මානව කායච්ඡේද විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(මානව ව්‍යුහ විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

මිනිස් සිරුරේ රූප විද්‍යාව පිළිබදව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස මූලිකව දැක්විය හැකිය. මෙය නැවත දළ කාලච්ජේද විද්‍යාව හා අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව ලෙස බෙදා ඇත.

දල කායච්චේද විද්‍යාව anthropotomy ලෙසද හදුන්වන අතර එය පියවි ඇසින් දැකිය හැකි ව්‍යුහ පිළිබද අධ්‍යයනයයි. ඉතා කුඩා ව්‍යුහ අන්වීක්ෂකයෙන් බලා සිදුකරන විද්‍යාව අන්වීක්ෂ කාය විච්ජේද විද්‍යාවයි. මෙහිදි පටක විද්‍යාව (පටක සංවිධානය ගැන අධ්‍යයනය කරයි) සෛල විද්‍යාව (සෛල පිළිබද අධ්‍යයනය) ද අඩංගුය. කායවිච්ජේද විද්‍යාව කායික විද්‍යාව ක්‍රියාකාරීත්වය පිළිබදව අධ්‍යයනයන්) ජීව රසායනය (ජීව ව්‍යුහ වල හා ඇති රසායනය පිළිබද අධ්‍යයනය) අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය අංශ වන අතර සාමාන්‍යයෙන් එකවර උගන්වයි. සමහර මුහුණත් වලින් මානව කායවිච්ජේද විද්‍යාව කලල විදයාව සන්සන්දනාත්මක කායවිච්චේද විද්‍යාව, සන්සන්දනාත්මක කලල විද්‍යාව සමාන සමීපතාවයක් දක්වයි. එසේ වන්නේ පරිණාමයේ පොදු මූලයන් උදා - ලෙස මිනිස් ශරීරය බොහෝ දුරට ආදි කුහර රටාව පවත්වාගෙන ඇති අතර එය බොහෝ පෘෂ්ඨිමය ශ්‍රිතයන්ගේ මූලික ඒකක නැවත යොදන අයුරින් පිහිටා ඇත. එය කොදු ඇට පෙලේ පර්ශු කුඩුවේ හා ඉතා මූලික කලල අවස්ථාවල පහසුවෙන් හදුනාගත හැක. මිනිස් ශරීරයේ ජීව විද්‍යාත්මක පද්ධති වලින් සෑදි ඇත. ඒවා සෛල හා සම්බන්ධක පටක වලින් තැනුනු පටකද පටක වලින් තැනුනු ඉන්ද්‍රියයන් ද අඩංගු වේ. (මෙම විදයාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්දින් වල ක්‍රියාකාරීත්වය නෙ‍ානවත්වා අධ්‍යයනයක යෙදුනි. ඒ සදහා වු ක්‍රම විධි ද ඉතා පුදුම පලවන ලෙස වර්ධනය වී නරක් නොවන සේ තබා ගත් මෘත දේහ යොදා ගැනීමේ සිට සංකිර්ණ තාක්ෂණික ක්‍රමතෙක් (20 සියවසේ දී වර්ධනය වු) වර්ධනය වී ඇත)

Superficial anatomy of female and male human

Regional groups[සංස්කරණය]

  • හිස හා ගෙල - උරස් දොරටුව සිට ඉහළට ඇති සියලු දේ ඇතුළත් වේ.
  • ඉහල ගාත්‍රය - අත, මැණික් කටුව, යටි බාහුව, වැලමිට, බාහුව සහ උරහිස ඇතුළත් වේ.
  • උරස - පපුව ප්‍රදේශයේ උරස් දොරටුව සිට මහා ප්‍රාචීරය තෙක් ඇතුළත් වේ.
  • උදරය - මහා ප්‍රාචීරයේ සිට ශ්‍රෝණි දාරය හෙවත් ශ්‍රෝණි දොරටුව තෙක් සියලුම කොටස් ඇතුළත් වේ.
  • කොන්ද - කශේරුව සහ එහි කොටස්. කශේරුකා, ත්‍රිකාස්ථිය, අනුත්‍රිකාස්ථිය හා අන්තර් කශේරුක මඩල ඊට අයත් වේ
  • ශ්‍රෝණිය සහ පෙරිනියම - ශ්‍රෝණි දාරයේ සිට ශ්‍රෝණි ප්‍රාචීරය තෙක් කොටස් ශ්‍රෝණියට අයත්\ වේ. පෙරිනියම යනු ප්‍රජනන ඉන්ද්‍රීන් සහ අධෝ මාර්ගය අතර පිහිටි පෙදෙසයි
  • අධර(පහළ) ගාත්‍රය - ඉකිලි (වංක්ෂණ) බන්ධනි ප්‍රදේශයට පහළින් ඇති සියලු කොටස්. උකුළ ,කලව, කෙණ්ඩ , වළළුකර, දණහිස සහ පාතලය ඇතුළත් වේ.

ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතීන්[සංස්කරණය]

  • සංසරණ පද්ධතිය - රුධිරයදේහය සහ පෙනහළු අතර පොම්ප කරන සහ ප්‍රවාහණය කරන පද්ධතියයි. හෘදය රුධිරය සහ රුධිරවාහිණි වලින් සමන්විතය.
  • ආහාර ජීරණ පද්ධතිය - අධෝ මාර්ගය ගුදය, බඩවැල, අග්නාශය, පිත්තාශය, ආමාශය, අන්තසෝත්‍රය, අක්මාව සහ ඛේට ග්‍රන්ථි වලින් සමන්විතය, ආහාර ජීර්ණ සහ සැකසුම් ක්‍රියාවලිය සදහා සෑදුණු පද්ධතියකි.
  • අන්තරා සර්ගි පද්ධතිය - අධිවෘක්කග්‍රන්ථි, පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථීය, කේතු දේහය, පිටියුටරි ග්‍රන්ථිය, හයිපොකැලමස යන ග්‍රන්ථීන්ගෙන් සාදන හෝමෝන ආධාරවයන් දේහය තුළ සන්නිවේදන කටයුතු කරනු ලබයි.
  • ප්‍රතිශක්ති කරණ පද්ධතිය - පිලිකා සෛල සහ විෂබීජ හඳුනා ගනිමින් ඒවා විනාශ කොට දේහයට ආරක්ෂාව සලසයි.
  • පිට වැස්ම - සම, නියපොතු සහ කොණ්ඩය
  • වසා පද්ධතිය - සිරුරේ සෛල සහ රුධිරය අතර වසා ගැටිති සහ වසා නාල උපයෝගිකර ගනිමින් වසා සංසරණය කරයි. මෙයට වසා , වාසා ගැටති වාසා නාල සහ ප්‍රතිශක්ති කරණ පද්ධතියේ සුදු රුධිරාණු සහ සෙම් ගෙඩිද ඇඩ්නොයිඩ් ග්‍රන්ථිය , තයිමස් ග්‍රන්තිය සහ ප්ලිහාවද උපකාරී වේ
  • පේශී පද්ධතිය - මාංශ පේශී උපයෝගි කර ගනිමින් චලනය සිදු කරයි.
  • ස්නායු පද්ධති ය - මොලය, සුසුම්නාව, පර්යන්ත ස්නායු සහ ස්නායු උපයෝගි කර ගනිමින් තොරතුරු ලබාගැනීම, ප්‍රවාහණය කිරීම සහ සැකසීම සිදු කරනු ලබයි.
  • ප්‍රජනක පද්ධතිය - ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, යෝනි මාර්ගය, ක්ෂීර ග්‍රන්ති , වෘෂණ කෝෂ, ශුක්‍ර නාල කුපර් ග්‍රන්ථින්, පුරහ්ස්ථි ග්‍රන්ථිය, අපසාහී වාහිනිය සහ ශිෂ්නයෙන් සැදුම් ලද්දකි.
  • ශ්වසන පද්ධතිය - ශ්වසන ක්‍රියාවලිය සඳහා උපකාරී වන ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාස නාලය, අනු හ්\වාස නාලිකා, පෙනහළු සහ මහා ප්‍රාචිරයෙන් යුක්තවෙයි.
  • කංකාල පද්ධතිය - අස්ථි, කාටිලේජ්, ඛණ්ඩරා, බන්ධන වලින් සෑදී ඇත. දේහයට ව්‍යුහාත්මක උපකාරය සහ ආරක්ෂාව ලබාදෙයි.
  • මුත්‍රා පද්ධතිය - මුත්‍රා බහිස්‍රාවය, අයන තුලිතතාවය සහ දේහ තරල තුලිතාවය පවත්වා ගනී. වකුගඩු, මුත්‍රාවාහිණි, මුත්‍රාශය සහ මුත්‍ර මාර්ගයෙන් සැදුම් ලද්දකි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]