ක්‍ෂිතිජය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
එ.ජ. යේ විස්කොන්සින්හී, ජලය මත දිස්වන ක්ෂිතිජය

ක්‍ෂිතිජය යනු පෘථිවිය සහ අහස වෙන් කරන්නාසේ ගම්‍යමාන රේඛාව වෙයි. බොහෝ ස්ථාන වලදී, ගස්, ගොඩනැගිලි, කඳු ආදියෙන් සත්‍ය ක්ෂිතිජය සැඟවී ඇති බැවින්, පෘථිවිය හා අහස වෙන් වන්නා ලෙස පෙනෙන්න හැඳින්වෙන්නේ දෘශ්‍ය ක්ෂිතිජය ලෙසිනි. වෙරළෙහි සිට මුහුද දෙස බලන කල්හී, ක්ෂිතිජයට සමීපතම මුහුදේ කොටස හැඳින්වෙන්නේ ඈත දියඹ ලෙසිනි.

පෙනුම සහ භාවිතය[සංස්කරණය]

2002 දී එන්ඩේවර් අභ්‍යාවකාශ ෂටලයෙහි සිට දිස්වුනු පරිදී, පෘථිවියෙහි ක්ෂිතිජයෙහි දර්ශනයක්

මුහුද මතින් දෘශ්‍ය ක්ෂිතිජයට ඇති දුර ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත් වූයේ, ගුවන් විදුලි තාක්ෂණය සහ දුරරේඛණ තාක්ෂණය ප්‍රවර්ධනය කෙරුමට පෙර, එයි විසින් ගම්‍යමාන කරවූයේ සන්නිවේදනයේ සහ දෘෂ්ටියෙහි උපරිම පරාසය වන බැවිනි .


ක්ෂිතිජයට දුර[සංස්කරණය]

වායුගෝලීය වර්තන ආචරණය නොසලකා හරිමින්, පෘථිවියෙහි පෘෂ්ඨයට සඹිප නිරික්ෂකයෙකු හා සිට ක්ෂිතිජයට ඇති දුර [1]

පමණ වන අතර, මෙහි d යනු දුර කිලෝමීටර වලින් සහ h යනු පොළෝ මට්ටමෙහි සිට උස මීටර වලින් වෙයි.

නිදසුන්:

  • h = 1.70 මීටර (5 ft 7 in) (සාමාන්‍ය ඇස්-මට්ටම් උස) සහිතව පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 4.7 කිලෝමීටර (2.9 සැත) දුරකිනි.
  • h = 2 මීටර (6 ft 7 in)සහිතව පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 5 කිලෝමීටර (3.1 සැත) දුරකිනි.
  • කොළඹ ප්‍රදීපාගාරය (29 මීටර (95 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 19.8 කිලෝමීටර (12.3 සැත) දුරකිනි.
  • උසින් 100 මීටර (330 ft) වන කුඩා කන්දක් හෝ කුළුනක් මත නැග සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 39 කිලෝමීටර (24 සැත) දුරකිනි.
  • කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල (152 මීටර (499 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 44 කිලෝමීටර (27 සැත) දුරකිනි.
  • පිදුරුතලාගල (2,524 මීටර (8,281 ft) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 185.5 කිලෝමීටර (115.3 සැත) දුරකිනි.

d යන පරාමිතිය සැතපුම් වලින් [2] සහ h පරාමිතිය අඩි වලින් දැක්වෙන විට,

යන්නෙන් ක්ෂිතිජය දැක්වෙයි.

වර්තනය නොසිදුයේ යැයි උපකල්පනය කොට, නිදසුන් ලෙසින්:

  • h = 5 අඩි 7 අඟ (5.583 අඩි) සහිතව සාමාන්‍ය ඇස්-මට්ටම් උසකින් පොළොවෙහි සිට ගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 2.9 සැතපුමs (4.7 කිමී) දුරකිනි.
  • උසින් 100 අඩි (30 m) වන කුඩා කන්දක් හෝ කුළුනක් මත නැග සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 12.2 සැතපුමs (19.6 කිමී) දුරකිනි.
  • සමනල කන්ද (7,359 අඩි (2,243 m) උසැති) මත සිටගෙන සිටින නිරික්ෂකයෙකු සඳහා, ක්ෂිතිජය පිහිටන්නේ 104.7 සැතපුමs (168.5 කිමී) දුරකිනි.

ජ්‍යාමිතික ආකෘතිය[සංස්කරණය]

ක්ෂිතිජයට දුර ගණනය කිරීමට පදනම වන සීකන ටැංජන ප්‍රමේයය

පෘථිවිය යනු වායුගෝලයක් නොමැති ගෝලයක් යැයි උපකල්පනය කළහොත්, ක්ෂිතිජයට දුර පහසුවෙන් ගණනය කළ හැක. (පෘථිවියෙහි වක්‍රතා අරය සත්‍ය වශයෙන්ම සමකය සහ ධ්‍රැව අතර 1% කින පමණ විචලනය වන බැවින්, වර්තනය නොමැති යයි උපකල්පනය කළද මෙම සමීකරණය උදක්ම නිවැරැදි නොවෙයි.)

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. ඇන්ඩෲ ටී. යං, "ඩ්ස්ටන්ස් ටු ද හොරයිසන්". සම්ප්‍රවේශය 16 අප්‍රේල් 2011.
  2. මෙම ලිපියෙහි, සැතපුම් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,609.344 m) දිගැති "භූමි" සැතපුම් වෙති.
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍ෂිතිජය&oldid=479727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි