උජමා
Appearance
උජමා යනු, 1961දී බ්‍රිතාන්‍යය වෙතින් එය නිදහස දිනා ගැනුමෙන් පසුව ටැන්සානියාවේ ක්‍රියාත්මක වූ ජූලියස් නියරේරෙගේ සමාජ සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සඳහා පදනම සැපයූ සංකල්පයයි. අප්‍රිකානු-ඇමරිකානු ක්වාන්සා උත්සවයෙහි මූලධර්ම හතෙන් එකක් ලෙසින්ද එය භාවිතා වීමට පටන්ගෙන ඇත. "එකමුතුව", "ඒකතාව", "එක් විතත පවුලක් ලෙසින් ඔබගේ රටවැසියන් හා සමග එකමුතුවීම " යන අර්ථ එයට ඇත.
ඉතිහාසය
[සංස්කරණය]1967දී, ජනාධිපති නියරේරෙ විසින්, අරූෂා ප්‍රකාශනය නම්වූ, ඔහුගේ සංවර්ධන සැලසුම් පිටපත ප්‍රකාශයට පත් කළ අතර, එය තුලින් නියරේරෙ විසින් අප්‍රිකානු සංවර්ධන ආකෘතියක අවශ්‍යතාවය පෙන්වා දෙමින්, අප්‍රිකානු සමාජවාදයට අඩිතාලම දැමිණි.