සන්නිවේදනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අදහස් හුවමාරු කර ගැනීම.

සන්නිවේදනය යනු පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර හා විශ්වාස හුවමාරු කර ගැනීමයි.

 1. සන්නිවේදනය හැ`දින්වීම:
   ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය ස`දහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය.  එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය.
   උදා:     1. මව හා දරුවා කතා කරයි. 
       2. ගුරුවරයා පන්තියේ උගන්වයි.
   පංචෙන්ද්‍රිය:
       
    පුද්ගලයකු සතු සංවේදී ඉන්ද්‍රියයන් පහක් මෙම සන්නිවේදන ගනුදෙනුවට සම්බන්ධ වෙයි. ඒවා හැ`දින්වෙන්නේ පංචේන්ද්‍රිය යනුවෙනි. 
       මුව     - කථනය, ශබ්ද,  සිනහව හෝ වෙනත් ලක්ෂණ
       ඇස්     - දැකීම, බැලීම, ඉඟි 
       කන්    - ඇසීම, අසා සිටීම, නොඇසීම
       නාසය    - ග`ද සුව`ද දැනීම, ඉඟි
       සම    - ස්පර්ශය, (මෘදු හෝ රළු*
   මෙයින් අදහස් වන්නේ යම් කෙනෙකුට සිය සන්නිවේදන කාර්යය සාර්ථකව පවත්වා ගෙන යෑම ස`දහා පංචේන්ද්‍රියයම සහය වන බවයි. 

2. මානව සන්නිවේදනය:

   යම් සමාජයක මානව පිරිස අතර ඇති වන තොරතුරු හුවමාරුව මානව සන්නිවේදනය ලෙස දැක්විය හැකිය. සමාජය බිහි වී ඇත්තේ මෙසේ එහි සිටින මානවයන් අතර ඇති වන සන්නිවේදනය නිසාය. එසේ සන්නිවේදනයක් ඇති නොවන්නේ නම් එය සමාජයක් නොවේ. මේ නිසා සමාජය බිහි වීමේ ප‍්‍රධාන ක‍්‍රියාවලිය බවට පත් වන්නේ සන්නිවේදනය බව කිව හැකිය. ඒ නිසා මානව සමාජයේ පැවැත්මේ ජීව රුධිරය ලෙස සන්නිවේදනය දැක්විය හැකිය.  
   සන්නිවේදනය තේරුම් ගැනීම ස`දහා ජීව රුධිරය සංකල්පය ඉතා හො`ද යෙදුමකි. සිරුර තුළ පවත්නා සියුම් නහර මගින් සිරුරේ සෑම තැනකටම රුධිරය ගෙන යනු ලබයි. සිරුර පද්ධතියක් ලෙස සැලකූ විට එය සමස්තයක් ලෙස ක‍්‍රියාත්මක වන්නේ මෙසේ සෑම තැනකටම රුධිරය ගෙන යන නිසාය. සමහර විටක ඔබ පුටුවක බොහෝ වේලා හි`ද ගෙන සිටින විට කකුලක් හිරි වැටෙන්නට පුලූවන. හිරි වැටෙනවා යන්නෙන් අදහස් වන්නේ කකුලේ රුධිරය ගලා යෑමේ බාධාවක් ඇති වී ඇති බවයි. ඒ නිසා කකුලේ ක‍්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. 
   මෙම උදාහරණයම මානව සමාජයේ සන්නිවේදනය පිළිබ`දව දැක්විය හැකිය. සමාජය පවතින්නේ සන්නිවේදනය නමැති රුධිරය නිසි ලෙස සැම තැනකටම ගලා ගෙන යෑම නිසාය. යම් තැනකට නිසි ලෙ සන්නිවේදනය නමැති රුධිරය ගලා නොගිය විට සමාජයේ නිසි ක‍්‍රියාකාරිත්වයට බාධා පැමිණේ. 
   මානව සන්නිවේදනය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ වන්නේ එය සැලසුම් කර අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට මානවයාට ඇති හැකියාවයි. 

3. සත්ත්ව සන්නිවේදනය:

   සත්ත්වයන්ද යම් ආකාරයකට සන්නිවේදනයේ යෙදෙන බව පෙනේ. යම් යම් සීමිත අදහස් කිහිපයක් ප‍්‍රකාශ කරන්නටත්, තේරුම් ගන්නටත් සත්ත්වයන්ට හැකියාව ලැබී ඇත. 
   උදාහරණයක් වශයෙන් නිවසේ සිටින සුරතල් බල්ලා පමණක් නොව, පාරේ සිටින දඩාවතේ යන බල්ලකුටත් යම් ආකාරයකට සීමිත ලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට හා තේරුම් ගැනීමට හැකි බව පෙනේ. නිවසේ ඇති කරන ගිරවකු තමන්ට ඇසෙන විවිධ හ`ඩ ප‍්‍රතිඋච්චාරණය කරන්නට පටන් ගනී. හරකකු හා අලියකු සමග කටයුතු කිරීමේදී ඔවුන්ට යොදා ගනු ලබන භාෂාවන් එකිනෙකට වෙනස්ය. අලි භාෂාව කියා දෙයක් ව්‍යවහාරයේ පවතී. 
   එහෙත් මෙහි සත්‍යය නම් ඔවුන් යම් සීමිත හ`ඩකට හෝ හැසිරීමකට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට පුරුදු වී ඇති බවයි. ඒවා කිසියම් ආකාරයක සීමිත ඉගෙන ගැනීමකි. උදාහරණයක් වශයෙන් බල්ලකුට බඩගිනි වූ විට නගන හ`ඩත්, අමුත්තකු පැමිණි විට නගන හ`ඩත් අතර වෙනසක් පවතී. එය ගෙදර සිටින්නන්ට තේරුම් ගන්නටත් පුළුවන. එසේ වුවත් එක් ගෙදරක සිටින බල්ලකු හැසිරෙන ආකාරය තවත් ගෙදරක සිටින බල්ලකු හැසිරෙන ආකාරයට වඩා වෙනස් විය හැකිය. එසේ වුවත් සෑම බල්ලකුම තම ස්වාමියා දුටු විට නගුට වනමින් තම සතුට ප‍්‍රකාශ කරයි. එය එම සත්ත්වයාට උපතින් උරුම වූ ජෛවීය පුරුද්දක් මිස උගත් භාෂාවක් නොවේ. 
   මිනිසා සන්නිවේදනය හසුරුවයි. සත්ත්වයාට සිය සන්නිවේදනය හසුරුවා ගත නොහැකිය.

4. හැඟීම්, සිතිවිලි හා අදහස්:

   සිතීමේ හැකියාව ඇති වීම නිසා මානවයා සන්නිවේදන සත්ත්වයකු බවට පත් විය. විවිධ හැඟීම් ඇති වීම සිතෙහි ක‍්‍රියාකාරිත්වය නිසා සිදු වන්නකි. සිතිවිලි හා හැඟීම් යන්නෙන් කුමක් මුලින් ඇති වන්නේද යන්න පිළිබ`දව විවාද පවතී. කෙසේ වුවද කෙනෙකු තුළ ඇති වන හැඟීම්, සිතිවිලි හා අදහස් අන්‍යයන් සමග හුවමාරු කර ගැනීම මූලික වශයෙන් සන්නිවේදනයෙන් සිදු වේ. 
   එපමණක් නොව තමන් තුළම මේ ආකාරයෙන් හැඟීම්, සිතිවිලි හා අදහස් හුවමාරු වන්නට පුළුවන. කෙනෙකු සිතමින් සිටිනවා යන්නෙන් අදහස් වන්නේ එයයි. තමන්ට මුහුණ දෙන්නට සිදු වී ඇති කිසියම් ගැටලූවක් පිළිබ`දව නිගමනයකට එළඹීමට අවශ්‍ය වූ විට තමන් තුළම ඒ පිළිබ`දව විවිධ ලෙස ප‍්‍රශ්න කර ගැනීම මගින් පිළිතුරක් සොයා ගන්නට උත්සාහ දරයි. මේ ආකාරයෙන් තමන්ගේම හැඟීම්, සිතිවිලි හා අදහස් සමග ගනුදෙනු කිරීම පුද්ගලයන්ගේ පුරුද්දකි. මෙය සන්නිවේදනය ක‍්‍රියාවලියේ ආරම්භය ලෙස ද දැක්විය හැකිය. 

5. සන්නිවේදනය පිළිබ`ද නිර්වචන:

   සමාජයේ පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව අර්ථ කථනය කරනු ලැබූ විවිධ විද්වතුන් හෝ ආගමික නායකයන් විසින් සන්නිවේදනය ගැන හෝ සන්නිවේදනයේ විවිධ පැතිකඩ පිළිබ`දව නිර්වචන හෝ අදහස් දක්වා ඇත. ඉතා දිගු කාලයක් තිස්සේ මෙසේ දක්වා ඇති නිර්වචන සංඛ්‍යාව අති විශාලය. 
   (සන්නිවේදනය පිළිබ`ද උසස් අධ්‍යාපන ලැබීමේදී ඒ පිළිබ`ද පුළුල් හැදෑරීමක් කෙරෙන බැවින් ඒ බොහෝ නිර්වචන එහි දී උගත යුතුය. එහෙත් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ දක්වා ඇත්තේ සන්නිවේදනය පිළිබ`ද ලැස්වෙල් අර්ථකථනය - 1948 හා සන්නිවේදනය පිළිබ`ද ෂැනොන් වීවර් ගණිතමය සූත‍්‍රය - 1949 පමණි. උසස් පෙළ දී ඒ දෙකට අතිරේකව විල්බර් ශ‍්‍රාම් හා එඞ්වඞ් ෂැපී නිර්වචන දෙකද එක් කර ඇත. උසස් පෙළ උගන්නා දරුවන් මෙම නිර්වචන තුන හා සූත‍්‍රය පමණක් හො`දින් ඉගෙන ගත යුතුය. අනෙක් නිර්වචන හෝ සූත‍්‍ර ඉගෙන ගැනීම උසස් පෙළ දී කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එය අතිරේක වෙහෙසක් පමණි. මෙම නිර්වචන හා සූත‍්‍රය පිළිබ`ද විස්තර ඉදිරියේ පළ වේ.*

6. සන්නිවේදනයේ ඓතිහාසික විකාශනය:

   සන්නිවේදනයේ කතාන්දරය යනු මානව සමාජයේ කතාන්දරයයි. එසේ කියනු ලබන්නේ සන්නිවේදනය හා සමාජය එක්ව සංවර්ධනය වූ නිසාය. සමාජය බිහි වීමට සන්නිවේදනය පාදක විය.  සන්නිවේදනය ක‍්‍රම විධි හා උපකරණ සමාජය විසින් නිර්මාණය කරන ලද්දේ සන්නිවේදනයේ සමාජීය අවශ්‍යතා පිරිමසා ගැනීම ස`දහාය.
   ආදි කාලීන මානවයා ජීවත් වූයේ වනාන්තර තුළ කුඩා කණ්ඩායම් වශයෙනි. එය සමහර විට රැුහක් යනුවෙන් හ`දුන්වා ඇත. ඒ අනුව  රැුහකට නායකයෙක් සිටියේය. ඔවුන් ජීවත් වූයේ ගල් ගුහා ආශ‍්‍රය කර ගෙනය. ඒ නිසා කාලයක් ගත වන විට ඔවුන්ගේ සංස්කෘතියක් මෙම ගල්ගුහා ආශ‍්‍රිතව බිහි විය.
   මුවින් හ`ඩ පමණක් පිට කරන්නට පුරුදුව සිට ආදි කාලීන මානවයා හ`ඩ සන්නිවේදනාර්ථයකින් යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. එපමණක් නොව වනාන්තරයේ හා ගල් ගුහාව ආශ‍්‍රිත බොහෝ දේ සංඥා හා සංකේත ලෙස යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. ශරීරය ආශ‍්‍රිතව ඉඟි බිහි වීමද මෙහි දී සිදු වූවකි. මෙම වකවානුවට අදාළව සන්නිවේදනාර්ථයෙන් යොදා ගත්තේ මොනවාද?
   හූ කීම                විරිත්තීම
   දුම                අත්පුඩි ගැසීම
   කෑ ගැසීම            දෑත් ඔසවා කෑ ගැසීම
   කොළ අතු එල්ලීම        ලතෝනි දීම
   ලී කෝටු තැබීම            හිස කෙස් කඩා දැමීම
   ලීයක කට්ටා සෑදීම        යමක් විසි කිරීම
   වැල් පටවල් එල්ලීම        රූප ඇ`දීම
   ගින්දර ඇවිලීම            ..................
   මේ ආකාරයෙන් මුල් කාලීනව සන්නිවේදනාර්ථ සහිතව යොදා ගෙන ඇති බොහෝ ක‍්‍රියා හෝ ආම්පන්නවලට සන්නිවේදනාර්ථයක් ලැබුණේ එය අන්‍යයන් විසින් පිළි ගැනීමෙනි. උදාහරණයක් වශයෙන් වන මැද දුම පැතිරවීම මගින් තමන් සිටින ඉසව්ව අන්‍යයන්ට සංඥා කරන  ලද්දේය. කෙනෙකු මිය ගිය පසු ගල් ගුහාව අසල ගල් ගොඩක් ගැසීම මරණය පිළිබ`ද  සංකේතයක් විය. හිස වැනීමෙන් අන්‍යයන්ට ඉඟි කරන්නට ඇත. මහ හ`ඩින්  කෑ ගැසීමෙන් වනයේ අනතුරුදායක බව අන්‍යයන්ට දන්වන්නට ඇත. 
   ගින්දර, දුම, බෙරය, වර්ණ ආදිය සන්නිවේදනාර්ථයෙන් යොදා ගත හැකි වූයේ මානවයාට සිතන්නට පුලූවන් වීම නිසාය. මේවා කුමකින් පසු කුමක් යොදා ගත්තේදැයි යන්න මෙන්ම කුමන සන්නිවේදනාර්ථ ස`දහාම යොදා ගත්තේදැයි යන්න ද නිශ්චිතව කිව නොහැකිය. එයට හේතුව මෙම කාල වකවානුවේ  සාක්ෂි නොමැති වීමයි. එහෙත් තර්කානුකූලව සිතීමෙන් මේවා මෙසේ වන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ. ඉතා සෙමින් සෙමින් අවුරුදු දහස් ගණනක් මුලූල්ලේ මේ ආදි කාලීන ජනයා විසින් ගොඩ නංවන ලද සන්නිවේදනාර්ථ හා ක‍්‍රම අද වන විටද අප සමාජය විසින් භාවිතයට ගනු ලැබීම අතිශයින් විශ්මිත කරුණකි.  

සුදේශ් කාවින්ද

"https://si.wikipedia.org/w/index.php?title=සන්නිවේදනය&oldid=446232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි