක වු ක්ෂණික හෝ ආසන්නම හේතුවන් පමණි. එයට අමතරව දෘශ්‍ය හෝ අදෘශ්‍ය ආකාරයට කාලයක් තිස්සේ සමාජගත හේතු සාදක විශාල වශයෙන් පවතී. මෙලෙස කැරළිකාරිත්වයන් කෙරෙහි බලපාන ක්ෂණික හෙවත් ආසන්නම හේතුව යම් ලෙසකින් සිදු නොවුයේ නම්, කැරළි ඇතිවිය නොහැකි බවට යමෙකුට තර්ක කල හැක. මෙහිදී ඔහු කැරලිකාරීත්වය කෙරෙහි බලපා ඇති සැබෑ සාධක හ`දුනා නොගන්නේ, එම සිදුවීම මතුපිටින් ස්පර්ශ කිරීමේ වරද නිසාවෙනි. එම ක්ෂණික හේතුව ඇති නොවුවත් වෙනත් හේතුවක් පාදක කොටගෙන එම සමාජය තුළ කැරළි බිහිවීම අනිවාර්යය කරුණකි. මෙය ජලය යම් සෙල්සියස් අංශක ප‍්‍රමාණයකදී උතුරන්නාක් මෙන්, වෛෂයික සාධකයන් උපරිමයට සකස් වු ආස්ථානයේදී කැරළි හෝ එවැනි වෙනත් ප‍්‍රචණ්ඩත්වයන් බිහි විය හැක. මෙහිදී නාගරික මුඩුක්කු ප‍්‍රදේශයන්හි නොදියුණු බව දරිද්‍රතායවය, විරැුකියාව, අඩු අධ්‍යාපන මට්ටම යනාදී සාධක දැකිය හැක. එමෙන්ම ධනේශ්වර ආර්ථික රටාව තුළ තිබෙන සංවර්ධනය මෙවන් ප‍්‍රදේශවලට ගලා නොයාම හා රාජ්‍ය යන්ත‍්‍රණයේ කි‍්‍රයාකාරිත්වය හරහා මෙම තත්වයන් අහෝසි කිරීමට කටයුතු නොකිරීමත් සුභ සාධනය අවශ්‍යම අයට ගලා යාමේ දුර්වලතාවයන් ප‍්‍රබල ගැටලූකාරි තත්වයන් බිහි කොට තිබේ. එසේම රාජ්‍ය එක වාර්ගික කණ්ඩායමකට පමණක් විශේෂ වරප‍්‍රසාද ලබාදීම තවත් ගැටලූවකි. වාර්ගික හා ජනවාර්ගිකයන්ට වෙනස්කොට සැලකීම අවම තත්වයට ගෙන ඒමේ වර්ධනය මගින් මුඩුක්කුවල දුප්පතුන් ස්පර්ශකොට නැත. සාමුහික විරෝධතා හා ප‍්‍රචණ්ඩත්වය හරහා දුක්ගැනවිලි නැවත ආමන්ත‍්‍රණය කරන උත්සාහයක් පහත බසින, දීර්ඝකාලීන දුක්ගැනවිලි වර්ධනය වන ප‍්‍රහේලිකාවට අප මුහුණ දී ඇත.


බොහෝ යුරෝපා රටවලට මෙවැනි මුඩුක්කු වැනි වරප‍්‍රසාද අහිමි ජනතාව සංක‍්‍රමණිකයන් වේ. මොවුන් ඉහත පීඩාකාරිත්වයේ ගොදුරු බවට පත්ව ඇත. මෙම ජනයා තම අවශ්‍යතා ඉටු කරවා ගැනීමට මෙන්ම තම දුක්ගැනවිලි කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමට උත්සහකරන්නේ ප‍්‍රචණ්ඩත්වය හරහාය. වරප‍්‍රසාද රහිත පංතියේ ඓතිහාසික අත්දැකීම වුයේ තම අයිතීන් දිනාගත හැකි එකම මෙන්ම ප‍්‍රබලම මාධ්‍ය ප‍්‍රචණ්ඩත්වය බවයි. සවිඥාණිකව හෝ අවිඥාණිකව එනිසාම ප‍්‍රචණ්ඩත්වය වැළ`ද ගැනීමට මොවුන් පෙළඹෙන බව වැඩිදුර අධ්‍යයනය කිරීමේදී ප‍්‍රත්‍යක්ෂ වන සනාතන සත්‍යයකි. වර්ධනය වන ඇමෙරිකානු කළු ජාතික හා සුදු ජාතිකයන් එකතු වු කණ්ඩායම විශ්වාස කලේ අසමානතාවය හා වියට්නාම යුද්ධය අවසන් කිරීමට නැවත ආමන්ත‍්‍රණය කළ හැක්කේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කිරීම හරහා බවයි.


කැරළි කෙරෙහි බලපාන ආසන්න හා ක්ෂණික සාධකයට වඩා සමාජයේ පවතින විවිධාකාර සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික හේතු සාදක කැරළි පුපුරයාමේ ලක්ෂය වෙත ප‍්‍රගමනය කිරීමේදී විශාල කාර්යය භාරයක් ඉටු කරයි. ” ඕනෑම සිදුවීමක් ලේ ගැලීමට දායක විය හැක.” කැරළි ගිනිගෙන දැවෙන ගිනි කන්දකට සමාන කළ හැක. පොළව තුළ කැකෑරෙමින් පවතින ලාවා, පොළවේ යම් දුර්වල ස්ථානයක් හරහා පොළව මතු පිටට පුපුරා යයි. එසේම එම ගිනිකන්ද වරින්වර ජීවය ලබයි. මේ ආකාරයට සමාජය තුළ දැවෙමින් පවතින ප‍්‍රශ්න කැරලි වැනි ප‍්‍රචණ්ඩත්වය හරහා මතුවෙන අතර, එම ව්‍යාකූල ප‍්‍රශ්න නොවිසදී පවතින විට ගිනිකන්ද මෙන් කැරලිද නැවත ජීවය ලබයි. බොහෝවිට පවතින දේශපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන්නේ එම සමාජ වියවුල කෙරෙහි බලපා ඇති මූල සාදක සොයා පිළියම් යෙදීමට නොවේ. එනම් හේතුන් සොයා නොබලන අතර පිළියම් යොදන්නේ මතුපිට ප‍්‍රතිඵලයට පමණි. නොවැම්බර් 16 බදාදා නාගරික තරුණයන්ගේ කැරලි වර්ධනය කිරීම ස`දහා ප‍්‍රංශ පාර්ලිමේන්තුව හදිසි නීතිය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදේ. මෙලෙස කැරළි මර්ධනය කිරීමේ ප‍්‍රතිපත්තියක් ගෙන යන්නේ නම් බොහෝ විට, කැරළිකාරී මානසිකත්වය තවත් පෝෂණය වීමක් දක්නට ලැබේ. එනිසා යථාර්ථමය විස`දුමක් නොලැබෙන විට මෙන් මර්ධනය රජයේ එකම ප‍්‍රවේශය බවද තේරුම්ගත් විට කැරළි හෝ ප‍්‍රචණ්ඩත්වය තවදුරටත් ව්‍යාප්ත වේ. එසේම කැරළි සමාජය තුළ විවිධාකාර කරුණු පදනම් කොටගෙන ක්ෂණිකව ඇතිවිය හැක. මෙහිදී වාර්ගික කැරළි පිළිබ`ද අවධානය යොමුකළ සමහර විද්වතුන් දක්වා ඇත්තේ උග‍්‍ර ලෙස බෙදුණු සමාජයක වාර්ගික කැරල්ලක් ඕනෑම අවස්ථාවක ඇති විය හැක. අනෙක් අතට සමාන අවබෝධයකින් තක්සේරු කර ඇති ආකාරයට වාර්ගික කැරළි ආර්ථික වශයෙන් පීඩාකාරී කාලවල ඇති වේ.

Riots following Iranian presidential election, 2009.jpg

මෙලෙස වාර්ගික කැරැුල්ලක් පමණක් නොව ඕනෑම පදනමකින් යුක්ත කැරැුල්ලක් මෙසේ එයට අවශ්‍ය සාදක මේරීමට පත්වු ඕනෑම අවස්ථාවක ඇතිවිය හැක. එනම් ඒ ස`දහා අවශ්‍ය වෛෂයික හෙවත් පාරිසරික සාදක නිර්මාණය වී තිබීමේ අනිවාර්යයතාවය බොහෝ කැරළි කෙරෙහි තුළනාත්මක අධ්‍යපනයක් කිරීමේදී පෙනී යයි. සත්‍යවශයෙන්ම ආර්ථික පීඩාවන් උග‍්‍රව පවතින අවස්ථාවල මෙම කැරළි බිහිවේ. සමහර අවස්ථාවන්හිදී මෙයට අමතරව දේශපාලන අවස්ථාවරභාවය සංස්කෘතික අනන්‍යතාවයට ගැටලූ පවතින විටද කැරළි බිහිවිය හැක. එමනිසා මානව ඉතිහාසය පුරාවටම විශාල කාර්ය භාරයක් කැරළි, අරගල, යුද්ධ ආදී ප‍්‍රචණ්ඩත්වයන් මානව ඉතිහාසය හැඩගැස්වීම කෙරෙහි බලපා ඇත. එසේම මානව සමාජයේ දිශානතිය තීරණය කිරීමෙහිලා කැරළි වැනි ප‍්‍රචණ්ඩත්වයන් විශාල කාර්යය භාර්යක් සිදු කොට තිබේ. මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින් දක්වා ඇත්තේ ”ඉතිහාසය යනු පංති සටන්වල ඉතිහාසයකි.” එහිදී ඓතිහාසිකව සමාජය පරිණාමය වී ඇති අයුරු පෙන්වා දී ඇත. ග්‍රෝතික, වහල්, වැඩවසම්, ධනවාදී ආකාරයට දක්වා තිබේ. ගෝති‍්‍රක සමාජය තුළ පවතින නිශ්පාදන උපක‍්‍රම දියුණු වීමත් සම`ග සාමුහිකත්වය බි`ද වැටේ. එසේම ශක්තිමත් පුද්ගලයන් අනෙක් දුර්වලයන්ව යටපත් කර ගැනීමත් සම`ග වහල් සමාජය බිහි වේ. මෙලෙස වහල් සමාජය තුළ ප‍්‍රථමවරට පංති සහිත සමාජ ක‍්‍රමයක් බිහි වේ. මේ තුළ පීඩාවට ලක්වන ප‍්‍රවේණිදාසයා ”සමාජ සංවර්ධනයේ යම් අවස්ථාවක” එම සමාජ ක‍්‍රමය පෙරලා දමයි. එය පංති සටනයි. එහි පංති වෛරයද පවතී. මෙලෙස වැඩවසම් හා ධනවාදී සමාජය තුළ සුළුතරය විසින් බහුතරය පීඩාවට ලක් කරයි. එයට එරෙහිව පංති අරගලය හරහා නව සමාජ ක‍්‍රමයක් බිහි කිරීමට කටයුතු කරයි. ධනවාදී ක‍්‍රමය දක්වාම පැවති පංති අරගලය කැරලි බව මාගේ මතයයි. මන්දයත් කැරළි වල මූලික ලක්ෂණය වන සංවිධානාත්මක නොවු බව මෙහි දැකිය හැක. නමුත් ධනේශ්වරය පෙරලා දමන සමාජවාදී ”දැනුවත් විප්ලවය” කරා යන පංති අරගලය මෙයට වෙනස් වන්නේ එයට සමාජය මෙසේ විය යුතු යැයි පැහැදිලි ඉදිරි දර්ශනයක් පවතින බැවිනි. එමෙන්ම ඉතිහාස තලයේ විවිධ වෙනස්කම් ඇති කැරළි මූලික වූහ. වහල් ක‍්‍රමයට එරෙහිව ස්පාටකස් ගෙන ගිය අරගලය, එමෙන්ම වැඩවසම් එංගලන්තය ධනවාදී බවට පදනම සැපයු ක්‍රොම්වේල්ගේ නායකත්වයෙන් සිදුවු අරගලයද කැරැුල්ලක් වේ.


සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යුහය තුළ නිරන්තරව නිශ්පන්න වන්නා වු ප‍්‍රතිවිරෝධතා, පීඩාවන් පුපුරා යාමක් ලෙස මෙම කැරලි හ`දුනාගත හැක. මේ සමගම එතෙක් සිවිල් සමාජය තුළ තිබු පර්යාය හෙවත් පිළිවෙල අවුල්සහගත තත්වයකට පත්වීම යන කරුණු හේතුවෙන් මෙය ර්‍ණක්‍සඩසක ාසිදරාැර’’ ලෙස හ`දුනාගනී. මෙයම සිවිල් ාසිදරාැර එක හෙවත් කැරළි ක්ෂණිකව ඇති වුවද ඒවා අද්භූත හෝ ආකස්මික සිදුවීම් නොවේ. ඒ ස`දහා ඓතිහාසිකව ගොඩනැගුණු හා රාශීභූත වූ විශාල කරුණු සමුදායක් පවතී. ”කැරළි සාමාන්‍යයෙන් ප‍්‍රත්‍යක්ෂ වූ දුක් ගැනවිලි හෝ විරුද්ධතාවයට දක්වන ප‍්‍රතිචාරයක් ලෙස ඇති වේ. ඓතිහාසිකව කැරලි ඇති වී තිබෙන්නේ, පහත් රැුකියා හෝ ජිවන තත්වයන්, ආණ්ඩුවේ වර්ධනය, බදුබර හෝ යුධ සේවයට බලෙන් බ`දවා ගැනීම, වර්ගයන් හෝ ආගම් අතර ගැටුම් හෝ කී‍්‍රඩා කටයුත්තක ප‍්‍රතිඵලයක් ලෙසයි.


මෙලෙස විවිධ හේතු සාධක පදනම් කොටගෙන තවත් අසාධාරණයට ලක් වන්නේය. තමන්ට අයුක්තියක් සිදුවන්නේය, යන හැ`ගීම පුද්ගල සන්තානය තුළ පැල පදියම් වීමේ ප‍්‍රතිඵලය කැරැුල්ලකට ජීවය සපයයි. එසේ අසාධාරණයට ලක්වීම කෙරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැති වීම අනෙක් අර්බුදය වේ. එසේම කණ්ඩායමක් සාධාරණ යැයි කියන දෙය අනෙකාට අසාධාරණයක් විය හැක. පෙර හ`දුනාගත් ආකාරයටම සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ ස්වරූප ගණනාවක් ඇත. ඒ පිළිබ`දව අදහස් දක්වන විද්වතුන් අතර උයහ ාදබ’එ ්පැරසජ්බ ජසඑසැි ඉමරබ ඩැරහ දඓැරබ යන ලිපිය හරහා පෙන්වා දෙන්නේ සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ අංගයන් උප වර්ග ගණනාවක් සම`ග සම්බන්ධ වේ. එසේම එය මිලියන ගණනක් ආකාරවලට පුපුරා යයි. කැරලි විවිධ අවස්ථාවන්හි විවිධාකාර ලෙස මතු වුවද, කැරලි ඉක්මන් කරන සිදුවීම කැරැුල්ලෙන් කැරැුල්ලට වෙනස් වුවද, මෙවැනි ප‍්‍රචණ්ඩත්වයක් බිහිකිරීම කෙරෙහි බලපාන, යටින් දිවෙන, මහා ප‍්‍රවාහය වන්නේ ආතතියයි. මෙම ආතතිකාරීත්වය සමාජයෙන් සමාජයට වෙනස් මුහුණුවරක් ගනී. එසේම යම් යම් සාදක එම සමාජ ක‍්‍රමයන්ට ආවේණික වූ ඒවාද විය හැක. ගෝලීයකරණය වැනි නවීන තත්වයන් බිහිවීමත් සම`ග යම් යම් සමාජයන්ට ආවේණික වූ හර පද්ධතීන්, ආකල්ප සංකල්ප මෙන්ම විශ්වාසයන්ට හානිකර අභියෝගාත්මක තත්වයන් මතු විය හැක. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම සමාජයේ සාමාජිකයන් තුළ ආතතිකාරීත්වය බිහි විය හැක්කේ තම සංස්කෘතික ආනන්‍යතාවයන් අර්බුදයට යාම කරණකොට ගෙන වේ. කැරලි මගින් එය කි‍්‍රයාවට නංවන්නේ අවශ්‍යතාවයන් නියෝජනය කිරීමේ නෛසර්ගික ශක්‍යතාවයන් පවතී. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොවන විට, මූලික මිනිස් අයිතීන් කඩවන විට පුද්ගල චිත්ත සමාධිය වැනසී යයි. එනම් ආහාර, ඇ`දුම්, නිවාස, අධ්‍යාපනය වැනි අවශ්‍යතා ඉටු නොවීමත්, ජීවිතයට රැුකියාවට තම මතය නියෝජනය කිරීමට, කැමති ආගමක් ඇදහීමට, කැමති දේශපාලන මතයක් දැරීමට යනාදී ලෙස පවත්නා අයිතීන් උල්ලංගනය වීමත් මෙසේ කැරලි බිහිවීම කෙරෙහි මූලික පදනම සපයයි. එසේම සමාජය තුළ පවතින ආයතන මගින් මෙම තත්වයන් පහ කිරීමට හැකියාවන් නොමැති වී ඇත්තේ එම ආයතනවල අසමත් භාවය හේතුකොට ගෙනය. ර්‍ණඔයදප්ි න්‍ග ීමටරමැ සහ ්බාරුඅ ඡුග ඨදදාප්බ දක්වන්නේ මෙම දුක්ගැනවිලිවලට අතිරේක වශයෙන් ආයතන අසමත් යන හැගීම ඇත. ආණ්ඩුව, පාසල්, පොලීසිය, ආර්ථිකය යන කිසිවක් ඒවායේ පොරොන්දු ඉටුකොට නැත.


මෙසේ පවතින ආයතනවල දුර්වලතාවය හෙවත් අසමත්භාවය යනු යම් සමාජයක පවතින දේශපාලන යාන්ත‍්‍රණයේ දුර්වලතාවයකි. එසේම එය පවතින ආතතිය තිව‍්‍ර කිරීමට උපරිම දායකත්වයක් ලබා දෙයි. මෙසේ සමාජ පසුබිම තුළ විවිධාකාර දුක් කම්කටොලූ හා විවිධ හේතු සාධක ඉහත හ`දුනාගත් ආකාරයට කැරැුල්ලක් ස`දහා සමාජමය වශයෙන් පසුබිම සකස්ව පවතින අතරතුරේදී, මෙම ආතතිකර ප‍්‍රවාහය එක් සිදුවීමක් හරහා පුපුරා යයි. මෙම කැරලි කෙරෙහි බලපාන ආසන්නම සිදුවීම පවා බොහෝවිට පුද්ගලයන් පීඩනයට පත් කෙරෙන ආකාරයේ සිදුවීමකි. ”මාරාන්තික වාර්ගික කැරලි ආවේගකර විශාල වශයෙන් රටාගත සිදුවීමකි. ප‍්‍රථම අවස්ථාවේදී එක් සිදුවීමක ක්ෂණික හේතුවක් ඇත. එම සිදුවීම අවක්ශේපනය හරහා උත්තේජනය කොට මුදා හරී. එය ප‍්‍රචණ්ඩත්වය සාධාරණිකරණය කිරීමට තරම් ප‍්‍රමාණවත් වේ.


මෙහිදී වාර්ගික කැරලි මෙන්ම සමාජය තුළ නිශ්පන්න වන ඕනෑම කැරැුල්ලක් එක් ක්ෂණික හේතුවක් හෙවත් සිදුවීමක් පවතී. එම සිදුවීම හරහා මූලිකව ඇතිවන ඕනෑම කැරලිකාරීතත්වයක් ක්ෂණිකව අවසන් නොවන අතර බොහෝවිට එම ප‍්‍රචණ්ඩත්වය වෙනත් ප‍්‍රදේශ කරාද දිව යයි. එසේම එම ව්‍යාප්තිය වලකාලීම දුෂ්කර කටයුත්තක් බවට පරිවර්තනය වන්නේ අනෙක් අවට ප‍්‍රදේශ පුරාද කැරලි ව්‍යාප්තිය කෙරෙහි සුදුසු අවකාශයක් බිහි වී තිබීමයි. එනම් එම ප‍්‍රදේශවල ජනයාද කැරලි ඇරඹෙන ප‍්‍රදේශයේ ජනයා අත්වි`දින තත්වයන් අත්වි`දිනු ලබයි. ආතතිය, පීඩනය, අවශ්‍යතා ඉටු නොවීම මෙන්ම අයිතීන් කඩවීම මෙම ප‍්‍රක්ශයන්ටද ඉතා හුරුපුරුදු මෙන් උරුම වු දෙයක් ලෙස පවතී. කැරලි ඇරඹීමෙන් පසුවත් එය වර්ධනය කිරීම කෙරෙහි නොයෙකුත් සාධක බලපානු ලබයි. එහිදී ප‍්‍රබලව දායකත්වය සපයන්නේ පවතින දේශපාලන යාන්ත‍්‍රණය හරහා මර්ධනකාරී ප‍්‍රතිපත්තියක් ඇති වීමයි. ”පොලීසියේ කි‍්‍රයාකාරිත්වය හරහා ප‍්‍රචණ්ඩත්වය ඉක්මන් කිරීමේ ඉහළ භව්‍යතාවයක් ඇත. මේ අර්ථයෙන් ප‍්‍රචණ්ඩත්වය යටින් ඇත්තේ පොලීසියට එරෙහි දුක්ගැනවිලි වේ.”

මෙහිදී ඉතාම ප‍්‍රකටව පෙනෙන කාරණය වන්නේ සමාජ වාදීන් දකින ආකාරයටම, පොලීසිය පංති පීඩක උපකරණයක් ලෙස කි‍්‍රයාත්මක වන බවයි. පාලක පංතියේ හා අධිපති පංතියේ අවශ්‍යතාවයන් පොලීසිය කි‍්‍රයාත්මක වන්නේ බොහෝවිට ධනේශ්වර සමාජ දේශපාලන ක‍්‍රමය තුළයි. මෙවැනි දේශපාලන ක‍්‍රමයන් තුළ සුරාකෑමට අමතරව පොලීසිය, නීතිය ආදිය මගින් පීඩිතයා තවදුරටත් පීඩාවට පත් වේ. එනම් මෙම ආයතන කි‍්‍රයාත්මක වන්නේ පවතින දේශපාලන ක‍්‍රමයේ නියමුවන් ආරක්ෂා කිරීමටයි. එසේම එම ක‍්‍රමය ආරක්ෂා කිරීම අනෙක් කාර්යය වේ. ව්‍යුහාත්මක ලෙස පීඩිතයාව ආන්තීයකරණයට ලක් වී තිබීම දැකිය හැක. එය ධනේශ්වර සමාජයට ආවේණික තත්වයක් වේ. උදාහරණයක් ලෙස උසාවි කි‍්‍රයාදාමය තුළදී දුප්පතෙකු හා ධනපතියෙකු එක සමාන වරදක් කළද, උසාවියෙන් නියම කරන දඩය ගෙවා ධනපතියාට එම වරදින් නිදහස් විය හැක. නමුත් දුප්පත් පුද්ගලයාට එම දඩය ගෙවීමට හැකියාවක් නැත්තේ, දරිද්‍රතාවය නිසාමය. එසේම උසාවි තීන්දුවක් වෙනස් කිරීම ස`දහා ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් සහනයක් ලැබීමට ධනපතියාට හැකියාව ඇත්තේ ඔහුට අවශ්‍ය වියදම් කිරීමට ඇති හැකියාව මතය. නමුත් දුප්පතා සම්බන්ධයෙන් මෙය වෙනස්ම තත්වයකි. මෙවැනි කරුණු ධනේශ්වර රටවල ඕනෑතරම් සොයාගත හැක. ඒවා සාමාන්‍යකරණයට ලක් වී ඇතත් එම පීඩනය වෛරය පහව යන්නේ නැති අතර කැරළිකාරිත්වය වැනි ප‍්‍රචණ්ඩත්වය හරහා නැවත ඉස්මතු වේ.


යම් රටක එක්තරා කාලයක කැරැුල්ලක් ඇතිවීම කෙරෙහි බලපාන සාමාජීය හේතු සාධකව නැවත එම රටෙහි කැරළි ඇතිවීම කෙරෙහි බලපෑමට හැකිවීම හෝ නොහැකිවීම දැකිය හැක. සමහර අවස්ථාවලදී අර්බුදකාරී සහාවයට තුඩු දුන් හේතු සාධක එම සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වීමේ භව්‍යතාවයක්ද පවතී. එවිට එම හේතු සාධක නිසාම කැරලි නිශ්පන්න නොවීමට බොහෝ ඉඩකඩ පවතී. එසේම කැරළි කෙරෙහි බලපාන සාධක කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස් විය හැක. කෙසේ වෙතත් සමාජය තුළ කැරළි කෙරෙහි මුලිකත්වය ලබාදුන් ගැටලූවලට නිසියාකාර අවධානයක් යොමු නොවීම කරණකොටගෙන එම සමාජය නිරන්තර කැරළිවලට හෝ වෙනත් ප‍්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය විය හැක. ඓතිහාසිකව කැරලි ඇතිවු සමාජ සන්දර්භයක නැවත එවන් තත්වයන් බිහිවීමේ ප‍්‍රවණතාවයන් ඇතිබව විමර්ශනය කිරීමේදී පෙනී යයි. ප‍්‍රංශය තුළද මෙම සාධකය ඒ අයුරින්ම දැකිය හැකි සත්‍යයකි. එසේම මෙම කැරළි කෙරෙහි තරුණයන්ගේ දායකත්වය ලැබීම තවත් අධ්‍යයනයට ලක්විය යුතු කරුණකි. තරුණ මානසිකත්වය බොහෝ දුරට අසාධාරණය නොඉවසන සුළු එසේම ප‍්‍රචණ්ඩත්වයක් කරා පා නැගීමට අවශ්‍ය කායික මෙන්ම මානසික ශක්තියෙන්ද පරිපූර්ණ තත්වයක සිටීම ඉතාම වැදගත් කරුණක් බව පෙනේ. මෙම තත්ත්වය පැවතීම තාරුණ්‍යයට අනන්‍ය ලක්ෂණයක් බව නොරහසකි.


කැරළි ඇති වීමේදී එය ස්වයංභූත ආකාරයට උප්පත්තිය නොලබයි. නමුත් කැරළි ඇරඹීමෙන් පසු කිසිවෙකුට අවශ්‍ය ආකාරයට එය නතර කිරීමට හැකියාවක් නොමැත. එය ආරම්භ කළ අයට පවා තමන්ට අවශ්‍ය ආකාරයට කැරළි නවත්වා දැමීමේ හැකියාවක් නොලැබේ. මෙහිදී දැකිය හැක්කේ කැරළි සංවිධානාත්මක බවකින් තොරවීම මෙයට බලපාන ප‍්‍රධාන කරුණක් බවයි. එනිසාම ඒවා තුළදී ප‍්‍රබල නායකත්වයක් ඉස්මතු නොවේ. කැරළි ප‍්‍රවාහය ඇරඹීමෙන් අනතුරුව එය විසින්ම එයට ආවේණික විචල්‍යයන් මත කි‍්‍රයාත්මක වේ. එය ගමන් ගන්නා දිශානතිය මෙන්ම එහි අවසානය තීරණය කිරීමට සමත් වේ. මෙම කැරළි ප‍්‍රවාහය තුළදී කැරලිකරුවන්ටද නිදහසක් ස්වාධීනත්වයක් නොලැබෙන අතර කැරැුල්ලේ ඇති වූ විභව ශක්තිය මත මොවුන්වද මෙහෙය වීමක් දක්නට ලැබේ. කැරළි තුළදී කැරළිකරුවන්ටද ඇති ස්වාධීනත්වයක් නොපවතී.


කැරළි හටගත් අවස්ථාවේ තම අවශ්‍යතාවයන්ට අනන්‍යතාවයට ප‍්‍රමාණාත්මක අවදානයක් යොමු නොවීම පදනම් කොටගෙන මේ ආකාර ප‍්‍රචණ්ඩත්වයකට ගමන් ගනී. නමුත් කල් යාමේදී මෙම කැරළි යන ප‍්‍රචණ්ඩත්වයේ ආකෘතියෙන් වෙනත් ආකෘතියක් දක්වා පරීණාමය වීමට හැකියාවක් පවතී. මෙය ලෝකය පුරා ප‍්‍රචණ්ඩත්වයන්, සමූලඝාතන මෙන්ම ත‍්‍රස්ත‍්‍රවාදය ආදිය පිළිබ`දව විමර්ශනයකට ලක් කිරීමේදී ප‍්‍රබලව දෘශ්‍යමාන වේ. එනම් ලෝකය පුරාම කැරලිකරුවන් වෙනස් ප‍්‍රචණ්ඩත්වයන් කෙරෙහි ගමන් කිරීම ප‍්‍රායෝගිකව අත්වි`දිය හැක. මේ හරහා යම් අන්තවාදී කණ්ඩායම් බිහිවීම ත‍්‍රස්තවාදයට වාර්ගික ගැටුම්වලට සමූල ඝාතනවලට මෙන්ම බෙදුම්වාදී අරගල ආදියට පිවිසුම් ලබන බවද ප‍්‍රදර්ශනය වේ. ශී‍්‍ර ලංකාව තුළද මේ ආකාර තත්වයන් දැකිය හැක. කැරලිකාරිතවයට ද්‍රවිඩ සුළුතරය තම අවශ්‍යතා වෙනුවෙන් ගමන් කරයි. නමුත් පසුව එය ත‍්‍රස්ත‍්‍රවාදය දක්වා ගමන් කරයි. කැරලිකාරිත්වයක් අත්දකින රටවල වෙනත් ආකාර දේශපාලන ප‍්‍රචණ්ඩත්වයන්් අද්දැකීමට ඇති ඉඩකඩ බහුලය.


මෙවන් සමාජයන් තුළ නිසියාකාරයෙන් ක්අ ්බා දරාැර කි‍්‍රයාත්මක නොවන බැවින්, මෙම සමාජමය අවුල්සහගත බවින් දේශපාලන වාසි ලබා ගැනීමට සමහර කණ්ඩායම් ඉතිහාසය තුළදී පෙළඹී ඇත. එවන් සමාජ තුළ විවිධ සමාජ අපගාමි කි‍්‍රයාවන් මතු වීම බොහෝවිට සුලභ කරුණකි. කැරලි තවදුරටත් විග‍්‍රහ කිරීමේදී පෙනී යන්නේ, එහි වාර්ගික පදනමක් පවතින විට, සිදුවන හානිය හා විනාශය නැත්නම් මරණයට පත්වන ගණන ඉතා විශාල බවයි. ශී‍්‍ර ලංකාවේ 1983 කැරලි වලදී අවම වශයෙන් මරණයට පත් වු ගණන 471 ක් හා සරණගාතයන් 100000 ක් ප‍්‍රතිඵලය විය. මේ අනුව පෙනෙන්නේ කැරලිවලදී යුද්ධවලටත් වඩා අතිවිශාල ලෙස අවතැන්වීම් නිර්මාණය කෙරෙන බවයි.


වාර්ගික කැරලි තුළ ඉතා දැඩි ලෙස කෲරත්වය දැකිය හැක. කැරලි යනු බොහෝවිට සංවිධානාත්මක බවකින් තොරව යම් නිශ්චිත මොහොතක එක්තරා සිදුවීමක් සාධක කොට ගෙන ඇති වන්නා වු තත්වයකි. කැරලිවලට යටින් දිවෙන විශාල ලෙස හේතු සාධක පවතින නමුත් එයට සංවිධානය වී විරෝධය පෑමක් සිදු නොවේ. එය වෙනත් ප‍්‍රදේශයන් හා අවකාශයන් කෙරෙහි ව්‍යාප්ත වන්නේ හුදු සංවිධානාත්මක භාවයේ ඇති විශිෂ්ටත්වය කරණකොට ගෙන නොවේ. ත‍්‍රස්තවාදය කැරලි වලින් වෙන් කොට දැක්විය හැකි ප‍්‍රධාන සාධකය වන්නේ, ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මක වීමක් එසේම ප‍්‍රචණ්ඩත්වය යොමු කරන ඉලක්කයන් කෙරෙහි විශාල සවිඥාණිකත්වයක් පැවතීමත්ය. ත‍්‍රස්ත‍්‍රවාදීන් වෙනත් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කණ්ඩායම් සම`ග නිරතුරු සම්බන්ධතා පවත්වයි. එසේම ඒවා අතර නොයෙකුත් අයුරින් දැනුම තාක්ෂණය ආදිය හුවමාරු වේ. නමුත් කැරලිකරුවන් වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සම`ග බොහෝ විට මෙවැනි සබ`දතා මෙන්ම ගනුදෙනු පැවැත්මක් දැකගත නොහැක. එසේම තම කි‍්‍රයාවලිය කෙරෙහි විදේශීය ආධාර ආදිය ලබා ගන්නා බවක් දෘශ්‍යමාන නොවේ.

යම් රටක් ඉතිහාසය තුළ කැරළිවලට මුහුණ දී ඇත්නම් නැවත නැවතත් එම සමාජ වපසරිය තුළ කැරලි බිහිවීමේ ප‍්‍රවණතාවයක් පවතී. සමාජයේ සාමාජිකයන්ට දැනෙන පීඩනයේ යම් උච්චතම අවස්ථාවක තවදුරටත් එම පීඩනය දරාගත නොහැකි වූ අවස්ථාවක කැරළි පුපුරා යාම දැකගත හැක. ඒ තුළින් සමාජයට ලැබෙන විශාල අද්දැකීම් සම්භාරය එම සමාජය පුනරුත්තාපනය කිරීමට හෙවත් එහි දුර්වලතා ම`ගහරවා ගැනීමට භාවිතා කළ හැක. මෙම සිදුවීම් කෙරෙහි බලපාන ලද භෞතික මෙන්ම මානසික සාධක මනා විශ්ලේෂණයකට බ`දුන් කල යුතුය. කැරලිකාරිත්වය සමනය වු විට ඒ ස`දහා මතුපිට ප‍්‍රතිකර්ම පමණක් යෙදීමෙන් එය සාර්ථක ලෙස ගැඹුරු සමජ පිලිසකර කිරීමකට බ`දුන් කල නොහැක. එවිට සිදුවන්නේ සමාජමය අවිඥාණය තුළ මෙලෙස ඉටු නොවු ආශාවන් හෙවත් අතීත අවරෝධන තැන්පත්ව පවතී. එසේම එම අවරෝධන යම් අවස්ථාවක කුමන හෝ ආකාරයකට නැවත එම සමාජයට ගැටලූකාරී ලෙස මතුවීමට ඉඩ තිබේ. මේ ආකාරයට නැවත එම සමාජයට ගැටලූකාරී ලෙස මතුවීමට ඉඩ තිබේ. මේ ආකාරයට සමාජයේ ජීවත්වන පිළිගත් වටිනාකම්, හර පද්ධතීන් කෙරෙහි අභියෝග එල්ල වනවිට ඒවා පිළිපදින අයත් යම් අර්බුදකාරී තත්වයකට මුුහුණ දේ. මෙවැනි කැරළි ඇතිවීම කෙරෙහි බලපා ඇති මූලධාතුන් විශ්ලේෂණය කොට ගැනීම සමාජයේ ඉදිරි ගමන කෙරෙහි අත්‍යවශ්‍ය සාධකයකි.


කැරලිකරුවන් කැරළි ඇතිවීම කෙරෙහි සුදානමකින් කටයුතු නොකරයි. එය ක්ෂණික බිහිවීමත් සම`ග ඇතිවන තත්වය කෙරෙහි ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වනවා මිසක කිසිදු සැලසුමකට අනුව කි‍්‍රයාත්මක නොවේ. දේශපාලන ප‍්‍රචණ්ඩත්වය පිළිබ`ද සමහර සාහිත්‍යයේ කැරලි තුළින් සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වය බැහැර කිරීමට සාමාන්‍යයෙන් පෙළඹී ඇත. නමුත් සංවිධානාත්මක බවකින් යුක්තව කැරළි සිදුවන බව ෘැ්ාකහ ැඑයබසජ ඍසදඑ කෘතියේ ඩොනල්ඞ් හොරෝවිට්ස් පෙන්වා දෙයි. කැරළි සුළු ප‍්‍රමාණයක් සංවිධානාත්මක බවකින් තොරව සිදු වුවද, සමහර ඒවා හො`දින් සංවිධානය වී ඇත. (2001* මේ අනුව බොහෝ විට සංවිධානාත්මක වන්නේ වාර්ගික කැරළි වේ. යම් ප‍්‍රමාණයකට වාර්ගික කැරලි සංවිධානාත්මක වේ. සංවිධායකයන්ගේ අනන්‍යතාවය, ඉලක්ක තේරීම, කාලය හා අනෙකුත් කැරළිකාරි චර්යාවේ අංගවල විවිධත්වය සම`ග බැදී ඇත.

වාර්ගික කැරළි වලදී සංවිධානාත්මක බවක් දැකිය හැක. නමුත් එය ත‍්‍රස්ත‍්‍රවාදය සම`ග සංසන්දනය කිරීමේදී සංවිධානාත්මක බව අවම තත්වයක පවතී. මෙම වාර්ගික කැරලි ත‍්‍රස්ත‍්‍රවාදී යුද්ධයක් දක්වා වර්ධනය විය හැක. උදා :- ලංකාව කැරලි වලදී ප‍්‍රධාන අංගයක් වන්නේ කැරලිකරුවන්ගේ මානසිකත්වය කි‍්‍රයාත්මක වන්නේ පවතින අර්බුද නැත්නම් ගැටළු කෙරෙහි ධරණීය විස`දුම් සෙවීම කෙරෙහි නොවන අතර ඉලක්ක කණ්ඩායමට ශාරීරිකව හානි කිරීම හා ඔවුන්ගේ දේපොල විනාශ කිරීම කෙරෙහි ය. ප‍්‍රචණ්ඩත්වයේ ක්ෂණික අරමුණ වන්නේ ශාරීරික තුවාල සිදු කිරීම, මරණයට පත් කිරීම නැතිනම් ඉලක්ක කණ්ඩායමේ සාමාජිකයන්ට හෝ ඔවුන් ඇසුරු කළ ඔවුන්ට අයත් දේපොල විනාශ කිරීම හානි කිරීම හෝ බලෙන් අල්ලා ගැනීමටයි.


මෙම කැරළි පිළිබ`ද අධ්‍යයනය හා ඒ පිළිබ`ද නොයෙක් මතිමතාන්තර අදහස් ඉදිරිපත් කර තිබීම හරහා මෙම ක්ෂේත‍්‍රය පිළිබ`ද දැනුමේ විශාල වර්ධනයක් වී තිබේ. එහිදී සමහර විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙම ප‍්‍රචණ්ඩත්වය වෙනත් ප‍්‍රචණ්ඩත්වයේ ආකෘතියකට පරිවර්තනය කළ හැකි බවයි. ඒ මගින් කැරළි වැනි සිවිල් ප‍්‍රචණ්ඩත්වය තුළින් ඇති විය හැකි හානිය අවම කරගත හැකි බවයි. එමගින් පවතින දේශපාලන රටාව විශාල කඩා වැටීමකට ලක්වීමට ඇති ශක්‍යතාව අවම මට්ටමකට ගෙන ආ හැක. ගැටුම් පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය හරහා පවතින ධනේශ්වර ක‍්‍රමය රැුකගැනීම ස`දහා වර්තමානයේ භාවිතා වේ. එහිදී යථාර්ථවාදී ලෙසටම ධනේශ්වර දේශපාලන ක‍්‍රමය තුළ ඇති ගැටළු නිරාකරණයකට ලක් නොවන අතර ධනේශ්වර ක‍්‍රමයේ නොහැකියාව පාලනය කිරීමට ගැටුම් පරිවර්තනය කි‍්‍රයාත්මක වේ. මන්දයත් එයට ආවේණික දුර්වලතාද පවතින බැවිනි.


ඇමෙරිකානු දේශපාලන වපසරිය තුළ යම් යම් සුළු අවස්ථා කිහිපයක හැර 1970 දශකයෙන් පසු ඇමෙරිකානු නාගරික ප‍්‍රදේශවල සිවිල් ප‍්‍රචණ්ඩත්වය පරිවර්තනය කොට ඇති බව සමහර විද්වතුන්ගේ මතයයි. ”එය පර්වර්තනය කොට ඇත. කල්ලි ප‍්‍රචණ්ඩත්වය, මිනී මැරීම්, වාහනවලින් යද්දී වෙඩි තැබීම් හා අහඹු ඝාතන හරහා පුපුරා යමින් ඉච්ඡුා භංගත්වය හා කෝපය ඇතුල් දෙසට නැමී ඇත. මිචෙල් බී කාර්ට්ස් තවදුරටත් දක්වන්නේ සිවිල් ප‍්‍රචණ්ඩත්වය කැරලි ආකාරයෙන් ඇමෙරිකාව තුළ ජනිත වීමේ ප‍්‍රවණතාව ඉතාම අවම මට්ටමක පවතින බවයි. එය සිදු කොට ඇත්තේ පරිවර්තනීය කි‍්‍රයාවලිය තුළින් බවත්, එනිසා සිවිල් ප‍්‍රචණ්ඩත්වයේදී දැකිය හැකි ගිණි තැබීම්, කොල්ලකෑම්, පොලීසියට වෙඩි තැබීම හෝ බැහැර කිරීමේ, සුරාකෑමේ නියෝජිතයන්ට හෝ සංකේතවලට ඉලක්ක කොට එල්ල වන ප‍්‍රචණ්ඩත්වය ඇමෙරිකාව තුළ නාගරික ඉතිහාසය බවට පත්ව ඇති බවත්, එයට වර්තමානයට ඒමට හැකියාවක් නොමැති බවත් මොහු දක්වයි.

1.2 කැරළි හා ත‍්‍රස්තවාදය[සංස්කරණය]

ත‍්‍රස්තවාදය ගැන සැලකීමේදී මනා සැලසුම් කිරීමක් තිබේ. ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායම් සාමාජිකයන් ඉතා තද විනයකටත් එසේම දැඩි පුහුණුවකටත් යටත් වූවන් වේ. අන් සියලූ අවශ්‍යතා තම සංවිධානය වෙනුවෙන්් කැප කිරීමද ත‍්‍රස්ත‍්‍රවාදි සාමාජිකයන් හට සිදුවේ. නමුත් කැරලි කාරිත්වයේ සාමාජිකයන් මනා සැලසුමකට කි‍්‍රයාත්මක නොවන අතර එසේම ඔවුන්ට තද විනයකට හෝ ප‍්‍රබල පුහුණුවකට ලක් වූවන් නොවේ. එසේම තම සියලූ අවශ්‍යතා යම් සංවිධානයක් හෝ එහි අරමුණු ඉෂ්ට කර ගැනීම ස`දහා පසෙක තැබීමක් සිදු නොවේ. කැරළි පවතින කාලය තුළදී පමණක් තම කැරලි ජීවිතයේ මුලිකත්වය ගනී. එසේම ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී තම සතුරු ඉලක්කයන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම හෙවත් උපරිම හානියක් කිරීමට කටයුතු කරයි. එහිදී මනුෂ්‍ය ඝාතන සිදුවීම අනිවාර්යය තත්වයකි. තනි පුද්ගලයන් හා කණ්ඩායම් ලෙස ප‍්‍රහාරයට ලක් වු ප‍්‍රදේශයෙන් පිටත සිට උපරිම වාසි ලැබීම ස`දහා ත‍්‍රස්ත‍්‍රවාදීන් සාමාන්‍යයෙන් ඉතා ප‍්‍රවේශමෙන් කලින් සැලසුම් කොට කරන ලද්දකි. වාර්ගික ගැටුම් බොහෝවිට ත‍්‍රස්ත‍්‍රවාදී කි‍්‍රයාවලට මතු වීමට ඉඩ ලබා දෙයි. (කාර්ට්ස්, 2008* ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී එම අදාළ ප‍්‍රදේශයෙන් පිටත සිට එම ත‍්‍රස්ත‍්‍රවාදී කි‍්‍රයා ස`දහා සැලසුම් මෙහෙයවීමයි. කැරළි වලදී එවන් තත්වයන් දැකිය නොහැක. එසේම කැරළි වලදී ත‍්‍රස්ත‍්‍රවාදයේදී මෙන් සතුරාට උපරිම හානියක් කිරීමට කලින් සංවිධානය වීමක් දැකගත නොහැක. අදාළ භුමි ප‍්‍රදේශයෙන් පිටත සැලසුම් කිරීමක් එමෙන්ම සතුරාට උපරිම හානියක් ගෙන දීමත් එසේම සතුරන්ගේ ප‍්‍රබල ස්ථානයකට ප‍්‍රහාර එල්ල කිරීමක් ඒ හරහා ලෝක අවධානය යොමු කරවා ගැනීමටත් කටයුතු කිරීමත් කටයුතු කරන ත‍්‍රස්ත‍්‍රවාදය පිළිබ`ද 2001 සැප් 11 ඇමෙරිකාවට එල්ල වු අල්කයිඩා ප‍්‍රහාරය හො`දම උදාහරණයකි. මෙහිදී ඇමෙරිකානු ලෝක වෙළ`ද මධ්‍යස්ථානයට හා පෙංටගනයට ප‍්‍රහාර එල්ල විය. එහිදී මියගිය සංඛ්‍යාව අතිවිශාල වේ. එහි අරමුණ ද`ඩුවම් දීම පලි ගැනීම හා බිය වැද්දීම හෝ එම කි‍්‍රයාව තුළදී ඝාතන ප‍්‍රධාන දෙයක් වන අතර එය අනියම් දෙයක් නොවේ. (කාර්ට්ස්, 2008 : 186*

මෙසේ ඝාතන ප‍්‍රමාණය වැඩි වන තරමට ත‍්‍රස්තවාදී කණ්ඩායමේ බලවත්භාවය ප‍්‍රකට වේ. එවිට ඒ කි‍්‍රයාදාමය හරහා ලෝක අවධානය යොමු කරවා ගැනීම ප‍්‍රධාන අරමුණක් වේ. ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මකව සිදුවන අතර ගෝලීය වශයෙන් ත‍්‍රස්ත‍්‍රවාදය ව්‍යාප්ත වී ඇති අතර වෙනත් එවැනි ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායම් සම`ග අන්‍යෝන්‍ය වශයෙන් සබ`දතා පවත්වයි. ඔවුන් අතර තාක්ෂණික දැනුම පුහුණුව ආදිය හුවමාරු වේ. එසේම ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායමක් තුළ නිලබල වාදයක් පවතී. කැරළි වලදී එයට සහභාගී වන කණ්ඩායම තුළ නිලබල වාදයක් දැකීම අතිදුෂ්කර වේ. එසේම විදේශීය සබ`දතා කැරලිකරුවන් පවත්වා ගැනීමද බොහෝ දුරට සිදු නොවේ. ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී නායකයන්ගේ අණ පිළිපැදීම ඔවුන්ට ආවේණික ධර්මතා ප‍්‍රතිපත්ති පිළිපැදීම සිදු වේ. කැරළිකරුවන්ට එවැනි බන්ධනීය ආකාරයේ වගකීමක් දැකිය නොහැක. ඒ අනුව ත‍්‍රස්ත‍්‍රවාදය හා කැරළි අතර ප‍්‍රබල වෙනස්කම් පවතින බව අධ්‍යයනයේදී හ`දුනාගත හැක.

1.3 කල්ලි ප‍්‍රචණ්ඩත්වය හා කැරළි[සංස්කරණය]

කල්ලි ප‍්‍රචණ්ඩත්වය බොහෝ විට වාර්ගික හෝ ප‍්‍රාදේශීය පදනමක් මත කි‍්‍රයාත්මක වනු දැකිය හැක. එම තත්වයද සමාජමය කරුණු පදනම් කොටගෙන ඇතිවේ. මේ තුළද යම් සංවිධානාත්මක බවක් දැකිය හැක. එනමුත් එය ත‍්‍රස්ත‍්‍රවාදය තරම් සංවිධානාත්මක නොවේ. කැරළි මේ දෙකටම වඩා වෙනස් වන්නේ එහි සංවිධානාත්මක බවක් නොමැති වීම හේතුවෙනි. කල්ලි ප‍්‍රචණ්ඩත්වය ත‍්‍රස්ත‍්‍රවාදයට වඩා වෙනස් තත්වයකි. ”ත‍්‍රස්ත‍්‍රවාදීන් සංකේතීය වශයෙන් දේශපාලන දෘෂ්ටිවාදයකට ඇල්මක් ඇත. ඔවුන් වඩා හො`දින් පුහුණු වු සංකීර්ණ අවි ආයුධ දරණ සාමාන්‍යයෙන් මුලෝපායිකව හා තාර්කික ලෙස ප‍්‍රබල උපක‍්‍රමශීලී දක්ෂතාවයන් මත ප‍්‍රහාරය වෙනුවෙන් කටයුතු කරයි. (හොරෝවිට්ස්, 2001 : 23* මෙලෙස පෙනී යන්නේ කල්ලි ප‍්‍රචණ්ඩත්වය මෙන්ම කැරළි කෙරෙහි දෘෂ්ටිවාදාත්මක බලපෑමක් ත‍්‍රස්ත‍්‍රවාදයට සාපේක්ෂව නොමැති බවයි. කල්ලි ප‍්‍රචණ්ඩත්වයේදී, ත‍්‍රස්ත‍්‍රවාදීන් සතු දියුණු අවි ආයුධ වැනි ආයුධ නැත්තේම නොවේ. කැරළි කරුවන්ගේ තත්වය විමසීමේදී ඔවුන් සතුව බොහෝවිට එවැනි ආයුධ දැකිය නොහැක. මෙම කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළදී තම බල ප‍්‍රදේශය තුළදී තම කණ්ඩායමට හානියක් සිදු නොවන, පහසු ඉලක්කයක් තෝරාගෙන ප‍්‍රචණ්ඩත්වය දියත් කරයි. මෙයට වෙනස් තත්වයන්ද තිබිය හැක. සමහර අවස්ථා වලදී මෙම කල්ලි මේ හා සමාන කල්ලි සම`ග ගැටෙන අවස්ථාද දැකිය හැක. එහිදී බලය පිළිබ`ද කාරණා දැකිය හැක. කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළදී ඇති ප‍්‍රචණ්ඩත්වයේ ඉලක්ක හා කැරලිවල ඉලක්ක තෝරා ගැනීමේදී ඒවාට ආවේණික විවිධත්වයක් පවතී.

1.4 සමූල ඝාතන හා කැරළි[සංස්කරණය]

සමූල ඝාතන වලදී උග‍්‍ර ප‍්‍රචණ්ඩත්වයක් දැකිය හැක. එසේම බොහෝ විට වාර්ගික පදනමකින් කි‍්‍රයාත්මක වේ. කැරලිකාරිත්වයේදී එතරම්ම උග‍්‍ර ප‍්‍රචණ්ඩත්වයක් දැකිය නොහැක. දේශපාලන වශයෙන් වෙනස්කොට සැලකීම, දේශපාලන නියෝජනය තම වර්ගයට අහිමි වීම. බොහෝ යටත් විජිත ලෙස පැවති රටවල වාර්ගිකයන් බෙදා පාලනයට ලක්වීම, ආර්ථික පිවිසුම් මාර්ගයන් අහිමි වීම ඇදී කරුණු හේතු කොට ගෙන එක් වාර්ගික කණ්ඩායමක් තවත් වාර්ගික කණ්ඩායමකට එරෙහිව එම වර්ගය සහමුලින්ම විනාශ කොට දැමීමේ පරමාර්ථයෙන් ප‍්‍රචණ්ඩත්වය භාවිතා කරයි. ”සමූල ඝාතන යනුවෙන් අදහස් කරන්නේ ඍජු මුලිනුපුටා දැමීමක් හෝ සිතාමතා නිර්මාණය කළ තත්වයන් යටතේ මරණ අනුපාතය වැඩි කිරීමෙන් හෝ උපත් අනුපාතය අඩු කිරීම ඇතුලත් අනෙක් මාධ්‍යයන් මගින් හෝ සම්පූර්ණ ජනතාවම ඝාතනය කිරීමේ උත්සාහයක් වේ. සමූලඝාතන වලින් කැරලි වෙනස් වන්නේ කැරලි ප‍්‍රචණ්ඩත්වය මගින් සම්පූර්ණ ජන වර්ගයක් ඝාතනය කිරීම එහි අරමුණ නොවීමයි. කැරළි වලදීද ඝාතන සිදු වුවත් එය සමූඝාතනයක් තරම් අන්තයක් දක්වා ගමන් නොකරයි. බොහෝ විට කැරළි වලදී සුරා කෑමට, වෙනස්කොට සැලකීමට එරෙහිව බැහැර කිරීමේ නියෝජිතයන්ට හා සංකේතවලට ප‍්‍රචණ්ඩත්වය දියත් කරයි. වාර්ගික කැරලි තුලදීද විරුද්ධ වාර්ගිකයන් ඝාතනයට කටයුතු කරයි. එහෙත් එම වර්ගය මුළුමනින්ම අතුගා දැමීමට අදහසක් නොපවතී. එසේම කැරළි තුළදී සමූලඝාතන තුළ පවතින වක‍්‍ර මාර්ග දැකිය නොහැක. ”වාර්ගික කැරලිකාරී චර්යාව තුළදී සම්පූර්ණ ජනතාවක් ඝාතනය කිරීමේ අදහසක් නැත. මීට අමතරව සමූල ඝාතනවලින් අරමුණු කෙරෙන වඩාත් වක‍්‍ර මාර්ගයන් කැරලි විසින් වැළ`දගෙන නොමැත.

සාමූල ඝාතන වලදී දෘශ්‍යමාන වන අනෙක් ප‍්‍රධාන අංගය වන්නේ ජාතික දේශපාලන යාන්ත‍්‍රණයන් සමූල ඝාතන කෙරෙහි රාජ්‍ය අනුග‍්‍රහය ඍජුව හෝ වක‍්‍රව සපයමින් මෙයට මැදිහත් වේ. මෙයට හො`දම උදාහරණයක් වන්නේ ෘ්මෙර වල ඇති සමූල ඝාතන කරන කණ්ඩායම් රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමයි. එසේම වාර්ගික කැරළි වලදී රජයෙන් ප‍්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට දායකත්වය ලබා දෙන අවස්ථාද දැකිය හැක. සාමාන්‍ය කැරළි තත්වයන් වලදී එය පවතින දේශපාලනයට හෙවත් පවත්නා ආණ්ඩුවට ගැටළුවක් වන බැවින් ඒවා මර්ධනය කිරීමට දේශපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වේ. ඒ අනුව ඉහත ආකාරයට සමූල ඝාතන හා කැරලි අතර සබ`දතාවය වෙනස්කම් හ`දුනාගත හැක. කැරළි නම් වූ සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ මෙම කොටස සමූල ඝාතන ත‍්‍රස්ත‍්‍රවාදය හා කල්ලි ප‍්‍රචණ්ඩත්වය යන සංකල්ප වලින් වෙනස්කොට හ`දුනාගත හැක්කේ ඒවා ආවේණික විශේෂත්වයන් පවතින බැවිනි. එසේ විශේෂත්වයන් පැවතුනද මෙම ප‍්‍රචණ්ඩත්වය මිශ‍්‍ර වීමක් ද සෑම අවස්ථාවක මෙන්ම දැනගත හැකි උවද එහි පැහැදිලි ලෙස හ`දුනාගත හැකි වෙනස්කම් මත යම් වර්ගීකරණයකට එය ඇතුලත් වේ. මීළ`ගට කැරලිවල ඇති වර්ගීකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

1.5 කැරළි වර්ග[සංස්කරණය]

සමාජයේ පවතින දුර්වලතාවයන් වන සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අසමානතාවයන්, කායික හා මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට නොවීම මත ඇතිවන පීඩනයේ පුපුරා යාමක් නැතිනම් ඒවායේ ප‍්‍රකාශනයක් ලෙස කැරළි යන්න මූලිකව හ`දුනාගත හැක. සමකාලීන ලෝක දේශපාලනය තුළ කැරළි කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඒවා බිහිවීමට පදනම් වන මූලික කරුණ ලෙස විරැුකියාව, අසමානතාවය, දේශපාලන නියෝජනයන් නොමැති වීම, පොලීසියේ මර්ධනකාරී ප‍්‍රතිපත්තිය, රාජ්‍ය අනුග‍්‍රහය එක් වාර්ගික හා ආගමික කණ්ඩායමක් වෙත යොමු වීම සුළු ජාතික අවශ්‍යතා ඉටු නොවීම, මූලික මිනිස් අවශ්‍යතා වන ආහාර නිවාස, ඇ`දුම් ආදිය නොලැබීම ආදිය කැරලි කෙරෙහි හේතු සාධක වේ. එසේම සමාජයේ එක් සුළුතර කණ්ඩායමක් පමණක් අධි පරිභෝජනයේ යෙදීම නිසා ඇතිවන වෛරසහගත මානසික තත්වය ආදිය ද බලපානු ලබයි. මෙවන් සාධක පදනම් කොටගෙන ඇතිවන කැරළි වර්ගීකරණයකට ලක් කිරීමේදී ප‍්‍රධානව හ`දුනාගත හැකි දෙයක් තිබේ. කැරැුල්ලක් තවත් කැරැුල්ලකින් ඍජුව වෙන්කොට හ`දුනා ගැනීම අපහසු තත්වයකි. එහෙත් කැරළි වලදී ඉස්මතුවන ප‍්‍රධාන හේතුන්, කැරැුල්ලේ ස්භාවය හා ප‍්‍රචණ්ඩත්වයේ තත්වය මත කැරලි වෙන්කොට දැකීමට බොහෝ සාස්ත‍්‍රඥයින් පෙළඹී තිබේ. මෙහිදී අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ලබාගත් තොරතුරු අනුව කැරලි පොදුවේ සහගත ආකාරයට වර්ගීකරණයකට ලක් කළ හැක.

1.5.1නොහික්මුණු රස්තියාදුකාරී කැරළි[සංස්කරණය]

මෙම කැරලි වර්ගය බොහෝ විට නිෂ්පත්තිය ලබා තිබුනේ බටහිර යුරෝපා රටවල් තුළයි. එසේම මෙම කැරලි කෙරෙහි මූලික පසුබිම සපයන්නේ කී‍්‍රඩා සම්බන්ධ කි‍්‍රයාකාරිත්වය වේ. එනම් විශ්ව විද්‍යාල තුළ පවත්වන කී‍්‍රඩා මෙන්ම යුරෝපා රටවල පාපන්දු තර`ග වලදී එම තර`ග වදින කණ්ඩායම් අතර මතභේද මත මෙම කැරළි ඇති වේ. එම හේතු සාධක කුමක් වුවද, නිත්‍යානුකුලව වරද කාගේ පාර්ශවයෙන් සිදු වුවද, එය සාමකාමීව විස`දා ගැනීමක් වෙනුවට මෙලෙස කැරලි කාරිත්වයන් කෙරෙහි සාමාජිකයන් යොමු වේ. මේ තුළදී වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කී‍්‍රඩා කණ්ඩායම්වලට සහයෝගය ලබා දෙන්නන් වේ. මෙම කැරළිකරුවන් අර්ධ වෘත්තීයමය තත්වයකට පත්ව තිබේ. කැරළි ඇතිවිය හැකි ස්ථානවලට පෙර සුදානමකින් යුක්තව මොවුන් ගමන් කරයි. බොහෝ විට මෙම කැරළි කෙරෙහි යොමුවන තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය වේ.

1.5.2 පොලිස් කැරළි[සංස්කරණය]

මෙම කැරළි වර්ගය බිහිවන්නේ පොලීසිය හා සිවිල් ජන කණ්ඩායමක් යන දෙපාර්ශවය අතරයි. මෙහිදී පොලීසිය කුමක් හෝ අරඹයා සිවිල් ජන කණ්ඩායමකට එරෙහිව බලය යෙදවීම හේතුවෙන් මෙම කැරළි බිහි වේ. එහිදී පොලීසිය කෙරෙහි කළ කිරෙන එතෙක් සාමකාමී ලෙස කටයුතු කල සිවිල් ජනයාද පොලීසියට එරෙහි කැරලිවලට සම්බන්ධ වේ. පොලිස් කැරලි යන වචනය බොහෝ විට මහජන නිළධාරීන් භාවිතයට නොගනී. මෙම වචනය වැඩිපුරම භාවිතයට ගනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි. ඉතිහාසයේ පොලිස් කැරළි මුල්වරට ඇමෙරිකාව තුළ බිහි වී තිබේ. වෘත්තීය සමිති මගින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට එරෙහිව පොලීසිය විසින් ප‍්‍රචණ්ඩත්වය නැතිනම් බලය භාවිතා කිරීම හේතුකොටගෙන මෙම පොලිස් කැරලි ඇතිවී තිබේ. එය 1884 මැයි මාසයේ සිදුවු අතර පොලීසිය විසින් කම්කරුවන්ගේ ජීවිත 4 ක් අහිමි කොට තිබේ. එසේම වියට්නාම යුද්ධය කාලයේද පොලිස් කැරැුල්ලක් ඇති වී තිබේ. පොලිස් කැරලි තුළදී බොහෝ විට පවතින ආණ්ඩු අපකීර්තියට පත් වේ.

1.5.3 බන්ධනාගාර කැරළි[සංස්කරණය]

මෙම කැරළි තත්වය බිහිවන්නේ, බන්ධනාගාරයක සාමාන්‍ය දින චර්යාව වෙනසකට ලක් කරමිනි. මෙම කැරලි වර්ගය බිහිවන පාර්ශවයන් දෙක වන්නේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සිරකරුවන් පිරිසක් අතරයි. මෙම සිරමැදිරි කැරළි කෙරෙහි පදනම සපයන්නේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි පාලනය, සිර කුටි තුළ ඇතිවන භෞතික තත්වයන් වන, සිරකරුවන්ගේ ප‍්‍රමාණය අධික වීම, ආහාර හා පෝෂණය පිළිබ`ද ගැටලූ මානසික ගැටළු යන කාරණා වේ.

1.5.4 වාර්ගික කැරළි[සංස්කරණය]

ජාතිය වර්ගය පදනම් කොටගෙන එක් වාර්ගික කණ්ඩායමක් තවත් වාර්ගික කණ්ඩායමකට එරෙහිව එල්ල කරන පීඩනය හා වෙනස්කම් කිරීම මත කැරළි බිහි වේ. වාර්ගික අනන්‍යතාවය පිළිබ`ද ගැටලූ ඇතිවීම, සමාජ, ආර්ථික හා දේශපාලන බලය පිළිබ`ද යම් වර්ගයක ජනයාට වාර්ගිකත්වය පදනම් කොට ගෙනම අසාධාරණයකට ලක්වීම දැකිය හැක. එනම් සංස්කෘතික කරුණු විශාල ලෙස මෙහිදී වැදගත්කමක් දරයි. වාර්ගික කැරලි යන්න ඉංගී‍්‍රසි භාෂාවට ඇතුළු වී ඇත්තේ 1890 ගණන් වලදීය. 1960 ගණන් වලදී ඇමෙරිකාවේ මෙම වචනය භාවිතා කරන ලද්දේ සුළුතර වාර්ගික කණ්ඩායම් අතර සිදුවන ගැටුම් හ`දුනා ගැනීමටයි. බොහෝ දුරට ශාරීරික ප‍්‍රචණ්ඩත්වය දැකිය හැක. මෙම කැරලි බොහෝ විට රාජ්‍ය බලය සහිත ජාතිය හා වෙනත් සුළු හෝ බහු ජන වර්ගයන් අතර ඇතිවිය හැක.

1.5.5 ශිෂ්‍යය කැරළි[සංස්කරණය]

මෙම කැරළි ඇති වන්නේ පාසල් හෝ විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතන තුළයි. බොහෝ විට මෙම කැරළි දේශපාලන ස්වරූපයක් ගනී. ශිෂ්‍යය කැරළි අධ්‍යාපන ආයතනවල පරිපාලනය හා ශිෂ්‍යයන් අතර පවතින නොඑක`ගතාවයන් මත ශිෂ්‍යය අයිතීන් උල්ලංගනය කිරීමකට එරෙහිව බිහිවිය හැක. අධ්‍යාපන ආයතනයට පිටත දේශපාලනය ගමන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන මතවාදිමය වෙනස්කම් ද මෙම කැරළි කෙරේ ඍජු බලපෑමක් ඇතිකොට තිබේ. ඇමෙරිකාව හා බටහිර යුරෝපා රටවල් තුළ වියට්නාම යුද්ධ කාලයේ මෙසේ කැරලි බිහි වී තිබේ. ඇමෙරිකාව, වියට්නාමය තුළ ගෙන ගිය කෲර ප‍්‍රතිපත්තියට එරෙහිවත්, ඇමෙරිකානු සෙබළුන් විශාල ලෙස ඝාතනය වීමත් නිසා ඇමෙරිකාව තුළ ශීෂ්‍ය කැරළි බිහිවිය. 1789 කාලයේදී චීනය තුළද මෙවැනි ශිෂ්‍යය කැරළි බිහි වී තිබේ. එසේම ආණ්ඩුව මෙම කැරළි නැවැත්වීමට ගෙන ගියේ මර්ධනකාරී ප‍්‍රතිපත්තියකි.

1.5.6 නාගරික කැරළි[සංස්කරණය]

නගර තුළ පවතින ආර්ථික අපහසුතා, කී‍්‍රඩා අවස්ථා, ජාතීන් හා ආගමිකයන් අතර ආතතීන් කරණකොට ගෙන නාගරික කැරලි බිහි වේ. බොහෝ අවස්ථාවලදී මෙම කැරළි ඇතිවීමට බලපාන කරුණු අතර ආර්ථික දුෂ්කරතා, ජීවන මට්ටමේ පහල වැටීම් හා සමාජ ආරක්ෂණය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම මෙන්ම විරැුකියාව, දරිද්‍රතාවය අඩු අධ්‍යාපන පහසුකම් ආදී තත්වයන් විශාල ලෙස බලපානු ලබයි. ඒවා අනුව මෙම කැරළි කෙරෙහි පසුබිම් තත්වයන් නිර්මාණය වේ. නාගරික කැරළි ඇති වන්නේ 20 වන සියවසේ අග භාගයේ වන අතර එයට සමාජයන් තුළ ඇතිවන නාගරිකරණය, කාර්මීකරණය මෙන්ම ඒ හරහා කෘෂි ආර්ථිකය බි`ද වැටීම නිසා නගරාශී‍්‍රතව විවිධ ගැටළු මතුවීම මෙම කැරළිවලට හේතු වේ. එසේම නගරවල ජනගහනය අධික වීමත් සම`ග දිළි`දු කොටස් මුඩුක්කු වැනි ප‍්‍රදේශවලට සීමා වීමත්, ඔවුන්ට සමාජ ආර්ථික හා දේශපාලන තත්වය තුළ සමාන අවස්ථා නොලැබීමත්, හේතුවෙන් මෙම කැරළි බිහිවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Horowitz, D. L. (2001), The Deadly Ethnic Riot, Berkely : University of California Press.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=කැරළි&oldid=485699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි