උසස් බාලිකා විදුහල, මහනුවර

විකිපීඩියා වෙතින්
උසස් බාලිකා විදුහල, මහනුවර
Location
Map
,
ශ්‍රී ලංකා
ඛණ්ඩාංක7°17′13″N 80°37′36″E / 7.2869°N 80.6268°E / 7.2869; 80.6268ඛණ්ඩාංක: 7°17′13″N 80°37′36″E / 7.2869°N 80.6268°E / 7.2869; 80.6268
තොරතුරු
වර්ගයජාතික පාසල්
ආදර්ශ පාඨයA Deo Auxilium
("අපගේ උපකාරය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේගෙන්")
ආගමික සබැඳියා(ව)මෙතෝදිස්ත / වෙස්ලියන්
ආරම්භ කලේ1879; වසර 145 කට පෙර (1879)
ආදිකර්තෘසැමුවෙල් ලැන්ග්ඩන්, මහා බ්‍රිතාන්‍යයේ මෙතෝදිස්ත පල්ලිය
සහෝදර පාසැලකිංස්වුඩ් විදුහල
විදුහල්පතිM. අබේගුණසේකර
බාලක/බාලිකාබාලිකා
Age5 to 19
Enrollment6000+
නිවාසඊටන්, ලැන්ග්ඩන්, ලෝරන්ස් සහ සැන්සම්
වර්ණ(ය)තද නිල්, ලා නිල්, කොළ, කහ
වෙබ් අඩවියghskandy.edu.lk

මහනුවර උසස් බාලිකා විදුහල, ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ බාලිකා පාසලකි. එය මහනුවර ප්‍රදේශයේ පවතින පාසල් අතරින් පැරණිතම බාලිකා පාසල වේ.

මෙහෙවර ප්‍රකාශය[සංස්කරණය]

පරිසරය සමඟ පවතින සම්බන්ධතාව අගයමින්, මනුෂ්‍යත්වයෙන්, නොබියව හා අපක්ෂපාතීව සැමට සලකිය හැකි, බාධක වලට මුහුන දෙන හා බාධක හමුවේ පසු නොබසින, අනුන්ගේ වැටහීම් වලට ගරු කරමින්, තමන්ගේ විශ්වාසයන් රැක ගන්නා, ශික්ෂිත, වගකීම් දැරිය හැකි, පරිණත කාන්තාවන් බිහිකිරීම.

ඉතිහාසය[සංස්කරණය]

ආරම්භක අවධිය[සංස්කරණය]

1879 වර්ෂය පමණ වන විට වෙස්ලියන් දූත කටයුතු සඳහා ඊට අනුබද්ධිත පාසලක අවශ්‍යතාව සැමුවෙල් ලැන්ඩන් මැතිතුමා විසින් පෙන්වා දුන් අතර, එම නිසා ශ්‍රී ලංකාවේ, මහනුවර, කටුකැලේ ප්‍රදේශයේ දිවා හා නේවාසික පාසලක් ලෙස මෙම විදුහල ආරම්භ කරන ලදී.

මෙම පාසල 1879 වර්ෂයේදී ලැන්ඩන් මැතිනියගේ කලමනාකාරීත්වය යටතේ, මහනුවර, කටුකැලේ බාලිකා නේවාසික පාසලට යාබදව පිහිටි වෙස්ලියන් දෙව් මැඳුරේදී ආරම්භ කරන ලදී. කොලඹ සිට පැමිනි පේන් මැතිනිය විදුහලේ මීලඟ විදුහල්පතිනිය ලෙස 1879 වර්ශයේ ජූලි 31 දින වැඩ භාරගත් නමුත් 1880 වර්ෂයේදී පාසල හැර ගියාය. 1880 වර්ෂයේදී හේ මැතිනිය එංගලන්තයේ සිට පැමිණි අතර, ආරම්භයේදී දස දෙනෙකුගෙන් ඇරඹි පාසල සිසුන් 70ක් දක්වා වර්ධනය වී රජයේ ආධාර ලබා ගන්නා පාසලක් බවට ලියාපදිංචි කරන ලදී.

කල් යාමේදී ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම නිසා, 1881 දී පාසල වඩාත් ඉඩකඩ සහිත වූ බ්‍රවුන්රිග් වීදියට ගෙන යන ලද නමුත් නේවාසික ශිෂ්‍යාවන් කටුකැලේම රඳවාගන්නා ලදී.පන්ති දෙව් මැදුර පිටුපස පැවත් වූ අතර, සතිපතා ලිවීම සඳහා පන්ති පවත්වන විට, දිගු මේස සහ ඉතා බර වූ ආසන පේළි, දෙව් මැදුරේ සිට පන්ති කරා ගෙන යාමට සිදු විය.එහි ක්‍රීඩා කටයුතු, බාලදක්ෂිකා, විවාද හ දැල්පන්දු ආදී කිසිවක් නොපැවත්වුනු අතර, අවම වශයෙන් පුස්තකාලයක් වත් ස්ථාපිත කර නොතිබිනි.

උසස් බාලිකා විදුහල, මහනුවර
උසස් බාලිකා විදුහල, මහනුවර

විසි වන ශතවර්ෂය[සංස්කරණය]

වසර 19 ක් සේවය කරන ලද සැන්සම් මැතිනියගේ මඟ පෙන්වීම යටතේ මහනුවර උසස් බාලිකා විදුහල, විසිවන සියවස ආරම්භයත් සමගම ලංකාවේ අධ්‍යාපන උපදේශනයේ ප්‍රමුඛයෙක් බවට පත් විය. 1917 වර්ෂයේ මාර්තු මස 21 දින ලංකාවේ ප්‍රථම වරට බාලදක්ශිකා ව්‍යාපාරය ඇරඹිනි. මේ සඳහා වූ සියලුම කටයුතු සැන්සම් මෙනෙවිය සූදානම් කල අතර, එවකට සිටි පාසල් නියෝජ්‍ය විදුහල්පතිනිය වූ ජේන් කැල්වරි මෙනෙවිය ප්‍රථම නායිකාව බවට පත් විය. 1920 වර්ෂයේ ඇතිවූ වසංගත තත්වයක් හේතුවෙන් ශිෂ්‍යවන් 262 දෙනෙකුට පාසල හැර යාමට සිදුවිය. බාලාංශය හා දෙවන පෙළ, ත්‍රිත්ව විදුහලට යැවූ අතර, තෙවන හා සිව්වන පෙළ, පොලිස් ස්ථානයට ඉදිරියෙන් පිහිටා තිබූ ‍YWCAහි රැඳවූ අතර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් වැව රවුමේ පිහිටි ‍YWCA හි රඳවන ලදී. කැල්වර්ලි මෙනෙවියට බයිසිකලය පදිමෙන් පන්ති පිහිටි ස්ථාන වලට ගොස් අධීක්ෂණය කිරීමට සිදු වූ නිසා වැඩ රාජකාරී අධික වූ බැවින් ඇය ස්කූටරයක් මිලදී ගන්නා ලදී. 1917 දී ප්‍රථම බාලදක්ෂිකා සංගමය පිහිටවූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දැල්පන්දු ක්‍රීඩාව ආරම්භ කරන ලද්දේ මෙම පාසලේය.

නිවාස සතර[සංස්කරණය]

නිවාස හතර වනුයේ, ලෝරන්ස්, සැන්සම්, ලැන්ඩන් හා ඊට්න් ය. ඊට අදාල වර්ණයන් පිලිවෙලින්, කහ වර්ණය, තද නිල් වර්ණය, කොළ වර්ණය හා ලා නිල් වර්ණයයි.

විෂය බාහිර ක්‍රියාකාරකම්[සංස්කරණය]

සමිති සංගම්[සංස්කරණය]

  • බෞද්ධ සංගමය
  • හින්දු සංගමය
  • ක්‍රිස්තියානි සංගමය
  • ඉස්ලාම් සංගමය
  • දමිළ සංගමය
  • එල්.එම්.ඩී සංගමය
  • විද්‍යා සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • ඡායාරූප සංගමය
  • පරිගණක විද්‍යා සංගමය
  • අන්තර් සම්බඳතා සංගමය
  • යොවුන් ගවේශිකා සංගමය
  • නව නිපැයුම් කරුවන්ගේ සංගමය
  • වාණිජ විද්‍යා සංගමය
  • සිංහල සංගමය
  • මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය
  • රථ නියාමක ඒකකය

විද්‍යා සංගමය[සංස්කරණය]

ආරම්භයේ සිටම විද්‍යා සංගමය, විද්‍යා අංශයේ ශිෂ්‍යාවන්ගේ දක්ෂතාවන් හා කුසලතාවන් එලි දැක්වීමට දායක වූ, මහනුවර උසස් බාලිකා විදුහලේ පිහිටි කැපී පෙනෙන අධ්‍යාපනික සංගමයක් විය. තාරකා විද්‍යා සංගමය, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, යොවුන් ගවේශිකා සංගමය, මිහිරුව පරිසර සංගමය හා භූගෝල සමිතිය යන සංගම් වල භාරකාරත්වය හා නායකත්වය දරන්නේද විද්‍යා සංගමයයි. 

කලාපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දනුම හා දක්ෂතා වර්ධනය කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසමින් සංවිධානය කරනු ලබන වාර්ෂික විද්‍යා දිනය, අන්තර් පාසල් තරඟාවලි හා දේශන වලින් සමන්විත වේ. ඉහත සඳහන් කල සංගම් හා සමිතිවල සියලුම අධ්‍යාපනික හා විෂය බාහිර කටයුතු වලදී වචනයෙන් විස්තර කල නොහැකි, අති විශාල මඟපෙන්වීමක් උසස් බාලිකා විද්‍යාල්‍යීය විද්‍යා සංගමය මගින් ලබා දේ.

මහනුවර උසස් බාලිකා විදුහලේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සමාජයට උගත් හා බුද්ධිමත් වෘත්තීකයන් හෝ අධ්‍යාපනිකයන් පිරිසක් බිහි කිරීමයි. විද්‍යා සංගමය මෙම අරමුණ මුදුන්පත් කරගැනීමට කටයුතු සිදු කරයි. ඉතාමත් සතුටෙන් ප්‍රකාශ කල යුතු කරුණක් වන්නේ, අද අප දකිනා ගෞරවණීය අධ්‍යාපනිකයන් බහුතරයක් පිරිස මහනුවර උසස් බාලිකා විදුහලේ විද්‍යා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කල ඇති බවයි.

තාරකා විද්‍යා සංගමය[සංස්කරණය]

තාරකා විද්‍යා සංගමය නිල වශයෙන් 1997 දී ආරම්භ කල දා සිටම එය පාසලට පමනක් නොව මුලු මහත් දේශයටම, තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳහා අති මහත් දායකත්වයක් ලබා දී ඇත.මෙහි ආරම්භය මහනුවර උසස් බාලිකා විදුහලෙන් ඇරඹියත්, අද වන විට එය ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම තාරකා විද්‍යා සංගමයක් බවට පත්ව ඇත.

තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම සඳහා මෙම සංගමය 1997 වර්ෂයේ පටන් විවිධ ක්‍රියාකාරකම් හා වැඩමුළු දියත් කර ඇත.

2001 වර්ෂය මෙම සංගමයට වඩාත් වැදගත් වර්ෂයක් වන්නේ, දිවයිනේ ප්‍රථම වරට බාලිකා පාසලක් මගින් සංවිධානය කරනු ලැබූ රාත්‍රී කඳවුරක් ලෙස දිවයිනේ බොහෝ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පැවත් වූ නිසයි. එය "Astro Eve 2001" ලෙස නම් කල අතර එහි ප්‍රධාන ආරධිත අමුත්තා වූයේ ආචාර්ය චන්දන ජයරත්නය.

2003 වසරේදී මෙය පාසල් සංවර්ධන සමිතිය හා ආදිශිෂ්‍යාවන්ගේ සංගමය මගින් සංවිධානය කල පා ගමනට සහභාගී විය.

2005 වර්ෂයේදී මෙම සංගමය සංවිධානය කරනු ලබූ " විශ්වයේ නිම් වළලු සිසාරා " රාත්‍රී කඳවුර මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ තාරකා විද්‍යා දැනුම හා නිරීක්ෂණ කුසලතා වර්ධනය කර ගැනීමට දායක වන ලදී. එමෙන්ම 2005 වර්ෂයේදී පාසල මගින් සංවිධානය කරනු ලැබූ " Elysium 2005 " අධ්‍යාපනික ප්‍රදර්ශනයේදී, මෙම සංගමය විසින් සාර්ථක ලෙස අධ්‍යාපනික කුටියක් පවත්වනු ලැබීය.

මහනුවර උසස් බාලිකා විදුහලේ තාරකා විද්‍යා සංගමයට 2006 වසර වඩාත් තීරණාත්මක වර්ෂයක් බවට පත් වූයේ, මහනුවර රණබිම රාජකීය විද්‍යාලය සමග එක්ව සිදු කරනු ලැබූ, " Oddessy has Begin " නමින් හඳුන්වන ලද අන්තර් පාසල් තාරකා විද්‍යාව (CPDIA) සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කල බැවිනි.

2008 වර්ෂයේදී මෙම සංගමය මගින්  " THE INTIMATIONS OF THE INVISIBLE " නම්වූ තාරකා විද්‍යා රාත්‍රී කඳවුර පවත්වන ලදී. මෙම සංගමය විසින් රූත් ඇලන් අභියෝගතා කුසලානය හදුන්වා දුන් අතර, තාරකා විද්‍යා දැනුම මිනුම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් මහනුවර ධර්මරාජ විදුහල එම කුසලානය දිනා ගන්නා ලදී. 2009 වසරේදී බාධක රාශියක් මැද  " The Transition from the Invisible " නමින් තාරකා විද්‍යා රාත්‍රියක් සංවිධානය කරන ලදී. එහිදී ඊ. ලැබ්‍රෝයි අභියෝගතා කුසලානය හදුන්වා දුන් අතර, එය පාසල් 14ක සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.එහි ආරාධිත අමුත්තන් වූයේ ආචාර්ය චන්දන ජයරත්න හා ආචාර්ය සරත් බණ්ඩාරනායක යන දෙපලයි. මෙහිදී  ඊ. ලැබ්‍රෝයි අභියෝගතා කුසලානය දිනා ගනු ලැබුයේ මහනුවර ධර්මරජ විදුහලයි.

2010 වර්ෂයේදී මෙම සංගමය  " In Quest for Visibility " නම්වූ තාරකා විද්‍යා රාත්‍රියක් සංවිධානය කරන ලදී.

මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය[සංස්කරණය]

මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පාසලේ පවතින තවත් ක්‍රියාකාරී ඒකකයක් වේ.2009 වසරේදී මෙම ඒකකය, "ටෙම්පෝරා 2009" ලෙස මත්ද්‍රව්‍ය හා නිවාරණ දිනය සංවිධානය කරන ලදී.මෙම වැඩසටහන සහෝදර අනෙකුත් පාසල් වල සහභාගීත්වයෙන් අති සාර්ථක ලෙස පැවැත්විය.මෙම වැඩසටහන, පෞර්ෂ්‍යත්ව වර්ධන වැඩසටහනකින්ද යුක්ත වූ අතර, එය පැමින සිටි සැමගේ ප්‍රශංසාවට ලක් විය.

රථ නියාමක ඒකකය[සංස්කරණය]

රථ නියාමක ඒකකය, මහනුවර උසස් බාලිකා විදුහලේ ආරක්ෂාව සඳහා වදගත් මෙහෙයක් සිදුකරන ඒකකයකි.මෙම ඒකකය උදෑසන හා සවස යන කාල දෙකෙහිදීම මහනුවර උසස් බලිකා විදුහලේ සිසුවියන්ට පමනක් නොව, ඊට යාබදව පිහිටා ඇති මහනුවර විහාර මහා දේවි බාලිකා පාසලේ සිසුවියන්ටද මහා මාර්ගය හරහා යාමේදී මග පෙන්වීමෙන් සහ ඔවුන්ව පාලනය කිරීමෙන් මහත් සේවයක් සලසයි.

ක්‍රීඩා කටයුතු[සංස්කරණය]

සිහිකල යුතු ආදිශිෂ්‍යාවන්[සංස්කරණය]

තවත් කියවන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]