කන්නගි අම්මන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කන්නගි අම්මන්
Kannaki amman.jpg
Tamil languageகண்ணகி அம்மன்
අනුබැඳියදේවී, පාර්වතී, ආදි පරාශක්ති
සංකේතයසිලම්බු, කළය, කොහොඹ අත්තක්
වල්ලභයාශිව කෝවලන්(ශිවගේ අවතාරයක් වුවත් ස්වරූපයක් නොවේ.)
වාහනයසිංහයා

කන්නගි අම්මන් (දෙමළ: கண்ணகி அம்மன் Kaṇṇaki am'man, මලයාලම්: കണ്ണകി ഭഗവതി kaṇṇaki bhagavati) පත්තිනි මෑණියන්, කන්නගි මෑණියන්, මදුරමාලි සහ මදුරෙයි කාලි ලෙස හඳුන්වනු ලබන්නේ නිර්මලකම, වර්ෂාව සහ සරුභාවයට අධිපති දේවිය යි. ජෛන සාධුවරයෙක් වූ ඉලන්ගො අඩිගල් විසින් රචිත සීලපදික්කාරම්හි ප්‍රධාන චරිතය ඇය වන අතර ශ්‍රී ලංකාවේ පත්තිනි දේවිය යන නාමයෙන් වන්දනාමාන කරනු ලැබේ.සිංහල බෞද්ධයෝ ඇය බුදු බව පතන බවත් සත් පත්තිනි සහ දොලොස් පත්තිනි ලෙස අවතාර ඇති බව විශ්වාස කරති.

ස්ත්‍රියකගේ සරල ජීවිතය දේවියක් බවට පත් වීම[සංස්කරණය]

කන්නගි දේවිය ශක්ති ස්වරූපයක් වූවද දිවි ගෙවුයේ සාමාන්‍ය ස්ත්‍රියක් මෙනි. ඇය විවාහ වනු ලැබුවේ වෙළෙඳ කුලයක පුත්‍රයෙකු වන කෝවලන් සමගිනි. මාධවී නම් නාට්‍යංගනාව හේතුව තම සියලු ධනයන් අහිමි කර ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මදුරා පුරයට පිටත් විය. මදුරෙයිහි මුදල් සඳහා කන්නගියගේ සළඹ විකුණන කෝවලන්, පාණ්ඩ්‍ය රැජිනගේ සලඹ සොරාගත් පුද්ගලයා ලෙස වරදවා වටහා ගැනීමෙන් පසු කිසිදු විමසුමකින් තොරව රජුගේ නියෝගයෙන් හිස ගසා දැමීය. කන්නගි රෞද්‍ර ස්වරූපයෙන් රාජ සභාවට පැමිණ සලඹ තමාගේ බව එය පොළවේ ගසා ඔප්පු කර තම පතිවෘතා ශක්තියෙන් සම්පූර්ණ මදුරාවම ගින්නෙන් විනාශ කරනු ලබයි. ඉන්පසු කන්නගි මදුරෙයි සිට චේර රාජධානියේ කඳුකර ප්‍රදේශයට ගමන් කරයි. එහිදි ඇය තම ශක්තී ස්වරූපය ප්‍රකට කර දේවියක් බවට පත් වේ. චේර රාජධානියේ රාජකීය පවුල ඇය ගැන දැන ගන්නා අතර, කන්නගි දේවියට දේවස්ථානයක් නිර්මාණය කරන බවට පොරොන්දු වේ.

කන්නගි අම්මන් මාතෘ දේවිය ලෙස[සංස්කරණය]

කෝවලන්ගේ සහ මාධවීගේ දියණිය වන මනිමෙකලාගේ ජීවිත කාලය තුළ පවා කන්නගි දේවියක් ලෙස වර්ණනා කළ බවට සාක්ෂි සීලපදික්කාරම් තුළ ඇත. එයින් ඇය මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින මාතෘ දේවිය බව පැහැදිලි වේ. නියඟයෙන් මිදීම සහ ඇයගේ ශාපයෙන් මිදිම සඳහා තවත් පාණ්ඩ්‍ය රජෙකු වන "වෙට්‍රිවෙල් චෙලියන්" කන්නකි දේවියට නමස්කාර කල බව සීලපදික්කාරම් පවසයි.[1]

කන්නගි දේවිය මාතෘ දේවියගේම ස්වරුපයක් බව පෙන්වන සාධකය වන්නේ සීලපදික්කාරම් පෙන්වන ආකාරයට ඇය මදුරාව ගිනිබත් කරන්නේ ආඩි මාසයේ සිකුරාදා දිනයකයි. දෙමළ සංස්කෘතියට අනුව එය මාරි අම්මන්ට අයත් මාසයයි.

වන්දනය[සංස්කරණය]

කේරලයේ කන්නගි වන්දනය[සංස්කරණය]

කේරළයේ චේර පරම්පරාවේ පාලකයින් විසින් ආරම්භ කරන ලද කන්නකි වන්දනාව තවමත් භගවතී වන්දනාවේ ස්වරූපයෙන් ආරක්ෂා වී ඇත.[2] පෙර චේර රාජධානියේ පිහිටි ප්‍රසිද්ධ කොඩුංගල්ලූර් භගවතී දේවස්ථානය කන්නගි අම්මන් වන්දනයේ මූලය පෙන්නුම් කරයි.[3][4] කන්නගි දේවිය මනු ලොවට පැමිණි කාර්‍ය අවසන් කොට මෙහි පැමිණ බද්‍රකාලි මූර්තිය හා එක් වූ බව පැවසේ. දේවමාළිගාවේ ප්‍රධාන දේවිය භද්‍ර කාලි වූවද, ඇය බොහෝ විට බැතිමතුන් විසින් කොඩුංගල්ලූර් හි කන්නගි සහ මුතුමාරි ලෙසද ප්‍රශංසා කරනු ලැබේ.

අට්ටුක්කාල් භගවතී අම්මන් දේවස්ථානයද විශේෂ ස්ථානයක් ගනි. මන්ද කන්නගි දේවිය කොඩුංගල්ලූර් වෙත යන ගමනේදි අට්ටුක්කාල් ප්‍රදේශය පසුකරගෙන ගිය බව පැවසේ. ඇය එහිදි කුඩා දැරියකගේ ස්වරූපය ගත් අතර මහලු මිනිසෙක් දිය පහර ඉවුරේ වාඩි වී සිටියදී, බාල ස්වරූපයෙන් සිටි දේවිය ඔහු වෙත ගොස් ඔහුට හරස් වීමට උදව් කළ හැකිදැයි විමසීය. දැරිය තනිව සිටි නිසා පුදුමයට පත් වූ තොඩියා ඇයව තම නිවසට රැගෙන ගියත් ඇය එහිදි අතුරුදහන් වුවාය. ඇය නැවත සිහිනෙන් ඔහු ඉදිරියට පැමිණ දේවමාළිගාවක් ගොඩනඟන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ වත්තෙහි රන් රේඛා තුනක් හමු උන අතර එහි ඔහු දේවස්ථානයක් ඉදි කළ්ය. එය වර්තමානයේ අට්ටුක්කාල් දේවස්ථානය බව පිළිගනී. අදටත් උත්සව දින වල කන්නගිය පාණ්ඩ්‍ය රජුව පරාජය කිරිමේ ජගග්‍රහණය එහි සමරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දමිළ ජනයා අතර කන්නගි වන්දනය[සංස්කරණය]

වට්ට්‍රාප්පලයි කන්නගි අම්මන් කෝවිල, ශ්‍රී ලංකාව

කන්නගී දේවිය පිළිබඳ ශ්‍රී ලාංකික විශ්වාසයන් සීලපදික්කාරම් සහ පොදු ශ්‍රී ලාංකික විශ්වාසයන් අතර අතරමැදිව දෝලනය වෙමින් පවති. නැගෙනහිර සහ වන්නී ජනයා අතර කන්න්ගි අම්මන් ලෙස එතුමිය වන්දනා කරන අතර යාපන රාජධානිය ඇති යාල්පාන වෛපවමාලයි ආදි ග්‍රන්ථයන්ට අනුව ඇයගේ වන්දනය ආර්‍ය චක්‍රවර්තී යුගය දක්වා දිව යන පැහැදිලි වේ. කන්නගි දේවිය ප්‍රධාන වශයෙන් වසරකට එක් වරක් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල දෙමළ දින දර්ශනයේ වයිකාසි මාසයේදි (මැයි-ජූනි) ප්‍රශංසා කරනු ලැබේ. මෙම උත්සවය කඩංගු, කදවු තිරත්තල් ලෙස හැඳින්වේ.

සිංහල ජනයා අතර කන්නගි වන්දනය[සංස්කරණය]

කන්නගි දේවියගේ මූල වන්දනය තුල ඇය මාතෘ දේවියගේ ස්වරූපයක් ලෙස වන්දනාමාන කරත්, සිංහල ජනයා තුළ පත්තිනි මෑණියන් නමින් ඇයට බෞද්ධ අභාශයක් ලැබී තිබේ. පසුකාලිනව ඇති වූ ලාංකීය ජනප්‍රවාද ඕස්සේ ඇයගේ කතා පුවත සීලපදික්කාරම් ග්‍රන්ථයට වඩා වෙනස්ව පවති. බෞද්ධ ජනප්‍රවාදයන්ට අනුව ඇය පිරිමි භවයක් ලබා බුදු බව ලැබීමට පෙරුම් පුරන බෝධිසත්වයෙකි.[5] කන්නගි වන්දනය ලංකාවට පැමිණෙන්නේ පළමුවන ගජබාහු රජුගේ කාලයේ වූවද ඇයට බෞද්ධ අභාෂයක් ලැබෙන්නේ පසුකාලීනවයි. තවත් ජනප්‍රවාදයකට අනුව පත්තිනි දේවිය අඳුන්ගිරි පර්වතයෙහි මස්‌තකයට නැඟ සිල් සමාදන්ව පිරිමි ආත්මභාවයක්‌ ලැබීම සඳහා පිළිවෙත් පුරමින් කාලය ගත කළාය. මේ අවස්‌ථාවේ දී සක්‍ර දිව්‍යරාජයා විසින් පත්තිනි දේවියගේ සිල් බලය පරීක්‌ෂා කිරීම සඳහා මහලු වේශයක්‌ මවා ගෙන අඳුන්ගිරි පර්වත මස්‌තකයට සැපත් විය. ඉන් පසු පත්තිනි දේවිය අමතා නැගණියනි, මට නොයිඳුල් දානයක්‌ දෙන්න යෑයි ඉල්ලීමක්‌ කර ඇත. මේ අවස්‌ථාවේ දී පත්තිනි දේවිය අඳුන්ගිරි පර්වතය දෙපයින් පාගා මඩ කර කළල් කර රත් හැල් වී මිටක්‌ වැපුරුවාය. පිණිබිඳ, නයි කඳුල, දෙමට මල, ඔරුව, සළුව, ගිනිදැල් මාලාව සහ අඹය ආදිය මුල්කරගෙන පත්තිනි දේවියගේ අවතාර සතක් උපත ලැබූ බවද ලාංකීය ජනප්‍රවාදය තුළ පැවසේ. නමුත් මේ ජනප්‍රවාද කිසිවක් මුල් කන්නගි වන්දනය හා සම්බන්ධ නොවන බව ගැඹුරින් බලන කළ පෙනී යයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Silappatikaram, Vanji Kantam
  2. Bertold Spuler (1975) "Handbook of Oriental Studies, Part 2" p.111
  3. The Illustrated Weekly of India, Volume 111, Issues 13-25 p.33
  4. Chummar Choondal (1980) "Kerala Folk Literature", p.37
  5. Richard Francis Gombrich, Richard Gombrich, Gananath Obeyesekere (1988) "Buddhism Transformed: Religious Change in Sri Lanka" pp.30,31
"https://si.wikipedia.org/w/index.php?title=කන්නගි_අම්මන්&oldid=493396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි