ඌව නිදහස් අරගලය

විකිපීඩියා වෙතින්

ඌව නිදහස් අරගලය (නොහොත් 1817-1818 මහා කැරැල්ල) බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පැන


ස්වාධීන රාජ්‍යයක්ව පැවති උඩරට ඒ වන විට පාලනය කරමින් සිටියේ බ්‍රිතාන්‍යයන් විසිණි. එම රාජ්‍යයට ඌව පළාත ද ඇතුළත්ව තිබුණි.

මෙම නිදහස් අරගලයෙහි නායකයන් වූයේ විල්බාවේ (නොහොත් දොරේ සාමී) සහ කැප්පෙටිපොල දිසාවේය. මෙයින් විල්බාවේට නායක්කර් වංශික රාජ උරුමයක් තිබුණේය. කැප්පෙටිපොල අද පවා සිහිපත් කෙරෙන සිංහල නායකයෙකි. ඔහු මුලදී ඉංග්‍රීසීන් විසින් යවන ලද්දේ නිදහස් අරගලය මැඩ පැවැත්වීම සඳහාය. කැප්පෙටිපොල රෝගාතුරවීමට පෙර විරුවෝ මාතලේ සහ නුවර අල්ලා ගත්හ. පසුව කැප්පිටිපොල අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස් කබල අසාමාන්‍ය එකක් විය. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළල් වූයේය. එනිසාම පරීක්ෂණ පිණිස එය බ්‍රිතාන්‍යයට යවන ලදී. නිදහසෙන් පසු නැවත එය ශ්‍රී ලංකාවට ලැබුණු අතර දැනට එය මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

නිදහස් අරගලය මැඩ පැවැත්වූ දරුණු ආකාරය සුවිශේෂී විය. පසු කලෙක වියට්නාම් යුද්ධයෙහි ද දැකිය හැකි වූ "සොයා ගොස් විනාශ කරනු" න්‍යාය මෙහිදී ද භාවිතා විය. ජනතාවට ඔවුන්ගේ නිවාස, දේපළ, හරකා බාන කොටින්ම කිවහොත් නිවසේ පාවිච්චියට තිබූ ලුණු ටික පවා අහිමි විය. ශ්‍රී ලංකාවේ ඒ වන විට 'සහල් බඳුන' නමින් හැඳින්වුණු ඌව - වෙල්ලස්ස පළාත්වල තිබුණු වාරි මාර්ග ක්‍රම, ක්‍රමානුකූලව විනාශ කරන ලදී.නිදහස් අරගලයට පසු බදුල්ලේ ඒජන්තවරයෙකු වූ හර්බට් වයිට් (Herbert White) ගේ "ජර්නල් ඔෆ් ඌව" (Journal of UVA) කෘතියේ ඔහු මෙසේ සටහන් කර ඇත. "නිදහස් අරගලයෙන් පසු ඌවේ ජනතාව ගැන හෝ වගා සංවර්ධනයක් ගැන හෝ නියම තත්වය කීමට සාක්ෂි කිසිවක් ඉතිරි වී නොතිබුණු බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය. නිදහස් අරගලය පළමු ඌවේ තිබුණු නියම තත්වය පිළිබඳ තීරණයකට ඒමට නව පාලකයින්ට නොහැකි වී තිබුණි. ඒ බව පැහැදිළි වන්නේ එසේ කළ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැති හෙයිණි. දහස් ගණනක් මිය ගියා වුවද ඔවුහු නිර්භීත සහ දක්ෂ සටන් කාමීන් වූහ. යුද්ධයෙන් පසු ඉතිරි වූ ජනගහණයෙන් 4/5 ක් ළමයි ගැහැණු සහ මහලු අය වූහ. යුද්ධයෙන් වූ විනාශය අසීමිත විය. කෙටියෙන් කිවහොත් ජනතාවට ඔවුන්ගේ ජීවිත මෙන්ම සියලු වටිනා දේපළ අහිමි විය. දැනට පවා ඌව යළි යථා තත්වයට පැමිණ ඇද්දැයි සැක සහිතය".

"https://si.wikipedia.org/w/index.php?title=ඌව_නිදහස්_අරගලය&oldid=655918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි