ඔස්ට්‍රලෝපිතකස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඔස්ට්‍රලෝපිතකස් (AW-struh-loh-PITH-i-kuhs, /ˌɒstrələˈpɪθkəs,_ˌɔːʔ,_ʔlʔ/;[1]නිරුක්තිය Latin australis "southern",දකුණු Greek πίθηκος pithekos "ape"; වානරයා australopithecine or australopith) ලතික් භාෂාවෙන් ඔස්ට්‍රලිස් යනු දකුණු යන්නයි පිතකස් යනු ග්‍රීක බසින් වානරයා යන්නයි. එනම් දකුණු දිග වානරයා යන අරුතක් මෙයින් විද්‍යමානවේ.මෙම මානව පූර්වජකයාගේ ෆොසිල සාධක ප්‍රධාන වශයෙන් නැගෙනහිර අප්‍රිකාවෙන් සොයා හැනුණි. 4 මීට වසර මිලියන 4 කට පමණ පෙර මිහිතලයේ වාසය කර ඇත මෙම මානව පූර්වජකයා විශේෂ කිහිපයකට බෙදා දැක්වීමට මානව විද්‍යාඥයන් යොමු වී ඇත.ඒ මෙසේය ඔස්ට්‍රලෝපිතකස් ඇෆරෙන්සස්(Australopithecus afarensis) ඔස්ට්‍රලෝපිතකස් අැෆරෙන්සිස් (A. africanus),ඔස්ට්‍රලෝපිතකස් ඇනමෙන්සිස්(A. anamensis),ඔස්ට්‍රලෝපිතකස් බහ්‍රඝාෂලි( A. bahrelghazali) යනු වෙනි.

ඔස්ට්‍රලෝපිතකස් විශේෂය මානව පරිණාමයේ ඉතා වැදගත් සාධකයකි.මොවුන් මිහිමත විසූ සක්‍රීය කාලය මීට වසර මිලියන 3 පෙර යුගයයි.නූතන මානවයා අයත්වන හොමිනිඩ් පවුලට අයත් මුල්ම මානව පූර්වජකයා ඔස්ට්‍රලෝපිතකස්ය.එමෙන්ම දියුනු ස්නායු පද්ධතියක් හා වර්ධනයවූ මොළයක් සහිත විශේෂ හැකියාවන් ගෙන් පරිපූර්ණ මානව පූර්වජයෙකු ද විය.[2] මෙම ඔස්ට්‍රලෝපිතකස් විශේෂය පසුව හෝමෝ හැබිලිස් ලෙස පරිණාමය වූබව විශ්වාස කෙරේ.

පරිණාමය[සංස්කරණය]

ඔස්ට්‍රලෝපිතකස් නම් වූ මෙම මානව පූර්වජකයා නැගෙනහිර හා උතුරු අප්‍රිකානු කලාපයේ මීට වසර මිලියන 3 පමණ පෙර අවධියේ විසිරී සිටි බව සොයාගෙන ඇක.මානව පූර්වජකයන් ගේ ෆොසිල සාධක හා පා සටහන් ටැන්සානියාව ආදී පෙදෙස් වලින් හමු වූ අතර මෙම සාධක මගින් මොවුන් තරමක් දුරට නූතන මානවයාට සමාන ලක්ෂණ දරන බව පිළිගැනේ.[3]

ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයයාගේ ෆොසිල හමුවූ ප්‍රදේශ සිතියම

ඔස්ට්‍රලෝපිතකස් ඇනමෙන්සිස්,ඔස්ට්‍රලෝපිතකස් අැෆරෙන්සිස්සහ ඔස්ට්‍රලෝපිතකස් ඇෆ්ප්‍රිකන්සිස් හොම්නිඩ් පවුලට අයත් මානව පූර්වජකයන් ලෙස ප්‍රකටය.

පර්යේෂකයන්ට අනුව චිම්පන්සියා හා ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයා මීට වසර මිලියන 5 කට හෝ 6 පෙර විසූ එකම පොදු පූර්වජකයෙකු ගෙන් පැවතෙන බවයි ,මොවුන් ගේ පරිණාමය ඉතා සෙමෙන් සිදු වී ඇත කෙසේ වෙතත් පසුව මානව පූර්වජකයන් ගේ පරිණාමය වේගයෙන් සිදුවී ඇත.[4]

සිලන්ත්‍රොපතකස් චෙඩන්සිස්(Sahelanthropus tchadensis) හෙවත් ට(ර්)මල් වානරයා වසර මිලියන 7 පමණ පෙර ද ඔරොරින් ටුගනේසිස් (rrorin tugenensis) වසර මිලියන 6 කට පෙර විවීසී. මෙනිසා මෙම පූර්වජකයින් ගෙන් පැවත එන මිනිසා හා චිම්පනසියා අතර ජානමය වශයෙන් බොහෝ සමානකම් දක්නට ලැබේ.[4]

රූපාකාරය[සංස්කරණය]

ඔස්ට්‍රෙලෝපිතකස් වානරයා ගේ මොළය නූතන මිනිස් මොළය මෙන් විශාලත්වයෙන් 35% පමණ විය.මොවුන් තම පසුපස ගාත්‍රා වලින් සිටගෙන ඍජු කාය විලාසයකින් සංචරණය වී ඇත.මෙම මානව පූර්වජකයා ගේ පිරිමි වනරයාට වඩා ගැහැණු වානරයා උසින් අඩුවිය.[5]

මොවුන් ගේ සිරුර සම්පූර්ණයෙන් ලොම් වලින් වැසුන සිරුරක් වූ අතර වර්ථමාන මානවයාට වඩා මෙම මානව පූර්වජකයින් බාහිර පෙනුමෙන් සමාන වන්නේ චිම්පන්සියාටය.[6]

වර්තමාන මිනිසාගේ ස්ත්‍රී පුරුෂ වශයෙන් ශරීර ප්‍රමාණයෙන් පැහැදිළි වෙනසක් නොපෙනුනද මෙම මානව පූර්වජකයා ගේ ස්ත්‍රී පුරුෂ රූපාකරයේ පැහැදිළි වෙනසක් පැවතින,මෙම මානව පූර්වජකයාගේ පිරිමි වානරයෙකුට වඩා ශරීර ප්‍රමාණයෙන් අඩක පමණ ප්‍රමාණයකින් ගැහැණු වානරයා කුඩාවිය.[5]

ෆොසිල සාධක ඇසුරින් විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ මානව විද්‍යාඥයන්ගේ අදහස් දැක්වීම්වලට අනුම ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාට මානව ස්වරූපයකුත් වානර ස්වරූපයකුත් ඇතිබව පැහැදිලිය.එම නිසා මෙම මානව පූර්වජකයා මානවයෙකු හෝ වානරයෙකු ලෙස හදුන්වනවාට වඩා අර්ධමානවයෙකු ලෙස හදුන්වාදීමට බොහෝ මානව විද්‍යාඥයන් කැමැත්තක් පළකරයිˑ

පරිණාමීය ක්‍රියාකලාපය[සංස්කරණය]

ඔස්ට්‍රලෝපිතකස් වානරයාගේ ෆොසිල සාධක පරික්ෂා කිරීමේ දී මෙම මානව පූර්වජකයා මිනිසා අයත් හොමිනිඩ් පවුලේ පොදු පූර්වජකයා වියහැකි බව මානව විද්‍යාඥයන් මතපල කරයි.වෙනත් සිවුපාවන්ට වඩා මෙම මානව පූර්වජකයින්ට ශක්තිමත්ව වර්ධනය වූ මොළයක් පැවතීම හේතු කොටගෙන අනෙකුත් සතුන් අභිබවා මිහිතලය මත තම ආදිප්‍ය පැතුරුවා හැරීමට මානව පූර්වජකයින්ට හැකිවිය.

ඔස්ත්‍රලෝපිතකස් වානරයාට මීට පෙර විසූ මානව පූර්වජකයින්ට වඩා දෙපයින් ඇවිදීමේ හැකියාව පැවතින.එහෙත් ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වර්ධනය වූ මොළයක් පැවතින.මොවුන් පසුපස ගාත්‍රා වලින් සංචරණය සිදු කරන අතරතුල ඉදිරි ගාත්‍රා යුවල නිදහස්ව තබා ගැනීමට හැකිවිය.මෙම නිදහස් ඉදිරි ගාත්‍රා කොළ වර්ග කඩා ගැනීමට පළතුරු කඩා ගැනීමට ආදී ආහාර සපයා ගැනීමට යෙදවීය.දෙපයින් එසවී ඉදිරියේ පවතින ආහාර හා විලෝපිතයන් දැකගැනීමට හැකිවිය.කෙසේ වෙතත් ඇතැම් මානව විද්‍යාඥයන් ගේ අදහස මොවුන් ගේ මෙම දෙපාවත්බව මෙම මානව පූර්වජකයාට එතරම් වාසි සහගත නොවූ බවයි.

මානව හා වානර පූර්වජකයන්ගේත් වර්තමාන වානරයන්ගේත් නූතන මානවයාගේත් ෆොසිල සාධක අධ්‍යන වලදී දෙපාවත් බව ඍජුකාය විලාසය හොමිනිඩ් පවුලේ පොදු ලක්ෂණයක් ලෙස හදුනා ගෙන ඇත.මොවුන් පයින් අැවිදින අතර ගස් අතු කඩා ගැනීමට ඉදිරි ගාත්‍රා යොදාගත් අතර ආහාර ඩැහැගැනීමට අත්තක සිට තවත් අත්තකට මාරුවීමට තම ඉදිරි ගාත්‍රා ඔවුක් යොදාගත්හ.[7]

ගොරිල්ලා හා චිම්පන්සියාගේ හා මානව පූර්වජකයින් ගස් නැගීමට හා පොළව මත ඇවිදීමට තම නම්‍යහීලි අකුල හා දණහිස් යොදා ගත්හ.එසේම වෙන්වූ ඇගිලි පුරුක්ද මෙම කාර්‍යයන් ඔවුන්ට පහසු කරවන්නට ඇත.මෙම අවදියේ ඇතිවූ දේශගුණික විපර්‍යාසයන් නිසා ඝණව වැඩුන රූස්ස ගස් වෙනුවට විශාල තෘණ භුමි ලදු කැළෑ හා වියලි තැනිතලා බිහි වීමත් සමග මෙතෙක් රුක්මත දිවිගෙවූ මානව පූර්වජකයින්ට වැඩි කාලයක් තැනිතලා තෘණ භුමි හා ලදු කැළැ වල විසීමට පුරුදුවිය.මෙම අවදියේ දී දෙපයින් ඇවිදීමට හා ඍජු දේහ විලාසයෙන් සංචරණය කිරීමට හුරුවන්නට ඇත..[8]

කෙසේ වෙතත්මා නව පූර්වජකයින් චිම්පන්සි හා ගොරිල්ලා යන වානරයින් ගේ සංචරණ රටාවල පැහැදිලි වෙනසක් ඇතිබව මානව විද්‍යාඥයන් පවසයි.මානව පූර්වකයාට පමණක් පසුව ඍජුකාය විලාසයෙන් සංචරණය වීමට හැකිවන්නට ඇත.[9] තවදුරටත් සංසන්දනය කිරීමේ දී වෙනත් ප්‍රිමාටාවන් ගේ මැණික් කටුව හා අල්ල ගස් අතු අතර සංචරණයට හැඩ ගැසෙන්නට ඇත..[9]

මෙම මානව පූර්වජකයන් ගේ රූපාකෘති වෙනස් කම් සැලකීමේ දී ශ්‍රෝණිය සහ පාද බොහෝ විට නූතන මානවයාට සමාන ලක්ෂණ දැරීය..[10] මොවුන්ට කුඩා රදනක දත් හා වර්ධනයවූ චාර්වක දත් විය.එයට හේතුව ඔස්ට්‍රලෝපිතකස් වානරයන් ශාකභක්ෂකයන් වූ නිසා වියහැක.[11]

බොහෝ ඔස්ට්‍රලෝපිතකස් විශේෂ අයුධ භාවිතය අවම වූ අතර ඔවුන් ගේ ආයුධ භාවිතය නූතන වානරයන් ගේ ආයුධ භාවිතය හා එතරම් වෙනසක් නොවීය.වර්තමානයේ ජීවත්වන වානරයින් වන අප්‍රිකානු වානරයින් චිමිපන්සීන් ගොරිල්ලා ආදී වානරයින් සුළු ආයුධ ශාවිත කරයි.උදාහරණ ලෙස තද කවචයකින් ආවරණය වූ ඇට වර්ග ලබා ගැනීම සදහා ගල් භාවිත කර තැලීමෙන් ඝන කවචය පලා මැද ඇති බීජය ආහාරයට ගනී.වේයන් වැනි කෘබි සතුන් ආහාරයට ගැනීම සදහා වියළි කොටුවක් තුඹසට ඇතුල් කර එයට එන කෘබීන් ගිල දමයි.මේ ආකාර සුළු ආයුධ භාවිතය නූතන වානරයන් පවා සිදු කරයි..

මෙම මානව පූර්වජකයන් සරල ශිලාමය ආයුධ තැනූ බව පර්යේෂණ මගින් සනාතවී ඇතˑඒ වසර මිලියන 2ˑ5 පෙරය.[12] කෙසේ වෙතත් මීට වසර මිලියන 3ˑ4 පෙරද මානව පූර්වජකයින් ශිලාමය ආයුධ භාවිතකර ඇතිබව 2010 දී සිදුකල අධ්‍යනයකදී හෙලිවී ඇත.[13]

ආහාර[සංස්කරණය]

ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයාගේ ආදර්ශ රූපයක්

1979 දී ඔස්ට්‍රලෝපිතකස් වානරයාගේ දන්ත ෆොසිල අධ්‍යනයෙන් මොවුන්ගේ ආහාර රටාව පිළිබද තොරතුරු සොයාගැනීමට හැකිවිය.[14] ඔස්ට්‍රලෝපිතකස් වානරයා ශාකභක්ෂකයෙකු වූ අතර පළතුරු එළවලු මෙන්ම ඇතැම් විට කුඩා කෘබීන්ද ආහාරයගෛන ඇත., ඔස්ට්‍රලෝපිතකස් අැප්‍රිකන්සිස් ආදී මානව පූර්වජකයන්ගේ චාර්වක දත් පැහැදිළිව වර්ධනය වී පැවතින..[15] මොවුන් ඇට වර්ග හා රළු බීජ වැනි තරමක් රළු ආහාර ගෙන ඇත.[15] මෑතක දී සිදුකල පරීක්ෂණ මගින්ද මොවුන් රළු ආහාර වර්ග ගෙන ඇතිබව පැහැදිළිවිය.[16]

මෙම මානව පූර්වජකයන් සුළු වශයෙන් මංශභක්ෂණයට යොමු වී සිටිබව ඇතැම් ෆොසිල සාධක මගින් අනාවරණයවෙයි.[17]

ක්‍රිස්තු වර්ෂ දී 2010 දී ඉතියොපියාවෙන් සොයාගත් වසර මිලියන3.4 ෆොසිල සධක අද්‍යනය කල මානව විද්‍යාඥයන් ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයන් සුළු වශයෙන් මාංශභක්ෂණයට යොමුවී ඇතිබව අනුමාන කරයි.[18] කෙසේ වෙතත් මොවුන් වැඩි වශයෙන් ආහාරයටගෙන ඇත්තේ ශාක කොටස්ය.

අධ්‍යන ඉතිහාසය[සංස්කරණය]

මෙම ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජකයන් ගේ ෆොසිල මුල් වරට හමුවන්නේ 1924 දී දකුණු අප්‍රිකාවෙනි.ඒ රේමන් ඩාට් නම් පරයේෂකයාටය ඔහු එවක ජොහැනස්බර්ග් හි විවටරනඩ් විශ්ව විද්‍යාලයේ සේවය කළේය, ඔහුට හමුවූ මෙම ෆොසිලය ඔස්ට්‍රලෝපිතකස් ඇප්‍රිකන්සිස් පූර්වජකයෙකුට අයත් විය. රේමන් ඩාර්ට් තම ප්‍රථම වාර්තාව 1925 පෙබරවාරි මාසයේ දී නිකුත් කළේය.ඔහු මෙහි දී ඔස්ට්‍රලෝපිතකස් මානව පූර්වජයෙකු බව සදහන් කළේය.[19] පසුව ස්කොට්ලන්ත ජාතික රොබට් බෘෘම් ද මේ සම්බන්ධව පර්යේෂණ සිදුකලහ.[19]

මීලගට 1956 දී ඔස්ට්‍රලෝපිතකස් ෆොසිලයක් නැගනහිර අප්‍රිකාවට අයත් ටැන්සානියාවේ දී මේරි ලිකී විසින් සොයාගන්නාලදී.මෙතැන් සිට ලිකී පවුලේ අය දිගටම කැනීම් සිදුකරගෙන ගියොය.මෙහිදී ඔවුන්ට හෝමෝ හැබිලිස් සහ හෝමෝ ඉරෙක්ටස් මානව පූර්වජකයන්ගේ ෆොසිලද හමුවිය.[20]

1997 දී බොහෝ දුරට සම්පූර්ණ ඇට සැකිල්ලක් දකුණු අප්‍රිකාවේ ගුටෙන්ග්හි ස්ටෙක්ෆොන්ටන් නම් ගුහාවේ තිබී යමුවිය. මෙය මිලියන තුනක් පමණ පැරණි ෆොසිලයක් විය.එය ඔස්ට්‍රෙලාපිතකස් ප්‍රොමෙතියස් සෙ නම්කර ඇත[21][22] තවත් බොහෝ ෆොසිල මෙම ගුහාවෙන් සොයාගැනිණි.

සටහන්[සංස්කරණය]

  • Australopithecus bahrelghazali, mandibular fragment, discovered 1995 in Sahara, Chad
  • AL 129-1, an A. afarensis knee joint, discovered 1973 in Hadar, Ethiopia
  • Karabo, a juvenile male A. sediba, discovered in South Africa
  • Laetoli footprints, preserved hominin footprints in Tanzania
  • Lucy, a 40%-complete skeleton of a female A. afarensis, discovered 1974 in Hadar, Ethiopia
  • Selam, remains of a three-year-old A. afarensis female, discovered in Dikika, Ethiopia
  • STS 5 (Mrs. Ples), the most complete skull of an A. africanus ever found in South Africa
  • STS 14, remains of an A. africanus, discovered 1947 in Sterkfontein, South Africa
  • STS 71, skull of an A. africanus, discovered 1947 in Sterkfontein, South Africa
  • Taung Child, skull of a young A. africanus, discovered 1924 in Taung, South Africa

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. Jones, Daniel (2003), Peter Roach, James Hartmann and Jane Setter, ed., English Pronouncing Dictionary, Cambridge: Cambridge University Press, ISBN 3-12-539683-2 
  2. Reardon, Sara (2012), "The Humanity Switch", New Scientist (AU/NZ), 12 May 2012 No. 2864, pp. 10–11.
  3. David A. Raichlen, Adam D. Gordon, William E. H. Harcourt-Smith, Adam D. Foster, Wm. Randall Haas, Jr (2010). Rosenberg, Karen, ed. "Laetoli Footprints Preserve Earliest Direct Evidence of Human-Like Bipedal Biomechanics". PLoS ONE. 5 (3): e9769. Bibcode:2010PLoSO...5.9769R. PMC 2842428Freely accessible. PMID 20339543. doi:10.1371/journal.pone.0009769.  More than one of |pmc= and |PMC= specified (help); More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  4. 4.0 4.1 Bower, Bruce (May 20, 2006). "Hybrid-Driven Evolution: Genomes show complexity of human-chimp split". Science News. 169 (20): 308–309. doi:10.2307/4019102.  More than one of |DOI= and |doi= specified (help)
  5. 5.0 5.1 Beck, Roger B.; Linda Black; Larry S. Krieger; Phillip C. Naylor; Dahia Ibo Shabaka (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell. ISBN 0-395-87274-X. 
  6. David-Barrett, T.; Dunbar, R.I.M. (2016). "Bipedality and Hair-loss Revisited: The Impact of Altitude and Activity Scheduling". Journal of Human Evolution. 94: 72–82. doi:10.1016/j.jhevol.2016.02.006.  More than one of |DOI= and |doi= specified (help)
  7. Thorpe, SK; Holder, RL; Crompton, RH. (2007). "Origin of human bipedalism as an adaptation for locomotion on flexible branches". Science. 316 (5829): 1328–31. Bibcode:2007Sci...316.1328T. PMID 17540902. doi:10.1126/science.1140799.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  8. Richmond, BG; Begun, DR; Strait, DS (2001). "Origin of human bipedalism: The knuckle-walking hypothesis revisited". American Journal of Physical Anthropology. Suppl 33: 70–105. PMID 11786992. doi:10.1002/ajpa.10019.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  9. 9.0 9.1 Kivell, TL; Schmitt, D. (Aug 2009). "Independent evolution of knuckle-walking in African apes shows that humans did not evolve from a knuckle-walking ancestor". Proc Natl Acad Sci U S A. 106 (34): 14241–6. Bibcode:2009PNAS..10614241K. PMC 2732797Freely accessible. PMID 19667206. doi:10.1073/pnas.0901280106.  More than one of |pmc= and |PMC= specified (help); More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  10. Lovejoy, C. O. (1988). "Evolution of Human walking". Scientific American. 259 (5): 82–89. PMID 3212438. doi:10.1038/scientificamerican1188-118.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  11. McHenry, H. M. (2009). "Human Evolution". මෙම කෘතිය තුල: Michael Ruse & Joseph Travis. Evolution: The First Four Billion Years. Cambridge, Massachusetts: The Belknap Press of Harvard University Press. පිටු 261–265. ISBN 978-0-674-03175-3. 
  12. Jones, S., Martin, R. & Pilbeam, D., ed (1994). The Cambridge Encyclopedia of Human Evolution. Cambridge: Cambridge University Press. ISBN 978-0-521-32370-3. 
  13. McPherron, Shannon P.; Zeresenay Alemseged; Curtis W. Marean; Jonathan G. Wynn; Denne Reed; Denis Geraads; Rene Bobe; Hamdallah A. Bearat (2010). "Evidence for stone-tool-assisted consumption of animal tissues before 3.39 million years ago at Dikika, Ethiopia". Nature. 466 (7308): 857–860. Bibcode:2010Natur.466..857M. PMID 20703305. doi:10.1038/nature09248.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  14. Empty citation (help) 
  15. 15.0 15.1 Grine FE (1986). "Dental evidence for dietary differences in Australopithecus and Paranthropus - a quantitative-analysis of permanent molar microwear". Journal of Human Evolution. 15 (8): 783–822. doi:10.1016/S0047-2484(86)80010-0.  More than one of |DOI= and |doi= specified (help)
  16. "Dental microwear texture analysis shows within-species diet variability in fossil hominins". Nature. 436 (7051): 693–695. 2005. Bibcode:2005Natur.436..693S. PMID 16079844. doi:10.1038/nature03822.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help)
  17. Empty citation (help) 
  18. Empty citation (help) 
  19. 19.0 19.1 Lewin, R. (1999). "The Australopithecines". Human Evolution: An Illustrated Introduction. Blackwell Science. පිටු 112. 
  20. Lewin, R. (1999). "The Australopithecines". Human Evolution: An Illustrated Introduction. Blackwell Science. පිටු 113. 
  21. BRUXELLES L., CLARKE R. J., MAIRE R., ORTEGA R., et STRATFORD D. – 2014.
  22. http://phys.org/news/2014-03-stratigraphic-foot-oldest-australopithecus.html

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Barraclough, G. (1989). Stone, N.. ed. Atlas of World History (3rd සංස්.). Times Books Limited. ISBN 0-7230-0304-1 .
  • Leakey, Richard (1994). The Origins of Human Kind. New York: BasicBooks. ISBN 0-465-03135-8 .
  • White, Tim D.; WoldeGabriel, Giday; Asfaw, Berhane; Ambrose, S; Beyene, Y; Bernor, RL; Boisserie, JR; Currie, B; Gilbert, H (2006). "Asa Issie, Aramis and the Origin of Australopithecus". Nature. 440 (7086): 883–889. Bibcode:2006Natur.440..883W. PMID 16612373. doi:10.1038/nature04629.  More than one of |pmid= and |PMID= specified (help); More than one of |DOI= and |doi= specified (help).
  • Gibbons, Ann (2006). The first human. New York: Doubleday. පි. 306. ISBN 978-0385512268. 
  • Reader, John (2011). Missing links: in search of human origins. New York: Oxford University Press. පි. 538. ISBN 978-0-19-927685-1. 
  • Tattersall, Ian (2012). Masters of the Planet, the search for our human origins. Palgrave-Macmillan. පිටු 1–79. ISBN 978-0-230-10875-2. 

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඔස්ට්‍රලෝපිතකස්&oldid=385722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි