කරන් පටෙල්

විකිපීඩියා වෙතින්
කරන් පටෙල්
කරන් පටෙල් 2015 ITA සම්මාන උළෙලේ රතු පලස මත දී
උපත23 නොවැම්බර් 1983 (1983-11-23) (වයස 40)
රැකියාවනළුවකු, නිවේදකයකු
සක්‍රීය වසර2005–වර්තමානය
කලත්‍රයා(යන්)අංකිතා කරන් පටෙල් (2015–වර්තමානය)

කරන් පටෙල් (උපත 23 නොවැම්බර් 1983) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. කරන් පටෙල් සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2000දී කහානි ඝාර් ඝාර් කි වැඩසටහන ඔස්සේ ය. වර්තමානයේ ඔහු ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වන යේ හේ මොහබ්බතයින් කතාමාලවේ දිව්‍යංකා ත්‍රීපති සමග ප්‍රධාන චරිත නිරූපණයෙහි නියැළෙමින් සිටියි. මෙම කතාමාලාවේ රමන් කුමාර් භල්ලා ලෙස ඔහු නිරූපණය කළ චරිතය හේතුවෙන් සී ස්වර්ණ සම්මාන උළෙලේ දී හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය පිට පිට වසර තුනක්ම (2014-2016) හිමි කරගැනීමට ඔහු සමත් විය. එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය සහ ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.

2015 මැයි 3 මුම්බායිහි දී කරන් අංකිතා භාර්ගවා සමග විවාහ විය.[1][2]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

පටෙල් උපත ලැබූයේ 1983 නොවැම්බර් 23 දින කල්කටාවේ ය.[3][4] ඔහුගේ පියාගේ නම රාශේෂ් පටෙල් ය.[5] ඔහු සිය පාසල් අධයාපනය හදාළේ මුම්බායේ ජූහු උපනගරයේ උත්පල් ෂංඝවි පාසලේ දී ය. ඔහු සිය උපාධිය හදාරනු ලැබූයේ මුම්බායේ මිථිබායි කොලීජියෙනි. කිෂෝර් නමීක් කපූර් රංගන ආයතනයට ඇතුළත් වූ ඔහු ලන්ඩන් කලා විශ්විවිද්‍යාලයට ද ඇතුළත්ව තිබේ. මීට අමතරව ඔහු ෂියාමක් දාවර්‍ගේ නර්තන පන්ති සඳහා ද සහභාගී වී තිබේ.[6]

වෘත්තිය[සංස්කරණය]

පටෙල් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ කස්තුරි කතාමාලාවේ ය. මෙහි දී ඔහු විසින් රොබී සබර්වාල් නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට පෙර ඔහු විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී තිබිණි. ඔහු රංගනයෙහි යෙදුණු පළමු චරිතය වූයේ කහානි ඝාර් ඝාර් කී කතාමාලාවේ විග්‍යාත් නැමැති චරිතයයි. මීට අමතරව ඔහු කසෞතී සින්දගී කේ සහ කසම් සේ කතාමාලාව සඳහා ද සිය රංගන දායකත්වය සපයා ඇත.[7] 2008දී ඔහු නිවේදන වෘත්තිය වෙත පිවිසියේ කහෝ නා යාර් හේ නැමැති නව වැඩසටහනත් සමගයි.[8] වර්තමානය වන විට ඔහු යේ හේ මොහබ්බතයින් කතාමාලාවේ රමන් කුමාර් භල්ලාගේ චරිතය නිරූපණය කරනු ලබයි. ඉන්දියානු සෝප් ඔපෙරාවක් වන යේ හේ මොහබ්බතයින්[9] තුළ ඔහු නිරූපණය කළ මෙම චරිතය හේතුවෙන් සම්මාන රැසක් හිමි කරගැනීමට පටෙල්ට හැකි විය. මෙහි දී අඛණ්ඩව වසර තුනක් (2014-2016) සී ස්වර්ණ සම්මාන උළෙලේ හොඳම නළුවා (ජනප්‍රිය) සම්මානය හිමි කරගැනීමට ඔහු සමත් විය.[10][11][12] එසේම 2015 හොඳම සරාගී නළුවා සඳහා වන ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය,[13] ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය ද ඔහුට හිමි විය.[14] ඔහු සහ දිව්‍යංකා ත්‍රීපති අඛණ්ඩව වසර තුනක් (2014-2016) ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ හොඳම යුවළට හිමි සම්මානය හිමි කරගැනීමට සමත්ව තිබේ.[15][16][17]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය කෘතිය චරිතය
2000-2008 කහානි ඝාර් ඝාර් කි විග්‍යාත්
2005 කසෞතී සින්දගී කේ කරන්
2005 කේසර් රයන්
2005 කාව්‍යාංජලි කණිෂ්ක්
2006–2007 කසම් සේ රෝහිත් රන්විජේ චොප්රා
2006–2007 කරම් අප්නා අප්නා විවාන් කපූර්
2007–2009 කස්තුරි රොබී සබර්වාල්
2007 නාච් බාලියේ 3 ඔහු ලෙසම
2008 කහෝ නා යාර් හේ නිවේදක
2010 දිවාලි දිලෝ කි නිවේදක
2012 Survivor India ඔහු ලෙසම
2012 තේරි මේරි ලව් ස්ටෝරීස් යුග් සකසේනා
2013 ජලක් දිඛ්ලා ජා (වාරය 6) ඔහු ලෙසම
2013–වර්තමානය යේ හේ මොහබ්බතයින් රමන් කුමාර් භල්ලා/ගුලා‍බෝ සිං
2014–2016 බොක්ස් ක්‍රිකට් ලීගය ඔහු‍ ලෙසම
2015 Star Plus Valentine's day නිවේදක
2015–2016 ගුම්රා (වාරය 5) නිවේදක
2015 නාච් බාලියේ 7 නිවේදක[6]
2015 ජලක් දිඛ්ලා ජා ආරාධිත
2016 I Don't Watch TV ඔහු ලෙසම (අරේ තුළ විකාශය වේ)

චිත්‍රපට දායකත්වය[සංස්කරණය]

වර්ෂය මාතෘකාව චරිතය
2010 City of Gold නාරු
2013 Shootout at Wadala ජමාල්

සම්මාන[සංස්කරණය]

වර්ෂය උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2014 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම නායා සදස්‍යා - පිරිමි යේ හේ මොහබ්බතයින් දිනාගති[15]
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන GR8! වසරේ තිරයේ යුවළ
(දිව්‍යංකා ත්‍රීපති සමග)
නිර්දේශිත
13වන ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම තිරයේ යුවළ
(දිව්‍යංකා ත්‍රීපති සමග)
දිනාගති[18]
7වන සී ස්වර්ණ සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය) දිනාගති[10]
2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම සරාගී නළුවා දිනාගති[13]
ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම පති දිනාගති[16]
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා - පිරිමි
14වන ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා දිනාගති[14]
හොඳම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
දිනාගති[19]
8වන සී ස්වර්ණ සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය) දිනාගති[11]
2016 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම පති දිනාගති[17]
ප්‍රියතම ඩිජිටල් සදස්‍යා (පිරිමි)
ප්‍රියතම ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දිව්‍යංකා ත්‍රීපති සමග)
9වන සී ස්වර්ණ සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය) දිනාගති[12]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "The Wedding Story Of TV Actors Karan Patel And Ankita Bhargava". Yahoo! News. සම්ප්‍රවේශය 5 May 2015.
  2. Trivedi, Tanvi. Karan Patel and Ankita Bhargava's star-studded wedding. The Times of India. 5 May 2015. Retrieved 18 October 2016.
  3. Mulla, Zainab. Yeh Hai Mohabbatein actor Karan Patel’s birthday: Ankita, Divyanka, Anita and others part of the mega celebration!. India.com. 23 November 2015. Retrieved 18 October 2016.
  4. Sarkar, Prarthna. Karan Patel birthday: 'Yeh Hai Mohabbatein' actors Divyanka, Anita and others party PHOTOS. International Business Times. 23 November 2015.
  5. "Stars gathered at Karan's b'day bash". The Times of India. 27 November 2007. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. 6.0 6.1 Karan Patel, Smilie Suri, Marzi Pestonji have dance connect. Indo-Asian News Service. 20 April 2015. Retrieved 18 October 2016.
  7. Karan Patel: Lesser known facts.16 March 2015. Retrieved 18 October 2016.
  8. Confession time for Karan Patel. 10 January 2008 Retrieved 18 October 2016
  9. "'Yeh Hai Mohabbatein' actor Karan Patel assures fans he's unlike his reel self". No. Mid.day.com. Mid Day. සම්ප්‍රවේශය 22 January 2015. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. 10.0 10.1 "Zee Gold Awards 2014 Complete List Of Winners". filmibeat.com.
  11. 11.0 11.1 Sarkar, Prarthna. "Zee Gold Awards 2015 Highlights, Complete Winners' List: 'Yeh Hai Mohabbatein' Bags Most Honours; Karan-Divyanka's Romance Steals the Show" (ඉංග්‍රීසි බසින්). International Business Times. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. 12.0 12.1 "Gold Awards 2016: Arjun Bijlani, Devoleena Bhattacharjee, Mouni Roy win top honours; full list of winners". India Today. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  13. 13.0 13.1 "ITA Awards 2015: Karan Patel bags Best Romantic Actor trophy; list of winners". India Today. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  14. 14.0 14.1 "Indian Telly Awards 2015: Karan Patel, Kapil Sharma winners -". The Times of India. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  15. 15.0 15.1 "Yeh Hai Mohabbatein, Mahabharat win big at Star Parivar awards". The Indian Express.
  16. 16.0 16.1 Star Parivaar Awards 2015: Divyanka Tripathi, Karan Patel Bag Awards; Complete Winners List. International Business Times
  17. 17.0 17.1 "Star Parivaar Awards 2016: Here's the complete list of winners" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). Daily News and Analysis.
  18. Tellychakkar Team (18 October 2014). "13th Indian Telly Awards: Complete List of Winners". tellychakkar.com.
  19. "Indian Telly Awards 2015: Karan Patel, Sriti Jha, Kapil Sharma winners". The Indian Express. 30 November 2015. සම්ප්‍රවේශය 31 March 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කරන්_පටෙල්&oldid=544556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි