අප්‍රිකානු සමාජවාදය

විකිපීඩියා වෙතින්

සම්භාව්‍ය සමාජවාදයට වඩා වෙනස්, අප්‍රිකානු සමාජවාදය යනු "සාම්ප්‍රදායික" අප්‍රිකානු ක්‍රමයක් භාවිතයෙන් ආර්ථික සම්පත් හවුලේ භුක්ති විදීම පිළිබඳ දිට්ඨියකි. 1950 ගණන් සහ 1960 ගණන් වල බොහෝ අප්‍රිකානු දේශපාලනඥයෝ, අප්‍රිකානු සමාජවාදය වෙත ලැදියාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියද, මෙම පදය පිළිබඳ අර්ථ දැක්වීම සහ අර්ථ නිරූපණය බෙහෙවින් විවිධ ස්වරූපයන් ගති. මෙය එසේ වූයේ, අප්‍රිකානු සමාජවාදය තනි චින්තකයෙකු වෙතින් පැන නැගුණක් නොවන නිසාය. අප්‍රිකානු සමාජවාදයේ අර්ථ දැක්වීමේ එක් නිදසුනක්, 1962 දී ඝානා විශ්වවිද්‍යාලයේ ඩි ග්‍රෆට් ජොන්සන් විසින් ප්‍රකාශ කර සිටියේ පහත උපමා වාක්‍යය ඇසුරෙන් වචනයෙන් කැටි කොට දක්වමිණි: එය අප්‍රිකානු විතත-පවුල් ක්‍රමය තවද පැහැදිලි ලෙසින් විස්තර කර දැක්වීමකි. [1]


මෙයද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. බ්‍රොක්වේ, ෆෙනර් (1963). ඇෆ්රිකන් සෝෂලිසම්. ලන්ඩනය: ද බෝඩ්ලි හෙඩ්. p. 25. " සැබවින්ම විතත-පවුල් වන අපගේ කාණ්ඩයන් සහ වරිගයන්හී දක්නට ලැබෙන්නේ, සමාජවාදයේ පදනම වන, රාජ්‍යය පියෙකු වශයෙන්ය යන මූලධර්මයයි. අපගේ සමාජයේදී, විතත-පවුල් වල සාමුහික ධනය, සමස්ත පවුලෙහි සුබසාධනය සඳහා භාවිතා වෙයි. සමාජ රක්ෂණයෙහි කාර්ය භාරය විතත-පවුල් විසින් සිදු කරන අතර, පවුලෙහි සාමාජිකයෙක් ණය බරට වැටුනෙහි නම්, අනෙකුත් සැවොම එක්වී ණයෙන් නිදහස් වීමට ඔහුට උපකාර කරති; ඔහු අසනීපයෙන් පෙලෙයි නම්, ඔවුහූ ඔහුට උපස්ථාන කරති; පවුලෙහි දීප්තිමත් කොළුවෙකු සිටියි නම් හා ඔහුගේ ආසන්න දෙමව්පියන්ට අධ්‍යාපනයෙහි බර දැරීමට නොහැකි නම්, අනෙකුන් එක්වී ඔහුට අධ්‍යාපනය දීමට උදව් වෙති. දේපොළ, විශේෂයෙන් ඉඩම්, බොහෝවිට අයිති වන්නේ සමස්ත විතත-පවුල විසිනි. විතත-පවුල් ක්‍රමයෙහි අපයෙදුම් පවතින මුත්, සමස්ත රාජ්‍යය වෙළා ගන්නා ලෙසින් එහි මූලික රටාව විස්තීරණය කළ විට ලැබෙනුයේ, සැබවින්ම සමාජවාදය ලෙසින් හැඳින්වෙන දෙයයි. [T]he principle of the State as a father, which is the basis of socialism, is what we have here in our clans or tribes which are in fact extended families. In our society, the collective wealth of the extended family is used for the welfare of the family as a whole. The extended families take on the functions of social insurance, and if a member of the family falls into debt, all the others help him to pay it; if he is ill, they look after him; if there is a bright boy in the family whom the immediate parents cannot afford to educate, the others help in educating him. Property, especially land, often belongs to the whole extended family. There are abuses in the extended family system, but its basic pattern, when enlarged to embrace the state, is virtually what is meant by socialism."
"https://si.wikipedia.org/w/index.php?title=අප්‍රිකානු_සමාජවාදය&oldid=305560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි