උතුරු අප්‍රිකානු ඇතා
පෙනුම
| උතුරු අප්‍රිකානු ඇතා | |
|---|---|
| ඉතාලියේ ඕස්ටියා ඇන්ටීකාහී දක්නට ලැබෙන රෝමානු මෝසෙයික චිත්‍රයක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | ප්‍රොබෝසීඩියා |
| කුලය: | එලෆොන්ටිඩේ |
| ගණය: | 'ලොක්සොඩොන්ටා' |
| විශේෂය: | 'ලො. ඇෆ්රිකානා' |
| Subspecies: | ''ලො. ඇ. ෆේරෝඑන්සිස් '' |
| Trinomial name | |
| ලොක්සොඩොන්ටා ඇෆ්රිකානා ෆේරෝඑන්සිස් | |
උතුරු අප්‍රිකානු ඇතා (ලොක්සොඩොන්ටා ඇෆ්රිකානා ෆේරෝඑන්සිස්) යනු පුරාතන රෝමානු කාලයෙහිදී වඳ බවට පත්වන තෙක් උතුරු අප්‍රිකාවේ ජීවත්වුනු, සමහරවිට අප්‍රිකානු ලැහැබ් ඇතාගේ (ලොක්සොඩොන්ටා ඇෆ්රිකානා) උපවිශේෂයක් හෝ, සමහරවිට වෙනස් ඇත් විශේෂයක් හෝ වෙයි. රෝමානු ජනරජය සමග ඔවුන්ගේ අර්බුදය වූ පියුනික් යුද්ධ වලදී කාර්තේජ්වරු විසින් භාවිතා කෙරුනු පසිඳු යුද්ධ ඇතුන් වූයේ මොවුන්ය. උපවිශේෂය විධිමත් ලෙසින් විස්තර කෙරුනද,[1][2] වර්ගීකරණවිද්‍යාඥයින් විසින් එය පුළුල් ලෙස පිළිනොගැනිණි. මෙම සත්ත්වයා සඳහා වෙනත් නම් අතර උතුරු අප්‍රිකානු වන ඇතා, කාර්තජිනියානු ඇතා, සහ ඇට්ලස් ඇතා යන ඒවා වෙති. ආරම්භයේදී, ඌගේ ස්වභාවික පරාසය බොහෝවිට උතුරු අප්‍රිකාව පුරා පැතිර එයින් පහළ දෙසට වූ වර්තමාන සුඩාන සහ එරිට්‍රෙයානු වෙරළ දක්වා විහිදෙන්නට ඇත.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ නොවැක්, රොනල්ඩ් එම්. (1999), වෝකර්ස් මැමල්ස් ඔෆ් ද වර්ල්ඩ්, 6වන සංස්කරණය, බල්ටිමෝර් සහ ලන්ඩනය: ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, පිටු 1002.
- ^ යාල්ඩන්, ඩී.ඩබ්., එම්.ජේ. ලාර්ගන් සහ ඩී. කොක් (1986), කැටලොග් ඔෆ් ද මැමල්ස් ඔෆ් ඉතියෝජියා. 6. පෙරිසොඩැක්ටිලා, ප්‍රෝබොසිඩියා, හයිරකොයිඩියා, ලාගමෝර්ෆා, ටියුබිලිඩෙන්ඩාටා, සයිරීනියා, ඇන්ඩ් සටේසියා, ඉතාලියානු සත්ත්වවිද්‍යා ජර්නලය., අතිරේඛ., n.s., 21:31-103.