නො දැවී

විකිපීඩියා වෙතින්

ක්‍රිකට් ක්‍රීඩාවෙහි පිතිකරුවෙකු නො දැවී යැයි සැලකෙන්නේ, ඉනිමක පිතිකරණය සඳහා ඔහු පිටියට පිවිස ඉනිමෙහි අවසානයෙහිදී දැවී යාමෙන් වැළකී ක්‍රීඩාවෙහි රැඳී සිටියහොත්ය. ඉනිම ක්‍රීඩා කරමින් පැවතියදීද, පිතිකරුවෙකු නො දැවී යැයි යමෙකුට පැවසිය හැකිය. පිතිකරුවෙකුගේ ලකුණු සංඛ්‍යාවට යාව තරු ලකුණ දක්වන්නේ ඔහු නො දැවී බව කියා පෑමටය; නිදසුනක් ලෙසින්, '10*' යන්න කියවෙන්නේ '10 නො දැවී' ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=නො_දැවී&oldid=312884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි