උඩුවිල්

විකිපීඩියා වෙතින්
උඩුවිල්
உடுவில்
Uduvil
ගම
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු
දිස්ත්‍රික්කයයාපනය
ප්‍රාලේ කොට්ඨාශයවලිකාමම් දකුණ


උඩුවිල් (දෙමළ: உடுவில்) යනු, ශ්‍රී ලංකාවේ, යාපනය නගරයට සැතපුම් පහක් පමණ උතුරට වන්නට, කන්කසන්තුරෙයි මාර්ගයේ පිහිටි වර්ග කිලෝමීටර 32.7 ක් පමණ වර්ග ප්‍රමාණයකින් යුතු කෘෂිකාර්මික ගම්මානයකි. චුන්නකම්, කන්ඩරෝඩයි, සන්ගුවේලි, මනිපේ, සුදුමලෙයි සහ ඉනුවිල් යන ගම්මාන වලින් එය වටවී ඇත. කන්කසන්තුරෙයි පාර සහ කයිතඩි - මනිපේ පාර, උඩුවිල් හිදී ඡේදනය වන අතර එම මං සන්ධිය හැඳින්වෙන්නේ 'මරුතනර් මඩම්' හන්දිය ලෙසිනි. 'මරුතනර් මඩම්' යන නම භාවිතයට පැමිණියේ, මං සන්ධියෙහි වයඹ දිග කෙළවරෙහි පිහිටි මහජන ගිමන්හලක් (අම්බලමක්) නිසාවෙනි. දැනටත් පවතින පැරණි ගොඩනැගිල්ල මෙකල භාවිතයට නොගැනෙයි. කයිතඩි - මනිපේ පාර සහ බෙදීයන ලන්දේසි පාර යන ප්‍රධාන මාර්ග දෙකක් ගම හරහා යයි. තුං මං සන්ධිය හැඳින්වෙන්නේ 'උඩුවිල් මං සන්ධිය' ලෙසිනි. හරස් මාර්ගයක් විසින් ලන්දේසි පාර සහ, චුන්නකම් මං සන්ධිය හරහා දිවෙන පුත්තූර් - චන්කානෙයි මාර්ගය එකිනෙක සම්බන්ධ කරයි. එය හැඳින්වෙන්නේ උඩුවිල් - කන්ඩරෝඩෙයි මාර්ගය යනුවෙනි. උඩුවිල් වෙත කිට්ටුම සුළු නගරය චුන්නකම් වෙයි.

පුරාතන කාලයෙහි සිට මධ්‍ය - 20වන සියවස දක්වා, උතුරු, දකුණු සහ බටහිර දිශාවලින් පැමිණි ගොන් කරත්ත, වන්නි සහ දකුණු පළාත වෙත දිගු ගමන ඇරඹීමට පෙර, මරුතනර් මඩම් සං සන්ධියේ එක් රැස්වූහ. එබැවින්, පොදු ලිඳක්ද, ශෛලමය ජල කොරහද සහ විශාල ගස්ද මෙම මං සන්ධියෙහි විය.

3604 සංඛ්‍යාවක මුළු පවුල් ප්‍රමාණයක් උඩුවිල්හී ජීවත් වෙති. 10, 277ක් වන මුළු ජනගහණයෙන්, 4704ක් පුරුෂයන් වන අතර, 5573 ක් ස්ත්‍රීන් වෙති.

උඩුවිල් හී නිවැසියන් ('උඩුවිලාර්' ලෙසින්ද හැඳින්වෙති), ඔවුන්ගේ සවිමත් අධයාපනික සහ සංස්කෘතික පදනම පිළිබඳ සාඩම්බර වෙති. උඩුවිලාර්වරු ප්‍රධාන වශයෙන් වෘත්තිකයන්, රජයේ සේවකයන්, ගුරුවරුන් සහ ගොවියන් වෙති.

වර්තමානයෙහි, උඩුවිල් ගම්මානය, පරිපාලනමය 'ග්‍රාම නිලධාරි' කොට්ඨාශ පහකට බෙදා ඇත. ඒවා නම්, උඩුවිල් උතුර, උඩුවිල් උතුරු මැද, උඩුවිල් මධ්‍යම, උඩුවිල් ගිණිකොණ සහ උඩුවිල් නිරිත වෙති.

මල්ලකම් අධිකරණයෙහි අධිකරණ බලය යටතට උඩුවිල් පත් වෙයි. 'වලි - දකුණ' පරිපාලන ප්‍රාදේශිකය, 'වලි දකුණ' පළාත්පාලන ආයතනය සහ චුන්නකම් පොලීසිය යටතට එය පත් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

ඛණ්ඩාංක: 9°44′N 80°00′E / 9.733°N 80.000°E / 9.733; 80.000

"https://si.wikipedia.org/w/index.php?title=උඩුවිල්&oldid=310610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි