ඔල්ඩොවාන්

විකිපීඩියා වෙතින්
ඔල්ඩොවාන්
භූගෝලීය පරාසයඅප්‍රිකා-යුරේසියාව
යුගයපහළ පුරාශිලා යුගය
දිනවසර මිලියන 2.6 කට පෙර — වසර මිලියන 1.7 කට පෙර
ප්‍රධාන අඩවිඔල්ඩුවයි දුර්ගමාර්ගය
පුර්වගාමිප්ලයොසීන
අපරගාමිඇකිලියානු, රීවත්
ඔල්ඩොවාන් සම්ප්‍රදායික පොරොව

ඔල්ඩොවාන් යනු, ඔල්ඩුවාන් ලෙසින්ද ශබ්ද නැගෙන, ප්‍රාග් ඉතිහාසයේ ආදිතම ශිලා මෙවලම් තැනීමේ පුරාවිද්‍යාත්මක ප්‍රයත්නය සඳහා යෙදෙන පුරා විද්‍යාත්මක පදයකි. වසර මිලියන 2.6 ගණනකට පෙර සිට වසර මිලියන 1.7 ගණනකට පෙර දක්වා කාලසීමාවෙහිදී, පහළ පුරාශිලා යුගයෙහිදී, අප්‍රිකාවේ, දකුණු ආසියාවේ, මැද පෙරදිග සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල පුරාතන හොමිනිනිවරුන් විසින් ඔල්ඩොවාන් මෙවලම් භාවිතා කරන ලදි. මෙම තාක්ෂණික ප්‍රයත්නයට පසුකාලීනව පැවතියේ වඩාත් විදග්ධ ඇකිලියානු ප්‍රයත්නයයි.

1930 ගණන් වලදී පළමු ඔල්ඩොවාන් ශිලාවන් පුරාවිද්‍යාඥ ලුවිස් ලිකී විසින් සොයාගත් ප්‍රදේශය වන ටැන්සානියාවේ ඔල්ඩුවයි දුර්ගමාර්ගය අනුසාරයෙන් "ඔල්ඩොවාන්" යන පදය භාවිතයට රැගෙන ඇත. කෙසේවෙතත්, කැටගල් මෙවලම් ප්‍රයත්නයන් (ඔල්ඩොවාන් ඇතුළුව) නම්කිරීමට "ආදර්ශය 1" මෙවලම් යන පදයද, දෙපත් ලෙසින් සැකසුනු මෙවලම් (ඇකිලියානු අත්පොරව ඇතුළුව) නම්කිරීමට "ආදර්ශය 2" මෙවලම් යන පදයද, සැකසුනු-ධරය මෙවලම් නම්කිරීමට "ආදර්ශය 3" මෙවලම් යන පදයද ආදි වශයෙන් භාවිතා කිරීමට සමහරක් සමකාලීන පුරාවිද්‍යාඥයින් සහ පුරා මානව විද්‍යාඥයින් රුචියක් දක්වති. [1]

ඔල්ඩොවාන් මෙවලම් වර්ගීකරණය තවමත් අවුල්සහගත තත්ත්වයක පවතියි. ඔල්ඩොවාන් එකලස්කිරීම් වර්ගීකරණ ක්‍රමවේදයක් නිර්මාණය කල මුල් තැනැත්තා වූ මේරි ලිකී විසින් ඇයගේ ක්‍රමවේදය නිර්මාණය කර ගත්තේ නිර්දිෂ්ට භාවිතය පදනම් කර ගෙනය. පොරෝ, සූරන සහ, කොටනයන් (මෝල්) යන දේ මෙම ක්‍රමවේදයට අයත් වූහ.[2][3]


සටහන්[සංස්කරණය]

  1. ක්ලාක්, ජේ. ජී. ඩී. (1969). වර්ල්ඩ් ප්‍රීහිස්ට්‍රි: අ නිව් අවුට්ලයින්. කේම්බ්‍රිජ්: කේස්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
  2. ක්ලාක්, ජේ.; ඩි හෙයින්සලින්, ජේ.; ෂික්, කේ.; හාට්, ඩබ්.; වයිට්, ටී.; වොල්ඩෙගේබ්‍රියල්, ජී.; වෝල්ටර්, ආර්.; සුවා, ජී.; අස්ෆාව්, බී.; වර්බා, ඊ.; හා අනෙකුන්; et al. (1994). "ඇෆ්රිකන් හෝමෝ ඉරෙක්ටස්: ඕල්ඩ් රේඩියෝමෙට්‍රික් ඒජස් ඇක්ඩ් යං ඔල්ඩොවාන් ඇසෙම්බ්ලේජර්ස් ඉන් ද මිඩ්ල් අවොෂ් වැලි, ඉතියෝපියා". සයන්ස්. 264 (5167): 1907–1909. doi:10.1126/science.8009220. PMID 8009220.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  3. ලීකි, මේරි (1971). අ සමරි ඇන්ඩ් ඩිස්කෂන් ඔෆ් දි ආකියොලොජිකල් එවිඩන්ස් ෆ්‍රොම් බෙඩ් I ඇන්ඩ් බෙඩ් II, ඔල්ඩුවයි ගෝර්ජ්, ටැන්සනියා. pp. 431–460. {{cite book}}: |work= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඔල්ඩොවාන්&oldid=358727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි